සෑම වෙබ් අඩවියකටම HTTPS
උපුටාගැනීම-roar.media By Thambaru Wijesekara
සෑම වෙබ් අඩවියකටම HTTPS
HTTPS යනු මෙතෙක් කල් මුදල් ගෙවා ලබා ගත යුතුවූ දෙයක්ව තිබුණත් ගූග්ල්, ෆේස්බුක් ආදී සමාගම් රැසක් එක්ව එය නොමිලේ ලැබෙන සේවාවක් බවට පත් කළේ 2015 දී Let’s Encrypt සේවාව ඇරඹීමත් සමඟයි. ඊට සමගාමීව තවත් සේවාවන් ද නොමිලේ SSL සහතිකපත් නිකුත් කිරීම සිදුකරන අතර දැන් එය levels යටතේයි පවතින්නේ. එනම්, මෙම නොමිලේ දෙන සහතිකපතක් සාමාන්‍ය වෙබ් අඩවියකටත්, මුදල් ගෙවා ලිපිනයන් තහවුරු කොට වඩාත් වැඩි විශ්වාසවන්ත බවකින් යුත් සහතිකපත් eCommerce වෙබ් අඩවිවලටත් යොදන්නට පුළුවන්.
මේ සඳහා දැන් බොහෝ hosting සේවාවන් හරහා පහසුකම් සපයා ඇති අතර ඔබ සතුව VPS එකක් තිබෙනවා නම් එහි Let’s Encypt ස්ථාපනය කළවිට එහි යොදා ඇති වෙබ් අඩවිවලට ස්වයංක්‍රීයව සහතිකපත් ඇතුලත් වන ආකාරයට සකසන්න පුළුවන්. නැත්නම් ඔබේ webhost එකෙන් cPanel ලබාදී තිබෙනවා නම් එහි SSL/TLS Status ලෙස මොඩියුලයක් ඇත්දැයි බලන්න. එවිට එහි AutoSSL හරහා ස්වයංක්‍රීයව සහතිකපත් ඇතුලත් වන ආකාරයට සැකසුම් කරන්නට පුළුවන්. එවැන්නක් නැත්නම් සාමාන්‍ය SSL/TLS ලෙස ඇති මොඩියුලය තුළට ගොස් වෙනත් SSL for free වැනි සේවාවකින් ජනනය කරගත් කේත යොදා SSL සක්‍රීය කරගන්නට පුළුවන්.
නමුත් මෙම ක්‍රමයේදී ඔබට මාස තුනෙන් තුනට manually කරන්නට සිදු වෙනවා. එනිසා එම පහසුකම සලසන ලෙස host එකෙන් ආයාචනය කිරීම හෝ වෙනත් host එකකට මාරුවීම වැනි ක්‍රියාමාර්ගයකට ඔබට එළැඹීමට සිදු වෙනවා. ඇතැම් hosting providers ලා විසින් මෙම සේවාව නොමිලේ ලබා නොදෙමින් තමන්ගෙන් එය මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයන් නොමඟ යවන්නේ මෙය බැරෑරුම් ක්‍රියාවලියක් ලෙස පෙන්වා දෙමින්. නමුත් ඔබේ වෙබ් අඩවිය eCommerce නොවන සාමාන්‍ය සේවා සපයන වෙබ් අඩවියක් නම් ස්වයංක්‍රීයව නොමිලේ ලබාගත හැකි අවම මට්ටමක SSL සහතිකපතක් හොඳටම ප්‍රමාණවත් වෙනවා.