සිංගප්පුරුවේ ජාතික සේවය සහ ශ්‍රී ලංකාවේ &#

nmlmlz

Active member
  • Feb 18, 2010
    347
    26
    28
    නායකත්ව පුහුණුව සහ සිංගප්පුරුවේ ජාතික සේ

    Singapore_National_Service.jpg

    “එක පරම්පරාවක් ඇතුලත ඌන සංවර්ධිත තත්වයක ඉඳලා සංවර්ධිත රටක් බවට පත් වෙච්ච එකම රට සිංගප්පූරුව මම දන්නා විදියට. එක කියන්න ලේසි උනාට කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද…? අනික් ඒවා කෙසේ වෙතත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම කොයි තරම් නම් අමාරු වෙන්න ඇතිද….? විශේෂයෙන්ම එක genaration එකක් තුළ. ”

    මේකට උත්තරය විදිහට මම දකින්නේ සිංගප්පූරුවේ ජාතික සේවය (National Service). වයස 18 සම්පූර්ණ කරන සෑම(පිරිමි පමණයි ) සිංගප්පූරු ජාතිකයෙක්ම සහ සෑම ස්ථීර පුරවැසියෙක්ම එයින් පසුව අනිවාර්යයෙන්ම අවුරුදු 2ක් ජාතික සේවයේ යෙදිය යුතුයි. විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම හෝ වෙනයම් රැකියාවක් කිරීමට පෙර මේ අවුරුදු දෙක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුමයි.

    ජාතික සේවය සඳහා වයස සම්පූර්ණ කරන සියළු දෙනාම රට පුරා හමුදා කඳවුරු වලට අනුයුක්ත කරනවා. ඉන්පසුව අවුරුදු 2ක් පුරාවට සතියට දින 5 බැගින් ඔවුන් ජාතික සේවයේ නිරත විය යුතුයි. සති අන්ට දිනවලදී ඔවුන්ට නිවෙස් වලට යාමට අවසර ලැබෙනවා. සෑම සිකුරාදාවකම සහ ඉරිදාවකම හවස් කාලයේදී හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් වලින් සැරසුණු ජාතික සේවක යෞවනයන් රංචු පිටින් පොදු ප්‍රවාහන සේවා වල ගමන් කරන එක සිංගප්පූරුවේ සාමාන්‍ය දර්ශනයක්.

    මේ අවුරුදු දෙක ඇතුළතදී ඔවුන්ට ලැබෙන පුහුණුව පූර්ණ හමුදාමය පුහුණුවක් නෙවෙයි. හමුදාමය පුහුණුවක යම් යම් අංගත් ඊට ඇතුළත් වුණත් පූර්ණ හමුදාමය පුහුණුවක් ලැබෙන්නෙ ඒ අවුරුදු දෙක සම්පූර්ණ කළාට පස්සෙ තවදුරටත් හමුදාවේ රැඳෙන්න කැමති කට්ටියට විතරයි. අනිත් අය විශ්ව විද්‍යාල වලට සහ වෙනත් රැකියා වලට එකතු වෙනවා.

    මේ අවුරුදු දෙකක ජාතික පුහුණු කාලය අතරතුර ඔවුන්ට යහපත් ශරීර සෞඛ්‍යයක් රැකගැනීමට අවශ්‍ය ව්‍යායාම් පුහුණුව, දේශපාලනය, පරිගණක තාක්ෂණය, කලමණාකරණය වගේ පරාසයක විහිදුණු පුහුණුවක් ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ට රට ගැන පූර්ණ අවබෝධයක් ලබා දෙනවා. ඒ පොත පතේ දැනුමෙන් නෙවෙයි. ඔවුන්ව වරායවල්, ගුවන් තොටුපොලවල් කෞතුකාගාර, විශ්ව විද්‍යාල වගේ තැන්වල ශ්‍රම දායකත්වයකට අනුයුක්ත කිරීම මගිනුයි ඔවුන්ට රටේ ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නේ.

    මේ අවුරුදු දෙකක පුහුණුව නිම කරලා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන අය තුළ සෑහෙන පෞරුෂයක් සහ සංවිධානාත්මක ශක්තියක් තියෙනවා. විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් හා ක්‍රීඩා කණ්ඩායම් වල නායකත්වය දරන්නේ විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන් . ලංකාවෙනම් එවැනි තනතුරු දරන්නේ අවසන් වසර වල සිසුන්නෙ. නමුත් මෙහේ සිසුන් පළමු වසරට ඇතුළත් වෙනකොටම ඔවුන්ට එවැනි තනතුරු දැරීමේ හැකියාව ලබා දීලයි තියෙන්නෙ.

    මූලික අවුරුදු දෙකේ පුහුණුවෙන් පස්සෙ වයස 35 සම්පූර්ණ වෙනකම් හැම අවුරුද්දකටම සති දෙක බැගින් වූ කාලයකට ඔවුන් නැවතත් කඳවුරු වලට යා යුතුයි. ඒ සති දෙකක කාලයේදී කෙරෙන්නේ කලින් ඉගෙන ගත්ත දේවල් නැවත මතක් කර දීමක්. ( අමතක වූ ශාරීරික ව්‍යායාම් එහෙම වගේ දේවල් )

    මේ දවස් වල ලංකාවේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් තමයි විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන්න ඉන්න සිසුන්ට ලබාදීමට නියමිත සති 3ක නායකත්ව පුහුණුව. සමහරු මේක හොඳ දෙයක් කියන අතරේ තවත් සමහරු මේක නරක දෙයක් විදිහටයි දකින්නේ. මේ පුහුණුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව අයිතිවාසිකම් නඩුවක් පවා දාලයි තියෙන්නෙ.

    ලංකාවේ සිසුන්ට ලබාදෙන්න යන සති තුනේ පුහුණුවේ ස්වරූපය ගැන තවම ආණ්ඩුව හෙළි කරලා නැහැ. ලංකාවේ මෙවැනි දෙයක් වෙන්න යන්නෙ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවටයි. ඒක හින්දා මේ පුහුණුවේ ස්වරූපය ගැන ගොඩක් දෙනා තවම දන්නෙ නෑ . එස්.බී දිසානායක ඇමතිතුමානම් කියන්නෙ සිසුන්ට දත් මදින ආකාරය ගැන පුහුණුවක් දෙනවා කියලයි.

    හැබැයි මට ලැබුණු අතිශය රහසිගත බුද්ධි වාර්තා දෙකකට අනුවනම් මේ පුහුණුව දත් මැදීමේ පුහුණුවෙන් ඔබ්බට යන පුහුණුවක්. ශාරීරික ව්‍යායාම් සහ කාල කළමණාකරණ පුහුණු වලට අමතරව ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට අති විශේෂ පුහුණු 2ක් ලබා දීමට නියමිතයි

    මේ නායකත්ව පුහුණුව පැවැත්වෙන සති 3ක කාලය පුරාවට කඳවුරේ සිටින සියළුම දෙනාට (දාහකට දෙදාහකට විතර පිරිසකට ) ආහාර පාන උයා දීම වගකීම පැවරෙන්නේ කඳවුරට සහභාගි වෙන ගැහැණු ළමයින්ටයි. උයන්න දන්නෙ නැති ගැහැණු ළමයින්ට උයන කටට රහට උයන ආකාරය කියා දෙනු ඇති.ගැහැණු ළමයි උයන අතරේ පිරිමි ළමයින්ටත් නිකං ඉන්න ලැබෙන්නේ නෑ. ඒ අයට කැලේ ගිහින් දර කඩාගෙන ඒම. දර පලා දීම. පොල් ලෙලි ගසා දීම ආදිය ගැන පුහුණුවක් ලැබෙනු ඇති.

    පුහුණු කඳවුරු ව්ලට සහභාගි වෙන නංගිලා මල්ලිලා හෙට සිට සති තුනක් මේ පුහුණුව අත්දකීවි. පුහුණුව ඉවර වුණාට පස්සෙ ඔබේ අත්දැකීම් ගැන බ්ලොග් සටහන් ලියා අපිත් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා.

    හෙට දින නායකත්ව පුහුණුවට යන නංගිලාට සහ මල්ලිලාට
    මකර අධිරාජයාගෙන් උණුසුම් සුභපැතුම් !!!

    ප.ලි

    කවුරු කොහොම කිවුවත් ඔය නායකත්ව පුහුණුවෙන් ලැබෙන දේවල් අපතේ යන එකක් නැති වේවි. ඔයවැනි කඳවුරු කිහිපයකට සහභාගී වී ලබපු අත්දැකීම් ඇසුරෙනුයි මම කියන්නෙ. ලෝකයේ විනයගරුකම සහ විශිෂ්ඨතම හමුදාවෙන් ඔබ ලබන සති 3ක නායකත්ව පුහුණුව සුපිරි අත්දැකීමක් වේවි.


    more : http://status-chanaka.blogspot.com/2011/05/blog-post_9565.html
     
    Last edited:
    • Like
    Reactions: රඹා

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේදේ අනිවාර්යෙන් ලංකාවෙත් වෙන්න ඕන..කැම්පස් තේරුන අයට විතරක් නෙමෙයි උසස් පෙළ නිම කරපු හැමෝටම(හැබැයි ඔය සති 3 එක නම් මොකද්ද කියල මං දන්නේ නැහැ)..මොකද උසස් පෙලින් පස්සේ කැම්පස් යන්න බැරි උන ගොඩක් අයට හරි ට්‍රැක් එක හොයාගන්න බැරුව නිකන් අපතේ යන කාලයක් තමයි පළමු අවුරුදු දෙක..ඒ හින්ද මේ දේ ලංකාවටත් අත්‍යාවශ්‍යයි කියලි මම අම හිතන්නේ.
     

    NNL

    Member
    May 24, 2011
    12
    2
    0
    ඕක දැන් සිංගප්පුරුවේ නවත් වන්න යන්නේ .
    සිංගප්පුරුවේ ගොඩක් කට්ටිය විරුද්දයි. අවු 2 ක් කාල දානවා හමුදාවේ රටට බරක් වෙලා කියලා.
    හැමදාමත් පිටරට පරණ වෙනදේවල් ලංකාවට ගෙන එක අපේ පුරුද්දනේ.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඊශ්‍රායල් වලත් ඔයා කියපු ඔය විදිහමයි කෙරෙන්නේ.... ඔය වැවේ මම දකින විදිහට දිගු කාලීන යහපතක් ගෙනදෙන දෙයක්
     

    NNL

    Member
    May 24, 2011
    12
    2
    0
    සිංගප්පුරුවේ දියුනේ උනේ නායකත්ව පුහුණුව නිසා නෙවෙයි ලි කාවන් ලිව් ගේ
    නොනවතින උත්සාහය නිසා සිංගපුරුවේ රාජ්‍ය ක්ෂේස්ත්‍රයේ වංචා දුෂණ කොමිස් ගැහැලි ඇත්තෙම නැහැ 0 යි.
    මහජනතාවගේ සල්ලි හොරකාල අහුවෙන අයට දඩුවම මරණ දඩුවම.
    අපිට නැත්තේ හොද නායකයෝ . සින්ගප්පුරවට ඉන්නේ හොදනායකයෝ.
    මොන පුහුණුවක් දුන්නත් වැඩක් නැහැ රටේ වංචාව දුෂණය නැති කරන්නේ නැතුව.
    එක ලංකාවේ තේරෙනකොට ලෝකේ වැඩිම හොරු ඉන්න ඉන්දියාවත් අපි පහුකරගෙන ගිහිලා
     

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    ඕක දැන් සිංගප්පුරුවේ නවත් වන්න යන්නේ .
    සිංගප්පුරුවේ ගොඩක් කට්ටිය විරුද්දයි. අවු 2 ක් කාල දානවා හමුදාවේ රටට බරක් වෙලා කියලා.
    හැමදාමත් පිටරට පරණ වෙනදේවල් ලංකාවට ගෙන එක අපේ පුරුද්දනේ.

    ane palayan Ban boru kiyanne nethuwa. Nawattanama kiyana eka nam boruwak. Mokada ekata tiyena comments godak hodaii.