සිංගප්පූරු මෙහෙයුම ආණ්ඩුවට මාට්ටු
සිරිසේන පිලේ සිංගප්පූරු මෙහෙයුම ආණ්ඩුවට මාට්ටු
මේ ආකාරයට මෛත්රී පිල සිය මැතිවරණ සටන දියත් කර තිබියදී ආණ්ඩුවද පසුගිය සති කිහිපයේදී නිකන් සිටියේ නැත. ඒ අනුව ආණ්ඩුව පසුගිය සති කිහිපය පුරාම තොරතුරු සොයමින් සිටියේ මෛත්රීපාල ආණ්ඩුවෙන් එළියට ගැනීමේ මෙහෙයුම සිදුවූයේ කෙසේද, කොතැනකදීද, ඊට සම්බන්ධව සිටියේ කවුරුන්ද යන්න පිළිබඳවය. ඒ අනුව පසුගිය සතිය වන විට ආණ්ඩුවට මෙම මෙහෙයුමේ අල ගිය තැන් මුල ගිය තැන් සියල්ලම පාහේ සොයා ගැනීමට හැකිව තිබිණි.
ආණ්ඩුව සොයාගත් මෙම තොරතුරුවලට අනුව මෙම මෙහෙයුම සිදුව ඇත්තේ සිංගප්පූරුවේදීය. ඒ අනුව මෛත්රීපාල ඉකුත් නොවැම්බර් 28 වැනිදා සිය ඇමැතිකම අතහැර විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ආණ්ඩුවෙන් එළියට බැස්සද මෙම මෙහෙයුමේ තීරණාත්මක අවසන් සාකච්ඡා ආරම්භ වී ඇත්තේ නොවැම්බර් 01 වැනිදා සිටය. ඒ අනුව හිටපු ජනාධිපතිනිය නොවැම්බර් පළමු වැනි දින සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේ ඡ්ම් 654 දරන එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන්ය. දෙවැනි දින පාඨලී චම්පික රණවක ඡ්ම් 348 දරන එමිරේට්ස් ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා ගොස් ඇති අතර, එදිනම රනිල්ද කැතේ පැසිපික් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. මෛත්රීපාලත්, මංගලත්, සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේ නොවැම්බර් 03 වැනි දිනය. ඒ අනුව මෛත්රීපාල ඛ්ඔ 610 දරන කැතේ පැසිපික් ගුවන් යානයෙන්ද, මංගල ඡ්ම් 348 දරන එමිරේට්ස් ගුවන් යානයෙන්ද සිංගප්පූරුවට ගොස් තිබිණි.
මෛත්රී ආණ්ඩුවෙන් කැඩීමේ පළමු අදියර මෙසේ නිමා වෙද්දී එහි දෙවැනි අදියර යළිත් ආරම්භ වන්නේ නොවැම්බර් මස 3 වැනි සතියේදීය. ඒ අනුව පළමුව රනිල් සිංගප්පූරුවට යන අතර, රාජිත සිංගප්පූරුවේදී රනිල්ට එක්ව තිබුණේ ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් උඹ් 582 යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස්ය. එම සාකච්ඡාවන්ට සහභාගි වීම සඳහා දිගම්බරම් සිංගප්පූරුවට ගියේ නොවැම්බර් 26 වැනිදාය. ඒ ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් උඹ් 882 යානයෙන්ය. පසුව හිරුණිකාද සිංගප්පූරුවට පැමිණ මෙම රහස් සාකච්ඡාවන්ට සහභාගි වූවාය.
ඒ අනුව දැන් ආණ්ඩුව සොයමින් සිටින්නේ මෙම සාකච්ඡාවන්ට සහභාගි වූ අනෙකුත් පාර්ශ්වයන් කවුද, තානාපති නියෝජිතයන් ඊට මැදිහත් වූවාද, මුදල් ගනුදෙනු සිදු වූවද යන්නයි.

දැන ගන්න දැම්මේ.. උඹලත් මේවා ගැන දැනුවත් වෙන්න එපැයි...