සිංහයාව යටපත් කරමින් කැස්බෑ ලාංඡනයක්

slcricket

Member
Feb 20, 2008
168
13
0
සිංහයාව යටපත් කරමින් කැස්බෑ ලාංඡනයක්

z_p16-Kent-1.jpg

z_p16-Kent-2.jpg

2019 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද එළිදැක්වුණා. එහිදී බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වූ කරුණක් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන මූලිකම සංකේතයක් වන සිංහයාව යටපත් කරමින් කැස්බෑ ලාංඡනයක් ඒ ජර්සියේ සඳහන් වීමයි.

සමහරු මේ ගැන අන්තර්ජාලයේ දොස් නගනුද අපට දක්නට ලැබුණා. තවත් සමහරු මෙය හාස්‍යයට ලක්කළේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ ජයගන්නේ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වගේ නිසා මේ කැස්බෑ ලකුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සියට එක්වුණා කියායි.

කෙසේ නමුත් MAS ආයතනය මගින් නිපදවන ලද මෙම ජර්සියට කැස්බෑවා පැමිණීම පිටුපස ඇත්තේ ශ්‍රී ලාංකික අපට ආඩම්බරයට පත්විය හැකි සිද්ධියක්. ඒ තමයි මෙම ජර්සිය නිපදවා ඇත්තේ අපද්‍රව්‍ය ලෙස සමුද්‍රයට එක්ව ඇති ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් වීමයි. එය සංකේතවත් කිරීමටයි මෙම කැස්බෑ ලකුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සියට එක්කර තිබෙන්නේ.