සිංහයෝ තනිව හැසිරෙති

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    "මනෝ මෙහෙයුම්"

    මනෝ මෙහෙයුම් හෙවත් Psychological Warfare Operations කියල කියන්නෙ හමුදා මෙහෙයුමට අදාල සියලු පාර්ශ්වයන්ගේ මනස හමුදා මෙහෙයුමයට වාසි දායක ලෙස වෙනස් කිරීම හරහා ඔවුන්ගේ චරියාවේ වෙනසක් ඇතිකිරීමට බලපෑම් කිරීමේ අරමුනින් සිදුකරන සැළසුම් සහගත ශ්‍රව්‍ය, දෘෂ්‍ය සහ වෙනත් සහභාගිත්ව ක්‍රියාකාරකම්. මම මේවා සම්බන්දයෙන් ඇමරිකානු එක්සත් ජනපද යුද හමුදාවේ මනෝ විද්‍යා මෙහෙයුම් අoශය වෙතින් විශේෂඥ පුහුණුවක් ලැබූවෙක්මි.

    ඉතින් මනෝ මෙහෙයුම් කියන්නෙ වෙළඳ දැන්වීම් වගේ ප්‍රචාරන දේවල් විතරක් නෙවෙයි. සමහර වෙලාවට ඒව ශ්‍රමදාන වැඩ සටහන්, වීදි නාට්‍ය, අත්‍යාවශ්‍ය සේවාවක් සැපයීම වගේ වැඩ වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මනෝ මෙහෙයුම් යුද පිටියෙදි නම් අති සාර්ථකයි. ඇමරිකානු එක්සත් ජනපද හමුදාව 2002 දි ඉරාකය ආක්‍රමණය කරන්න ඉස්සෙල්ල ටොන් 30,000 ක ප්‍රචාරක පත්‍රිකා ගුවනින් හෙලුව ඉරාකය ඇතුලට. ඔය පහල පින්තූරෙ තියෙන්නෙ ගුවනින් ඒ ලීෆ්ලට් දාපු හැටි. ඒවයෙ අඩoගු වුනේ ඇමරිකාව සතු යුද අවිවල භයානක බව. මේව කියවපු ඉරාකයෙ 'ෆෙඩායින්' Republican Guards විශේෂ බළකායෙ භඨයො එක උණ්ඩයක්වත් ෆයර් නොකර හිස් ලූ ලූ අත දිව්ව ඇමරිකානු යුද හමුදාවෙ හතරවන පාබළ හමුදාව ටයිග්‍රීස් ගoගාව තරණය කරමින් බගදාදය වෙත ඇදෙද්දි.

    ඉතින් මම මේ ටික කියන්නෙ ඔබට අද දවසේ බලපාන මනෝ මෙහෙයුමක් පිලිබඳව දැනුවත් කරන්න. අද සහ හෙට දවස පුරාම 'දුර්වල සෙලවෙන මනස් තියෙන අයව' ඉළක්ක කරගෙන විවිධ ප්‍රචාර යවන්න සැළසුම් කරල තියෙනව සමාජ මාධ්‍ය හරහා. විශේෂයෙන්ම ව්‍යාජ ලෙස සැකසූ පූර්ව මැතිවරණ සමීක්ශණ ප්‍රථිඵළ ලේඛණ යොදා ගනිමින්. ඒවට නo අහුවෙන්න එපා. හරියන්න හරි කෙලවෙන්න හරි තමන්ගෙ හෘද සාක්ශියට අනුව නිවැරදියි කියල තෝරගත්තු මතය වෙනුවෙන් පෙනී සිටීමේ මානසික ශක්තිය ගොඩනගාගන්න. අනුන්ගෙ ප්‍රචාරයට රැවටිලා තමන්ගෙ මතය වෙනස් කරගන්නෙ අන්තිම දුර්වල මිනිස්සු.

    අනික තව කට්ටියක් ඉන්නව රැල්ලට ගහගෙන යන පරඬැල් වගේ. එයාලත් තමන්ගෙම ප්‍රතිපත්ථියක් තිබුනත් නැතත් රැල්ල යන පැත්තට එකතු වෙන්න ලෑස්තිවෙලා ඉන්නෙ. ඒත් තමන්ගෙම කියල මතයක් නැති අන්තිම දුර්වල මනසක් තියෙන මිනිස්සු. තමන්ට හරි කියල දැනෙන දෙයක් වෙනුවෙන් ඕනෑම වද වේදනාවක් විඳ දරාගන්න මනස හදාගන්න පුලුවන් ශ්‍රේෂ්ඨ චරිත ශක්තියක් තියෙන මිනිස්සුන්ට විතරමයි. ඒ නිසා සැලෙන්න එපා කිසිම දේකට. අනුන් ඔබට අන්දන්න හදන සළුපිළි කිසිම වග විභාගයකින් තොරව ඇඳගන්න නම් එපා.

    අද පෝය දවසෙ ධම්ම පදයෙ ගාථාවකින් සටහන අවසන් කරන්නම්.
    අහo නාගෝච සoගාමේ චාපාතෝ පතිතo සරo
    අති වාක්‍යo තිථිකිස්සo දුස්සීලෝහි බහුජ්ජනෝ

    සoග්‍රාම භූමියට වන් හස්ති රාජයෙක් හී සැර පහර ඉවසාගෙන සිටින්නා සේ දුස්සීලයන්ගේ නින්දා බස් ඉවසා දරාගන්න.

    මෙය හැකි තරම් ශෙයාර් කරන්න.
    -චන්න කරුනාරත්න
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    BUMP

    කතාව ඇත්ත.. (ඒත් සිංහයෝ තනිව නොහැසිරෙති)