සිංහලයා ගෙට වෙලා!

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔය කියන කාරණා මතුපිටින් ගත්තාම ඇත්ත..චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ මාර්ගයේ යන අපි කුමටද මේවා පස්සේ එල්බගෙන ඉන්නේ .
බුදුන් වහන්සේ අ‍ප්‍රමාදී වෙන්න දේශනා කරා
"පින්වත් මහණෙනි, හිස ගිනි ගත් කෙනෙක් ඒ ගිනි නිවන්න හදිසි වී වීරියෙන් ක්‍රියා කරන්නේ යම් සේ ද, සසරට වන් සත්වයා ඉන් මිදීම පිණිස ඊටත් වඩා හදිසියෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ වීරිය කළ යුතු වේ."
එනම් නැවත නොහැරෙන තත්වයට පත් වෙන්න කියන එක
බුදුන් වහන්සේ
මිනිස් බවයක දුර්ලභ බව දේශනා කරා.
කිච්චෝ මනුස්ස පටිලාභෝ’මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම අතිශය දුර්ලභවූත්, දුෂ්කර වූත්, සිද්ධියකි.

ඒත් උන් වහන්සේ කවදාවත් දේශනා කළාද විවාහ ජීවිත ගත කරන්න එපා..දරුවන් හදන්න එපා බැදීම් ඔක්කෝම ලිහලා දාන්න හැමෝම වනගත වෙන්න.හැමෝම මහණ වෙන්න.බුද්ධ ධර්මය ගිහියන්ටත් ඉතාම අනුකූලයි.ගිහි ජීවිත සාර්තක කර ගන්නා ආකාරය එහි සඳහන්.
සංස්කෘතිය: සංස්කෘතිය ආගමත් සමඟ පටලවා ගැනීමෙන් ලෙඛකයා අන්තවාදී ප්‍රකාශ ගොන්නක් කර ඇත.
සිංහල අලුත් අවුරුදු සැමරීම ලේඛකයා කුහක් ලෙස නිර්දිත ලෙස පහර ගැසු ආකාරය බලන විට ඔහුගේ දෘශ්ඨියේ අඩුවක් පෙනේ
සිංහල අළුත් අවුරුද්ද ගැන ස්මෝල්විල් සුදුනෝනේ හා තවත් අය කළ ප්‍රකාශ ඕනෑවටත් වඩා ඇති බැවින් මේ ලිපියේ අනික් අන්තවාදී හා මා එකඟ නොවන කාරණා පසුව මතු කරන්නෙමි:rolleyes:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලාංකිකයා සියවස් ගණනාවක් පුරාවට බුදු බණක් ඇසුවේ නැත​. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය​. 99%ක්ම වූයේ බුදු බණ නාමයෙන් වූ සම්පප්‍රලාප ය​. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු දහම ඉස්මතු නොවී ය​. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද අධර්මවාදී බලවේග විසින් සූක්‍ෂමව මැඩලනු ලැබීය​. බුදු බණ නොදත් චීවරධාරීහු බමුණාගේ වේදය සරණ ගියහ​. බුදු දහමේ නාමයෙන් පැවිදිව, මහා සඟරුවට පිදෙන උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්, විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්, යාග​ -හෝම කරති. වස් කවි කියති. ඒ මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ, නැකතේ ගුණ වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක ත්‍රිපිටකය පුරා අන්තර්ගත ය​. මේ අධර්මවාදී චීවරධාරීන් හට උඩගෙඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි මනාව පැහැදිලි කොට ඇත​. සැප කැමැත්තෝ අප්‍රමාදී වෙත්වා!!!
බුදු දහම වසර 2500 ක් රැකුනේ කෙසේද? ගම පන්සල යන එකැමුතුවෙන් නොවෙද?
එකළ බුදු දහම සුරැකීමට දැන් මෙකළ මෙන් අසපු තිබුණාද?
පංසලේ ස්වාමීන් වහන්සේ දුශ්ශිලයැයි පවසමින් ගමේ පංසලෙන් බෞද්ධයා ඉවත් කිරීම හා පංසල කෙරේ කලකිරවීමේ මිශනාරී ක්‍රියාවලියට උඩ ගෙඩි දෙමින් අපි කපා ගන්නේ අපේ ජාතියේ වළමැය.

නොතේරෙන බණ?
ගමේ පංසලේ ස්වාමීන් වහන්සේ බණ කතාවක් කීමෙන් දායකයා නිවන් යන්නේ නැත.ශ්‍රද්ධාව වැඩේ.
ඒ ශ්‍රද්ඩාවන්තයින් කන්වර්ට් නොවී අප වැනි දරුවන් බිහිකල නිසාමැ අද අපිට මහ හයියෙන් කෑ ගසා කියන්නට බුදු දහමක් සුරැකිව ඇතතාය. අපිට බණක් බාවනාවක් කරගෙන අප කැමති බෝධියකින් නිවන් යෑමට බාදා නැත්තේය.තුවක්කු ගෙන සිංහල බෞද්ධයන් කැති ගාන්නට සුදු මහත්තැන්ලා නොමැත
විජාතික ආක්‍රමණ හමුවේ එල්ල වූ විවිධ තාඩන පීඩන හමුවේ ආගම රැක ගත් සඟරුවනට අමතන හැටිද?
උජාරුවෙන් අපි බෞද්ධයැයි මුර ගානා මෙවුන් අපිට පසුවැ බෞද්ධයන් හා අපිට පෙරැ බෞද්ධයන් නිවන් ගිය හා යන බව අමතක කොට ඇත්තේය
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
වටිනා ලිපියක්, මේකෙ හරය තේරුම් ගන්න දෙතුන්පාරක් වත් කියවන්න ඕන, පලවෙනි පාර මේක කියවනකොට මගෙ හිතට ආවෙ මේකෙ ඇත්තත් තියෙනව බොරුත් තියෙනව කියල, ඒත් දෙවනි, තුන්වන පාරට කියවනකොට මට තේරුනා මේකෙ කියල තියෙන දේවල් ඇත්ත කියල, මේක අපිත් එකක් බෙදාගත්තට ස්තුතියි වි.. මල්ලි :D

බොහොම ස්තූතියි අයියා!
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හ්ම්ම්... කාලෝචිත මාතෘකාවක්..:) සිතන්නට දෙයක්..
වෙනස් විදිහකින් යතාර්ථය ගෙනහැර දක්වලා තියෙනවා.. සිංහලයාගේ සංස්කෘතික අංගයක් කියා සංස්කෘතියට පදනම වියයුතු බුදුදහමින් එපිටට ගිහින්
අපි කරන තවත් එක වැඩක්..:(:(

ඒක තමා!:dull:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
1. ඕක වෙන කාගෙ හරි බ්ලොග් එකකින් ගත්තනම්, මුල් රචකයගෙ නමවත් මෙන්ෂන් කරන එක හොඳයි නේද?

http://dhammamedicine.blogspot.com/2010/04/blog-post_12.html
ශ්‍රාවක දරුවෝ ලියපු එකක්...ඤාණානන්ද ස්වාමීන් වහන්සෙගේ අධීක්ෂණය යටතේ ලියවුණා වෙන්න ඕනි..ෂුවර් නෑ:rolleyes:

2. මෙතන අවසාන වශයෙන් කියන්න අදහස් කරන්නෙ මොකක්ද කියල මට පැහැදිලි නෑ. බුද්ධාගම ගැන කියලා, ඒ හේතුවෙන් සිංහල අවුරුද්ද මිත්‍යාදෘෂ්ටියක් කියලද කියන්න හදන්නෙ? මට හිතෙන්නෙ ටිකාක් විතර පටලවගෙන කියලයි.
සිංහල අවුරුද්ද ගැන නෙමේ.. "නැකත" ගැන කියන්නෙ..

3. මිත්‍යාදෘෂ්ටියක් කියල කියනවනම්, එහෙම නැත්නම් මතවාදයකට අසුවීමක් කියල කියනවනම්, අවුරුදු චාරිත්‍රවල එහෙම දේකට තියෙන්නෙ නැකතට අනුව කටයුතු කිරීම විතරයි. නැකත කියන දේ පැත්තකින් තියල, මොනවද මේ නැකත් අනුව කරන්න කියල තියෙන්නෙ යන කාරණය බැලුවොත් පේනවා ඒවා බුදු දහමට විරුද්ධ නොවන බව.
ඒ ගැන තමයි මේකෙනුත් කියන්නෙ..."
නැකත කියන දේ පැත්තකින් තියල," යනුවෙන් උයා සදහන් කරලා තිබීමෙන්ම පේනවා උයා මේකට එකග වන බව..

පුණ්‍ය කාලය, නෑ හිතමිතුරන් බැහැ දැකීම, එකිනෙකා තෑගි හුවමාරු කරගැනීම, එක්ව ආහාරපාන ගැනීම, ස්නානය, වැඩිහිටියන් සමා කරගැනීම වගේ දේවල්නෙ කෙරෙන්නෙ. මමත් නැකැත් අනුගමනය කරන කෙනෙක්නම් නෙවෙයි. නමුත් මේ විදිහට වෙලාවන් වෙන් කර තිබීමෙන් ඒ ඒ කටයුතු කා අතිනුත් කෙරෙනවා නේද?

ඒ වගේම "ඒ දේවල් වල් ආනිසංසය ගෙන එන්නෙ නැකතට කිරීමෙන් පමණයි" කියන දිට්ඨිය ඇතිවෙන්නත් ඉඩ තියනවා..

උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් පන්සලට යන්නෙ නැති කෙනෙක් වුණත් පුණ්‍යකාලෙට පන්සලට යයි- වෙන කරන්න දෙයක් නැතිකමට හරි. ඒ වගේම, විවේකයක් නොගෙන හැල්මේ දුවන සමාජක්‍රමයකට හුරු වෙලා ඉන්න මිනිස්සු ඒ කාලය තුළ මුකුත් කරන්න හොඳ නෑ කියල හිතන නිසා හරි ටිකක් විවේකෙන් ඉන්න, නෑ හිතමිතුරන් සමග සෙල්ලම් කරන්න පෙළඹෙයි.
පන්සල් නොයන පුද්ගලයෙක්ව ඒ සදහා යොමු කරවීම නං හොද දෙයක් තමයි...නමුත් එය කළ යුත්තේ ඒ පුද්ගලයා වෙත නිර්මල බුදුදහම විවෘත කරවීමෙන් විනා නැකත් සරණ යාම වගේ දේවල් වෙත අනුබල දීමෙන් නෙමේනෙ..

පෞද්ගලිකව මමනම් හිතන්නෙ ලංකාවෙ තියෙන නිවාඩු දින ගණන ගැන කවුරු කෑ ගැහුවත්, අපි ජීවත් වෙන්නෙ මැරීගෙන වැඩ කරන්න නෙවෙයි කියල; විවේක ගැනීම, විනෝද වීම ජීවිතයේ වැදගත් දේවල්- අපි රැකියා කරන්නෙ, ඉගෙන ගන්නෙ ජීවිතයේ ප්‍රීතිය උදෙසා ඒ දේවල් (සහ එයින් ලැබෙන වැටුප් ආදිය) අවශ්‍ය වන නිසා.
මෙතනදි මම ඔයාට එකගයි..අවුරුදු දිනය ආදී නිවාඩු දින සැමරීම කිසි වරදක් නෑ..‍එහෙම කරන් එපා කියලා මේ ත්‍රෙඩ් එකේ කියලා නෑ..

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අපි බෞද්දයො කියලා බුදුදහමට අදාල නෑ කියලා අපේ සියලුම අනෙක් සංස්කෘතිකාංග අත් හරින්න ගියොත් අපිත් අර ජිහාඩ් කාරයෝ වගේ වෙනවා. සිංහල අවුරුද්ද අපේ ජාතික උත්සවයක්. හැම සිංහලයෙක්ටම ඒක සමරන්න පුලුවන්. ආගමික උත්සවයි, ජාතික උත්සවයි පටලව ගන්න එපා. (මතක තියාගන්න සියලුම සිංහල අය බෞද්ධයන් නොවේ)

අපි මේ නැකැත් සාස්තරේ පැත්තකින් තියමුකෝ. හිතලා බලන්න අලුත් අවුරුද්දේ හොද පැත්ත
1. දුරක ඉන්න ලමයි, පිටරට ඉගෙන ගන්න ලමයි, වැඩ කරන දෙමව්පියෝ ලංකාවට ඇවිත් එකට එකතු වෙනවා. අම්ම/තාත්තා නැකතට දරුවන්ට කිරිබත් කවනවා. බුලත් දීලා දෙමව්පියන්ට වදිනවා. මේක දෙමාපිය-දූ දරු සහ සම්බන්ධතා වඩාත් තර කරන්න හේතු වෙන්නේ නැත්ද?

2. එලුවා පෝලිමේ ඉදන් ඇදුම් ගන්න කතාවක් කිව්වා නේ. ඔයා දැකල නැතුව ඇති ඒ ගන්න කට්ටිය ඇදුම් ගන්නේ තමන්ට විතරද?? අම්මට, තාත්තට, නැන්දට, මාමට, ගෙදර වැඩ කරන කෙනාට සරමක්, පුතාලට, දුවලට ඇදුම් ඔන්න ඔහොම ගොඩාක් දෙනාට ගන්නවා. මම අහලා තියෙනවා, දැකලා තියෙනවා සමහර අය රෙදි කඩවලදි කියනවා, " මට ඇදුමක් ගන්න වුනේ නෑ, ඒත් කමක් නෑ මම දෙන්න ඕන හැමෝටම තෑගි ගත්තා කියලා" ඔන්න සිංහල අලුත් අවුරුද්ද යුතුකම් ඉටු කිරීම , කලගුණ සැලකීම එක්ක සම්බන්ධ වෙන විදිය

3. නගරේ ඉන්න අය දරු පවුල් එක්ක තමන්ගේ අම්මලා බලන්න ගමට යනවා. පිටරට ඉන්න පවුල් ලංකාවේ නෑයෝ බලන්න නෑ ගම් එනවා. හැමෝම දන්න විදියට අද තියෙන අවිවේකි ජීවන රටාවත් එක්ක නෑදෑ සබදතා පවත්වාගන්නවත් වෙලාවක් නෑ නේ. අවංකව කතා කරනවා නම් මට මගේ ආත්තම්මලා බලන්න යන්න වෙන්නේ අලුත් අවුරුද්දට විතරයි. එයාලා අවුරුද්දටවත් මම එනකන් මග බලාගෙන ඉන්නවා. අවුරුද්ද කැන්සල් කරලා ඒ මිනිස්සුන්ගේ සතුට නැතිකරන එක මොන කුහක වැඩක් ද??:oo::oo:

4. එලුවාඅ වැරදිලාවත් අහලා තියෙනවද අලුත් අවුරුද්දට තරහ කාරයෝ යාලු වෙනවා කියන එක?? අහල නැත්නම් දැන ගන්න, එහෙම දෙයක් වෙනවා. වඅවුරුද්ද පුරා නයි වයිරෙන් ඉන්න බුවාලා අලුත් අවුරුද්දෙ එකිනෙකාගෙ ගෙවල්වලට ගිහින් සමාව අරගෙන-සමාව දීලා සාමදාන වෙනවා

5. ඒ විතරක් ද? ගමේම සුහදතාවය දියුණු කරගන්න පවත්වන අවුරුදු උත්සව, වෙලාවට වැඩක් කරන්න උගන්වන නැකැත්???:baffled:

හිතලා බලන්න කොච්චර වටිනා ජාතික උත්සවයක් ද ඔයාලා අහෝසි කරන්න කතා කරන්නේ:baffled::baffled::baffled:

ජාතික උත්සවයක් කැන්සල් කරන්න කතාකරනවා නෙමේ අයියා..
ජාතික උත්සවය ජෝතිෂ්‍යකරණයට ලක්වීම තුලින් බෞද්ධයා තිසරණ සරණ පසක දමා නැකත්, කේන්දර, ග්‍රහචාර සරණ යාම නිසා උද්ගත වෙලා ඇති ඛේදනීය තත්ත්වය ගැන මේ කියන්නෙ..

realbuddhistma7.png
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පෑහෑදිලි ලෙසම සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර වෙන් කිරීමක් කල හෑක.
ඔබ අවබොදය අති උනෙනම් සංස්කෘතිය, අපෙ කම ජාතිය වෑනි හෑගිම් අති වන්නෙද එවාට වහල් වන්නෙද නෑත. මන්ද එ සියල්ලම මමත්වය නිසා හටගන්නා බවින්.

අවබොදය අතිවු කල්හි මමත්වය නතිවෙ. සියල්ල අනිත්ය බව වෑටහෙ :D

:yes::yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බුදු දහම වසර 2500 ක් රැකුනේ කෙසේද? ගම පන්සල යන එකැමුතුවෙන් නොවෙද?
එකළ බුදු දහම සුරැකීමට දැන් මෙකළ මෙන් අසපු තිබුණාද?
පංසලේ ස්වාමීන් වහන්සේ දුශ්ශිලයැයි පවසමින් ගමේ පංසලෙන් බෞද්ධයා ඉවත් කිරීම හා පංසල කෙරේ කලකිරවීමේ මිශනාරී ක්‍රියාවලියට උඩ ගෙඩි දෙමින් අපි කපා ගන්නේ අපේ ජාතියේ වළමැය.

නොතේරෙන බණ?
ගමේ පංසලේ ස්වාමීන් වහන්සේ බණ කතාවක් කීමෙන් දායකයා නිවන් යන්නේ නැත.ශ්‍රද්ධාව වැඩේ.
ඒ ශ්‍රද්ඩාවන්තයින් කන්වර්ට් නොවී අප වැනි දරුවන් බිහිකල නිසාමැ අද අපිට මහ හයියෙන් කෑ ගසා කියන්නට බුදු දහමක් සුරැකිව ඇතතාය. අපිට බණක් බාවනාවක් කරගෙන අප කැමති බෝධියකින් නිවන් යෑමට බාදා නැත්තේය.තුවක්කු ගෙන සිංහල බෞද්ධයන් කැති ගාන්නට සුදු මහත්තැන්ලා නොමැත
විජාතික ආක්‍රමණ හමුවේ එල්ල වූ විවිධ තාඩන පීඩන හමුවේ ආගම රැක ගත් සඟරුවනට අමතන හැටිද?
උජාරුවෙන් අපි බෞද්ධයැයි මුර ගානා මෙවුන් අපිට පසුවැ බෞද්ධයන් හා අපිට පෙරැ බෞද්ධයන් නිවන් ගිය හා යන බව අමතක කොට ඇත්තේය

"99%ක්ම වූයේ බුදු බණ නාමයෙන් වූ සම්පප්‍රලාප ය​." කියලා කිව්වොත් එතන fallacy එකක් තියනවා..ඒක මේ පෝස්ට් එකෙන් අයියා මට පෙන්වලා දෙනකං මට ඒක notice වුනේ නෑ..
 
gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    බොහෝ දනා පවසනුයේ මේ සියල්ල මහින්දාගමනයෙන් ලද සංස්කෘතික උරුමයන් බව ය​. ඊටත් වඩා මුලාවක් නැත​. වැඩිහිටියන්ට ගරු කිරීම​​, නෑ ගම් යාම​, පරණ තරහ අමතක කිරීම සඳහා අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතයෝ දොඩති. තිසරණයෙහි පිහිටා කටයුතු කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත​. මෛත්‍රිය, කරුණාව සෑම විටම පෙරදැරි ය​. ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය​. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ කාලයක් අවැසි නොවේ. මේ බහුබූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු විටය​. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම සියළු කෙලෙසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ මුවාවෙන් මිථ්‍යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්‍යය කි. මෝඩ කමකි.

    බුදු දහමේ ඒකායන අරමුණ සියළු කෙලෙසුන් ප්‍රහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල සතරකින් යුත්, මාර්ග අංග තිස් හතකින් යුත්, ක්‍රමවත්, අර්ථවත්, ධනාත්මක වැඩපිළිවෙලකි. දෙකේ පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය​. බුදු දහමෙහි මූලිකම වන්නේ සෝතාපත්ති ඵලය යි. එනම් මිථ්‍යාදෘෂ්ඨිය සහමුලින්ම දුරුකොට සසරේ ආරක්‍ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්‍ෂාව යනු බිලි දී, බලි තොවිල් කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්‍යාදෘෂ්ඨිය දුරලා දහම තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික් පදක්කමක් මෙන් ප්‍රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක බහා තබන්නක් ද නොවේ. එය දහමෙහි හැසිරෙන ප්‍රඥාවන්තයින් හට පමණක් ඇතිවන අවබෝධයකි.

    කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ. අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා කිසි කලෙක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්‍යයේ ඥාණාලෝකය ඔහුට අහිමි ය​. ඔහු අඳුරේම ඉපිද​, අඳුරේම ජීවත්ව​, අඳුරේම මියැදෙන, සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තයෙ කි.

    ශ්‍රී සද්ධර්මය මහ සයුර වැනිය​. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය​. දියඹ තව බොහෝ දුරය​.

    me wikara kiyawala kaurut oluwa narak kara ganna epa. Sinhala aurudda kiyanne ekak. budu dhama kiyanne tawa ekak. mewa patalawa gattot apei, antawadingei wenasak neti wei. lassanata wachana galapuwata rawatenna epa.

    buduhamuduruwo kawadawat sanskrutiya epa kiuwe ne. ewa hela dakke ne. yahpat deta hodai kiuwa. ayhapat deta narakai kiuwa.

    anit eka alut aurudden hari, nakat walin hari katawat wena haniyak tiyenawada.

    mulu ratema minissu ekema welawata lipagini molawala, kema uyala, ewa nekatata anubawa karana eka narakakda.

    haturukam amataka karala kawili pewili aragena yaliwange, nedeyange gewalwalata yana eka waradakda. mokakda eken wena haniya.

    budda darmaya antawadi ne. eka rakinawa wage pennana ayata eke amataka wela. ekai me antawadi widiyata kata karanne.

    Ape rate minissu aurudde dawas wadi ganak duk widagena hammba karana. jeewat wenna. aaya eka dawasak hari paule ayat ekka eketu wela satutu wena eka ratata haniyakda.

    Lankawa asiyawe ascharya karrna beri wela tiyenne Sinhala alut aurudda nisada.

    hari ehemai kiyamu. ehenam Sinhala alut aurudda thanam karala Lankawat Afganistane, Iraq, Iran wage wenawatada kemati.

    Ada Japan walata wela tiyana de penawada. Salli passema gihilla loke ihalama sanskrutiyak tibunu Japane ta ada wela tiyena de penawada.

    Haturu wesin ena haturawa aduna ganima Phasui.
    Eat Mituru wesin ena haturawa haduna gann amarui.:angry:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    අප තවම නිවන් මගට නොපිලිපන් බැවින් සංස්කෘතිකාංග පවත්වාගෙන යෑමේ වරදක් මට නොපෙනේ.:rolleyes::rolleyes:

    එහි කිසිම වරදක් නෑත. නමුත් ඔබ එයට අබ්බෑහි වීම වරදකි. නමුත් එයද මට වරදක් නොවෙ. එයද ඔබටම අයිතිවෙ.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර වෙන් කිරීමක් කල නොහැක. අපට සංස්කෘතිය ඉවත දැමීමද කල නොහැක. කල හැක්කේ අවබොධයෙන් ක්‍රියා කිරීම පමනි.

    පෑහෑදිලි ලෙසම සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර වෙන් කිරීමක් කල හෑක.
    ඔබ අවබොදය අති උනෙනම් සංස්කෘතිය, අපෙ කම ජාතිය වෑනි හෑගිම් අති වන්නෙද එවාට වහල් වන්නෙද නෑත. මන්ද එ සියල්ලම මමත්වය නිසා හටගන්නා බවින්.

    අවබොදය අතිවු කල්හි මමත්වය නතිවෙ. සියල්ල අනිත්ය බව වෑටහෙ :D

    වෙන් කිරීම කරන්නේ කොහොමද කියල පැහදිලි කරනවද?

    සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර ඡේදනයක් තිබෙන බව පවතින සත්‍යක්. සංස්කෘතිය, ජාතිය වැනි දේ වලට වහල් වීම තෙරුමක් නැති බව තේරුම් ගත්තත් ඉන් පවතින සත්‍යයක් වෙනස් නොවේ. ඔබ නිවන අවබොධ කරගත්තද පවතින දෙයක් වෙනස් නොවේ.

    අවබෝධයෙන් කරනුයේ පවතින දෙය ඇති සැටියෙන් තේරුම් ගැනීමයි.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පවතින දේයක් යනු කුමක්ද ?
    අවබොදය යනු කුමක්ද ?

    අවබොදය අතිවු විට පවතින දෙයක් නෑති බවත්. වෙනස්වන දෙ අති බවත් පෙනේවි.

    එසෙනම් පවතින සත්‍ය කුමක්ද ?
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    පවතින දේයක් යනු කුමක්ද ?
    අවබොදය යනු කුමක්ද ?

    අවබොදය අතිවු විට පවතින දෙයක් නෑති බවත්. වෙනස්වන දෙ අති බවත් පෙනේවි.

    එසෙනම් පවතින සත්‍ය කුමක්ද ?

    පැවත්මේ ඇති අසාරත්වය අවබොධ කරගැනීමයි පරම සත්‍ය ... එය නිවනයි :)
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    පවතින දේයක් යනු කුමක්ද ?
    අවබොදය යනු කුමක්ද ?

    අවබොදය අතිවු විට පවතින දෙයක් නෑති බවත්. වෙනස්වන දෙ අති බවත් පෙනේවි.

    එසෙනම් පවතින සත්‍ය කුමක්ද ?

    ජලය ඔක්සිජන් හා හයිඩ්‍රජන් වලින් සදී තිබේ. මෙය පවතින සත්‍යකි.

    ගුරුත්වාකර්ෂනය මෙය පවතින දෙයකි.

    සියල්ල නිරතුරුවම වෙනස් වේ. මෙය පවතින සත්‍යයකි.

    මෙහි කතා කරනා අනිත්‍ය බවින් පවතින දෙයක් නැති බව නොකියවේ.

    රූපය අනිත්‍ය වේ. මිනිසා මොහොතින් මොහොත වෙනස් වේ, නමුත් මිනිසෙකු සිටින බව පවතින සත්‍යයකි.

    පැවත්ම නැති කිරීමට වෙහෙසිය යුත්තේ පැවැත්මක් ඇති බැවිනි. පැවත්ම පවතින සත්‍යකි.
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    [FONT=&quot]මට නං ඔය නැකත් කියන්නෙ මනස්ගාතයක්..[/FONT]

    [FONT=&quot]ඒත් මම සංස්කෘතික උත්සවයක් හෙලා දකින්නේ නෑ.[/FONT]

    [FONT=&quot]ඉස්සර කාලෙ හැම මනුස්සයෙක්ම වාගෙ ඔය නැකැත් ගැන විශ්වාස කරන්ඩ ඇති. ඒ ක‍ාලෙ කවුරු හරි කීවොත් ලෝකෙ රවුම් කියලා කියයි මූට පිස්සු කියල. නැකැත් කාරය මේක මේ වෙලාවට නැකතට කරන්න ඕන, නැත්නම් අසුබයි කීවම මිනිස්සු පිළිගන්න ඇති. ඊ‍ට පස්සෙ හැම වැඩක්ම නැකත බලලා කරන්න ගත්තා. එහෙම නොකලොත් ඉතිං සොරිම තමා. [/FONT]

    [FONT=&quot]හැබැයි ඉතිං නැකතට පටං ගන්න හැම දෙයක්ම සාර්ථක වෙනවද නැද්ද කියන එක කවුරුත් හිතන්න නැතුව ඇති. මල්වර වෙලා නැකතට ‍නාවල ගෙට අරන් පස්සෙ කාලෙක අභිසාරිකාවො වුනු කෙල්ලොත් ඇති. නැකත‍ට චාරිත්‍ර වල‍ට විවාහ වෙලා විවාහය අසාර්ථක වුනු, මැරුණු, කණවැන්දුම් වුනු, අබ්බගාත වුනු අයත් ඕන තරම් ඇති.[/FONT]

    [FONT=&quot]අවුරුදු උත්සවේට මුල් වෙන්නෙ සූර්යයා අරකෙන් මේකට යන එකනෙ. ඊට පස්සෙ චාරිත්‍ර විදියට කරන හැම දේටම නැකතක් හදල තියෙනවා.[/FONT]

    [FONT=&quot]ඒත් ඔය චාරිත්‍ර කිසි දෙයක පව්කාර වැඩක් කරන්න කියලා නෑ. සමහර රටවල මිනිහ මැරුණාම ගෑණිවත් සෑයට තල්ලු කරන, ලොකු වුණ කෙල්ලන්ගෙ ලිංගික අවයව කපන, ‍‍‍ෙපොඩි කිරි සප්පයන්ව විවාහ කරල දෙන වගේ මිලේජ්ජ වාරිත්‍ර අපට නෑ. ඒක නිසා ඕව සංස්කෘතියෙ අංග විදියට, චාරිත්‍ර විදියට කරන එකේ වැරැද්දක් නෑ. ජෝතිෂ්‍යයත් මේක අස්ස‍ට රිංගගෙන තියෙන නිසා ඉතිං නැකතටම ඕව කරන්න.[/FONT]
    [FONT=&quot]...[/FONT]
    [FONT=&quot]ඔය බමුණු රැළට වෙසක් උත්සවේ ඇතුළට නැකතක් රිංගවන්න බැරි වෙච්චි එක ගැන මම සතුටු වෙනවා.[/FONT]
     
    Jan 24, 2009
    3,532
    130

    අඩුමගානේ වෙලාවකට ව්ඇඩක් කරන්නවත් පුරුදුවෙයි නේ;)
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අඩුමගානේ වෙලාවකට ව්ඇඩක් කරන්නවත් පුරුදුවෙයි නේ;)

    :yes:එකනම් අත්ත. ඔය වඩෙ විතරක්ම වෙන්ඩ අති අපෙ මිනිස්සු වෙලවට කරන්නෙ
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    me wikara kiyawala kaurut oluwa narak kara ganna epa. Sinhala aurudda kiyanne ekak. budu dhama kiyanne tawa ekak. mewa patalawa gattot apei, antawadingei wenasak neti wei. lassanata wachana galapuwata rawatenna epa.

    buduhamuduruwo kawadawat sanskrutiya epa kiuwe ne. ewa hela dakke ne. yahpat deta hodai kiuwa. ayhapat deta narakai kiuwa.

    anit eka alut aurudden hari, nakat walin hari katawat wena haniyak tiyenawada.

    mulu ratema minissu ekema welawata lipagini molawala, kema uyala, ewa nekatata anubawa karana eka narakakda.

    haturukam amataka karala kawili pewili aragena yaliwange, nedeyange gewalwalata yana eka waradakda. mokakda eken wena haniya.

    budda darmaya antawadi ne. eka rakinawa wage pennana ayata eke amataka wela. ekai me antawadi widiyata kata karanne.

    Ape rate minissu aurudde dawas wadi ganak duk widagena hammba karana. jeewat wenna. aaya eka dawasak hari paule ayat ekka eketu wela satutu wena eka ratata haniyakda.

    Lankawa asiyawe ascharya karrna beri wela tiyenne Sinhala alut aurudda nisada.

    hari ehemai kiyamu. ehenam Sinhala alut aurudda thanam karala Lankawat Afganistane, Iraq, Iran wage wenawatada kemati.

    Ada Japan walata wela tiyana de penawada. Salli passema gihilla loke ihalama sanskrutiyak tibunu Japane ta ada wela tiyena de penawada.

    Haturu wesin ena haturawa aduna ganima Phasui.
    Eat Mituru wesin ena haturawa haduna gann amarui.
     
    Similar threads