සිංහලයා_අවමානයට_පත්කිරිම_වහා_නවතනු.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.
කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 262 ක් විය. එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි. එවකට අරලිය ගහ මන්දිරයේ 2000 ක පමණ ජනාධිපති කාර්ය මණ්ඩලයක්ද වාහන 1800 ක් පමණ නඩත්තු කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් රාජපක්ෂ පවුල ගත කර තිබුණි.
එමෙන්ම සුනඛයන් 85 දෙනෙකු වෙනුවෙන්ද අති විශාල වියදමක් දරා තිබුණු අතර ඇතැම් සුනඛයකු වෙනුවෙන් වායු සමීකරණය කළ කාමරද තිබී ඇත. මේ සියල්ලට වියදම් කර තිබුණේ ජනාධිපතිවරයා වෙනුවෙන් අයවැයෙන් වෙන් කෙරුණු මුදල්ය. මෙම මුදල මෙරට ජනතාවගෙන් අයකරගන්නා බදු මුදලින් කොටසකි.
මේ මොකද්ද බන් මෙහෙම් 8000 ක් වියදම් කරලා සිංහලයව අවමානයට ලක් කරන්නේ. අඩුම තරමේ කොටි 2ක් වත් වියදම් කරන්න එපැයි. දැන් හරිද මෛත්රීවාදින් කරගත්තු හරිය ? ඕක නොවෙන්න තමයි අපි උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවේ.