මට නම් උබලා බැනලා තියන කිසිම චැනල් එකක් නරකයි කියලා දැනෙන්නෙ නැ. Chanuksbro, Travel with wife, wasthi..... වගේ ගොඩක් ඒවට බැනලා තියනවා. ඒව බලන නොබලන එක තමුන් ගේ කැමත්ත. මමත් චනුක්ස් බ්‍රෝ චැනල් එකේ වීඩියෝ උපරිම 3ක් විතර බලලා ඇති. මට ඒක බලලා ඉගෙන ගන්න දෙයක් නෑ. ඒත් මම ඌ එක්ක තියන පුද් ගලික තරහකට ඒ චැනල් එක නරකයි කියන්නෙ නැ. වස්තිලට එහෙමත් ගොඩ්ක උන් බනිනවනේ. ඒත් මට උන්ගේ සමහර වීඩීයෝ වලට හිනා යන්නෙ නැ. ඒත් සමස්ථයක් විදියට උන් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. අපේ අම්මා චැනල් එකත් නරක නැ. උයන්න බැරි ගෑනු ගොඩක් අය උයන හැටි ඉගෙන ගන්න හොද චැනල් එකක්. ඒත් ඉදලා හිටලා පොඩි වලි දාගන්නවා. ඒක ඉතින් ගෑනු ස්වභාවයනේ.

තව රාජිත කියලා එකෙක් චැනල් එකක් කරනවා. ඌ කරන වැඩ වලට හිනා යන්නෙ නැ. රාජිතයට වඩා අපේ වලතරයා යූටියුබ් එකේ ආතල දීලා තියනවා. මදූ රොක්ස් ගැන කියන්න තියෙන්නෙත් මේ ටිකම තමයි
මම ඇත්තටම ආසාවෙන් බලන චැනල් ටිකයි තියෙන්නෙ. එළකිරි චැනල් එක එකක්. මම ඒ රිවීව් කරන විදියටයි, වොයිස් එකටයි ආසයි. Blok &Dino චැනල් එකත් බලනවා. මුන් ගේ වැඩ මාර ක්‍රියෙටිව්. මීට අමතරව රැට්ටගේ චැනල් එකත් බලනවා.
උබලා බැනපු චැනල් ගොඩක් ඒවාගේ කන්ටෙන්ට් හොදයි. වීඩියෝ කොලිටි හොදයි. මට කියන්න තියෙන්නෙ උබලා බැනපු චැනල්වලට වඩා බනින්න ඕනි චැනල් ගොඩක් තියනවා.
1. පහළ තියන වීඩියෝ එක පොඩ්ඩක් බලපන්කෝ. මොකෙක් හරි ගොබ්බයෙක් සෙක්ස් , 18+ , වැල කතාවක් ගැන වොයිස් එකකට , මොකක් හරි අදාලම නැති වීඩියී ක්ලිප් එකක් දාලා එඩීට් කරලා යූටියුබ් දානවා. මේවා රිපෝට් කරාට වැඩකුත් නැ.
2. අනිත් එපාම කරපු සෙට් එක තමයි ගොසිප් චැනල් කාරයෝ ටික.