සිංහලෙන් Domain Name එකක් හදමු

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
සිංහලෙන් Domain Name එකක් හදමු




සිංහලෙන් domain name හදන එක සම්මත වශයෙන් වැඩ කරන්නේ නැත්තේ Domain Name එක ASCII වලින් තිබිය යුතු නිසයි. මේ ASCII වලින් තියෙන Domain name එක Interpret කරනවා පස්සේ IP address එකකට මේකෙන් තමයි අදාළ website එකේ destination එක හොයාගන්නේ. ASCII values යනවා සාමාන්‍යයෙන් 0 සිට 127 දක්වා පරාසයකට decimal වලින් ගත්තම. එතකොට මේ සීමාවේ ඇතුලේ දක්වලා තියෙන characters විතරයි පාවිච්චි කරන්න පුලුවන් Domain Name එකකට. English alphabet එක වගේම Numbers පවා එතකොට පාවිච්චි කරන්න පුලුවන් (Special keywords හැර - සමහර symbols)



ඉතින් මේ අනුව සාමාන්‍යය ක්‍රමයට සිංහලෙන් domain name එකක් හදන්න බෑ මේකට වක්‍රලෙස යන්න ඕනේ.
මේකට කරන්න තියෙන්නේ
http://idnaconv.phlymail.de/index.php
මේ site එකට ගිහින් තමන්ගේ site එකේ නම ගහන්න සිංහලෙන්
ඊට පස්සේ IDNA 2008 එක select කරලා Encode කරන්න දැන් මේ Unicode එකට අදාළ
IDNA 2008 එකේ ASCII values domain name එක වැටෙයි මේ ASCII value එක ඕනම තැනම ගිහින් register කරන්න ඊට පස්සේ තමන්ගේ Domain name එක දෙනකොට අනෙක් අයට දෙන්න UNICODE domain name එක මේක browser එකෙන් automatically ASCII වලට convert කරයි. මම මේක test කරා Blogger වල හොදට වැඩ. ඔය ගොල්ලන්ටත් ඕනේ නම් උත්සහා කරලා බලන්න. :yes:

නිදර්ශනයක් දුන්නෙත් හිතන්න අපිට ඕනේ කියලා
එළකිරි.com කියලා site එකක්. මේක ඕනේ නම් කරන්න තියෙන්නේ ඉහත දාලා තියෙන site එකට ගිහින් IDNA 2008 එකට අදාළ ලෙස නම ASCII වලට convert කරන එකයි එතකොට එළකිරි කියන unicode එකට අදාළ ASCII value එක තමයි xn--uzcs3hqb1db
දැන් මේ xn--uzcs3hqb1db කියන එක ඕනෙම site එක register කරලා domain එකක් හැටියට ඔයගොල්ලන්ගේ යළුවන්ට දෙන්න මේ එළකිරි.com domain එක මේක browser එකේ type කරපු ගමන් browser එකෙන් කරන්නේ automatically මේ Unicode එක Interpret කරනවා ASCII value එකක් හැටියට ඊට පස්සේ ඒක call කරනවා xn--uzcs3hqb1db site එකට මේක තමයි ඔයගොල්ලන්ගේ site එක.

-bigtop.



 
  • Like
Reactions: waparc

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    එළකිරිය (එළකිරි.com) අදම ගත්ත නම් පස්සෙ ලොකූ ගානකට GT ට විකුනන්න පුලුවන්..