සිංහලේ පැරණි දිව්රුම් ක්‍රම.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,563
    3,265
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සිංහලේ පැරණි දිව්රුම් ක්‍රම.

    අතීතයේ මෙරට වැසියෝ එදිනෙදා හමුවන ආරවුල් දිව්රීමෙන් නිරාකරනය කර ගන්නට පුරුදුව සිටියහ.
    මෙය නඩු හබ සඳහා යන කාලයත් මුදලත් ඉතිරි කරවීමේ සරළ විසඳුම් ක්‍රමයක් විය.

    Kali100.jpeg


    එදා පැවති මූලික දිව්රීමේ ක්‍රම

    ►රත්කළ යවටයේ දිව්රීම.
    ►උණුතෙලේ දිව්රීම.
    ►නාග මල්ලේ දිව්රීම.
    ►වී ගැන දිව්රීම.
    ►කිතුල් ගසේ දිව්රීම.
    ►දරුවන් ගැන දිව්රීම.


    රත්කළ යවටයේ දිව්රීම.

    පැමිණිළිකරු හා විත්තිකරු නියමිත දිනයේදී තෝරාගත් දේවාලයකරා පැමිණේ. සේවකයා පොල්කටු දමා, ගිනිමැලයක් අවුළුවා යකඩ අලවංගුවක් එයමතට දමයි. එය ගිනියම් වනතුරු රත් කර කෙසෙළ් කොළයක් මත තබයි. පසුව පැමිණිළිකරු හා විත්තිකරු කෙසෙළ් කොළයක් අතට තබාගෙන අලවංගුවේ දෙකොන අල්ලා නිළධාරියා නියම කරන තැනකට ගෙනයයි. අවසානයේ නිළධාරියා ඔවුන්ගේ අල්ල පරික්ෂා කරයි, අත පිළිස්සී තිබේනම් ඔහුට දෙවියන් ඉදිරියේ දඬුවම් කරයි.


    උණුතෙලේ දිව්රීම.

    දිව්රීමට පෙරදින දෙපාර්ශවයම නහවා අත් පිරිසිදු රෙදිකඩකින් ඔතා මුද්‍රාතබයි. ඔවුන්ට රැකවල් දමා ආරක්ෂා කරයි. පසුදින දිව්රීමට ප්‍රසිද්ධ දේවාලයකට රැගෙන යයි. මෙයට තෙල් එම අවස්ථාවේදීම සිඳගනු ලබයි. විත්තිකරු සිඳගත් තෙල්ද, පැමිණිළිකරු ගොම දියකළ නැවුම් බඳුනක්ද රැගෙන යයි. භාජන ලිපතබා උණුකර, දෙවියන් වැද කැකෑරෙන තෙල් බඳුනට දකුණතේ ඇඟිලිදමා ගෙන පසුව ගොම බඳුනේ දමයි. පසුදා අතේ පිළිස්සුම් තුවාල හටගෙන ඇත්තා වරදකරු වන්නේය.


    නාග මල්ලේ දිව්රීම.

    gadsden_gallery.jpg


    දෙවියන් වැද නියමිත යාතිකා කර කුඩාමුට්ටියකට නාගයෙකු දමා රන් කාසි කිහිපයක් දමයි. අනතුරුව අභියෝගය භාරගත් තැනැත්තා රන්කාසි ඉවතට ගැනීමට තැත් කරයි. නාගයාගෙන් හානියක් නොවීනම් ඔහු නිර්දෝශීවේ.


    වී ගැන දිව්රීම.

    කුඹුරු ගොවිතැනේදී ණයට වී ගෙන ඇතිවන ආරවුල් විසඳීමට සිදුකරයි. දෙපාර්ශවයම වී මල්ල බැගින් ගෙන පැමිණ දේවාලය ඉදිරියේ ණයකරු "මම කිසිදාක මොහුගෙන් ණයට වී නොගත්තෙමි, ණය ගත්තේනම් දෙවියෝ සාක්කි"
    ණයට දුන් ගොවියා "මේ වී මාගේය, මා බොරු කියන්නේනම්, දෙවියෝ සාක්කි". වී මල්ල දේවාලයේ තබා දින 14 ක් ඇතුලත දෙදෙනාගෙන් කවරකුට හෝ කරදරයක්වේ.


    දරුවන් ගැන දිව්රීම.

    වඩාත් බරපතළම ක්‍රමය මෙයයි. සොරකමක් සිදුවූවිට දෙපාර්ශවයම දේවාලයට කැඳවා තමාගේ සුරතල් දරුවා වඩාගෙන දෙවියන් ඉදිරියේ බිළිඳු හිස මත ගල් කැට 7ක් තබා මෙසේ දිව්රයි "දෙවියනි, මම මේ වරද නොකළෙමි. මම මොහුට අයත් දේ නොගත්මි. මෙය අසත්‍යක් නම් හිස මත ඇති ගල් කැට ගනනට සමාන දින ගණනකදී දරුවා මැරෙත්වා"


    මේවාට අමතරව අද සමාජයේ බුදුන් පල්ලා, දෙවියන් පල්ලා, අම්මා පල්ලා, නේත්‍රා පල්ලා, දරුවන් පල්ලා වැනි යෙදුම් දිව්රීම් ක්‍රමයේ ශේෂයන්වේ..​




    90ony9.jpg

    ~☺☺make a reply or add a rep if u like my thread☺☺~
     
    Aug 19, 2008
    11,653
    163
    0
    Sri Lanka



    චන්දෙ දිනුවෙ හොර කරල නෙමෙයි කියල
    දිවුරවන්න හොඳම ක්‍රමය මොකක්ද.

    :rolleyes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,911
    865
    113
    මම මේ කියන්නෙ බොරුවක් නම් මිගාරයාට [හිස්තැනක්... හිස්තැනක්..]

    එලකිරි මචං....