ow eth mchn 110-120 ta vitara denna puluwannam tikak loku ganak tiyaganna puluwan,
mchn ube transport denawane, itapasse ube atharamadiyava undercut karala kelinma ganudenuwa karoth atharamadiyata kela venawane ? danne nathi nisai ahuwe mchn, varadak hitanna epa..
මන් උබට මේ ප්රශ්නෙට බිස්නස් කාරයෙක් විදියට උත්තරයක් දෙන්නම්. .
දැන් ඔතන අතරමැදි ලාබේ කට් වෙන්නේ කොහොමද? ගෙන්වපු කෙනා ගානක් තියාගන්නවා එයාගෙන් අරන් තව කෙනෙක්ට දෙන කෙනා තව ගානක් තියාගන්නවා. . ඒ දෙන කෙනාගෙනුත් ගන්න කෙනා තව ගානක් තියාගන්නවා. .
ඔන්න රු 150ක් වෙන කිලෝ එක ඌ 98ට ගන්න තියෙනවනම් ලොකු ලාබයක්. . ඒත් ඔතන කොන්දේසියක් තියෙනවනේ, 98ට දෙන්නනම් හැබැයි මෙච්චර ගානක් ගන්න ඕනා කියලා. . ඉතින් කිලෝ 500 ගන්න පුලුවන් කෙනා කිලෝ 100 ගානේ එයාට ලාබයක් තියන් තව 5 දෙනෙක්ට බෙදනවා. . ඔහොමනේ බිස්නස් එක යන්නේ. .
ඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට කිසි අවුලක් වෙන්නේ නෑ මචන්. . අලුතෙන් එන කෙනාටයි අවුල වෙන්නේ. .
ෆීල්ඩ් එකේ ඉන්න කෙනා ගන්නේ 90ට වෙන්නත් පුලුවන්. . ඒ නිසා අලුතෙන් එන කෙනෙක් මාර්කට් එක ගැන හොද අද්යනයක් කරලා එන්න ඕනා. . ආහාර වර්ග කියන්නේ කල් ඉකුත්වෙන දේවල් කියලත් මතක තියගන්න ඕනා. . අනිත්දේ කිලෝ 100ද ගන්නේ ඒ 100ම එකම කොලිටි එකක වෙන්නත් ඕනා. .
අනිත් දේ ඔයා හිතන විදියට ලොට් පිටින් 110ට 120ට දෙන්න පුලුවන් කමක් නෑ. .
එහෙම පුලුවන්නම් ගෙන්වන කෙනාම ඔයටික එහෙම විකුනනවා. . එයාට එහෙම හැකියාවක් නැති නිසයි තව කෙනෙක්ව සම්බන්ද කරගන්නේ. . එකපාර ඔහොම තොගයක් ගන්න පුලුවන් කෙනෙක් කාටවත් කියලා ග්න්නගන්නෙත් නෑ එයාම ගෙන්වනවා. .
මතක තියාගන්න බිස්නස් කාරයෙක් බලන්නේ උපරිම ලාබේ ගන්න. . බිස්නස් කියන්නේ පන්සල් නෙවෙයි. .
උබ පී.එම් එකක් දාලා පැහැදිලිකරපන් කියපු නිසාමයි මන් මේ දේවල් කිව්වේ. .
සාමාන්යෙන් මම කිරියේ අය කරන වයාපාර ගැන කතාකරන්නේ නෑ. . එහෙම කතාකරාම උන් හිතනවා උන් එක්ක තියෙන ඊරිසියාවට, කුහක කමට මන් මේදේවල් කියනවා කියලා. .
මමත් බිස්නස්කාරයෙක් නිසා මට ඔය කොල වහලා ගැහිලි හොදට පේනවා. .
එකපාරකුත් වාහන ගැන කියන්න ගිහින් අහුවෙච්ච කීපදෙනෙක් මට කේස් දැම්මා. .
තමන්ට පාඩුවක් වුනත් කමක් නෑ තමන් ගත්ත දේ බාල වෙනවට සමහරු කැමති නෑ, තමන් රැවටුන බව පිලිගන්න කැමති නෑ. . තමන් රැවටිලා තමන්ව රවට්ටපු එකාවම ආරක්ශා කරන්න තරන් මෝඩයෝ ඉන්න රටක් මේක. .






