සිංහල ගීතයේ අරුත සොයමු,....

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
සිංහල ගීතයේ අරුත සොයමු,....

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..
මීවිත ඇදිරිය දෑස වසනවා...
හද පොදි බැදි දුක දිය කර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා..

සොදුරු යොවුන් විය මල් මග මුල හිද
කිම තොල මී විත පොගවන්නේ...
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරාවකින් මා දෙතොල තෙමන්නේ

නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා...
අවන්හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා...


මේ සින්දුව ලිව්වේ මහින්ද දිසානායක....සංගීතය කපුගේ ගේ...කපුගේ එක්ක දිවුල්ගනේ සින්දුව කියන්නේ....
සමාජයේ මතයක් තියෙනවා මේ සින්දුවේ අවසානයේ ආරධනාව සමලිංගික සේවනයකට කියලා..කොටින්ම කිව්වොත් මේ ගීතයෙන් කියන්නේ සමලිංගික සේවනය ගැන කියලා..

මේ ගැන ඔයාලට හිතෙන දේත් කියන්නකෝ..

සින්දුව අහන්න ඕනි නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න


http://www.mediafire.com/?jj5mirzvd3y