සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
    මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ නාඬන්

    අපට විහාරයේ දොර වී අඩවල්
    ගියාට ලොව වැරැද්දකින්
    දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
    කුමට අපි ළතැවිල්ලෙන්

    සුන්දර උයන් පෙතක..

    සසර අගාධයේ වෙරළට ඔරුවෙන්
    බලාන හොඳ පරිස්සමින්
    සරණ නොලද මල් අපි
    කටු කැලේ හැලිද්දෙන්
    ඉඳිමු හිත සැනසිල්ලෙන්

    සුන්දර උයන් පෙතක..

    සේනානායක වේරලියැද්ද




    thanks a lot thilz and welcome to this thread oya puluwnam lyrcs dala tiyna anith songs walatath downld link danna
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    දිගු දෑස දුටුවාම..
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

    රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
    තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
    හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
    ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

    දිගු දෑස දුටුවාම..//

    පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
    විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
    දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
    කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

    දිගු දෑස දුටුවාම...//

    ගායනය : රොමේෂ් සුගතපාල
    සංගීතය : රොමේෂ් සුගතපාල

    ane meka kalinma daalane...
    meka tamai mama den aasana sinduwa....
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්...

    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ...
    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ,
    අළුත් ලොවක, ඔබ සතුටින්,
    කිරුළු පැළඳුවා දෝ...

    තනි වෙන්නට...

    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ...
    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ
    සෝ ගීයකි, දුක් බර වූ,
    සැනසුම කොහි වේ දෝ...

    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්...


    ඔන්න මමත් එකක් දැම්මා...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගුණදාස කපුගේ -දොඹ මල් කැලෑවේ

    Domba Mal Kalawe-GUNADASA KAPUGE
    machan me sinduwe lyrics hayala dennakoo..loku udauwak.

    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ
    අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
    සංසාර ගිරි දුර්ගයේ

    දොඹ මල් කැලෑවේ..

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ

    දොඹ මල් කැලෑවේ..

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරිතලා
    පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා

    දොඹ මල් කැලෑවේ..


    Gunadasa Kapuge-Domba Mal Kalawe.mp3
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ඔබට වරම් නැති..

    ඔබට වරම් නැති

    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැදුනේ...

    ඔබට වරම් නැති...//

    ආ මඟ වැරදී ඔහුද ඔබද මා
    දෛවයේ තුන්මංසල හමුවී..
    බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
    කඳුලක් නැ දෙනුවන පිපුනේ...

    ඔබට වරම් නැති...//

    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය : රංජිත් රූපසිංහ
    සංගීතය : නාලක අංජන කුමාර
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මිල්ටන්,මාලිනී - සීත අරණේ

    පි: සීත අරණේ සුපුල් නාමල
    සුවඳ ගැල්වූ ජීවිතේ
    ගැ: සීත හිමගිර සීත නොදැනේ
    දැනේ උණුසුම ආදරේ

    ගැ: ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි රැකවරණය ඔබෙන්//
    පි: සදා දෝතින් මලක්සේ ඔබ
    වැලඳ ගන්නෙමි හදවතින්..
    ගැ: හදවතින්...

    සීත අරණේ...

    ගැ: වළාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ලඟයි//
    පි: මහා කතරෙක ගෙවූ තනි මග
    නිමා කල ඉම ඔබ නෙතයි..
    ගැ: ඔබ නෙතයි...

    සීත අරණේ...

    Milton Mallawarachchi,Malani Bulathsinhala-Seetha Arane.mp
     
    • Like
    Reactions: shenoxxx

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැ‍ඟෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන...

    වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින...

    නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන...

    ~ගුනදාස කපුගේ~

    :):)
    පි: සීත අරණේ සුපුල් නාමල
    සුවඳ ගැල්වූ ජීවිතේ
    ගැ: සීත හිමගිර සීත නොදැනේ
    දැනේ උණුසුම ආදරේ

    ගැ: ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි රැකවරණය ඔබෙන්//
    පි: සදා දෝතින් මලක්සේ ඔබ
    වැලඳ ගන්නෙමි හදවතින්..
    ගැ: හදවතින්...

    සීත අරණේ...

    ගැ: වළාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ලඟයි//
    පි: මහා කතරෙක ගෙවූ තනි මග
    නිමා කල ඉම ඔබ නෙතයි..
    ගැ: ඔබ නෙතයි...

    සීත අරණේ...

    Milton Mallawarachchi,Malani Bulathsinhala-Seetha Arane.mp
    ඔන්න බාගත්තා:cool:
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    එල මචං..නියම වැඩක්..පුලුවන්නම් පදවැල් එක්කම සින්දුව download කරගන්න link එකක් හරි.. youtube එකක් හරි දාන්න :D

    mekanam niyama wede,,, mokada lankawe song ekak hoyanwa kiyana eka patta maruith ekka neh :#
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හෙමින් සැරේ පියා විදා..//
    සුමුදු සයනේ සිනිදි ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    .........................................

    මලක් නම් එය මලක් උව මැන
    සිනිදු සුකුමල....රුවෙන් සරසන
    විලක් නම් එය විලක් උව මැන
    නීල ඉදුවර ......දියෙන් උපදින
    ..................................

    නැවුම් වත්සුනු රොනින් මත්වී
    සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි
    සිහින හදකින් මහද අමතයි
    මුදා හැරදා...කවුලු සිරියහනේ
    .................................
    හෙමින් සැරේ පියා විදා......

    සුනිලා අබේසේකර සහ ටි.එම් ජයරත්න:yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කදුලු කථාවේ නිමක් දුටුව දා
    සිහින ලතාවේ මලක් පිපුන දා...//
    සතටු ගඟක් ගැලුවා
    හදට හදක් බැදුනා

    ආසිරි චාමර පවන් සැලී
    සෝ දුක් සංකා සෙමින් මැකී
    දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
    අපේම ලොව අපි තනිවූයේ

    .......................................

    සුසුමක පාකර හසුන් යවා
    දෙතැනක තනිවී හඩා දොඩා....//
    ගෙවුනු අතිතෙන් අපි සමු ගන්නෙමු
    අලුත් ලොවක රන් කිරුලු දරා

    පන්ඩිත් අමරදේව
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඒදා මෙදා තුර කදුලට විවරවූ
    දෑස් පියන්පත් කවුලු වසා
    ලයේ ගලා ගිය සෙනේහයේ සුව
    සිනා පිරූ රත් දෙතොල් පියා
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා................
    දෑත් ලයේ බැද අවසන් ගමනට
    සොදුරිය මට නොකියාම ගියා
    .............................................

    දෑස් කවුලු පත් පලා කදුලු කැට
    වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත කවුරුවත් වෙතත් හිතත් මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
    ඔබෙ මුව දොවතත් සුවද පැනින්
    මාත් මගේ සිතටත් ඔබ සුවදයි
    ඈත් නොවේමැයි ඒ සුවදින්
    ........................................

    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට නැගි
    ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොදුරිය ඔබ නැත
    ඇයි මෙ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන්
    වී අප ඉපදෙමු එකට ප්‍රියේ

    ...............................
    :(:(:(:(:(:(:(:(:(:(

    ගායනය-සනත් නන්දසිරි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
    දරුනු වෙන්න එපා කියලා දරුනු නොවී කිවා
    මා........... ආදර මගෙ අම්මා
    මා........... ආදර අම්මා
    ඇගේ ආදර ලේ කිරි මම රසකර කර බිව්වා
    මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා
    මා...............ආදර මගෙ අම්මා
    මා...............ආදර අම්මා
    ..................................

    කදුලු බින්දු හංගා මට සුරසැප දුන්නා
    රසමසවුලු මට දීලා ඇය නොකාම උන්නා
    දරු සෙනෙහස හින්දා අපමන දුක් වින්දා
    දුක් කරදර ඇය විදගෙන මට සුවයම දුන්නා
    මා...........ආදර මගෙ අම්මා
    ..................................

    යන එන තැන විමසා මා පසුපස උන්නා
    හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිව්වා
    නිවැරදි මග පෙන්වා ගුරුහරු කම් දුන්නා
    ඔබට තියන නය ගෙවන්න සසරම මදි අම්මා
    මා................ආදර මගෙ අම්මා
    .............................................

    ගායනය-චාමර විරසිංහ

    download
    Click
     
    Last edited: