සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අතීතය සිහිනයක් පමණයි - කරුණාරත්න දිවුල්ග&#3505

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවදක් නෑ...
    එදා සෙනෙහෙන් නොබැදුනානම්
    මෙදා වියොවක් නෑ...

    තැනු මන්දිර බිදී වැටුනට
    නෙතේ කදුලක් නෑ...
    සිනාසෙන්නට වරම් නොලදත්
    හිතේ කිළුටක් නෑ...

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ...
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිණුමක් නෑ...
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    දුරස් වන්නට මේ ලෙසින් - දයාරත්න රණතුංග

    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුනේ...
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ...


    අත්වැල් බැදගෙ‍න මං මාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද...
    පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
    ඔබ හිනැහුණු ඒ කාලය මතකද...

    අනාගතය ගැන අහස් මාලිගා
    අප දෙන්නා මැවු කාලය මතකද...
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ලගින් හුන් කාලය මතකද...
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි

    කතරෙ වැලිකැට හිරුට පෙම්බැද – ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට වියළි කතරක් – ආදරේ පණ මෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගේ මනරම් – කරනු බැරි තහනම්

    සදුට සදහ‍ට සෙනේ පෑ මුත් – උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම් – පුදුම වෙයි නුඹ නම්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    exam ඉවරයි..,
    ඉතින් ආයෙමත් දිගටම මගේ හද රැඳී ගී මෙතන පල කරන්න පුළුවන්..!

    ඒ වගේම මහේෂ් අයිය වගේම අනික් එළකිරි සාමාජිකයිනුත් දීපු rep වලට ස්තුති කරනවා...
    ඒත් එක්කම මහේෂ් අයියගේ post 9000 ටත් සුභ පතනවා...

    ජය වේවා!!!!
    ah thanks malli:rolleyes:
    ela ela digatama songs danna:P
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    ....................................

    නිල් තන පලසෙ ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි.......//
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    .............................

    නෙත කදුලින් හස කැනින් මුවාකල
    සොදුරු පැතුම් පුරවා මනමත් කල........//
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දයාබර
    මා හැදු පාසල් මවුනි දයාබර
    ..............................

    ගායනය-සෝමතිලක ජයමහ සමග නීලා වික්‍රමසිංහ
    Ela
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන.මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක්.ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ.දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා.පොඩියට සුදු කොඩියකුත් පේනවලු.මහා විලාපයකුත් ඇහෙනවලු.ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී ඒ පැත්තට ගිහින් බැලුවාලු දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු.

    ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්.ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා.ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන.මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී..සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ.චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන ලෙසින්....


    SOURCE : YOUTUBE

    මහරගම තිබ්බ සඩකඩ පහනට ඈවිල්ලා සුනිල් එදිරිසිOහ මහත්මයා නම් කිව්වේ ඉට වෙනස් කතාවක් දුව තාත්තටත් කියන්නෑතුව පෑනල ගිහිල්ලා ඒක නිසා තත්තා දුකෙන් බලන්න ඉන්නව.

    මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
    පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ

    මෙ ටිකෙනුත් තෙරෙනව දුව තාම ඉන්නව කියල
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අපෙ හැඟුම් වලට - වික්ටර් රත්නායක

    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්..
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..
    හඳ පානේ.. මඳ අඳුරේ..
    අත් පටලා යමු ආයේ..
    අත් පටලා යමු ආයේ..

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී..
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී..
    අවුදින් හෙමින් රහසින් මුමුනා..
    හඳ පානේ මඳ අඳුරේ..

    හිරකර හසරැල්ලෙන් හැඬුම්..
    අපි හිනැහෙමු සපුරා පැතුම්..
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්..
    යමු වෙන්වී හිමිදිරියේ..
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මා ලඟට එන්න... - රෝහණ වීරසිංහ

    මා ලඟට එන්න... තව ඩිංගක් මා ලඟට එන්න...
    මා ලඟට එන්න... තව ඩිංගක් මා ලඟට එන්න...
    එතකොට මට පුළුවන්...
    ඔබ වැළඳ ගන්න...
    ඔබ වැළඳ ගන්න...

    හා හිනා වෙන්න... තව ඩිංගක් හා හිනා වෙන්න...
    හා හිනා වෙන්න... තව ඩිංගක් හා හිනා වෙන්න...
    එතකොට මට පුළුවන්...
    කිති කවා ගන්න...
    කිති කවා ගන්න...

    හාදුවක් දෙන්න... මගේ නළලට හාදුවක් දෙන්න...
    හාදුවක් දෙන්න... මගේ නළලට හාදුවක් දෙන්න...
    එතකොට මට පුළුවන්...
    හිත හදා ගන්න...
    හිත හදා ගන්න...
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අඩවන් දෑසින් පවසනු රහසින්... - වික්ටර් රත්නා&#

    අඩවන් දෑසින් පවසනු රහසින්...
    ජීවිතයේ රස මේ යැයි විගසින්... //

    පමා වෙවී හිඳිනට නැත වේලා...
    කාලය ඉගිලී යයි ඉගිලී යයි... //
    සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා //
    මීවිත උතුරා යයි උතුරා...

    අඩවන් දෑසින්...//

    අවුල් දුහුල් වල සිහිල් පහස මැද...
    රඟනා රංගන නොනවත්වනු මැන...
    ඒ ගී හඬ මුළු ජීවිතයම සතු...
    රසබර සුළු මොහොතයි සුළු මොහොතයි...
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ... //
    හෙට දින එය මිය යයි මිය යයි...

    අඩවන් දෑසින්...//
     

    Bravo-02

    Member
    Jan 17, 2012
    1,508
    483
    0
    මෙ උයන් තෙරේ මෙ තුරු සෙවනෙ
    ඔබේ කතා මට තවම ඇසෙ
    මේ නදී තෙරේ මේ අඩි පාරේ
    ඔබේ සිනා මට තවම පෙනෙ
    ................................

    ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
    නැ ඉඩක් යලිත් සදා අන් සිතක් කෙරේ
    අතර මගක මා දමා තනිව මේ ලොවේ
    කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ

    ...............................

    අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
    නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ
    යලිදු ඔබ එතැයි පතා හිදිමි ඒ ලොවේ
    කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ
    .............................
    ගායනය-නිර්මලා රණතුංග

    එළකිරි මචෝ :yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩන්නෙ ඇයි සුදු මැණීකේ

    අඩන්නෙ ඇයි සුදු මැණීකේ
    කියන්න පන මාගේ
    හෙලන්නෙ ඇයි කදුලැල්
    ආදර නිල් මිනි දෑසේ
    ..........//

    ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ
    සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුනේ
    කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
    ප්‍රියාවි රැක ගන්නම් හද බල කොටුවෙහි මාගේ
    පරාජයට ඉඩ නෑනෙ අපි දෙන්නගෙ ප්‍රේමේ
    දිනන්නේ ඔබ හින්දයි යන යන තැන මා ලෝකේ

    ............

    මැණිකේ සුවද මලයි පිපි බාදක කටු අකුලේ
    සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
    දිලෙන්නෙ එක තරුවයි සද වටකර පෙම් ලෝකේ
    සද මැණිකේයි මම තරුවයි පායන රෑ අහසේ
    :love:
    H.R ජෝතිපාල
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නැති උනු ආදරයක් වෙනුවෙන්

    නැති උනු ආදරයක් වෙනුවෙන්
    හෙලන සුසුම් තනි හදක රැදි
    වෙන් උනු හදවත් එකිනෙක අමතා
    කියන කතාවයි මේ
    සුදෝ........... මම ආදරෙයි.....//

    සිතින් පලාගිය එක් ආදරයක්
    දිහා කදුලු පිරි නෙතින් බලා
    ඉන්නා අතරේ තව ආදරයක් වෙත
    වෙත හදවත් දොර විවර කරා
    සුදෝ........... මම ආදරෙයි.....//

    ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
    ඒ ආදරයට ඉඩ දෙන්න
    පාලු හදවතට සෙනෙහස පුදනා
    මේ ආදරයට ඉඩ දෙන්න
    සුදෝ........... මම ආදරෙයි.....//

    සෙනෙහස ඉතිරුන ඒ ආදරයයි
    සෙනෙහස අයදින මේ ආදරයයි
    කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
    ඔබට මම ආදරෙයි ඔබටත් ආදරෙයි
    ඔබට මම ආදරෙයි .......ඔබටත් ආදරෙයි

    සුජාතා අත්තනායක:(
     

    HRD

    Member
    Aug 5, 2010
    69
    2
    0
    macho,, mata niranjala sarojinige " La Sada Eliye" sinduwa thiyenawanam ewanawada ? MP3 EKAK. BAGANNA LINK EKAK DUNNOTH LOKU DEYAK
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සොදුර නුබ ලිහිනියකි රැයේ අදුරට හඩන

    සොදුර නුබ ලිහිනියකි
    රැයේ අදුරට හඩන
    මමද ලිහිනියෙකු වෙමි
    කැඩුනු තටු පිරි මදින....

    අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
    සිදී ගිය ගග දෑල හැර දැමුවේ කවුද
    සදට දොස් නොකියන්න සද කුමක් කරන්නද
    බාල වයසින් මැරුන ප්‍රේමයකි තරු එලිය

    කටුක දුක් විරහ මැද අතර මං වී ගියද
    අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
    කියාදෙමු පියබන්ට අපි අපේ පැටවුන්ට
    නිදහසේ තටු ලැබුන කුරුල්ලන් වී දිනෙක

    ගුණදාස කපුගේ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මලක් වෙලා ඔබ පිපෙන්න - සුනිල් එදිරිසිංහ

    මලක් වෙලා ඔබ පිපෙන්න - ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න - සෙනෙහසින් පිරී යන්න

    ප්‍රේමයේ රස කල්පනා - හදවතේ තව මවා දෙන්න
    නැවුම් සඳක් වී මල් මාවතේ
    මුතු සලා ඔබ සිනාසෙන්න

    මා නෙතේ සුව සිහිනයේ - මේ ලෙසේ ඔබ රැදී ඉන්න
    පවන් රොදක් සේ මා ළඟ රැදී
    ජීවිතේ දුක නිවාලන්න