සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ගහකොළ මල් කඳුවැටි - වික්ටර් රත්නායක

    ගහකොළ මල් කඳුවැටි
    නිසොල්මනේ අසා සිටිනවා
    අපේ පෙම් පිළිසඳරේ
    රස වෑහෙන සිලෝ ගීතිකා - රහසේ
    දෑස්වලින් කතා කරමු - දෑස්වලින් රහසේ

    රන් දුනුකේ මල් මුවරද
    දෙතොල් විතේ රැුඳී දිළේ
    රැුයේ අඳුරේ ඒ මීවිත මටයි
    එවිට ඔබට කතා නෑ - රහසේ
    දෑස්වලින් කතා කරමු - දෑස්වලින් රහසේ

    සීගිරියේ පෙම් සිරිසර
    නිසල ලෙසින් ගල් අරඹේ
    ඔබේ සෙවණේ මා ගී හඬ ගොළුයි
    මුවට වදන් මතක නෑ - රහසේ
    දෑස්වලින් කතා කරමු - දෑස්වලින් රහසේ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ගගක් සේ ඔබ ගලා ඒ නම් - කරුණාරත්න දිවුල්ගනේ හ&a

    ගගක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමු වෙන්නම්
    මලක් සේ ඔබ පෙති සලයි නම්
    පවන් රළ වී ඔබව සිප ගන්නම්

    පලා පැහැයෙන් දිදුළ කඳුවලියේ
    අතුළ පිණි මතුයේ
    සඳක් සේ මම ඔබට දැල් වෙන්නම්
    ඔබේ කඳුළැලි පෙමින් පිසලන්නම්

    දෑස රවටන මිරිගු දිය තලයේ
    වැටෙන උණු කඳුළේ
    අරුත වී මා ඔබේ ළග ඉන්නම්
    මිරිගු දිය මැඩ කෙම්බිමක් වෙන්න​
     
    Last edited:

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා - නාරද ද&#

    පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
    වරෙන් වරෙන් සුළන් පොදක් අපේ ඇෙඟ් ගෑවිලා
    කාගෙත් කාගෙත් පින් පල දීලා
    කාටත් කාටත් දෙයියෝ දීලා
    පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා

    අසව් අසව් කොයි කාටත් රස පණිවුඩයක් ගියා
    රෑණ ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා

    පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
    වරෙන් වරෙන් සුළං පොදක් අපේ ඇගෙත් ගෑවිලා
    දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
    අපටත් දවසක හඳ පායනවා
    එදා අපිත් මල් පැණියෙන් නානවා

    අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලා
    වරකා ගහේ මී බැඳලා පැණි වරකා මෝරලා

    කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා
    හෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ ප්‍රේම කතා නවතා මොහොතක්

    පි-මේ ප්‍රේම කතා නවතා මොහොතක්
    අපි අවට බලමු ඇස් ඇරලා
    ගැ-නැති බැරි කම හතර අතේ
    පාවෙනවා සුලග වගේ

    පි-නැති බැරි කම ජයගන්නට
    වෙර දරනා මිනිස්සුන්ට
    ගැ-අපි දෙන්න ඔරුවක්
    වෙමු ජීවන ගග පැද යන්නට

    පි-අවුල් තැවුල් පිරුනු ලොවක
    අසරන වු මින්ස්සුන්ට
    ගැ-අපි දෙන්න පලසක් වෙමු
    දෙපිය නගා ඇවිදින්නට

    එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැල්වූ පහන් දැල්වී තිබේවා

    පි-දැල්වූ පහන් දැල්වී තිබේවා
    ගැ-සුන්වූ පැතුම් දලුලා වැඩේවා
    පි-ලංවූ හමුවී තිබේවා
    ගැ-වෙන්වූ නුවන් කදුලින් මිදේවා
    ...........

    පි-විරහෙ හදින් ගලන් දුක් වේදනාවන්
    සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
    ගැ-නොබිදි නිර්මල ප්‍රාර්තනාවන්
    පෙම්වත් ලොවක් අරුණු අහසේ දිලේවා

    දැල්වූ පහන් දැල්වී තිබේවා......

    ආ.............ආ......................................
    ආ..............ආ....................................

    ලක්ශ්මන් විජේසේකර සහ චන්ද්‍රලෙඛා පෙරේරා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබට වරම් නැති මටද වරම් නැති

    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැගව ගියේ
    ඉවත ගලා ගිය කදුලක් දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ

    ඔහුට පුදන්නට පුජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලදුනෙ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවද කොහේ කොතැනද රැදුනෙ

    ඔබට වරම් නැති මටද වරම් නැති

    ආ මග වැරදී ඔහුද ඔබද මා
    දෛවයේ තුන්මන්සල හමුවෙ
    බලා හිදිනු මිස හඩා වැටෙන්නට
    කදුලක් නැ දෙනයන පිපුනේ

    කරුණාරත්න දිවුල්ගනේ:no:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සමාව දෙනු මැන සමාව දෙනු මැන

    සමාව දෙනු මැන සමාව දෙනු මැන
    වරදක් වූවා නම්
    සිත රිදවන්නට ඔබ හඩවන්නට
    සිතුවේ නැත මා නම්
    ..........

    විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා අව්වෙ වැහි පින්නේ
    කිරි දරුවෙකු මෙන් උනුසුම් වෙන්නයි ඔබ වෙත මා එන්නේ
    ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගෙසිත් සුවපත් කරලා
    කොතැනක යන්නද කාට කියන්නද අත් දෙක දිගු කරලා

    ඔබ මගෙ හදවත් කුසුම පුබුදුවා ඔය පා මුල රන්දයි
    කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරෙ වැඩි හින්දයි
    ඔබ මගෙ හදවත් කුසුම පුබුදුවා ඔය පා මුල රන්දයි
    කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරෙ වැඩි හින්දයි

    මිල්ටන් මල්ලවාරච්චි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන

    සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන
    .........//

    වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

    සබද අපි...........

    නපුරු හීනය නොවෙමු ලමුන් නිදි සුව බිදින
    සොදුරු අඩහැරය වෙමු ගනදුරෙන් උන් මුදන

    ගුණදාස කපුගේ
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1tjvic.jpg

    repost wenna athi...sorry ehenam
     
    • Like
    Reactions: maheshsenadheera

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    නුඹේ නමින් මා දුක් වී - වික්ටර් රත්නායක

    නුඹේ නමින් මා දුක් වී ගොතනා කවිවැල්
    නුඹට සොඳුරු ගීතයක් ය සලනා රසු දැල්
    උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල්
    නුඹට සිහිල් පැන් බිඳක් ය වඩනා මන ලොල්

    මා හැරගිය දුකින් තැවී
    නුඹට සාප කරනු බැරී
    නුඹේ නපුරු කමට කිපී
    හිතේ වෛර බඳිනු බැරී

    නිදි නැති රෑ දෑස තෙමී
    මතක සුවඳ වැළඳ ගනී
    මා තනිවුණු අයුරු පෙනී
    නුඹ සැනැහෙන් මට හිනැහී