සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල - නීලා වික&#82

    මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
    සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
    නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
    තේමා ගීතය එක්ව ගයන්නට

    වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
    වන මල් දහරින් මාල ගොතන්නම්
    පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
    තුරු සෙවනැල්ලක මල් අතුරන්නම්

    ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
    පාරාදීසය මෙහි පිරී ඇත
    මානවිකාවෙනි හෙට හිරු කිරණට
    ටිකිරි සිනාවක් මුසු කරලනු මැන
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    කෙදිනද කූඩු තනන්නට එන්නේ - නෙරංජලා සරෝජින&#353

    කෙදිනද කූඩු තනන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනි වන්නේ...

    බිඳුණු සෙනේ දළු ලියලාලා දිවි
    වනපෙත ඒකාලෝක කරේ
    මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
    දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනි වන්නේ...

    දෙපය දොවා පිනි දිය දෝරේ පිය
    බිරිඳක වූදා නේද අගේ
    මා හිස සිඹ දොඩනා කතන්දර
    රසමසවුළු සුවදෙහි තුඩ තබනට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනි වන්නේ...
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ

    දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ
    ඇගිලි තුඩින් අතගගා ඉගෙන ගන්නෙ මා

    භූගෝලෙ ඉතිහාසේ ඉගෙන ගන්නෙ මා
    දෑස පේන ලමයි වගේ ගනන් හදමි මා
    ............

    අම්මලා අක්කලා බලාගන්නෙ මා
    අයියලා නංගිලා බලාගන්නෙ මා
    දෑස පේන ලමයි වගේ බලාගන්නෙ මා
    ............

    අසරණ කම දැනුන විටදි සුසුම් නැගෙනවා
    පුංචි පුංචි කතා කියා හිත සනසමි මා
    ............

    ඇන්ටන් රුද්‍රිගු:(
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
    පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

    සාමා අමර විකුණති බස් පොලේ කජු
    කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

    රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
    සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
    ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
     
    • Like
    Reactions: maheshsenadheera

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    ඔබ ඈත සඳ වී පායා..
    මම මෑත තරුවක පිපිලා..
    මේ නිසල රැයේ ලොව නිදනා..
    මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..
    ...
    අප දුරින් දුරක වුව තනියේ..
    නෙත් සරින් පමණි හමුවූයේ..
    ඒ ඈත් බවිනි හද අඳුරේ..
    සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

    මධු සඳ තරුවද හමුවීලා..
    සිටියද ඔබ මා ළංවීලා..
    ඒ දුරක එදා අප පිපිලා..
    තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    සිතුවිලි සිරවී හදවත පතුලෙන්
    ඉකිබිද වෑලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ

    මිලාන වු මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබෙයි මගෙයි ලොව කදුලු දකී
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මා අදරේ මුලු ලොවටත් වඩා
    මා කටවත් නෑ එලසින් කියා
    සබෑවින් මේ වගේ....

    මට ලබුනා මුල් අදරේ දුරකතනෙන් ඈමතු වෙලේ
    ඔබ හදුනා ගත් ඒ දිනේ සේයා මෑවේ
    මතකේ තියේ මගේ අදරේ නොහෑගේවී දෝ


    මා අදරේ මුලු ලොවටත් වඩා
    මා කටවත් නෑ එලසින් කියා
    සබෑවින් මේ වගේ....

    හසරෑල් මෑවුනා මා සිතේ
    සෙවනෑල්ලක් සේ ජීවිතේ
    ඔබ ආදා මල් මවතේ සෙයා මෑවේ
    මතකේ තියේ මගේ අදරේ
    නොදෑනේවිදෝ....

    මා අදරේ මුලු ලොවටත් වඩා
    මා කටවත් නෑ එලසින් කියා
    සබෑවින් මේ වගේ....
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    ඔබ එන්න සුලගේ දෑවටිලා
    මා ඉන්නේ ඔබ දෑන් එයි කියා
    සුදු හන්ස තටුවේ සෑතපිලා
    පෙම් කරමු රහසේ සෑගවිලා

    ලබෑදියේ ලබෑදියේ මා සිතින්
    සිරකලා ලබෑදියේ ලබෑදියේ.....
    ලබෑදියේ ලබෑදියේ මා සිතින් පෙම් කලා

    නා දල්ල වාගේ දිදුලනා
    මුතු හාදු වෑස්සෙන් මා තෙමා
    ඔය දෙතොල් අතරේ සිර වෙලා
    මට ඉන්න ඈත්නම් තනි වෙලා

    ලබෑදියේ ලබෑදියේ මා සිතින්......

    කිරි කවඩි මාලේ මා ගොතා
    ඔය ගෙලේ පලදා හෑඩ බලා
    මා විද සතුටේ නිම්සොයා
    ඔබ යන්න සුලගේ අප දමා

    ලබෑදියේ ලබෑදියේ මා සිතින්......
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැල්වූ පහන් දැල්වි තිබේවා

    මා වෙනුවෙන් අපෙ සස්ලිට් සහෝ එලකිරි රේඩියො එකෙන් ප්‍රචාරය කරපු සුන්දර ගීතයම අද දාන්න හිතුනා මට සුභපතපු හැමෝටම ස්තුතියි

    දැල්වූ පහන් දැල්වි තිබේවා
    සුන්වූ පැතුම් දලුලා වැඩේවා
    ලංවූ ලවන් හමුවී තිබේවා
    වෙන්වූ නුවන් කදුලින් මිදේවා

    විරහේ හදින් ගලන දුක් වේදනාවන්
    සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
    නොබිදී නිර්මල ප්‍රාර්තනාවන්
    පෙම්වත් ලොවක් අදුරු අහසේ දිලේවා

    දැල්වූ පහන් දැල්වි තිබේවා..........

    ආ.............ආ.........................ආ........:love::love:

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මා වෙනුවෙන් අපෙ සස්ලිට් සහෝ එලකිරි රේඩියො එකෙන් ප්‍රචාරය කරපු සුන්දර ගීතයම අද දාන්න හිතුනා මට සුභපතපු හැමෝටම ස්තුතියි

    දැල්වූ පහන් දැල්වි තිබේවා
    සුන්වූ පැතුම් දලුලා වැඩේවා
    ලංවූ ලවන් හමුවී තිබේවා
    වෙන්වූ නුවන් කදුලින් මිදේවා

    විරහේ හදින් ගලන දුක් වේදනාවන්
    සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
    නොබිදී නිර්මල ප්‍රාර්තනාවන්
    පෙම්වත් ලොවක් අදුරු අහසේ දිලේවා

    දැල්වූ පහන් දැල්වි තිබේවා..........

    ආ.............ආ.........................ආ........:love::love:

    :oo::oo:
    11.gif
    11.gif
    11.gif
    එල එල මචන්... ජයෙන් ජයම හිමිවේවා..!!!1
     
    • Like
    Reactions: maheshsenadheera

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සුභ මංගලම් - චන්ද්‍රලේඛා පෙරේරා

    සුභ මංගලම් සුභ මංගලම් සුභ මංගලම් මේ දිනේ...
    යුග අත් බැදී යුවතීපතී.., සෙනෙහස් ලතාවේ වෙලී...
    උතුරා පිරේ වාසනා...

    කුමුදාකරේ පිපෙන කුසුමක් ලෙසේ අද රෑ පුරා සීතලේ...
    පතුරා සුගන්දේ මිහිරේ නිබන්දේ හසමාන පැතුමන් පිරී...
    අද මෙන් හෙටත් ආදරෙන්...

    කඳුලේ සිනා වේද දුක හා සැපේ දිරිමත් සිතේ සාදරෙන්...
    රන්රස ලෙසින්ම සම්පත් පිරෙන්න එක සේම දිවිමං තලේ...
    එක අත්තෙ මල් මෙන් පිපී...​

    ඔන්න අලුත බැඳපු ජෝඩුවට මං ගානේ පොඩි මෙව්වා එකක්!!! :lol::lol::lol::lol::lol:
    සුභ විවාහ දිවියක් වේවා අයියේ!!! ජයෙන් ජයම වේවා!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුභ මංගලම් සුභ මංගලම් සුභ මංගලම් මේ දිනේ...
    යුග අත් බැදී යුවතීපතී.., සෙනෙහස් ලතාවේ වෙලී...
    උතුරා පිරේ වාසනා...

    කුමුදාකරේ පිපෙන කුසුමක් ලෙසේ අද රෑ පුරා සීතලේ...
    පතුරා සුගන්දේ මිහිරේ නිබන්දේ හසමාන පැතුමන් පිරී...
    අද මෙන් හෙටත් ආදරෙන්...

    කඳුලේ සිනා වේද දුක හා සැපේ දිරිමත් සිතේ සාදරෙන්...
    රන්රස ලෙසින්ම සම්පත් පිරෙන්න එක සේම දිවිමං තලේ...
    එක අත්තෙ මල් මෙන් පිපී...​


    ඔන්න අලුත බැඳපු ජෝඩුවට මං ගානේ පොඩි මෙව්වා එකක්!!! :lol::lol::lol::lol::lol:
    සුභ විවාහ දිවියක් වේවා අයියේ!!! ජයෙන් ජයම වේවා!!!
    11.gif
    11.gif
    3.gif
    3.gif