සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Indrachapa Liyanage.....

ජයටැම් කරා අබිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා..
රුපු තෙද බිඳා සුරුකුම් දරා
සිංහයන් නමින් දිවුරා..
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුළු ලෝකයක් පරදා..
සියවරක් නොව දසවරක් තව
මේ දේශයම දිනේවා!

නිලඹර පුරා ඇඳි රූ රටා
මැවූ ජය ගී අද නුඹේ..
වංකගිරියෙන් හමනා සුලඟේ
රැඳුනු ගී අද නුඹේ..
අසනි වැසි හඬගා හඬද්දී
පෑයුවා හිරු සේ..
නුඹේ නමින් මේ යදින්නේ
ජය පතා දේශයේ..

දේශයේ ජය කොඩි දරා
මේ සක් සියක් සේනා..
ඔද වැඩූවද සංතොසින්
සෙණෙවියන් නුඹයි රකිනා..
සිංහයන් නම් පෙළහරින්
නෙක හරඹයන් මවලා..
සකි සඳේ හේ පවසම් මෙසේ
දිනවම් අපේ ලංකා..

සිංහයෝ..සිංහයෝ..//

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
T.M Jayarathne...........

රාත්‍රිය උදා වුනා..
නින්ද ඇයි නොඑන්නේ..

ඔබ හමුවූ දා පටන්..
මා හදවත අවදියෙන්..
රැය පහන් වෙලා යයි..
නොවී නිදි දැහැන්..

ඔබ අවුදින් සිව් දිගින්..
මා දෙනෙතේ දැවටෙමින්..
සිත තැවුල් මවාලයි..
පුරා රැය නිතින්..

රාත්‍රිය උදාවුනා..
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
T.M Jayarathne.......

පියුම් නීල විල උපන් ලියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ..
නෙතු කැලුම් වැඳී මගෙ හිත දුකෙන් රිදේ..
සිඳංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී..
වසන්ත කතාව කියන්න කෝමළ සිනා පොදින්..

ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා..
සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ..
මා හා රෑ පානේ..

ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නූපුරයේ..
ජීවනයේ රන්වන් පෙම් අරණේ..
ආදර ගී වරුනේ..

පියුම් නීල විල උපන් ලියේ..
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මුවගින් සිනා සුනා
    නෙතගින් කතා කලා
    සෙනෙහේ ගොඩක් වෙලා
    සිතගේ නිදන් වුනා

    පෙම්බරී මා ලගින් සීරුවෙන් කෝලයෙන්
    සිත පුර දුව යමින් හැඩ කලා ආදරේ….

    පපුතුරට බර වැඩි නිසා
    ඔබ යද්දි දුර ඇවිදලා…..
    නෑ තවත් ඉවසුම් කියා
    සුසුමකින් ගිනි පිට කලා…

    පෙම්බරි මා ලගින්...

    සිත් ඉමට ඔබ ලන් වෙලා
    මතකයට අරුතක් ගෙනා…
    හෑමදා මගේ වී ඔයා
    යමු ඈත දුර පියබලා…

    පෙම්බරි මා ලගින්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මුවගින් සිනා සුනා
    නෙතගින් කතා කලා
    සෙනෙහේ ගොඩක් වෙලා
    සිතගේ නිදන් වුනා

    පෙම්බරී මා ලගින් සීරුවෙන් කෝලයෙන්
    සිත පුර දුව යමින් හැඩ කලා ආදරේ….

    පපුතුරට බර වැඩි නිසා
    ඔබ යද්දි දුර ඇවිදලා…..
    නෑ තවත් ඉවසුම් කියා
    සුසුමකින් ගිනි පිට කලා…

    පෙම්බරි මා ලගින්...

    සිත් ඉමට ඔබ ලන් වෙලා
    මතකයට අරුතක් ගෙනා…
    හෑමදා මගේ වී ඔයා
    යමු ඈත දුර පියබලා…

    පෙම්බරි මා ලගින්...
    11.gif
     
    • Like
    Reactions: conqureshadow

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කවුළු පියන්පත් වහන්න සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවෑළි තලාවේ
    කවුළු පියන්පත් වහන්න සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවෑළි තලාවේ

    විලක දුරක මල් පිපුනේ අපට නොවේමෑයි
    ඔරු පාරු ඈවිත් බළායාවි විල්දිය ගෑඹුරුයි
    මල් සුවඳ පුරා ඈදී යන්නේ බඹරුන් කෝමෑයි
    සඳළු තලාවට පෑල්පත දුර නම් බෝමෑයී

    කිරි සිනා සලන සඳවත අහසෙම රෑදුනාවේ
    ඉඟිමරන තරු කෑලුම් අහසට නොම පෙනුනාවේ
    හිත ඈත අරන් යන විමනේ සඳළු තලාවේ
    කවුළු පියන් වසනු මෑනවි නෙතුකෑන් හමුවේ

    කවුළු පියන්පත් වහන්න.....
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හිනා අමතකව ගිය මගේ හීනය..

    තියා අතීතය මා ලග
    පියාබා ගියාවද ඔබ
    පුරවි කිරිල්ලී

    හිනා අමතකව ගිය මට
    හීනයක්ද තාමත් ඔබ
    කියන්න දේවී

    තියා තෙපුල් වී
    ඔබ දුන් හාදු පමනිඉතිරි උනේ පෑමිනි ඉසව්වේ
    ඈවිලෙන සාන්කාව විතරද මට තනි රෑකුවේ
    පාලු කෑදෑල්ලේ

    හදේ ගෑබුරු ගෑබ
    ඔබ උන් තෑනින් නෑගුනු දුකට වඩා දුකක් නෑ ලෝවේ
    ඉකිලන වේදනාව විතරද මට ඉතිරි උනේ
    මතක කොදෙව්වේ


    -කපුගේ-
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    ප්‍රේමය පුද දී අවසානයි
    ඔහු සතු වී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න
    තහනම් සෙවනින් යන්න

    පරාජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුඹ වාගෙම ඈතයි
    තහනම් සෙවනේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න...

    එක වදනක් පවසන්නම්
    එය හදවත හඬවයි නම්...//
    මා වෙනුවෙන් නොහඬන්න
    ජීවිතයට ‍ඉඩ දෙන්න...

    ඔය කී ලෙස මතු ඉන්න
    දිවුරුම් නම් බැ දෙන්න...

    ප්‍රේමය පුද දී...//

    ආදරයක් තියනව නම්
    දෙනෙතින් පිළිතුරු දෙන්නම්
    මට නොපෙනී පිට වෙන්න
    නොහදුන කෙනෙකුන් වෙන්න

    ගතගෙන යන්නම් දුරක
    සිත නම් බැ ගෙන යන්න...

    ප්‍රේමය පුද දී...//
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ
    මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ

    තනියහනේ නෙත නිදි නොහිම්නා
    මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
    කවියක් සේ සුළඟට ගියාදෝ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ

    තහනම්දෝ ප්‍රේමය නපුරු
    මං මුලාවී පෙම් මග පෙනෙන්නෑ
    කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ..
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වැටෙන් එහා මල් පදුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ
    මිලිණ වුනත් ගන අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්

    සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන්
    නොවසා ඇති දො‍ර කවුළු තුලින්
    සුවඳ දිදී තිබුනත් මිදුලේ
    මල් නෙලන්න නම් තහනම්

    තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
    ඇසුනත් කෙඳිරිය මූදු අගින්
    පිපුණු නිසා අන් සතු උයනේ
    මල් නෙලන්න නම් තහනම්
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔය සුසුම් පවන් වැදී,
    නෙතුපියන් සැලේ රිදී.
    ඔබ ගොළුයි හිතත් නිදියි.
    ඔබව තාම මටද හිමී.

    මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් වුනා තමයි.
    හිමි නැතත් ඔයා ඉතින්.
    මම තවත් ඔබේ ළගයි.

    ඔයහ හිතින් පිදූ පෙමින් ඇත දහස් ගනන් පැතුම්.
    ඔබ ගියත් මගේ ළගින්.
    මගෙ හිතත් යන්න අරන්.
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    රන් මුදුවට වැටුනා කදුළු බිදක්‌
    මගෙ දෙනෙතින් එක දවසක්‌
    ඔබ වෙන්වුන දින සිට මේවනතෙක්‌
    මා තැවුනා දහස්‌ වරක්‌
    මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
    තෙතමනයක්‌ නොමැති සිතක්‌
    ඔබ උරුම කළෙ ඇයි මට රිදවුම් දී
    හිරු සදු නොමැත් ලොවක්‌


    ඔබ සොයමින් පෙර භවේ පතාගෙන
    කවදාවත් වෙන් නොවේ කියාගෙන
    සපැමිණි බව හැගුනා . . .
    ලබැදි වූ තරම් ඔබෙන් තොරව වෙන
    ලොවක්‌ නැතයි සිතුනා . . .
    ළෙංගතුකම දැනුනා . . .


    සෙනෙහස මගෙ පපු තුරෙහි රුවාගෙන
    හැමදාමත් ඔබ මගෙයි සිතා ගෙන
    අප අතිනත් බැදුනා . . .
    නමුදු මා පැතුව පැතුම් සියල්ලම
    සිහිනයක්‌ව ගිය දා . . .
    බැදි අතිනත් බිදුනා . . .
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
    කිසිවක් ලියන්නෙ නෑ ආයේ...
    ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත්
    ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ..

    කුලී ගෙදර තාමත් මට හෙවනයි
    තනිකම සින්නක්කර නිවනයි
    නුඹ ලැබුනා නම් නෑ මේලෙඩ දුක්
    කසාය නොව මං අද බොන්නේ සරුවත්.