සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.....
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට.....
ඔබ ආ හැටි සමුගන්නට.....අවසන් සැන්දෑවක.....
ඒ ගං ඉවුරට.....
බාධක බිඳ නුඹ ජයගන්නට බැරිවුනි මට.....
ඇයිදැයි දොස් පවරන සඳ සිත.....
නුඹෙ වරදද මගෙ වරදද.....
එය මා දන්නේ නැත.....
නුඹ මා ලොව කලුවර කර පැනගිය පලියට.....
කෙලෙසක දොස් පවරමි නුඹ හට.....
කිසි කෙනෙකු නොදුන් ආදරයක්.....
නුඹ මට දුන් කොට.....
-කරුණාරත්න දිවුල්ගනේ-