සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මා හඩනා කදුලු ගලා

    මා හඩනා කදුලු ගලා
    තැනුනු කදුලු සාගරේ
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනෙ ඇයි....//
    ...........

    ඔබ දෙපසින් ගලා ගියෙ
    ඔබට හැඩූ කදුලු නේද
    මලක මෙලෙක තිබුනු හදක්
    ගලක් කලේ ඇයි...//

    සියුමැලි හද රිදවන්නට
    හද රිදවා හිනැහෙන්නට
    ඔබ නොපෙලූ අසරණ මට
    සතුරු උනෙ ඇයි...//

    නන්දා මාලනී:(


     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bandara Athuda..............

    ~රුවන් තාරකා~

    scale.php


    ~රුවන් තාරකා~
    ..නුවන් පායලා..
    ~හිඳින් හද‍වතේ රැඳී~
    ..වේදනා නිවා..

    ~නිසල රැයේ නැඟෙන සඳේ~
    ..සිසිල වූ ඔබේ..
    ~සෙවණ ඇගේ සුවය ගෙනේ~
    ..නිබඳ මා වෙතේ..

    ~තිසර විලේ පිපුනු මලේ~
    ..රැඳුණු ආදරේ..
    ~සුවඳ ගෙනේ සතර දෙසේ~
    ..යොවුන් මාවතේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.....
    රිදවුනු සිත ගෙන ‍ය‍යි කඳුලැලි ගං ඉවුරට.....
    ඔබ ආ හැටි සමුගන්නට.....අවසන් සැන්දෑවක.....
    ඒ ගං ඉවුරට.....

    බාධක බිඳ නුඹ ජ‍යගන්නට බැරිවුනි මට.....
    ඇ‍යිදැ‍යි දොස් පවරන සඳ සිත.....
    නුඹෙ වරදද මගෙ වරදද.....
    එ‍ය මා දන්නේ නැත.....

    නුඹ මා ලොව කලුවර කර පැනගි‍ය පලි‍යට.....
    කෙලෙසක දොස් පවරමි නුඹ හට.....
    කිසි කෙනෙකු නොදුන් ආදර‍යක්.....
    නුඹ මට දුන් කොට.....

    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Namal Udugama...........

    ~නුඹේ සෙනෙහේ විල~

    z_page-01-Mother%E2%80%99s-love.jpg


    ~නුඹේ සෙනෙහේ විල~
    ..මගේ පැතුම් ලොව..
    ~පිපුණු තඹුරු කුසුමයි අම්මේ~
    ..දයා දියෙන් පිරි..
    ~මහ බෝසත් නුඹ~
    ..විශාකාව ඔබ දෝ අම්මේ..

    ~හිස මත දුක් ගිනි ඇවිලී ඇති මුත්~
    ..හදවත පියුමකි ඔබේ අම්මේ..
    ~නිවන් දකින්නට ඔබ කල පිං ඇති~
    ..ගෙදර බුදුන් උත්තම අම්මේ..

    ~සුවපත් කරනට අපගේ හදවත්~
    ..දෙව්ලොව සිට වැඩියද අම්මේ..
    ~දූ මුණුබුරුවෝ හැදූ පිනම ඇති~
    ..අමා නිවන් ලැබුමට අම්මේ..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කුසුමට ලංවී රොන් ගන්නා

    කුසුමට ලංවී රොන් ගන්නා
    බබරුන් ඇතට ඉගිල ගියා
    මද සුලෙගේ ඔහෙ සැලෙනා
    තනිඋන කුසුමකි මා
    ...............

    ඉගිලී යන්නට පියාපත්
    නැත මා හට ඔබ මෙන්
    හෙට ආයෙත් දිනයක ඔබ ඒවී
    මා රිදවා සතුටු නොවෙන්
    ...........

    හෙට පායන හිරු කිරනින්
    යලි මා විකසිත් වේවි
    ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
    යලි මා මුකුලිත් වේවී

    චන්ද්‍රලේඛා පෙරෙරා
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Edward Jayakody.............

    රන් හිරුමඬලින් සිහිලස අයදිනවා~
    පුන් සඳ පහනින් උණුසුම අයදිනවා..
    ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා~
    ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසිදාක
    කඹරගොයත් තලගොයෙක්ලු කන්න ඕන දාට
    මනුස්සකම තුට්ටු දෙකට බැසවලගිය සේක
    මටත් හොරොන් මම විකුණන අමතු රටක් මේක
    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක

    කපුවොත් අපි දෙවියොත් අපි දේවලෙත් අපේ
    නඩුත් අපේ බඩුත් අපේ තීන්දුවත් අපේ
    හරිදේ හරියට කෙරුවත් ඉතුරු වෙන්නෙ හපේ
    විශ්මකර්මයන්ගෙ බෙලිත් දියරෙද්දෙන් කැපේ

    ඉරිසියාව ආත්මෙටම අතහරින්න බැරිද
    බෙලි කපන්න ගිහින් අපිට වෙච්ච හරිය මදිද
    අහස් මාලිගා හදාන හැමෝම රජ වෙයිද
    ඔක්කොම රජවරු වුණාට රටවැසියන් කවුද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙ ඔබ එනතුරු මඟ බල ඉන්නව ඉවසලා
    දුටුකල ආඩම්බරෙන් ඔරව යන්නෙපා ගස්සලා
    වෙන වෙනද වගෙම ඇයි අද ඔයා ගණන් උස්සලා
    සිනහ වෙන්නකො ඔයාගෙ ඔය සැර බස්සලා

    කියන්න කෙල්ලෙ මා හමුවෙනවට ඔයා අකමැතිද
    අම්ම තාත්තා අයියා මාමා කවුරුන් හරි දකියි කියා ඔයා බයද
    නැතිනම් ආදරවන්තෙකු ඔයාට ඉන්නවද
    අදවත් කියන්න ඔයා මට කැමතිද නැද්ද

    කියන්න කෙල්ලෙ මාගේ අඩුපාඩුව මම මිටි වැඩිද
    නැතිනම් කියන්න මාගේ කොණ්ඩය දිග වැඩිද
    මහතද කෙට්ටුද සුදුද කළුද නැතිනම් මොකද
    ඔයාට කෙල්ලේ මා ලස්සන මදිද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුර රටක තනිවෙලා
    එහි කලක් ගෙවාලා
    ආවේ නැව් නැඟලා
    රට කාසිය සොයලා
    ආවෙ දහදුක විඳලා
    අම්මව බලන්න කියලා
    අද වගේ නෑ එදා
    මට මතකයි අම්මා
    අපි කෑවද බිව්වද මන්දා
    කවුරුත් සොයා බලාලා
    නෑ මගෙ දුක සැප අහලා
    මට හිටියෙ ඔයා විතරයි අම්මා

    අතේ සතේ නැතත් මගේ
    පුතේ කියයි අම්මා මගේ

    අපිට සල්ලි තියෙනකන්
    යාලුවො නම් ඕන තරන්
    හැබැයි ඒ සේරම අපිට තියෙනකන්
    නැති බැරිකම ආපු ගමන්
    යාලුවො කෝ දාලා ගිහින්
    එදාට දැනෙයි කරපු මෝඩකන්
    ඒ වගෙද මව්පියන්
    අතහැර යයිද ඉන්නකන්
    ඒ තමා අපිට පෙනෙනා දෙවියන්
    නැතිදා අතහැර නොයමින්
    යළි නැඟිටින්න අත දෙමින්
    එයාලා ඉඳියි අපේ සෙවනැල්ල ලෙසින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැතිදාට වුණත් නෑ වෙනසක් ළඟින් ඉන්නවා
    හැමදාම අපේ සතුටම පතමින් පසුවෙනවා
    සිතුවාද ටිකක් මේ ගැන විමසුවොත් වටිනවා
    දුකට සැපට අපි ළඟ තුන්දෙනෙක් ඉන්නවා

    අපි ඉපදුණු දා පටන්ම දහ දුකක් විඳිනවා
    කුසේ තියෙන දේ හරි දීලා සනසනවා
    පොඩි ලෙඩක් දුකක් හැදුනම ඒ ගැන දුක් වෙනවා
    මුලු දිවා රැයේ ඇය තුරුලේ උණුසුම දෙනවා
    අපි හින්දම ඇයහට නිවනක් නැතිවෙනවා
    නිවන් ගියත් අම්මා අප ළඟම ඉන්නවා

    අපි වරදක් කෙරුවම බත්පත තහනම් කරලා
    දැඩි නීති රීති දමලා ගුණදම් ඉගැන්නුවා
    අපෙ අනාගතේ ගැන හිතලම නුඹ වැඩ කෙරුවා
    කිසි කෙනෙකුට අතපාන්න නෑ ඉඩ තියලා
    මගෙ දරුවනේ කියා දෑතින් අප තුරුළු කලා
    තාත්තාගෙ රැකවරණය ඇත දිවිය පුරා

    හරි හම්බකරපු දේ පිරිමැස්මෙන් සුරකිනවා
    මදිපාඩු වෙතත් ඇය ඉවසන් දරාගන්නවා
    මුළු නිවසට සිරිතක දෙව්දුව කැන්දන් එනවා
    ඇගෙ සිනහවකට දුක් දොම්නස් සැම කැපවෙනවා
    දෙවනි වරට ඇයගෙන් අපි යළි උපදිනවා
    මුළු සසර පුරා සොඳුරිය අප ලඟින් ඉන්නවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chamara Weerasinghe..........

    දිවියම වාගේ
    :love:

    father-son-walking.jpg


    ~දිවියම වාගේ දියකර ප්‍රාණේ~
    ..දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි..
    ~මේ මනු ලෝකේ සුරිදුණි මාගේ~
    ..දෙවියොත් මගේ ආදර තාත්තයි..
    ~පපු ගැබිනා දරු පෙමිනා~
    ..උතුරන තාත්තා..
    ~බිම වැටිලා වඳිනෙමි මා~
    ..මගේ බුදු තාත්තා..


    ~දිව රෑ දෙකේ, වෙලිලා දුකේ~
    ..සැනසීම දන්දී ඔබේ..
    ~දරුවන් නිසා විඳිනා සොවේ~
    ..දෙවියන්ද පුදුමෙන් සැලේ..
    ~මේ සංසාරේ, පිං වැස්සාවේ~
    ..වඳිමී සැමදා රජුනේ..
    ~පපු ගැබිනා දරු පෙමිනා~
    ..උතුරන තාත්තා..
    ~බිම වැටිලා වඳිනෙමි මා~
    ..මගේ බුදු තාත්තා..


    ~සිතුසේ නොබී, සිතුසේ නොකා~
    ..දරුවන්ට දුන්නා සුවේ..
    ~බෝසත් ගුණේ, පුරනා නිසා~
    ..නිවනින්ම සැනසුම් ලැබේ..
    ~මේ සංසාරේ, පිං වැස්සාවේ~
    ..වඳිමී සැමදා රජුනේ..


    ..දිවියම වාගේ..

     
    • Like
    Reactions: maheshsenadheera

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Somathilaka Jayamaha...........


    බැඳුනු සෙනෙහස නොවන නිම් හිම්~
    ඇතද පණ නල සමඟ රැකෙමින්..
    අපේ අත්වැල ලිහී ගිලිහෙන~
    මොහොත එයි කවදාක හෝ..
    යා යුතුය ඒ නියත නික්මන~
    සියලු බැමි සිඳිනා..