සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මා හඩනා කදුලු ගලා

    මා හඩනා කදුලු ගලා
    සැදුනු කදුලු සාගරේ
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇයි......//

    ඔබ දෙපසින් ගලා ගියේ
    ඔබට හැඩූ කදුලු නේද
    මලක මෙලෙක තිබුනු හදක්
    ගලක් කලේ ඇයි.....//

    මා හඩනා.........

    සියුමැලි හද රිදවන්නට
    හද රිදවා හිනැහෙන්නට
    ඔබ නොපෙලු අසරන මට
    සතුරු උනේ ඇයි....//


    මා හඩනා.........

    නන්දා මාලනී:sorry:
     

    Rasika701

    Junior member
  • Dec 30, 2010
    57
    7
    8
    vijaya-kumaratunga-05.jpg

    රූස්ස ගහ ළඟ පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

    එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
    මෙහා තොටට එයි මා හමුවන්නට
    දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ
    සිහින නගරයකි ඔබ මා වෙන් කළ

    පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
    පියවර හඬ මා අසලම ඇසුණා
    චායාවකි මෙය මායාවකි එය
    සසර පුරා ඔබ ඈතට ඇඳුණා


    රූස්ස ගහ ළඟ පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

    පද රචනය :- උපාලි ධනවලවිතාන
    ගායනය :- විජය කුමාරතුංග

    1330213-bigthumbnail.jpg
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    තොටුපළ අයිනේ...

    තොටුපළ අයිනේ...
    කවුද අත වනන්නේ..
    කවුද අතවනන්නේ
    තොටුපළ අයිනේ..

    හැන්ඳෑ වරුවේ
    ඉවුරේ වැටකේ
    උණ පඳුරේ සෙවණේ..
    හබල බිඳීලා... පෙරළුණු ඔරුවක
    සුන්බුන් නෙත දැවටේ..

    ඒ දෙස නොබලමි...

    තොටුපළ අයිනේ
    කවුද අත වනන්නේ..
    ආ මඟ අඳුරේ
    පෙර මඟ එගොඩින්
    තරු යුවළක් ඇවිලේ..

    ඔරුකඳ ඇතුළේ.. නුපුරුදු සුවඳක්
    දියමංකඩ විසිරේ
    හෙට මම හිනැහෙමි
    තොටු පළ අයිනේ
    කවුද අත වනන්නේ..

    ගී පද - සුනිල් ආරියරත්න
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: DAMER

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    රජ මැදුරක ඉපදී සිටියානම්

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරියහනේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ රෑ යාමේ...

    පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
    දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
    අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

    ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
    දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
    ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...


    ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
    පද රචනය : ලූෂන් බුලත්සිංහල
    සංගීතය : එච්. එම්. ජයවර්ධන
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
    ඈතින් මතු වෙනවා

    නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
    දයාව වෑහෙනවා
    සිනාසුනෙමි මම අවිහිංසක ඇය
    කෝල බැලුම් හෙලුවා

    හිරුට සඳුට නොකියා හොර රහසේ
    කාලය වියැකෙනවා
    නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
    කෙමෙන් මැකි යනවා

    එදා වගේ තවමන් වැට අද්දර
    නාමල් පූබුදිනවා
    නොකා නොබි දුක් වින්ඳ අතීතය
    යළි මට සිහිවෙනවා

    පද රචනය - පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
    සංගීතය - සුනිල් සරත් පෙරේරා
    ගායනය - පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    දිළි දිළි දිළිසෙන

    දිළි දිළි දිළිසෙන එළියක්
    එළියෙන් දෙන කළඑළියක්
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ //

    නැකතට පෝරුවේ
    තැලි පිළි නැතිවට
    දෑවැදි රන් පොදි
    පැතුවේ නැතිවට
    ලොකුවට මඟුලක්
    ගත්තේ නැතිවට
    ලොක්කා ගෙනා මනමාළිය
    හරි පිං පාටයි
    හරි පෙම් පාටයි

    දිළි දිළි දිළිසෙන එළියක්
    එළියෙන් දෙන කළඑළියක්
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ

    ලොක්කන් වූවත්
    ලොකු අඩුවක් ඇත
    නෝනෙක් නැත්නම්
    කිසි එළියක් නැත
    ඔක්කොම එක්කල
    වැනි ලොව සම්පත
    ලොක්කා ගෙනා මනමාළිය
    හරි සිරියාවයි
    කිරි උතුරා යයි

    දිළි දිළි දිළිසෙන එළියක්
    එළියෙන් දෙන කළඑළියක්
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ

    අද වැනි කනබොන
    දවසක් ඇතිදෝ
    අද නොම නටනා
    නැටුමක් වෙතිදෝ
    මංගල දිනයක්
    මේ වැනි කොහිදෝ
    ලොක්කා ගෙනා මනමාළිය
    ගැන සංතෝසයි
    හරි සංතෝසයි

    දිළි දිළි දිළිසෙන එළියක්
    එළියෙන් දෙන කළඑළියක්
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ
    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ

    කළුගල් අතරට මැණිකක්
    පහල වෙලා ඇත්තේ ////


    ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
    සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
    එච්. ඩී. ප්‍රේමරත්නගේ 'සිකුරුලියා චිත්‍රපටියෙන්'


     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මිහි මඬලේ අඳුරු කුසේ

    මිහි මඬලේ අඳුරු කුසේ
    දිය උල්පත අම්මා..
    අහස් තලෙන් මරු කතරට
    වහින වැස්ස අම්මා..
    නිල් දෙරණේ තුරුලිය මත
    මල් සම්පත අම්මා..
    තුරුලිය මත පිපි කුසුමේ
    පර සම්පත අම්මා...

    සිය දහසක් නෙක ලෝදා
    එළිය කරන අම්මා..
    සොලොස් කලා පිරි පුරහඳ
    එළිය කරන අම්මා...

    මිහි මඬලේ අඳුරු කුසේ...

    සඳ නැති රෑ සක්වල තරු
    එළිය කරන අම්මා...
    උදා ගිරෙන් ලොවට අදින..
    ලහිරු මඬල අම්මා...

    මිහි මඬලේ අඳුරු කුසේ...

    ගායනය : නන්දා මාලනී
    පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
    සංගීතය : ප්‍රේමසිරි කේමදාස
     
    • Like
    Reactions: maheshsenadheera

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්...

    රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
    රහසේම හිඳින්
    ආදර බිඳුවක් ඇබින්දක්
    නුඹ අරන් ඇවිත් තිබුනා
    මල් මකරන්ද සුවඳ තිබුනා

    ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ
    රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී
    ලං ලංව ඉන්න වේවී
    හිත රිදුනා හොඳටෝම ඇති

    රෑ සඳ ඇවිත් ගියා...

    මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ
    රෑ සයනේ ඔබ ඉන්න එපා ප්‍රේමී
    ලං ලංව ඉන්න වේවී
    හිත රිදුනා හොඳටෝම ඇතී

    රෑ සඳ ඇවිත් ගියා...

    -දයාන් විතාරණ-
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොරසූරණ වැසි ඇදගෙන හැළුනා...

    මොරසූරණ වැසි ඇදගෙන හැළුනා
    මට මතකයි සමුගත් දිනයේ
    මා සිතුවේ නැ ලොව ‍හැර යන්නට
    අවිහිංසක නුඹ සිතයි කියා

    නිමල ආදරේ අවිහිංසක බව
    ලෝකය නැ දැනගෙන උන්නේ
    මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ
    ඔබ අරගෙන ඈතට යනවා

    මොරසූරණ වැසි...

    තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා
    හැඬූ නමුදු ඉන් නොමැත පලේ
    වද මල සිඹලා මම සමුගන්නෙමි
    හෙට හමුවෙමු අපි අපේ ලොවේ

    මොරසූරණ වැසි...

    -ආත්මා ලියනගේ-
     
    • Like
    Reactions: maheshsenadheera

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මගෙ පුතාටත් ලංකාවක්..

    මේකත් ගී පද වැලක් කියලා හිතන්න. :baffled:
    නම: මගෙ පුතාටත් ලංකාවක් ඕන. පුතාගෙ පුතාටත් ඕන. :yes:
    uc