සිංහල ජාතිකත්වය සහ සිංහල භාෂාව I
සිංහල ජාතිකත්වය සහ සිංහල භාෂාව
භාෂාවක් වු කලි තත්ප්‍රතිබද්ධ ජනතාවගේ ධිමත්භාවය සහ ඥානපටුත්වය දක්වන මනා සංදර්ශනයකි. එයින් ලිඛිත පොත් පත්, ජාතික ඉතිහාසය සංජානනයට අසහයෝපකාරී වෙයි. කිසියම් ජාතියක අනන්‍යතාව භාෂාව මත රැදී පවත්නා සේම භාෂාවක විනාශය ජාතියේ විනාශය වන්නේය. එහෙයින් භාෂාවක් වනාහි ජාතිය සතු ප්‍රධාන සම්පත වශයෙන් ද එහි පඨන පාඨනය ජාති හිතෛශී වැදගත් කරුණු වශයෙන්ද සැලකිය යුතුයි.
භාෂා ශාස්ත්‍රඥයෝ, ලෝකයේ විද්‍යමාන ප්‍රධාන භාෂාවන් ආර්ය, තුරාණ සහ සිමිටික් යයි කොටස් තුනකට බෙදා දක්වති. යම් යම් භාෂාවල එක සමාන ශබ්ද ඇතිවීම ඒ සියල්ල එක මූලයකින් උත්පතනය වුයේ යයි නිශ්චය කිරීමට ප්‍රමාණය නොවන්නා සේම ඒවායේ අසමාන වචන ඇතිවීම ද භාෂාව එක් මූලයකින් නොපැමිණියා යයි තීන්දු කිරීමට ප්‍රමාණවත් නොවේ. වෙනස් වෙනස් භාෂා කථා කරන ජාතීන් ගේ එක්ව වාසය ඒ අන්‍යොන්‍ය භාෂාවල වචන හුවමාරු කර ගැන්මට ආධාර වන්නා සේම එකම භාෂාව කථා කරන ජන සමුහයක් විභින්නව වෙන වෙන රට රාජ්‍ය වලට පැමිණී මෙන් ඒ භාෂාව අසමාන ශබ්ද ඇති භාෂා කීපයකට බෙදී යාම සිදු විය හැක.
තවද නුතනයේ භාෂාව පිළිබද පෙර සදහන් කර බෙදීමෙන් ඔබ්බට ගොස්, භාෂාව, කථන සහ ලිඛිත ලෙසද තව දුරටත් බෙදා දක්වයි. එහිදීද ආර්ය පවුලේ භාෂා වල අක්ෂර මාලාව සම්බන්ධව කිසියම් වෙනස් කමක් දක්නට ලැබේ. ආර්ය භාෂා පවුල යුරෝපිය සහ ආසියාතික යයි බෙදා දැක්විය හැකි අතර යුරෝපිය භාෂාවල අක්ෂර සංඛ්‍යාව, ආසියාතික භාෂාවල අක්ෂර සංඛ්‍යාවට වඩා අඩු වෙයි. තවද යුරෝපිය ආර්ය භාෂා වල, වුවමනාවක් නැති අක්ෂරද සමහර විට දක්නා ලැබෙන අතර ශබ්දෝච්චාරණය, අක්ෂර අනුවම නොපවතී. තවද ආසියාතික ආර්ය භාෂා වල ශබ්දෝච්චාරණය, අක්ෂර අනුවම පවතින අතර අක්ෂර මාලාව යහපත් නියෝග පිට පිළිවෙලකට සකස්කර තිබේ. සිංහල භාෂාවේ අක්ෂර මාලාව ස්වර ව්‍යංජන ලෙස මෙන්ම දන්තජ මුර්තජ ලෙසම අක්ෂර මාලාව තුල බෙදා දක්වා ඇති අතර ඉංග්‍රීසි හෝඩියේ එසේ බෙදීමක් නොමැතිව දක්වා ඇත.මෙහිදී සදහන් කල යුතු වැදගත් කරුණ නම් පෙරදිග ව්‍යාකරණඥයෝ, බටහිර ව්‍යාකරණඥයට වඩා ඥානපටුත්වය ඉසුලු බව නොවේද?

Last edited:
සරල සිංහලෙන් ලියපන්කො 