සිංහල ජාතිය!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අනගාරික උන්නැහේගෙ හරක් මස් වර්ජ්නය, සුද්දගෙ බයොලොජිකල් ඇටෑක් එකක් කියලා හිතන්න අමාරුයි

    මොකද ඒ කාලෙ සුද්දා ගෙ ඒ පැත්ත එච්චර ඇඩ්වාන්ස් කියල හිතන්න අමාරුයි

    ඔය පස්සෙ ආපු කැම්පේන් පිටිපස්සෙ නම් සමහර විට NGO ඇති

    අනගාරිකලගෙ වෙළද පොරය යන්නෙ තම්බි එක්ක
    තම්බියා තමයි තරග කරුවා වෙන්නෙ
    නවසිය පහලොවෙ කෝලහල වලට අවශ්‍ය පසුබිම හදන්නෙත් කාලාන්තරයක් තිස්සෙ කරෝලිස් ලගෙ වෙළද පොරය වෙනුවෙන් කියපුවගෙන්

    ඒ වෙලාවෙ දෙමල සටනක් නෑ
    ඕල්කොට් ලා පාසැල් පටන් ගන්නෙත් සිංහල බෞද්ධ හා හිංදු දෙමල ප්‍රජාවන්ට

    මේ දෙගොල්ල එවලෙත් එකට ඉන්නෙ
    හැබැයි ඔය ලෙබ්බෙ - ජායා වගෙ නමක් දෙකක් කියවුනාට ඒ අය අර ගොඩේ නෑ

    අනගාරිකගෙ පුද්ගලික ලිංගික කැමැති පැත්ත නිසා - තාත්ත එක්ක වලි ගිහින් ගෙදරින් ඉවත් උනාට හොද ව්‍යාපාරික ඉවක් ඇත්තෙක්

    මට ඔහු ගැන මොන විවේචන තිබ්බත් - ඒ ව්‍යාපාරික ඉව නිසාම, සිංහලයින් ආර්තික අතින් ශක්තිමත් ව්‍යාපාරිකයින් කිරීමේ ඔහුගේ මෙහෙය අගය නොකර ඉන්න බෑ (ඒ බිහිවූ සියළු ව්‍යාපාර සිරිමා රජය සම්පූර්නයෙන් විනාස කරලා නැත්තට නැති කලා)
    - සිංහල බෞද්ධයින් ආර්තික වශයෙන් ශක්තිමත් නොවී
    කිසිවක් කරන්න බෑ කියල ඔහු පෙන්වා දුන්නා

    මේක අද සල්ලි පස්සෙ යාම මහා නපුරක් ලෙස දෙසන හිපාටුවන්ට තේරෙන්නෙ නෑ

    කොහොම හරි එතනදි ඔහු මොන ක්‍රමයකින් හෝ ප්‍රාග්ධනය හොයාගෙන ව්‍යාපාරිකයින් බවට පත් වෙන්න සිංහලයින්ව පෙලබවූවා
    මුහුදුබඩ සිංහලයින් අරක්කු රේන්ද හරහා මහා ධනපතියන් උනා


    අනෙක් පැත්තෙන් - දොන් කරෝලිස් ලගෙ ව්‍යාපාරික ප්‍රතිවාදීන් ප්‍රාග්ධනය හෙව්වෙ ගවමස් වලින්....

    ඉතින්.....


    Source - https://www.facebook.com/subhaga.herath.31/posts/2038053946455140