සිංහල ජාතිවාදීන් වහා නවතිනු

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සිංහල ජාතිවාදීන් වහා නවතිනු

    කොලඹ ආශ්‍රිතව වෙසෙන මුස්ලිම් සහ දෙමළ ජනතාවට එරෙහිව සිංහලයන් විසින් ජාතිවාදී ක්‍රියාකාරකම් වල නිරතව ඇතැයි චෝදනා කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගෙනේෂන් වහාම එම ක්‍රියාමාර්ග නවතා දැමිය යුතු යැයි පවසයි.දෙමළ මුස්ලිම් සහයෝගීතාවය නැමති සංවිධානයකින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.
    කොලඹ මුස්ලිම් සහ දෙමළ ජනගහනය වැඩි වී ඇතැයි සිංහල ජාතිවාදී කොටස් චෝදනා කරන බව පවසන මනෝ ගනේෂන් මෙය අද ඊයේ ඇති වූවක් නොව නිදහසට පෙර සිටම පැවති තත්වය යැයි ද පවසයි.නැගෙනහිර 3% ක් වූ සිංහල ජනගහනය දැන් 30% ක් දක්වා වැඩිවූයේ කෙසේ දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ජාතිවාදී ක්‍රියාකාරකම් සහ දෙමළ මුස්ලිම් ජනයාට සිදු වන අතවර වහා නැවැත්වීමට කටයුතු කල යුතු යැයිද ඔහු පවසයි.

    කෙසේ වෙතත් එල්ටීටීඊ ක්‍රියාකාරකම් පැවති සමයේ එල්ටීටීඊය මගින් සිංහල ජනතාවට මෙන්ම දෙමළ ,මුස්ලිම් ජනතාවට එරෙහිව කෲර ක්‍රියාකාරකම්වල නිරතවද්දී පවා ඒ පිලිබඳ නෑසූකන්ව එල්ටීටීඊ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි මනෝ ගනේෂන් මේ නගන චෝදනා කිසිඳු පදනකම් නැති හුදු තමාගේ දේශපාලන පැවැත්ම සහ රට අස්ථාවර කිරීමේ උවමනාවෙන් සිදුකරන ප්‍රකාශ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.එල්ටීටීඊය විනාශ කිරීමෙන් පසු කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවීමට ඉඩ නොදී පවත්වාගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත්ව සිටින වටපිටවක සහ දශක කිහිපයක් තිස්සේ කොලඹ සහ අවට ප්‍රදේශවල දෙමළ ජනයා සිංහල ජනයා අතර නිදැල්ලේ දෙමළ වීම නිසා විශේෂිත වූ කිසිඳු පීඩාවකින් තොරව සහජීවනයෙන් ජීවත් වන වටපිටාවක මනෝ ගනේෂන්ලා සිදුකරන මෙවැනි ජාතිවාදී ප්‍රකාශ නිසා එයට ඉමහත් හානියක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.

    - යටියන ප්‍රදීප් කුමාර