සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්‌වේවි

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්‌වේවි

නිවැරැදිව ඉගෙන නොගත්තොත් භාවිත නොකළොත් සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්‌වේවි


වසර 3000 කට වඩා පැරණි සිංහල භාෂාව ලෝකයේ ජීවභාෂා තුන්දහස්‌ ගණනින් එකකි. එය බ්‍රාහ්මි අක්‌ෂර මාලාව අනුව වෙනස්‌වීම්වලට භාජනය වී අද තත්ත්වයට ගැළපෙන පරිදි සැකසී ඉතා ශ්‍රේෂ්ඨ භාෂාවක්‌ බවට පත්වී තිබේ. උසස්‌ අදහස්‌වලින් ව්‍යක්‌ත භාෂාවෙන් ලියන ලද පොතපත මහත් රාශියක්‌ හිමිවීම නිසා සිංහල ජාතිය විශ්වකීර්තියට පත්විය. සිංහලයන් වන අප අපගේ මවු බසත්, මවුබිමත් රැකගත යුතුය. ඒ සඳහා ඉදිරිපත් වන කිසිවකු ලෝකයේ කිසිම රටක නැති නිසාය. මවු බස භාවිත නොකිරීමෙන් සංස්‌කෘතිය පරිහානියට පත්වේ. සිතුවිලි උපදින්නේත් නිර්මාණ බිහිවන්නේත් මවු බස වාහක කොටගෙන ය.

පළපුරුදු විදුහල්පතිවරයකු, රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ගත්කතුවරයකු වූ ශ්‍රී ලංකාතිලක බෝවල කේ. ඩී. සී. ගුණසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා වලස්‌මුල්ල මහා විද්‍යාලයේ සා. පෙ. හා උ. පෙ. පාසල් දරුවන් හා ගුරුමහත්ම මහත්මීන් අමතා සිංහල භාෂාවේ නිවැරැදි ව්‍යාකරණ විධි හා අක්‍ෂර වින්‍යාස මැයෙන් දේශනයක්‌ පවත්වමිනි.

p9-1.jpg
ඉංග්‍රීසි භාෂාවේ වචනවලට වඩා සිංහල භාෂාවේ වචන බොහෝ වැඩි ය. සිංහල භාෂාවේ මහිමය ඉන් අපට පැහැදිලි වේ. සිංහල භාෂාව නිවරැදිව හදාරන අප එහි අක්‍ෂර මාලාව නිවැරැදිව අවබෝධ කරගත යුතු ය. සිංහල භාෂාවේ අක්‍ෂර 60 කි. අලුත් අක්‍ෂරයක්‌ ලෙස"ෆ" අක්‍ෂර මාලාවට එක්‌ වී තිබේ. සිංහල භාෂාවේ ණ, න, ල, ළ, ශ. ෂ. ස හා සCඳ්Cඳක අක්‍ෂරයන් වන ඟ, ජ, ඬ, ඳ, ඹ හා මහාප්‍රාණ, අල්පප්‍රාණ ආදී අක්‍ෂර නිවරැදි ව යෙදීමට නම් සිංහල භාෂාව මනා ලෙස ප්‍රගුණ කළ යුතු වේ.

පාසල් දරුවන්ගේ අත්අකුරු කුඩා කාලයේම නිවැරැදි කිරීම ඉතා වැදගත් කාරණයකි. අපැහැදිලි කටු අකුරින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ නම් නිසි ලකුණු නොලැබේ. දකුණෙන් පටන්ගෙන වමට අත්අකුරු ලියන ළමයින් ගැන ජාත්‍යන්තර පාසල්වලින් වාර්තා වේ. ඉතා ලස්‌සනට අත්අකුරු ලියන ගුරු මහත්මියක පැවසුවේ ඒවා තමාගේ නොව ලොකු සර්ගේ බව ය. ඉන් හැඟෙන්නේ ලොකු සර් අත්අකුරු

නිවැරැදි කළ බව ය. තවත් පාසල් දැරියක්‌ පැවසුවේ විශ්‍රාමික ගුරුතුමියක වන ආච්චි ඇගේ අත්අකුරු නිවැරැදි කළ බව ය. කවුරු හෝ මෙය අනිවාර්ය යෙන් ම කළ යුතු වේ.

කොළඹ එක්‌තරා විද්‍යාලයක ගුරුවරයකු වාර විභාග ප්‍රශ්නපත්‍රය සවස තමාගේ නිවසේ පන්තියේ ළමයින්ට ඉදිරිපත්කොට පසුවදා විදුහලේ පන්තියට ඉදිරිපත් කළ බව වාර්තා වේ. මෙය ඉතා බරපතළ වරදකි. තවත් බාලිකා විද්‍යාලයක ගුරු මහත්මියක කළුලෑල්ලේ "වලිකුකුළා" යන වචනය ලියා මොහොතක්‌ කල්පනා කොට පොතක්‌ පෙරළා බලා එය මකා "වළිකුකුලා" කියා ලියා ඇත. තරමක්‌ කරුණු දැන සිටි ගුරුතුමිය නොමඟ යෑවීමට එම පොත සමත් වී තිබේ. වැරදි වචන පොත පතේ පළවීම පාසල් දරුවන් පමණක්‌ නොව ගුරුවරුන් ද නොමඟ යවන බව මින් පැහැදිලි වෙයි.


 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth

p9-2.jpg
ඉතා දක්‍ෂ පාසල් දැරියක විසින් ලියන ලද වාක්‍ය රචනයක "මොලය" මෙසේ වැරදි ලෙස ලියා තිබිණි. ඒ ගැන විමසූ විට එක්‌තරා ප්‍රකාශන සමාගමක පළ වූ පොතක එම වචනය එසේ පළවී තිබීම ඈ මට ද පෙන්වූවාය. නිවැරැදි වචනය මොළය වේ. තවත් එක්‌තරා විද්‍යාලයක ගුරු මහත්මියක්‌ කළුලෑල්ලේ ලියා තිබුණේ "කුරුල්ලෝ ලගින ගස කඩා වැටෙති" කියාය. ඒ ගැන විමසූ විට ඇය පැවසුවේ බහුවචන උක්‌තයට බහුවචන ක්‍රියාවක්‌ තිබෙන නිසා එය නිවරදි බව ය. ගසකඩා වැටීමට මෙහි දී කුරුල්ලන් කිසිවක්‌ කර නැත. එම නිසා එම වාක්‍යය කුරුල්ලන් ලගින ගස කඩා වැටෙයි යනුවෙන් නිවරදි විය යුතු ය. උක්‌ත ආඛ්‍යාත පද සම්බන්ධය ගැන දැනුමක්‌ ගුරු මහත්මියට නැත.

තවත් එක්‌තරා ගුරු උපදේශකවරයෙක්‌ ගුරුවරුන් අමතා පවසා ඇත්තේ "මCඳ්ෙC¹ක්‌කා" මෙසේ ලිවීමට අමාරුනම් මයියොක්‌කා කියා ලියන ලෙසය. පිපිCඳ්C¹ ලිවීම අමාරුනම් කැකිරි කියා ලියන්නැයි කියූ කතාවද මීට සම්බන්ද වේ. එසේ නම් සිංහල භාෂාවේ සෝදා පාළුව නතර කරන්නේ කොහොමද?

සිංහල භාෂාවේ දන්තජ න, ල, ස තුනකි. මූර්ධජ, ණ, ෂ, ළ තුනකි, තාලුජ ශ එකකි. "ළ" සඤ්ඤක නොවේ. එය මුර්ධජ "ළ" වේ. මෙය සමාජය පුරා පැතිර යන මුළාවකි. නිකං "ස" යන්න, ගයනු "ශ" යන්න, පයනු "ෂ" යන්න යනුවෙන් අක්‍ෂර හැඳින්වීම වැරැදි ය. සංස්‌කෘත "ඥ" හා පාලි "C¹d" හඳුනා ගැනීම වටී. "ඔබ" ඒක බහු දෙකටම පොදුය. ඔබ ගමට ගියෙහි. ඔබ ගමට ගියෙහු. මවුතොමෝ, බිසව්තොමෝ, ඕතොමෝ, සභා තොමෝ ඒකවචන ක්‍රියා පද ගනී, ඌතුමූ, බිසව් තුමූ, ඔව්හූ තුමූ බහුවචන ක්‍රියා පද හා සම්බන්ධ වේ.

කර්තෘකාරක වාක්‍ය කර්මකාරක කිරීම අම්මා දරුවන් නෑව්වාය. අම්මා විසින් දරුවෝ නාවන ලදහ/ ලද්දෝය/නෑවුණු. ගොවියෝ කුඹුරු කොටති. ගොවියන් විසින් කුඹුරු කෙටේ/ කොටනු ලබයි/ ලැබේ. නිපාත පදවලට මුලින් තිබෙන නාම පද අනුක්‌ත වේ. ළමයින් කැටුව ගුරුවරු පන්තියට ඇතුළු වූහ. "ද, ත්" නිපාත පද යෙදෙන විට ක්‍රියා පද බහුවචන ගනී. අම්මා ද තාත්තා ද මාතර ගියහ. අයියාත් අක්‌කාත් සෙල්ලම් කරති. එම වාක්‍යවල "මම" යෙදේ නම් ක්‍රියා පද බහුවචන වී" මු" යෙදෙ. අම්මා ද තාත්තා ද මම ද මාතර ගියෙමු. අයියාත් අක්‌කාත් මමත් සෙල්ලම් කරන්නෙමු. අයියාත් නුඹත් බත් කෑවෙහු. මෙහි ක්‍රියාව බහු වචන වේ.

හෝ නිපාතය යෙදෙන විට අම්මා හෝ තාත්තා හෝ මම හෝ කඩයට යමි. මෙහි උක්‌තවන්නේ මම පමණි. ක්‍රියා පදය අනතීත වීම සුදුසුය. තාත්තා නොහොත් අම්මා පාසලේ රැස්‌වීමට යයි. යන්නේ එක්‌ කෙනෙක්‌ නිසා ක්‍රියාපදය ඒක වචන ගනී. උපසර්ග පද වශයෙන් නොබෙදේ. පදයක මුලට එක්‌වී එහි අර්ථය ප්‍රබල හෝ දුබල කෙරේ.




සCඳ්Cඳක අක්‍ෂර සමග මුර්ධජ "ළ" යෙදේ. වළඳ, වෙළෙඳ, කොළඹ, ළිඳ, වෙළඹ, සුළඟ, දිළිඳු, බොළඳ, ළඳ, එළඹ, ළඟ, එහෙත් මෙහි යෙදෙන්නේ දන්තජ "ල"වේ. වැලඳගැනීම, කැලඹීම, පෙලඹීම, පැලඳ, බිලිඳු, ඔලිඳ, සලඹ, කලඹ, විලඳ, කලඳ මෙය විශේෂ අවධානයට යොමුවිය යුතුය.

නිත්‍ය බහුවචන අයෙක්‌, කෙනෙක්‌ සමහරෙක්‌ ඇතැමෙක්‌, යමෙක්‌, කවුරු, කිsසිවෙක්‌ ආදි වශයෙනි. අයෙක්‌ ගී කියා නටති. මෙහි ක්‍රියා පදය බහුචනය ගනී. ළමයින්ගෙන් එක්‌ කෙනෙක්‌ අත ඔසවයි. මෙහි එක්‌කෙනෙකු ගැන කියෑවෙන නිසා ක්‍රියා පදය ඒක වචන ගනී. ශංසයාර්ථය අන්තර් වාක්‍යයෙන් සැකයක්‌ හැඟේ නම් එහි ක්‍රියාපදය බහුවචන ගනී. මුල නාම පදය අනුක්‌ත වේ. ළමයින් පොත් පාඩම් කරතියි තාත්තා සිතුවේය. අද මාමා එතියි අම්මා කීවාය.

ද්විත්ව උක්‌තය "ව" වීමෙන් ක්‍රියාපද යෙදෙන විට මුල් නාම පද සියල්ලම උක්‌ත වේ. අපි එක මවකගේ දරුවෝ වෙමු. බොහෝ සිංහලයෝ බෞද්ධයෝ වෙති. "කර" කිරීමෙන් ක්‍රියා පද යෙදෙන විට ක්‍රියාපදය හා සම්බන්ධ මුල්නාම පදය පමණක්‌ උක්‌තවී අනෙක්‌ සියලුම නාම පද අනුක්‌ත වේ. ගුරුවරු පාසල් දරුවන් උගතුන් කරති. නාහිමියෝ දායකයන් සිල්වතුන් කරති.

අන්තර් වාක්‍යවල පූර්ව ක්‍රියා අර්ථ ව, වූ, නොව - නිපාත යෙදෙන විට මුල් නාම පදය අනුක්‌ත වේ. සමාජ සේවකයකු වූ අපේ මාමා මන්ත්‍රීවරයෙක්‌ විය. ශේ්‍රෂ්ඨ යතිවරයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ වියත් ගත්කතුවරයෙක්‌ද වූහ. රකාරාංශය හා "ණ" යෙදීම ශ්‍රේණිය, ප්‍රවීණ, මිශ්‍රණය, ප්‍ර්‍රණාම, ප්‍රමාණය, එහෙත් මෙහිදී එය වෙනස්‌ වේ. ප්‍රයෝජන, ප්‍රකාශන, ප්‍රදර්ශන, ප්‍රශ්න, ප්‍රවාහන "වත් -මත්" යෙදුම "වත් - අ, ආ, එ, ඒ සමග යෙදේ. ආදර්ශවත්, ආලෝකවත්, ප්‍රබෝධවත්, සෞභාග්‍යවත්, ගම්භීරවත්, ධෛර්යවත්, ඓශ්චර්යවත් මත්-ඇ. ඉ, ඊ, උ, ඌ සමග යෙදේ. ඉසුරුමත්, රූමත්, අසිරිමත්, පැහැමත්, ශක්‌තිමත්, කීර්තිමත්, සෘද්ධිමත් අක්‍ෂර වින්‍යාසය - "ණ" ට පසුව "ඩ" ආණ්‌ඩුව, කණ්‌ඩායම, මණ්‌ඩලය, හෙණ්‌ඩුව "න" ට පසුව "ඩ" කැලැන්ඩර්, ටෙන්ඩර්, සිලින්ඩර්, හැන්ඩි, එඩ්මන්ඩ්, රේමන්ඩ්

"ර" ට පසුව "ණ" දෙරණ, උපකරණ, ඉරණම, තොරණ, සරණ, කරණකොට, හොරණෑව, ර" ට පසුව "න" කෘදන්ත නාම වන මේවායින් ක්‍රියාපද සෑදිය හැකිය. කරන, මරන, දරන, පුපුරන, අතුරන, මතුරන, ඊට වෙනස්‌ව මේ වචන යෙදේ. නිර්නාමික, පොරෝනය

"ෂ" ට පසුව "ණ" රක්‍ෂණ, දූෂණ, උෂ්ණ, පාෂාණ, භීෂණ, ආකර්ෂණ, විශේෂණ, "ශ" ට පසුව "න" දර්ශන, ප්‍රශ්න, විමර්ශන, ප්‍රකාශනය, නිදර්ශන, ප්‍රදර්ශන, සංදර්ශන, පිළි -පිළිගැනීම, පිළිවෙළ, පිළියෙල, පිළිල, පිළිරුව, පිළිකා පිලි -පිලිස්‌සීම, පිලිපීනය, තිප්පිලි, වැලිපිලි, මොනරපිලි, කෙසෙල් පිලි, ඉස්‌පිලි, පාපිලි, හල්පිලි, ඇලපිලි, ඇදපිලි එක ළඟ"ළ" ල යෙදෙන විට මුල් අක්‍ෂරය "ළ" වේ. වළලු, පළල, බළලා, පිළිල, කැළල, අළලන අගට මූර්ධජ "ළ" යෙදීම උළෙල මෙහි සියලුම අක්‍ෂර දන්තජ "ල" වේ. රැල්ල, මලල ක්‍රීඩා, පිල්ලෑව, මල්ලවපොර, අල්ලාප-සල්ලාප, කලලරුව, සුලලිත, ලලන, ලාලන
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ලේඛනයේදී වැරදි ලෙස ලියෑවෙන වචන නිවැරැදි කිරීම.



අත්‍යාවශ්‍ය අත්‍යවශ්‍ය අත්‍යලංකාර අත්‍යාලංකාර

ආෂ්වාදය ආස්‌වාදය කැළණිය කැලණිය

කණ්‌නාඩිය කණ්‌ණාඩිය කොට්‌ඨාශ කොට්‌ඨාස

කළඹ කලඹ කුෂලතා කුසලතා

ගැහැණිය ගැහැනිය ගමරාළ ගමරාල

ඝණ්‌ඨාව ඝණ්‌ටාව තත්වය තත්ත්වය

දැලිපිහිය දැළිපිහිය නීත්‍යානුකූල නීත්‍යනුකූල

නළ ලිං නළළිං නිර්ණාමික නිර්නාමික

පිළිවෙල පිළිවෙළ පිළියෙළ පිළියෙල

පරවියා පරෙවියා පොළව පොළොව

පිලිම පිළිම පැළඳ පැලඳ

පරිඝණක පරිගණක පොරෝණය පොරෝනය

පිළිස්‌සීම පිලිස්‌සීම පොළිය පොලිය

පුළුන් පුලුන් බිළිඳු බිලිඳු

බුබුලු බුබුළු බලඇණි බළඇණි

බළකොටුව බලකොටුව භාවිතා භාවිත

මොණරා මොනරා මිළ මිල

මාළිගාව මාලිගාව මැතිණිය මැතිනිය

මනදොල මනදොළ මුණුබුරා මුනුබුරා

මුණුමුණු මුනුමුනු යාඥ යාච්C¹

රැජිණ රැජින ළාමක ලාමක

විෂ්මය විස්‌මය රැල/රල රැළ/රැළ (සමූහාර්ථය)

රැළ/රළ රැල/රැල්ල වෙළ¹ම වෙළෙ¹ම

විමර්ෂණය විමර්ශනය සත්වයා සත්ත්වයා

සූරHයා සූර්යයා සක්‍ෂි සාCෂ්‍ය

සාමර්ථ සාමරථ්‍යය සුණු විසුණු සුනුවිසුනු

සොලී සොළී සියොළඟ සියලඟ

හෙලන හෙළන හැළෙන හැලෙන

හැක හැකිය හීලෑ හීළෑ

ලැව්ගින්න ළැව්ගින්න

පද බෙදීම

නාම පද අගට "ව" නොයෙදේ. තාත්තා සීයාව බැලීමට ගමට ගියේය. මෙහි "ව" අවශ්‍ය නැත. "ම" බෙදිය යුතු ය. ඔබ ම තාත්තා ම, සදටහ ම, ඉක්‌මනට ම, සියලු ම, සිංහලෙන් ම, නොනවත්වාම, හතරවටින් ම, "ව" කරුණාවන්ත ව, ළෙන්ගතු ව, ධනවත් ව, සමසම ව, අසරණ ව, දුගී බවට පත් ව, මහලු ව

"ද" නිපාතය සමග අම්මා ද තාත්තා ද දඹදිව ගියහ. අතීත කාල ක්‍රියාපද අග "ය" බෙදිය යුතුවේ. ලිව්වේය. ගැයුවාය, කෑවාය. දිව්වෝ ය, ඇල්ලුවෝ ය, හැඬුවෝ ය, පීනුවෝ ය,

දී-මාතර දී, ගමේදී පාසලේදී..............

නොබෙදෙන පද-

අබිරහස අතිකාල දීමනා අපද්‍රව්‍ය අත්අකුරු

අකුල්හෙළනවා අඩම්තේට්‌ටම් අභයභූමිය අලුත්වැඩියාව

ඇඳගනී ආදිශිෂ්‍ය ඇඳිරිනීතිය ඇඳ ඇතිරිලි

උදන් ඇනීම උකුසු ඇස්‌ ඔළුගෙඩිය කවකටුව

කඩා ගත්තා කාලසටහන කේශකලාපය කහකුරුල්ලා

කළුලෑල්ල ගාලගෝට්‌ටිය ගුවන්විදුලිය ගල්ගැසී

ගුරු අත්පොත් ගිනි අවි ගුරු පඬුරු ගුරු මේසය

ගිලන් රථය චරපුරුෂයා ජනසවිය දඟකාරකම්වල

දියමලන්කෑම දියරකුසා දැල්පන්දු දිළිඳු බව

නැමෙනසුලු නිදාගත්තා නිමකොට නොරත

නොමිල නොරට්‌ටු නොනිමි නොහොඳ

නොදත් නොපිට පරසිරිත් පසුබැසීම

පල්හොරු පාපියුම් පෙරහන්කඩ පෙළපොත්

පිරිමසාගැනීම බඩඉරිඟු බඩගෙඩිය බුත්සරණ

බොහොම බිසෝකොටුව බොරුකකුල්කාරයා බයිසිකල්කාරයා

මටසිලිටි මල්හිනාව මඟුල්මඩුව මඟුල්a මුද්ද

මඟුල්කඩුව මල්ඵලහටගත්තා මුවකමල මුරකාරයා

මෙහෙම මුදුන්මල්කඩ මහා විද්‍යාලය මුල්ගල්

මහමුහුද මහගෙදර මුතුදසන් මවුබිම

මවුබස මාළුකාරයා යටත්පිරිසෙයින් යල්පැනගිය

රජුකරා රසමසවුළු රූපවාහිනිය විශ්වවිද්‍යාලය

විස්‌මයජනක වඩුකුරුල්ලා වැහිකළුව වඩාගත්තා

විදුහල්පතිතුමාගේ වැලිතලප සඳරැස්‌ සීනිමෝදර

සිනාසිසී සූරාකෑම හඬ හඬා හටගැනීම

හිස්‌කබල බොරුකකුල්කාරයා

Code:
[/SIZE][SIZE=5][COLOR=SeaGreen]
Source
http://www.divaina.com/2010/09/14/feature05.html
[/COLOR]