දැනුවත් කලාට ස්තුතියි මචන්. සම්පූර්ණ සිද්දිය නොදැනයි මම පෝස්ට් එක දැම්මෙ...ගේට්ටු දෙකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගේට්ටු පලු හතරක්.ඒ හතරේ භාෂා හතරකින් එකම පණිවිඩය දාල තියෙනවා.
ප්රධාන ගේට්ටුවේ සිංහල සහ දෙමළෙන්.
කලින් පොස්ට් එක දැම්ම කෙනා දාල තියෙන්නේ අනිත් ගේට්ටුවේ ෆොටෝ එක විතරයි.
සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනවා කීවට කෑ ගහන ගොඩක් අය කරන්නේ අන්තර්ජාලේ පොස්ට් ශෙයා කරකර කෑ ගහන එක විතරයි. එ් වුනාට සිංහල කඩේකට ගියාම මුදලාලිලා අපේ දිහා බලන්නෙ කඩේ බඩු නිකන් ගෙනියන්න අාවා වගේ. සිංහල කෙනෙක් සිංහල කෙනෙක්ගෙන් වැඩක් කරගන්න ගියාම එ්ක වදයක් විදියටයි දකින්නෙත්. අාපු කෙනාට වැඩේ එපා කරවලා තමයි යවන්නෙ. අනිත් ජාතින් තමන්ගෙ ජාතියෙ අය වෙනුවෙන් උදව් උපකාර සැලකිලි කරන විදිය දැකලා අැති. එ් වුනාට සිංහල බෞද්ධ කීයෙන් කීයද අවුරුද්දකට එක දවසක්වත් පන්සලකට යන්නෙ. පෝස්ට් දැම්මට ජාතිය රැකෙන් නෑ.
එක ගේට්ටුවක් පොටෝ ගහපු කෙනා දැකලා නැද්ද දන් නෑ එ්කට අඩි කීපයක් එහා තියෙන අනික් ගේට්ටුව. මේක ගන්න අැත්තෙ සති අන්තෙ දවසකනෙ. ඉතින් පැහැදිලිවම ගේට්ටු සේරම දකින්න තියෙනවා අනිවාර්යෙන්ම. මොකද එ්ටීඑම් එකෙන් සල්ලි ගත්තු කෙනා එක ගේට්ටුවක් පොටෝ අරන් අනික් ගේට්ටුව නොදැක ගියා කියන්න බෑ. එ්ටීඑම් 1න් සල්ලි අරන් අාපහු හැරිලා අාවානම් එක ගේට්ටුවක්වත් දකින් නෑ.
පෝස්ට් දැම්මට ජාතිය රැකෙන් නෑ කියලත් දන්නවා... ඒත් අර වගේ දෙයක් දැක්කම කව්රැත් එක පාර ෂොක් වෙනවා




