යකෝ මගේ ඇඟෙත් දුවන්නේ සිංහල ලේ
මගේ ලඟ ජාතිභේද නෑ!ගාල්ලේ නුගදුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මාගේ හා මාගේ සහෝදරයාගේ කොහු කර්මාන්ත ආයතනය අපහට අපගේ පවුලෙන් ලැබුනු දේපලකි. මගේ අම්මා තාත්තා පොඩි කාලෙ ඉදන් මට කියපු දෙයක් තමය් උබ සමාජෙට ගිහින් සමාජෙට වැඩක් කරපන් හැමෝ එක්කම එකා වගේ ඉදපන් කියල.
මට මේ ශ්‍රී ලoකාව කියන රට සුන්දර රටක්. මම ගිය පාසල ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. මට සිංහල යාලුවො ගොඩාක් ඉන්නවා. අපි එක බත් එකට අත දාලා කාපු එවුන්. අපේ ඉස්කෝලෙ කවදාවත් අපිට ජාතිවාදය ගැන ගැන අහන්න ලැබුනෙ නෑ. අපි එච්චර කිට්ටුවුනා.
අපේ කොහු කර්මාන්ත ශාලාව අද අලුයම (19) 12.30 ටගිනිගත් පසුත් අපේ තාත්තා මට කිව්වෙ අපි ගාව ඔක්කොම වැඩකරන්නෙ අපේ සහෝදර සිංහල ජාතිකයන් අපි ඔක්කොම එකයි. මේ වගේ දෙයක් කවදාවත් අපේ වැඩකරන අය කරන්නෙ නෑ යනුවෙනි.
අප ආයතනය අවට සිටින්නෙ අපගේම සහෝදර සිංහල සහෝදරයන්. අපි එයාලට ගොඩාක් ආදරෙයි. මෙම සිදුවීම සිදුකරපු එවුන් හැදුවෙ මා තුල ඒ ජනතාව කෙරෙහි වෛරයක් ඇති කරල මාව ජාතිවාදියෙක් කරන්න.
ඒත් මම මෙම සිදුවීමෙන් පසු තවත් මාගේ සිංහල මිතුරන් සමග තවත් ලං වුනා. (මෙහිදී මම සිංහල යන වචනය පාවිච්චි කරනුයේ විස්තර කිරීම සදහා පමනි ජාති වෙන් කිරීම සදහා නොවේ)
මෙම සිදුවීම කරපු එවුන්‍ට මම දෙන පණිවුඩය "යකෝ මගේ ඇගෙත් දුවන්නෙ සිංහල ලේ අපි ලඟ ජාති බේධ නෑ!" ඒවගේම උඹලට මාව මගේ සහෝදර සිංහල යාලුවන්ගෙන් අසල්වැසියන්ගෙන් වෙන්කරන්න බෑ.
මේක මට තව හයියක් වුනා. ඔවුන් සමග සම්බන්ධතාවය වැඩිවෙන්න. මාත් සිංහයෙක් තමයි! ඒත් තනකොල කන්නෙ නෑ මචං!
මෙම සිදුවීම සම්බන්ධයෙන් මට වඩා මගේ හිතෛශී වන්ත සිංහල සහෝදර සහෝදරියන් දුක්වෙනවා.
ඒ වගේම එතැන වැඩකරන අය දුක්වෙනවා. අපි හම්බකරන් කාපු තැනට කවුද මෙහෙම කරේ? කියලා.
අපහට සිදුවූ අලාභය ආසන්න වශයෙන් ලක්ශ 12ක් පමණ වෙනවා. නමුත් මට සල්ලි වලට වඩා වටින්නෙ වැඩකරපු මිනිස්සුන්ගෙ රස්සාව. ඒ නිසා අපි ඉක්මනටම ඔවුන්ට එය සකසා දෙනවා.
ස්තුතිය - අනිවාර්යයෙන් මම ස්තුතිය පුදකරනව නුගදුව ග්‍රාමයේ හා කටුගොඩ ග්‍රාමයේ තරුණ කැල, නෑදෑ හිතමිතුරන් ,කෙරෝ සංවිදානයේ තරුණ කැල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන්,අසල්වැසි සිoහල ජනතාව හා අපට උදව් කල ආරක්ෂක අoශ
-සටහන-
මහරූෆ් මොහොමඩ්
Last edited:



