සිංහල වෙදකම threads......

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ.

    මුරුංගා ඉන්දියාවෙන් අප රටට බෝ වු ගසකි. මුරුංගා යනුවෙන් සිංහලයෙන් භාවිතා කරන නමද මුරිංගා යන දෙමළ වචනයෙන් බිදී ආවකි. ඉන්දියාවේ ජනතාව අතර වෑංජනයට ගන්නා කරල් වලින් යුත් ශාකයක් ලෙස මුරුංගා නොසැලකේ. මුරුංගා ගසේ ඵලය එහි කරලයි.
    මුරුංගා කරල් වෑංජනයක් ලෙස සකසා ගැනීම කා අතරත් ප්‍රචලිත දෙයකි. එහෙත් මුරුංගා කොළ ඉතා වටිනා ගුණයකින් යුක්ත බව පර්යේෂණ වලින් ද ඔප්පු වී ඇති අතර අතීතයේ සිටම ඉන්දිය ජනතාව විවිධ ක්‍රම අනුව මුරුංගා කොළ ආහාරයට ගත්හ.
    විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළ වල බහුලව අඩංගු වන බවත්, මුරුංගා කොළ යුෂ කෝප්පයක් බීමෙන් සිරුරට ලැබෙන ශක්තිය කිරි කෝප්ප 80කි. දොඩම් ගෙඩි 06කි. කෙසෙල් ගෙඩි 08ක් සහ අඹ කිලෝ 8 2/1ක් තුළින් ලැබෙන ශක්තියට සමාන බව කියති. මුරුංගා කොළ යුෂ බාල, තරුණ, මහලු කාටත් ගුණදායක බීමකි. කොළ මැල්ලුමද ජනප්‍රිය කෑමකි. මුරුංගා කොළ කොටා මිරිකා ගත් යුෂ කෝප්පයකට කිරි මිශ්‍ර කළ විට රසවත් බීමක් සැකසෙන බවත් එය සෙඛ්‍යයට බෙහෙවින් හිතකර බවත් කියති. මේ හැර අස්ථිවල වැඩීමටත්, ලේ පිරිසිදු කිරිමටත් ප්‍රතිශක්තිකරණ ගුණය සිරුර තුළ පවත්වා ගැනිමටත් ඒවා උපකාරි වෙයි.
    ගර්භනී මවුවරුන්ට මෙය පාවිච්චි කිරිමෙන් සිරුරට අවශ්‍ය කැල්සියම්, යකඩ සහ විටමින් වර්ග ලැබේ. එසේම දුර්වල ගති මග හැරී දරු ප්‍රසුතියද පහසු කර දරුවෙකු බිහි කිරිමට මග පාදන බව ද කියති. ඉන්දීය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මුරුංගා ඖෂධයක් ලෙසින් සැකසීමට ඔවුහු පුරුදු වී සිටිති.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නිවිති පෝෂණාගාරයක්

    වැඩිම පෝෂණයක් එකම ආහාරයකින් ලබා ගන්න කැමැති ද? එසේ නම් ඔබ අමතක නොකර කෑම පිඟානට එක්කර ගත යුතු පලා වර්ගයක් තිබෙනවා. ඒ ‘ නිවිති’ දුටු පමණින් සිත් නිවී සැනසී යන පියකරු කොළ පැහැයකින් යුත් මේ අපූරු පලා වර්ගය අපේ කෑම පිඟානේ නිත්‍ය සාමාජිකයෙක්.
    පර්සියාව වැනි දකුණු ඊසාන දිග ආසියාවෙන් ලොවට දායාද වුණු නිවිති රසවත්, ගුණවත් එළවළුවක් පමණක් නොවෙයි ඖෂධයක් ද වෙනවා.

    සවිබල සිරුරකට අත්‍යාවශ්‍යයි. පිසූ නිවිති යකඩවලින් ස්වයංපෝෂිතයි. සවිමත් සිරුරකට යකඩ නැතිවම බැහැ. ඒ නිසා රක්තහීනතාවය බරපතලම ගැටලුවක් වී ඇති අපේ කාන්තාවන් නිවිති තම ප‍්‍රධාන ආහාරයක් කර ගත යුතුමයි.

    ඔසප් වෙන වයසේ කාන්තාවන් යකඩ හිඟකමේ දැඩි අයදානමකට මුහුණ පා සිටිනවා. ඔවුන් නිවිති කෑමට ගෙන යකඩවලින් සිරුර සවිමත් කර ගැනීමට උනන්දු විය යුතුමයි. මස් කෑමෙන් යකඩ ලබා ගන්නවාට වඩා කැලරි අඩු, මේද රහිත නිවිති මගින් යකඩ ලබා ගැනීම සෞඛ්‍යයට හිත කරයි.
    ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට වැඩි වශයෙන් යකඩ අවශ්‍ය වෙනවා. ඒ වාගේම වැඩෙන වයසේ දරුවන්ටත්, ගැටවර වියේ පසුුවන්නන්ටත් යකඩ අඩංගු ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. තැම්බූ නිවිති කෝප්පයකින් දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 35.7% ක් සපුරා ගන්න පුළුවන්.

    පිළිකා නාශක ගුණයෙන් අග තැන්පත් පිළිකා නාශක සංයෝග දහතුනකටත් අධික සංඛ්‍යාවක් නිවිතිවල අඩංගුයි. පර්යේෂණ මගින් හෙළි වී ඇති අන්දමට පිළිකා සෑදීම වැළැක්වීමටත්, පිළිකා වර්ධනය මර්දනය කිරීමටත් නිවිතිවලට හැකියාව තිබෙනවා.

    මීට හොදම උදාහරණයක් ලෙස නව එංගලන්තයේ 1980 දශකයේ අග භාගයේදී නිවිති අධිකව කෑමට ගත් වැඩිහිටි කාන්තාවන්ගේ පියයුරු පිළිකා වර්ධනය අඩුවීම දක්වන්න පුළුවන්. නිවිතිවල අඩංගු කැරොටනොයිඩ පුරස්ථ ග‍්‍රන්ථයේ පිළිකා මැඩලීමට ආධාර වෙනවා. නිවිති යකඩ ලබා දෙන, සවිය ලබා දෙන ආහාරයක් වගේම හදවත, අස්ථි පද්ධතිය නීරෝගීව තබන පලාවර්ගයක්. විටමින් කේ අස්ථි පද්ධතියේ නීරෝගී භාවයට නැතිවම බැහැ. දෛනික විටමින් කේ අවශ්‍යතාවයෙන් 200% ක්ම නැවුම් නිවිති කොළ කෝප්පයකින් ලබා ගන්න පුළුවන්.

    හෘදයාබාධවලින් ආසාත ( ස්ට්‍රෝක්) තත්ත්වයන්ගෙන් බේරී සිටීමට නිවිතිවල අඩංගු විටමින් ඒ ෆෝලේට් හා සී ආධාර වෙනවා.තැම්බූ නිවිති කෝප්ප එකකින් දෛනික විටමින් ඒ අවශ්‍යතාවයෙන් 294.8% ක් ද දෛනික විටමින් සී අවශ්‍යතාවයෙන් 29.4% ක්ද සපුරා ගන්න පුළුවන්. නිවිති වල අධික රුධිර පීඩනය හෘදයාබාධ වළක්වන්නට අඩුුකරන්නට, උදව්වෙන මැග්නීසියම් හා ෆෝලේට් අඩංගුයි. දෛනික මැග්නීසියම් අවශ්‍යතාවයෙන්් 39.1% තැම්බූූ නිවිති කොළ කෝප්පයකින් ගබා ගත හැකියි.දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 65.6% ක්ම නිවිති මගින් ලැබෙනවා.
    ප‍්‍රති ප‍්‍රදාහ පෝෂක ඇඳුම ඔස්ටියෝ ආතරයිටීස් රුමැටොයිඩ් ආතරයිටීස් වැනි ප‍්‍රදාහ තත්ත්වයන් නිසා හට ගන්නා රෝග ගණනාවකින් ආරක්ෂා වීමට නිවිතිවල අඩංගු බීටා - කැරොටීන්,විටමින් සී ආධාර වෙනවා. මිග්‍රේන් තත්ත්වයෙන් නිතර පීඩා වි¼ඳින්නන්ට නිවිතිවල අඩංගු මැග්නීසියම් හා රිබෝෆ්ලෙවින් සහනයක් ලබා දෙනවා.

    තුරුණු මොළයකට. මීයන්් යොදා කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ නිවිති, වයස්ගත වීමත් සමඟ ඇති වෙන මොළයේ දුර්වලතා අවම කරන බවයි. ආසාත ( ස්ට්‍රෝක්) තත්ත්්වයකට පසු මොළයට ඇතිවිය හැකි හානිය අවම කිරීමට අධිකව නිවිති කෑමට ගැනීමෙන් පුළුවන්. හොඳින් දෙනෙත් පෙනීමට ඇසේ සුද, වයස් ගත වීමත් සමග ඇති වෙන අක්ෂි ආබාධ බොහොමයකින් ආරක්ෂා වන්නට නිවිතිවල කැරොටනයිඩ උදව් වෙනවා.

    නිවිතිවල අඩංගු පෝෂක විටමින් කේ විටමින් ඒ මැංගනීස් යකඩ විටමින් සී විටමින්් බී 2කැල්සියම්පොටෑසියම් විටමින් බී 6 ( පිරිඩොක්සීන්) කෙඳි විටමින් බී 1 ( තයමීන්) තඹ පෙ‍්‍රීටීන් පොස්පරස් සින්ක් විටමින් ඊ ඔමෙගා 3විටමින් බී ( නියැසීන්) සිලේනියම්.නිවිති පමණට වඩා තැම්බීමේදී පෝෂක රැසක්ම විනාශ වෙන නිසා බාගෙට තැම්බීම වඩාත් සුදුසුයි.

    නිවිති කොළ හා ගෙඩි පෝෂණයක් ගෙන දෙන ස්වභාවික වර්ණකයක්. නිවිති කොළ යුෂ සුප්වලට යෙදීමෙන් පි‍්‍රයමනාප කොළ පැහැයක් දිස් වෙනවා. ඉදුණු නිවිති ගෙඩිවල මාංසමය කොටසෙහි යුෂ, ලෙමන් යුෂ එක්කර ආහාර වර්ණ ගැන්වීමට යොදා ගන්න පුළුවන් ඉදුණු නිවිති කොළ මිලදී ගනු එපා. මෘදු රැලි නොවැටුණු, තැලී නැති නිවිති කොළ තෝරා ගන්න. නිවිති කොළ ලිහිල්ව ප්ලාස්ටික් බෑගයක අසුරා ශීතකරණයක දින හතරක් තබා ගත හැකියි. ශීතකරණයේ තැබීමට පෙර නිවිති කොළ සේදීමෙන්් වළකින්න. සේදූ කොළ ඉක්මනින් නරක්් වෙනවා. පිසූූ නිවිති ශීතකරණයේ තැන්පත් කිරීම සුදුසු නැහැ.

    කෙතරම් ගුණදායක වුවත් සමහරුන්ට නිවිති අසාත්මිකයි. එවැනි අය නිතර නිවිති කෑමට එක්කර ගත යුතු නැහැ. දේශීය වෙදකමෙහි නිවිතිවලට හිමි තැන දේශීය වෙද පොතෙහි නිවිති හඳුන්වා ඇත්තේ කෙඳි සහිත, සිරුරට අවශ්‍ය ලෝහ ලවණ හොඳින් ලබා දෙන පලා වර්ගයක් ලෙසයි.
    වාත හා පිත සම්බන්ධ රෝග සමනය කිරීමේ අපූරු ගුණයක් නිවිති සතුව තිබෙනවා. එහෙත් මෙහි සෙම ගතිය වැඩිකරන ගුණයක් පවතින නිසා සෙම් රෝගීන්ට එතරම් සුදුසු නැහැ. පෝෂ්‍ය ගුණයෙන් ඉහළ නිසා නිවිති දිරවීමට මදක්් අසීරුයි. එනිසා කුසගිනි නැති විට නිවිති කෑමට ගැනීම සුදුසු නැහැ. කුස ගිනි නැතුව නිවිති කෑමට ගැනීමෙන්් කුස පුරවා දමනවා. විති ආමාශයේ ශ්ලේෂ්මල ස‍්‍රාවය අධික කරන නිසා ගැස්ට‍්‍රයිටීස් හෙවත් ආමාශදාහයෙන් පීඩා විඳින අයට ගුණදායකයි. එහෙත් ශ්ලේෂ්මල ස‍්‍රාවය අධික කරවන නිසා සෙම් බහුල ක්ෂය රෝගය වැනි ස්වසන ආබාධ ඇති ;රීගීීන්ට නිවිති එතරම් සුදුසු කෑමක් නොවෙයි.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හාතාවාරිය කොළ කැඳ බීමෙන් පිරිපුන් සිරුරක්

    අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට ඖෂධීය ගුණයෙන් අනූන යැයි සැළකෙන මෙම ශාකය හාතාවාරිය නමින් හඳුන්වනු ලබයි. Asparagus racemosus wild යන උද්භීද විද් යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම ශාකය ලිලියේසේ (Liliaceae) කුලයට අයත් වේ. ඉතා පුළුල් ලෙස උසට වැඩෙන කටු සහිත වැල් වර්ගයක් වන මේවා සාමාන් ය ගෙමිදුලක වුවද ඉතා හොඳින් වර්ධනය වේ. ආකාන්දීය මුලක් සහිතය. තරකුරූපී මාංශලමය සෙ. මි. 30-100 තරම් දික් වූ සෙ. මි. 1-2 තරම් ඝනකම ඇති මුල් රැසක් එම ආකන්දීය මුලෙන් පැන නගී. පත ් ර සිහින්ය. දිගටිය. මල් ක ් රමවත්ය. ද්විලිංගිකය. සුදු පැහැතිය. පොකුරු සේ හටගනියි. පෙබරවාරි මාසය පමණවන විට මල් හට ගන්නා අතර මුළු පරිසරයම ඒවායින් සුවඳවත් වේ. ලංකාවේ ති ් රකුණාමලය, පුත්තලම, යාපනය මිහින්තලේ ප ් රදේශවල බහුලව දැකිය හැකි අතර ඉන්දියාව, උෂ්ණ කලාපීය අපි ් රකාව ජාවා හා ඕස්ටේ ් රලියාව වැනි රටවලද මෙම ශාකය දක්නට ලැබේ. ලංකාවේ දක්නට ලැබෙන අනෙක් හාතාවාරිය විශේෂ නම් asparagus falcatus ය. අඩි 4000 ක් දක්වා වූ තෙත් සහ අතර මැදි කලාපයට අයත් පෙදෙස්වල විශේෂයෙන් දක්නට ලැබේ. හාතාවාරිය කොළවල අඩංගු ඛණිජමය පදාර්ථය පොටෑසියම් වේ. සෝඩියම් කැල්සියම් හා මැග්නීසියම් සාමාන් ය ප ් රමාණයන්ගෙන් ද යකඩ සින්ක් හා ද කොපර් ඉතා සුළු ප ් රමාණයන් ගෙන් ද අඩංගුය. කොළ කැඳ සඳහා භාවිතා වන්නේ හාතාවාරිය කොළ හෙයින් මෙම සංයුතීන් වැදගත් වේ.

    හාතාවාරිය කඳෙ පිටපොත්ත ප ් රතිබැක්ටීරියාමය හා ප ් රතිදිලීරමය ලක් ෂණ පෙන්වන අතර ඒවා ග ් රසනිකාවේ පිළිකාමය සෛල ඇති කිරීමෙහි සමත් බව පරීක් ෂණ වාර්තා කරයි. ආයුර්වේදයේ දක්වන ආකාරයට හාතාවාරිය වාතය, පිත සමනය කරයි. එසේම බඩගින්න නැතිකරන අතර සිරුර පෘෂ්ටිමත් කිරීම සිදු කරයි. ගුල්මය අතීසාරය, වැනි රෝග නිරාවරණය කරන අතර ඇසට හිත කරයි. මෙහි දී වැදගත්ම වන්නේ ඒවා හෘදයට හිත කර වීමයි.

    මුත ් ර මාර්ගයේ ලේ පිටවීමේ රෝගය සඳහා අමුකහ, හාතාවාරි අල, ගොකටු කිරි කසාය ගුණදායක වේ. රක්තාතීසාරයටත්, අපස්මාරයටත් හාතාවාරිය එළකිරෙන් අඹරා පානය කිරිම ගුණ වේ. අර්ශස්වලට හාතාවාරිය මෝරු වලින් අඹරා පානය කිරීම ද ගුණයි. අධික දාහයට හාතාවරිය, අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, කටුකරෝසන කසාය ලෙස සාදා බීම යෝග් යයි. එසේම හාතාවාරිය කොළ ගිතෙලින් බැද අනුභව කිරීමෙන් රාතී ් ර අන්ධතාව සුව වේ.

    සිද්ධාර්ථ තෛලය, මහා නාරායන තෛලය, විෂ්ණු තෛලය, ශාතවාරී තෛලය, නරසිංහ රසායනය ආදිය හාතාවාරිය යොදා පිළියෙල කරනු ලබන ප ් රකට ඖෂධ වේ. එයින් සිද්ධාර්ථ තෛලය ප ් රකට වාත නාශක ඔසුවක් වන අතර හෘද රෝගයනට ද ගුණදායක බව දක්වා ඇත. නරසිංහ රසායනය දහඅට වැදෑරුම් පීනසට ද දියවැඩියාවට ද ඉතා ගුණ දෙන ඖෂධයක් ලෙස ප ් රකට වේ. මහා නාරායන තෛලය පක් ෂගාත, හිසරුදා, කොරවීම, ආදියට ද වඳ ස්ති ් රනට දරු සම්පත් ලබා දිමට ද වාත රෝග, නැසීමට ද ගුණදායක වේ.

    හාතාවාරිය අල කැඳ පිළියෙල කිරීමේදී හාතාවාරිය අලවල පොතු හැර මැද නාරටිය ඉවත්කර ගත යුතුය. අනෙකුත් කැඳවර්ග පිළියෙල කරන ආකාරයට ම හාතාවාරිය අල කැඳ ද පිළියෙල කර ගත හැකිය. මෙම අල කැඳ ඉතා පෝෂ් යදායකය. රසායන ගුණයෙන් ද යුක්ත වේ. හාතාවාරිය කොළ කැඳ වලින් කැඳ පිළියෙල කිරීමට ගෘහණියන් නිතර උනන්දුවක්් දක්වනවා.

    හාතාවාරිය කොළ යුෂ සමග පිසගත් හිනටිහාල් කැඳ (ලුණු නැතිව) ගිතෙල් හා පානය කිරිම නේත ් ර රෝගවලට ගුණදායකය. හාතාවාරිය කොළ කැඳ පිත් සමනය කරයි. වාත නාශකයි. ශරීරයේ දැවිල්ල නැති කරයි. ස්තී ් රන්ගේ ශ්වේත ප ් රදරයට, අධික ඔසප් වීමට ගුණදායකය. එසේම හොඳ ශක්ති ජනක පානයක් ලෙස ද සැලකේ. හාතාවාරිය රතුලූණු, ගොටුකොළ කැඳ පිස කිතුල් හකුරු සමඟ දීම රත් පිතට ඉතා ගුණදායකය. හාතාවාරිය කරපිංචා කොළපොතු කොටා මිරිකා යුෂ ගෙන පොල් කිරි දමා තණ හාල් දමා කැඳ පිස බීමට දීම (ලුණු නොදමා) සියලු සර්ප විෂ පැය බාගයකින් නසා ක් ෂණික සුවයක් ලැබෙන බැවින් ද මෙය අත්දුටු ප ් රතිකාරයක් බැව් ද දක්වා තිබේ.
    අරවින්ද
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔසු ගුණ පසෙක ලා පෝෂණ ගුණ හඹා ගොස් අපට අහිමි වූ අපේ ආහාර වේල...


    ඔබ වැඩිහිටියෙක් නම්, ළමා අවදියේ ජීවත් වූයේ ගැමි පරිසරයක නම් ඔබගේ වැඩිහිටියන් ඔබට ආහාර රටාව පුරුදු කළ අන්දම මඳක් මතකයට නංවාගන්න.
    ‘‘ගොටුකොළ කෑවාම මොළේ වැඩෙනවා…. කැකිිරි ඇඟ සීත කරනව, මුත‍්‍රා අමාරු නැති කරනව..
    රටදෙල් ඌෂ්ණ කෑම..
    කරවිල සීනි අඩු කරනවා..
    පොලොස් කෑවම අම්මලාට කිරි එරෙන එක වැඩි වෙනව..
    බෙලි කෑවම බඬේ තුවාල සනීප වෙනචා..” වැනි කතා ඔබට ඔබේ දෙමාපියන් හා වැඩිහිටියන් කියන්නට ඇත.
    ඔබගේ මතකය අලූත් කරගන්න. ඔබ ආහාරයට ගත් සෑම දෙයක ම ඖෂධීය ගුණ අගුණ ඔබගේ වැඩිහිටියන් කී අන්දම ඔබගේ සිහියට ආ යුතු ය. ඔබ අනුභව කළ සෑම සහල් වර්ගයක් ම යම්කිසි ඖෂධීය ගුණයක් නිසා ප‍්‍රචලිත විය. හීනටි හාල්වල කැල්සියම් ඉහළ අගයක් ගත් නිසා දරු ප‍්‍රසූතියකින් පසු ශරීර ශක්තිය යළි වඩවා ගැනීමට කිරි දෙන මවුවරුන්ට සුවිශේෂ විය. සුවඳැල් මධුමේහයට ප‍්‍රතිකාරයක් විය. බත් වශයෙන් ගන්නවාට වඩා ඇතැම් සහල් වර්ග කැඳවලට උචිත විය.
    උත්සව අවස්ථාවල සකස් කළ අමතර ආහාර, රස කැවිලිවල පවා ඖෂධීය ගුණ අගුණ ගැන අපි දැන සිටියෙමු. අධික ලෙස තෙල් සහ සීනි සහිත ආහාර බහුලව ගන්නා උත්සව කාලවල දී ගනු ලබන අනෙක් ආහාර එම තෙල් සහ සීනි ගතිය සමනය කරගැනීමට හැකිවන පරිදි සකසා ගත් එ්වා විය. දහවල ගත් ආහාරය සමග ගැටෙන/නො ගැළපෙන ආහාර රාත‍්‍රි ආහාර වේලට එක් නො වී ය. පත්තියම යන්න ඖෂධවලට මෙන් ම ආහාරවලට ද අදාළ විය. ඇතැම් ආහාර වර්ග රාත‍්‍රි ආහාර වේලට කිසි විට එක් කරගත්තේ නැත.
    මෙම ආහාර ගුණයන් අපගේ වැඩිහිටියන්ගේ මනස්ගාත නො වී ය. දේශීය වෛද්‍යවරයෙක් හමුව විමසන්න. ඔවුන් එ්වා ඉහළින් ම අනුමත කරනු ඇත. බොහෝ විට ගැමියන්ට, වැඩිහිටියන්ට එම දැනුම ලැබෙන්නට ඇත්තේ දේශීය වෙදැදුරන්ගේ ඇසුරෙන් ම විය හැකි ය. කාලාන්තරයක් තිස්සේ ලබන ලද අත්දැකීම්වලින් විය හැකි ය.
    මා මේ දෙය මතකයට නැංවූයේ අපගේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත් ම අංගයක් ඔබට තේරුම් කරදීමට ය. එනම් අප ගත් සෑම ආහාරයක් ම ඖෂධයක් බව ය. පැහැදිලි ඖෂධීය අගයක් හඳුනාගෙන තිබූ එ්වා බව ය. ඖෂධ අවශ්‍ය වන්නේ රෝග වළක්වා ගැනීමට සහ රෝගවලට ප‍්‍රතිකාර කිරීමට ය. එසේ නම් දේශීය ආහාර සංස්කෘතිය නිරෝගී ජන සමාජයක් ඉලක්ක කරගෙන සකස් වූවක් ලෙස හඳුනාගත නො හැකි ද? අප පැරැන්නන්ට අද අප අත්විඳින සෞඛ්‍ය ගැටලූ නො වූයේ එම නිසා නො වේ ද?
    සෑම දෙනා ම දන්නා මෙම කරුණ යළි අවධානය කරන්නට අදහස් කළේ ආහාරය පිළිබඳව ඇති මෙම මූලික සත්‍යය යළි විමර්ශනකට භාජනය කරගත යුතු කාලය දැන් එළඹ ඇති බැවිනි. වර්තමානයේ ආහාර රටාව ගැන අප තුළ ඇති වැරදි වැටහීම් ගැන යළි විමසා ගැලීමට කාලය එළඹ ඇති බැවිනි.
    සමබර ද...? සමබල ද...?
    වර්තමානයේ අපට ආහාර පිළිබඳව දැනුම ලබා දෙන්නේ පාසලේ දී හෝ සෞඛ්‍ය නිලධාරීන් විසිනි. පාසලේ විෂය කොටසක් ලෙස සෞඛ්‍යාරක්ෂක ආහාර ගැන ඔබ උගත් බවට සැකයක් නැත. එමෙන් ම රජයේ රෝහලකට හෝ මහජන සෞඛ්‍ය කාර්යාලයකට ගියහොත් විශාල පෝස්ටර් මාර්ගයෙන් ඔබට සහ ඔබට හා ඔබේ දරුවාට ලබා දිය යුතු පූර්ණ ආහාර වේලක් ගැන උපදෙස් දී ඇති අන්දම පෙනෙනු ඇත. ශරීරය වැඩෙන ආහාර, ශක්තිජනක ආහාර, ශරීරය නිසි පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාර ගැන මෙමගින් ඔබට පැහැදිලි කර ඇත.
    එවන් පෝස්ටරයක ඇති කරුණු සාරාංශ වශයෙන් මෙසේ ය. එහි කාණ්ඩ 6 කට ආහාර වර්ග බෙදා එ්වා පරිභෝජනයට උපදෙස් දෙයි.
    1. බත්, ධාන්‍ය පිටි සහිත ආහාර
    2. එළවළු
    3. පලතුරු
    4. මස්, මාලූ, බිත්තර, හාල්මැස්සන්, කරවල, පියලි සහ ඇට වර්ග
    5. කිරි ආහාර
    6. හිතකර මේද අඩංගු මාලූ, කජු, රට කජු, අලිගැටපේර ආදිය
    එමෙන් ම එහි දක්වන්නේ මෙම වර්ගවලින් යුතු සමබල ආහාරයක් දිනපතා ගන්නා ලෙසයි.
    මඳක් සිතා බලන්න. අප දේශීය ආහාර සංස්කෘතියේ වූ ප‍්‍රධාන ම නිර්ණායකය වන ඖෂධීය ගුණය අද අපට ආහාර ගැනීමේ දී මතකයට එන්නේ නැත. එ් වෙනුවට ප්‍රෝටීන්, විටමින් කාබොහයිඩ්‍රේට්, කැල්සියම්, යකඩ වැනි විද්‍යාත්මක නිර්ණායක මුල් තැනට පැමිණ ඇත. නවීන විද්‍යාවේ දියුණුවත් සමග එවැනි විග‍්‍රහයක් ආහාර පිළිබඳව දක්වන්නට සිදු වීමේ වරදක් අප දකින්නේ නැත. ඔබේ දරුවාට, කැල්සියම්, යකඩ, ප්‍රෝටීන්, අඩංගු ආහාර ලබාදීම ඔබේ පරම ඉලක්කය බවට සැකයක් නැත. ඉහත සඳහන් පෝස්ටරයේ සඳහන්වන පරිදි සියලූ පෝෂ්‍ය පදාර්ථ අඩංගු අංග සම්පූර්ණ ආහාර වේලක් සඳහා ඔබ ඉලක්ක කරනවා විය හැකි ය. එහි වරදක් අප දකින්නේ නැත. එහෙත් ඔබ ගන්නා ආහාර මගින් මෙම ඉලක්කය කෙතෙක් දුරට ඉටු වනවා දැයි ඔබ සිතා බැලූවා ද? ඔබ ‘සමබල’ වන්නට සිතුවා මිසක ‘සමබර’ වන්නට සිතුවේ නැත.
    ගත සුවපත් නො කරන ආහාර...
    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටලූ (රෝග) අතරින් බහුතරය වන්නේ බෝ නො වන ගණයට වැටෙන එ්වා ය. බෝ නො වන රෝග යනු පරිසර සාධක නිසා නො ව, ඔබ විසින් ම ඔබේ වැරදි ජීවන රටාව නිසා ඇති කරගන්නා රෝග ය. පසුගිය සියවසේ මෙරට දරුණු ම රෝග වූයේ මැලේරියාව, ඩෙංගු, පාචනය වැනි වසංගත මට්ටමේ එ්වා ය. එනම් පාරිසරික සාධක මුල් කොටගෙන වැළඳෙන රෝගයන් ය. විවිධ රජයන් විසින් ගන්නා ලද වැළැක්වීමේ ක‍්‍රියාමාර්ග සහ ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් නිසා මේ වන විට එබඳු බෝ වන රෝග යම් තරමකට පාලනය වී ඇත.
    අපි නිසා ම ලෙඩවෙන අපි...
    එහෙත් එම රෝගවලට තිබූ තත්ත්වය අද වන විට හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, පිළිකා, ඔස්ටියෝපොරෝසිස් වැනි අප විසින් ම සාදා ගන්නා ලද අටානුවක් රෝගවලට හිමි වී ඇත.
    අද ලෝකයේ රෝගීව මිය යන්නන්ගෙන් දළ වශයෙන් 60% ක් පමණ මිය යන්නේ බෝ නො වන රෝගවල ප‍්‍රතිඵල නිසා ය. වසරකට ලක්‍ෂ 80ක පමණ ජනගහනයක් අධි රුධිර පීඩනයෙන් ද, ලක්‍ෂ 30ක ප‍්‍රමාණයක් බර අධිකකමින් ඇති වන සංකූලතා නිසා ද මිය යති. ලක්‍ෂ 50ක් මිය යන්නේ දුම් පානය නිසා ය. 2030 වසර වන විට බෝ නො වන රෝගවලින් මිය යන ගණන ලක්‍ෂ 52ක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වේ.
    ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් ද අප කණගාටු වන තත්ත්වයන් වර්ධනය වනු පෙනේ. පසුගිය වසර 50 තුළ දී අපි බෝවන රෝග 24% සිට 12% දක්වා අඩු කරගෙන සිටිමූ. එ් වෙනුවට හෘද රෝග 3% සිට 24% දක්වා වර්ධනය කරගෙන සිටිමුු. වර්තමානය වන විට අප රටේ රෝහල්වල ප‍්‍රතිකාර කරනු ලබන සියලූ රෝග තත්ත්වයන්ගෙන් 85%ක් ම බෝ නො වන ගණයේ එ්වා බවට පත්ව ඇත.
    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ හෘදරෝග සහ දියවැඩියා රෝගවලින් 80%ක් සහ පිළිකාවලින් 40%ක් ම අපගේ ජීවන රටාව වෙනස් කරගැනීමෙන් වළක්වා ගත හැකි බව ය.
    ධනවතුන්ගේ රෝගයෙන් බැටකන දුප්පතුන්...
    තවත් සිත් ඇදගන්නා සුලූ තොරතුරක් ඇත. ඉහත සඳහන් බෝ නො වන රෝග ‘ධනවතුන්ගේ රෝග’ යයි සාමාන්‍ය කතාවක් ඇත. එසේ පවසන්නේ අධි පරිභෝජනය නිසා එම රෝග වැළඳෙන බැවිනි. එසේ නම් ලොව ධනවත් රටවල් මෙම රෝගවලින් මුල් තැන ගත යුතු ය. එහෙත් සත්‍යය වන්නේ සමස්ත ලෝකයේ ම මෙම බෝ නො වන රෝගවලින් 80%ක් ම ඇත්තේ නො දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල බව ය.
    මෙයින් ගම්‍ය වන සත්‍යය කුමක්ද?
    සංවර්ධනයේ නාමයෙන් අපි දියුණු රටවල් ආදර්ශයට ගැනීමේ පුරුද්දකට ඇබ්බැහි වී සිටිමු. බටහිර රටවල් තම වැරදි ජීවන මාර්ගයන් නිවැරදි කරගන්නා තත්ත්වයක දී පවා අපි ඔවුන් බැහැර කළ ජීවන මාර්ග යළි වැළඳගනිමින් සිටිමු. සර්පයා නැට්ටෙන් අල්ලා ගත් අයකුගේ තත්ත්වයට අප පත් වී සිටිනු අපට ම නො වැටහීම අවාසනාවකි.
    වරද ඇත්තේ කොහිද? බටහිරෙන් පැමිණෙන පරිභෝජනවාදය වැළඳගත් අපි නවීන ජීවන රටාවේ නාමයෙන් අපගේ සියලූ සාම්ප‍්‍රදායික දැනුම සහ තාක්ෂණය ප‍්‍රතික්ෂේප කළෙමු. බටහිර කෑම බීම ජීවන මට්ටම උසස් යයි පෙන්වන සංකේතයක් ලෙස සලකන තරමට ම අප ඊට ගැති වී සිටිනු පෙනේ.
    දේශීය ආහාර රටාව යළි පණ ගන්වමු...
    දේශීය චින්තනයට පිටුපෑමේ ප‍්‍රතිඵල අපි අද භුක්ති විඳිමින් සිටිමු. මෙය ඔබට වඩාත් තේරුම්ගත හැක්කේ එය වර්තමාන ආහාර රටාව සමග සැසඳීමේ දී ය. මෙම කරුණු සලකා බලන්න.
    අද නිතර ඔබට මුණ ගැසෙන ආහාර ඔබ අනුභව කරන්නේ කුමන නිර්ණායක මත ද? අධික සීනි, අධික තෙල් ප‍්‍රතිශතයන් සහිත ආහාරයන් මිස ඖෂධීය හෝ හිතකර පෝෂණීය ගුණයක් ගැන සඳහන් කළ හැකි ආහාර එ් අතර වේ ද?
    දිව පිනවීමේ ස්වභාවික ආශාව ඔබගේ තාර්කික ඥානය අභිබවා ගොස් නො වේ ද? ඔබ තුළ සැඟවී ඇති දිව පිනවීමේ තණ්හාව මනා ලෙස අවබෝධ කරගත් සමාගම් විසින් රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් වැනි මාධ්‍යවලින් අකර්ෂණීය වෙළඳ දැන්වීම් හරහා එ් සඳහා ඔබව පොළඹවා ගැනීම නිසා හැර මේ ආහාර නිතර භාවිතය ගැන වෙනත් තාර්කික හේතුවක් ඔබට සඳහන් කළ හැකි ද?
    ඔබ අත්‍යවශ්‍ය යැයි සිතා පරිභෝජනය කරන ආහාර වර්ග ගැන යළි මඳක් සිතා බලන්න. ඔබගේ රස තණ්හාව අවුස්සන සමාගම් ප‍්‍රචාරයන්ට ඔබ වසඟ වී නැති ද?
    ඔබ පරිභෝජනවාදයේ ගොදුරක් වී ඇතිවා මිස සිදු වී ඇති දෙයක් නැත. ශරීරයේ සුවතාව රැුකගැනීමට කිසිදු පිටිවහලක් නැති ආහාර රටාව ඔබ සිරකරුවකු කොට නොමැති ද?
    කෑම පිඟාන ගැන අලූතින් සිතමු...
    ශ‍්‍රී ලාංකික අපගේ දේශීය ආහාර සංස්කෘතිය සම්බන්ධව යළි විමසා බැලිය යුතු කාලය එළඹ ඇත. ‘ආහාරය සෞඛ්‍යය රැුකගැනීම සඳහා ය.’ යන අපගේ දේශීය චින්තනය ගැන හැරී බලන්න. අපගේ වැඩිහිටියන්ගේ දැනුම සහ තාක්ෂණය ගැන ගෞරවයෙන් බැලීමට මේ කාලයයි.
    අපගේ සම්ප‍්‍රදායික ආහාර සංස්කෘතිය ගැන බොහෝ ලියවී ඇත. ඇතැම් රූපවාහිනී නාලිකා මගින් දේශීය ආහාර සැකසීම ගැන වැඩසටහන් නිතර ප‍්‍රචාරය කරනු දක්නට ඇත. එහෙත් මෙම ආහාර පරිභෝජන රටාව කෙතෙක් දුරට ඔබගේ සිත තුළට පිවිස ඇත්දැයි සිතා බලන්නට කාලය එළඹ ඇත.
    අප සම්ප‍්‍රදායික ආහාර සංස්කෘතිය බුදු දහමින් පෝෂණය වූ සශී‍්‍රක සමාජයක සිතුම් පැතුම් පිළිබිඹු කරයි. දිව පිනවීම පමණක් නො ව, සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවිත යාත‍්‍රාව ගෙන යාම ද දේශීය ආහාර සංස්කෘතියේ ප‍්‍රධාන පරමාර්ථ විය. ආහාරය ඖෂධයක් ම විය.
    ‘‘නේ ව දවාය න මදාය න මණ්ඩනාය න විභුසනාය, යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසුපරතියා බ‍්‍රහ්මචරියානුග්ගහාය – ඉති පුරාණඤ්ච වේදනං පටිහංඛාමි නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමි, යාත‍්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච ඵාසු විහාරෝචා’ති..”
    ‘‘මේ ආහාර ගන්නේ ජවය පිණිස නො වේ; මත් වීම පිණිස නො වේ; ඇඟපත සැරසීමට නො වේ; අඩු තැන් පුරවා ගැනීමට නො වේ; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. වෙහෙස සන්සිඳවාගන්න විතරයි. බඹසර ජීවිතයට රුකුල් දීම පිණිස විතරයි. මේ අයුරින් පැරණි බඩගිනි වේදනා මං බැහැර කරනවා. අලූතින් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිතය නිවැරදි ලෙස පහසුවෙන් පවත්වාගෙන යනවා.”
    (ගණක මොග්ගල්ලාන සූත‍්‍රය – ම. නි.)
    ඉහත දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආහාරය ගැන බැලිය යුතු ආකාරය පිළිවඳව භික්ෂූන් වහන්සේලාට වදාළ කරුණු ය. මෙම කරුණු දේශනා කරන ලද්දේ භික්ෂූන් වහන්සේලා සඳහාවන බැවින් අපට අදාළ වන්නේ කෙසේ දැයි කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් අපගේ දේශීය ආහාර සංස්කෘතියට මෙයින් ඇති කරන ලද බලපෑම ගැන ඔබ කෙතෙක් දුරට සිතා බලා ඇද්ද?
    ඉහත සඳහන් කළ පරිදි බුදුරජාණන් වහන්සේ ආහාර සම්බන්්ධව වදාළ කරුණු අප පාරම්පරික ජනතාව අදාළ කරගත්තේ නැති ද? එසේ අදාළ කරගැනීම ඔවුන්ගේ හිත සුව පිණිස පැවතියේ නැති ද?
    මා මේ දෙය යළි යළි මතකයට නංවනුයේ අපගේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත් ම අංගය ඔබගේ අවධානයට යොමු කරදීමට ය. එනම් ‘මේ ආහාර ගන්නේ ජවය පිණිස නො වේ; මත් වීම පිණිස නො වේ; ඇඟපත සැරසීමට නො වේ; අඩු තැන් පුරවා ගැනීමට නො වේ; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි.’
    දේශීය ආහාර සංස්කෘතිය යළි පෙරට ගෙන එන්නට, නිරෝගී සුවය විඳින්නට ඔබට වාසනාව උදා වේවා…!
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අර්ශස් රෝගය සඳහා නිවසේදී කළහැකි ප්‍රතිකාර ක්‍රම.

    මගේ හිතවතුන් කිහිප දෙනෙක්ම අර්ශස් රෝගි තත්වයට ගොදුරු වි බොහෝ සෙයින් මානසිකවත් ශාරිරිකවත් වේදනා කාරි ජිවිතයක් ගත කරනු මම සියසින් දැක ගත් නිසා අර්ශස් රෝගය පිලිබඳව අන්තර්ජාලය ඔස්සේ සොයා ගත් තොරතුරු මත මේම අත් බෙහෙත් පිලිබඳ ඔබව දැනුවත් කර යම් යකුට හෝ උපකාරයක් වේයැයි සිතමි.

    පෙර බව තුල කල කුසල් හා අකුසල් මත රදා පවතින අප ජිවිතය මෙවැනි රෝග තත්වයන් නිසා මහත් සේ පිඩාවට පත් විමට සිදුවේ. කර්මය අනුව හට ගන්නනා බොහෝ රෝගි තත්වයන්ගෙන් අපට මුදවා ගැනිමට නොහැකි උනත් නිවරදි ප්‍රතිකාර ක්‍රම මගින් එම රෝගි තත්වයන්ගෙන් සම්පුර්ණයෙන්ම අපට මිදිමට හැකියාව ඇත.

    දැනට කල ඇති සමික්ෂණ වලට අනුව කාන්තා පාර්ෂවයට වඩා පිරිමි පාර්ෂවයට අර්ශස් රෝගය වැලදිමේ ප්‍රවනතාවය වැඩි ලෙස වාර්තාවෙනවා. වර්ථමාන සමාජය තුලද දැන් මෙම රෝගය ඉතා බහුල ලෙස පැතිරි යන රෝගයක් ලෙස දක්නය පුලුවන්. අතිතයේ වයසින් ඔබ්බට ( මැදියම් වයසේ ) ගිය උදවිය මෙම රෝගය හට ගොදුරුවුවද මේ වන විට ඉතා තරුණ පිරිස් මෙම රෝග තත්වයට ගොදුරු වි ඇති බවද වාර්ථා වේ.

    අර්ශස් යනුවෙන් හැඳින් වෙන්නේ ගුද මාර්ගය පිටතට නෙරා එන රතු පැහැති හෝ කළු පාටට හුරු අඳුරු රතු පැහැයෙන් යුතු ගෙඩි විශේෂයකි. ගුද මාර්ගයේ අභ්‍යන්තර ශ්ලේෂ්ම වල පටක වල ඇති රුධිරවාහිනී ඉදිමී පිටතට නෙරා ඒම නිසා මෙම තත්ත්වය ඇති වේ. මෙම තත්ත්වය මල බද්දයට හේතු වේ. එසේම අර්ශස් රෝගයේ වර්ග ඇත එනම්..
    1. රක්ත අර්ශස් ( ලේ අර්ශස් )
    2. අභ්‍යන්තර අර්ශස්
    3. බාහිර අර්ශස්
    4. ගුද භ්‍රන්ස
    5. භගන්දරා
    6. පරිකර්තිකා
    7. විද්‍රාදී
    මේ සෑම ආකාරයේ අර්ශස් රෝගයක් සඳහාම පොදු ලක්ෂණය වන්නේ මල බද්ධය, බඩ පුරවාදැමීම, ලේ වහනය වීම, සීදන් යාම, යටි බඩ හා දණහිස් වේදනාව, මුත්‍රා අඩස්සිය, නොසන්සුන් බව හා තරහ යාම වැනි දේ දැකිය හැකියි.

    මෙයට හේතු කාරක වන්නේ වතුර අවශ්‍ය පමණ පානය නොකිරීම, කොළ වර්ග ආහාරයට එක කර නොගැනීම, සැර ආහාර වර්ග හා කෘතීම ආහාර වර්ග වලට ඇබ්බැහි වීම සහ නිතරම බඩ වියලන ආහාර වර්ග ගැනීම, පළතුරු වර්ග ආහාරයට නොගැනීම මේ රෝගයට මුල් වේ. එසේම සැර දේවල් සමග මධ්‍යසාර ගැනීමද රුධිරය පිට වීමට ඉතා ප්‍රබල හේතුවක් වේ. මෙම රෝගී තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් මෙම රෝගයෙන් මිදීමට හැකියාව ඇත. එසේම අද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙය සම්පුර්ණයෙන් සුව කිරීමට හැකියාව ඇත.

    * අර්ශස් රෝගය සඳහා නිවසේදී ඔබටම සාදා ගත හැකි සුදුසු අත් බෙහෙත් කිහිපයක්
    1. කොහිල අල, ගොටුකොළ, සෙනෙහෙ කොළ කලන් 3 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා උදේ සවස බොන්න.
    2. සේපාලිකා දළු දෙමිටක් තම්බා රාත්‍රී නින්දට පෙර බොන්න.
    3. වියළා ගත් බෙලිගැට මද කුඩු කර එළඟි තෙල් සමග මිශ්‍ර කර කන්න.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මතක ශක්තිය වඩවා ගැනීම සඳහා සුදුසු ඔසු

    මතක ශක්තිය වඩවා ගැනීමට සහ මානසික ඒකාග්‍රතාවය සඳහා සුදුසු ආයුර්වේදයේ සඳහන් වන ඔසු අතර ලුනුවිල හා තල යන ඖෂධ ප්‍රධාන තැනක් ගනී. තවද නිවිති සහ ගොටුකොල ද ආහාරයට එක් කර ගැනීමෙන් මතක ශක්තිය වඩවා ගත හැකි බව සඳහන් වේ.
    ලුනුවිල
    වගුරු බිම් ආශ්‍රිතව කරදිය හෝ මිරිදිය ජලාශ ආශ්‍රිතව වැඩෙන ලුනුවිල ශාකය ගෙවතු වලද ගෘහ අලංකරණය පිණිස පෝච්චියක හෝ ජලය ඇති ස්ථානයක වවාගත හැක.
    ඖෂධීය ගුණ
    තික්ත රසයකින් යුක්ත වන ලුනුවිල ආයුර්වේදයේ සඳහන් වන තුන් දොසින් වා, සෙම් නසන අතර පිත් වැඩීමේ ගුණයකින් යුක්ත වේ.
    මේධය ගුණය හෙවත් මතක ශක්තිය (ධාරණ ශක්තිය ) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි. මානසික දුර්වලතා, උන්මාද, ශීර්ෂ අභිඝාත ඇති යට ලුනුවිල ප්‍රධාන ඖෂධය නියම කර ඇත.
    තල
    තල යනු ඉතා ප්‍රණීත ආහරයක් බව ඔබ කව්රුත් දන්නා කරුණකි. මෙය ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමයේ රෝග සමනය සඳහා ඖෂධ වලට අමතරව ආහාරයක් වශයෙන්ද භාවිත කරයි. තල ප්‍රධාන වශයෙන් ප්‍රභේද 3කින් යුක්ත වේ. කළු තල, සුදු තල, රතු තල වශයෙනි. ඖෂධ වලට භාවිත කරනුයේ කළු තල ය.
    ඖෂධීය ගුණ
    ශරීරය පෘෂ්ටිමත් කරයි. ශක්තිය වර්ධනය කරයි. ආයුර්වේදයට අනුව සෑම තෙලක්ම සාදා ගැනීමට භාවිත කරන්නේ තල තෙල්ය.
    එමෙන්ම මතක ශක්තිය (ධාරණ ශක්තිය) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි.
    නිවිති
    ලංකාවේ ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන වැලකි. හිරු එලිය හොඳින් වැටෙන කුඩා බිම් කොටසක හෝ පොච්චියක වුවද වග කර ගත හැකිය.
    ඖෂධීය ගුණ
    රක්තහීනතාවයට ගුණ දෙන ඉහල අගයකින් යුතු යකඩ අඩංගු ප්‍රධානතම ආහාරය නිවිති වේ.
    එමෙන්ම මතක ශක්තිය (ධාරණ ශක්තිය) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි.
    ගොටුකොළ
    දිය සීරාව ඇති මෘදු පසෙහි යටි වගාවක් ලෙස වගා කල හැක. ගෙවත්තේ හෝ පෝච්චියක වුවද වග කර ගත හැකිය.
    ඖෂධීය ගුණ
    තික්ත රසයෙන් යුක්ත වුවද රසායනික ගුණය අධික නිසා ශාරීරික ශක්තිය හා බලය වර්ධනය වේ.
    මතක ශක්තිය (ධාරණ ශක්තිය) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි.
    තිප්පිලි, වෙල්මුඩ, වියළි ඉඟුරු සමානව ගෙන චූර්ණ කොට කළඳ බැගින් මී පැණි මිශ්‍ර කොට භාවිත කරනු.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කොලේස්ටරෝල් වලට අගනා බෙහෙතක් | High Cholesterol Treatment

    අපි මුලින්ම හෘද්‍යාබාධයක් සහ බයිපාස් සැත්කම යනු කුමක්ද කියලා හඳුනාගෙන ඉමු . . .
    ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට පත් වෙනු ඇත. ඒ මන්ද යත් බොහෝ දෙනා අතර මෙම සැත්කම පිලිබද ඇති දැනුම අල්ප වැවිනි . . .

    බයිපාස් සැත්කමේදි සිදු කරනු ලබන්නේ කුමක්ද ? හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය සපයන කිරිටක ධමනි වල රුධිර කැටියක් සිරවිම නිසා එම අවහිරතාවයට ඔබිබෙන් ඇති ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල විමෙන් එම පටකය මියයයි. මෙහිදි හෘත් පෙෂි පටකය මිය යන බැවින් එම මිය ගිය කොටසට නිසි පරිදි රුධිරය පොම්පකිරිමේ හැකියාවක් නොමැත . . .

    එබැවින් සිරුරේ අනෙකුත් වැදගත් අවයව වලටද රුධිරය සැපයුම අඩාල වි රෝගියා මිය යයි. එම නිසා හෘදයාබාධයක් සදහා ලබාදිය හැකි ප්‍රතිකාර වලින් සිදුවිය යුත්තේ ඉහත සදහන් කල කිරිටක ධමනිය තුල ඇති රුධිර කැටියක් ඉවත් කිරිම හෝ කිරිටක ධමනියේ එම අවහිරතාවය මග හැරෙන පරිදි වෙනත් ශිරාකොටසක් සවි කිරිම මගින් ඒ තුලින් රුධිරය ගමන් කරවිමට සැලැස්විමයි . . .

    මෙහිදි පළමුව සදහන් කල ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදු කරන්නේ ඹෟෂධ මගින් එනම් හෘදයාබාධ්‍යක් ඇති වු රෝගියෙකුට දෙන ස්ට්‍රෙප්ටොකයිනේස් නැමැති ඹෟෂධ මගින් රුධිර කැටිය දිය කර හරි නමුත් ඇතැම් අවස්ථාවලදි මෙම ඹෟෂධය මගින් රුධිර කැටිය මුළුමනින්ම ඉවත්කල නොහැකි අවස්ථා ඇත. එවිට කල හැකි ප්‍රතිකාරය වන්නේ එම අවහිරතාවය මග හැරෙන ලෙස රුධිරය ගමන් කල හැකි වෙනත් මාර්ගයක් සැදිමයි. එය බයිපාස් සැත්කමක් ලෙස හැදින්වේ . . .
    දැන් අපි බලමු බයිපාස් සැත්කම නොකර අපි එදිනෙදා භාවිතා කරන සුදු ළුණු, ඉගුරු, දෙහි වැනි දෑ උපයොගී කරගෙන හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මගහරවා ගැනීමට වටිනා පානයක් සකසා ගන්නා ආකාරය . . .

    මෙම ඖෂධීය පානය සෑදිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
    01. ලෙමන් දෙහි ගෙඩි 02 යි.
    02. ලොකු ඉගුරු කැබැල්ලක්.
    03. ලොකු සුදුළුණු ගෙඩි 3 යි.
    04. ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්ප 01 යි.
    05. පිරිසිදු මී පැණි පිරිසි කෝප්ප 3 යි.
    පලමුව සුදුළුණු සහ ඉගුරු පොතු හැර සොදා වතුර බේරෙන්නට හැර පහල රූප සටහනේ පරිදි කුඩා කැබලිවලට කපා ගන්න
    ඉන්පසු තෙත බෙරුනු සුදුළුණු සහ ඉගුරු බ්ලෙන්ඩරයකට දම හොදින් අබරාගන්න
    හොදින් අබරාගත් සුදුළුණු සහ ඉගුරු පිරිසිදු රෙදිකඩකින් මිරිකා සුදුළුණු සහ ඉගුරු යුෂ ලබා ගන්න මෙම යුෂ පිරිසි කොප්ප දෙකක් පමණ අවශ්‍ය වේ
    ඉන් පසු සුදුළුණු සහ ඉගුරු යුෂ භාජනයකට දමා එයට මිරිකාගත් ලෙමන් දෙහි යුෂ පිරිසි කොප්පක් සහ ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්පයක් එක්කර අඩු ගින්දරෙන් පැය භාගයක් පමණ රත්කරන්න, භාජනයට දැමූ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිදිය යුතුයි
    පසුව එම මිශ්‍රනය ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර එයට පිරිසිදු මී පැණි පිරිසි කෝප්ප තුනක් එක්කර පහත රූපයේ පරිදි බොතලයකට දමා දිණපතා උදෑසන අහාරයට පෙර එම ඖෂධීය පානයෙන් මේස හැන්දක ප්‍රමාණයක් පානය කරන්න . . .
    සති කිහිපයකට පසුව නැවතත් වෛද්‍යවරයෙකු හමුවී ඔබගේ හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මගහැරී ඇද්දැයි පරික්ෂාකරවා ගන්න.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මලබද්දයට ප්‍රතිකාර

    නිතරම කකුල් අතපය අමාරුවක් සමඟ ඇවිදීමේදී දැඩි වෙහෙසක් දැනෙනවා. කකුල්වල බර ගතියක් ද වෙනවා. මට දැනෙන දැඩිම අපහසුතාව නම් මලපහ වීමේදී ඇතිවන වේදනාවයි. එනම් මල බුරුලට යන්නේ නැති නිසා දැඩි වෙහෙසක් දරා මල පිට කිරීමට සිදුවීමයි.
    එවිට ලේ පිට වීමක් ද සිදුවෙනවා. පසුව දැවිල්ලක් හට ගැනෙනවා. මලපහ වූ පසු එම දැවිල්ල තිබීම මා හට හරිම අපහසුයි. සමහර අවස්ථාවලදී තැටමීමේදී චූටි ගැටිත්තක් මෙන් එළියට එනවා. මේ සියල්ලම සලකා මා හට උපදෙසක් හා ප්‍රතිකාරයක් කියන්න.
    ඔබට බලපා ඇති මේ රෝගී තත්ත්වයන් ඇතිවීමට මෙවැනි හේතු බලපා ඇත. ආහාරමය හේතු, විහරණමය හේතු (ඇවතුම් පැවතුම්) ගුද මාර්ගය මත පීඩනයක් ඇතිවීම, සමහර රෝග නිසා දුර්වල වීම, මන්දාග්නිය සහ ජානමය හේතු වෙයි.
    මින් එකක් හෝ වැරදි ලෙස පවත්වාගෙන යාමෙන් අර්ශස් ඇති වීමට පුළුවන. ඔබගේ ඔය රෝග කාරක තත්ත්වයෙන් මිදීමට නම් පහත සඳහන් සංසිද්ධීන්වලින් නිසි පිළිවෙත් රැකිය යුතුයි. ඔබට මින් මිදීමට එම ප්‍රතිකාර විධි ගැන සැලකිල්ලෙන් සිටින්න.
    වැරදි ආහාර පුරුදු
    * ආහාර අක්‍රමවත්ව ගැනීම
    * අව මාත්‍රාවෙන් ආහාර ගැනීම (අඩුවෙන් කෑම)
    * අධි මාත්‍රාවෙන් ආහාර ගැනීම (වැඩියෙන් කෑම)
    * කෘත්‍රිම ආහාරවලට යොමු වීම
    * කට්ලට්, පැටිස්, සොසේජ් බනිස් හා පේස්ටි වර්ග වැනි
    කෙටි කෑම
    * උෂ්ණාධික ආහාර ගැනීම (බල මාළු, අච්චාරුථ චට්නි සහ සෝස්)
    ජීවන රටාවේ වෙනස්කම්
    * මල බද්ධතාවය
    * මල වේගධාරණය කිරීම
    * තදින් ගැස්සෙන වාහනවල ගමන් කිරීම
    * ගුද මාර්ගය මත පීඩනයක් ඇතිවීම
    * වැඩි වේලාවක් වාහනය පැදවීම
    ම තද මතුපිටක ඉඳගැනීම වැනි ඇවතුම් පැවතුම්වලින් යුක්තව ගත කළේ නම් ඔබගේ රෝගී තත්ත්වයට හේතුව එය විය හැකියි. එබැවින් අර්ශස් රෝගියෙකු චර්යාවන් ගැන සැලකිලිමත් වීම වැදගත්ය. එසේත් නොමැති නම් අර්ශස් රෝගය ඔබ කරා ඒමට සමහර රෝග හටගැනීම නිසා ඇතිවිය හැකියි.
    * උදර රෝග
    * ග්‍රහණිය රෝග
    * ප්ලීහාව ලොකුවීම (වෘද්ධි)
    ම මන්දාග්නිය ආහාර නිසිලෙස ජීර්ණය නොවීම. ආහාර නිසිලෙස නොපැසවීම (ජීර්ණය) ඔබට අර්ශස ඇති වීමට තුඩු දුන් කරුණ විය හැකියි. සමහර අවස්ථාවලදී ගත් ආහාරයක ඒ අයුරින්ම මල සමඟ පිටවීම මෙලෙස ඇතිවීමයි. ජානමය හේතු හෙවත් පරම්පරාගතව එන රෝග තත්ත්වයක් වීම ද අර්ශස් ඇතිවීමට බලපානු ලබයි.
    ඖෂධීය ප්‍රතිකාර
    * රත් කරල් හැබ තම්බා බීම.
    * බිම් පුහුල් (වැල් බටු, වැල් රඹුටන්), කොහිල අල තම්බා බීම ම ඇහැළ දළු මිටක් මලවා සතියකට දින 3ක් ගැනීම
    * බටකිරිල්ල දළු මිටක් මැල්ලුමට ගැනීම
    * කොහිල අල කැඳ භාවිතා කිරීම
    * කොහිල, රතුළූණු, ගොටු දඬු, මුං ඇට, තම්බා
    * ආහාරයට ගැනීම හා එහි වතුර බීම
    * නුග, බෝ, අත්තික්කා, ගං සූරිය තැම්බූ ජලයේ වාඩි වී සිටීම.
    ප්‍රතිකාර
    ශල්‍ය හා ඖෂධ ප්‍රතිකාර ආයුර්වේදයේ මේ සඳහා හඳුන්වා දී ඇත. ප්‍රධානවම ඔබ පහත සඳහන් කරුණුවලින් පරිපූර්ණව ආරක්ෂා විය යුතුයි. එනම් ප්‍රධානවම ආහාර ගැනීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් වන්න.
    * කෙඳි සහිත ආහාර ගැනීම
    * බත් ලෙස ඕලු, තැම්බූ රතු හාල්, බඩඉරිඟු, මෙනේරි, හීනටි සහල් ගැනීම.
    * හැකිතාක් අමුවෙන් සලාද ගැනීම
    කතුරුමුරුංගා සලාද, අමු පතෝල සලාද, ගොටුකොළ, කොහිල අල, කෙසෙල් මුව, ගෝවා ආදිය සලාද, කරපිංචා සම්බෝලය, කැරට් සලාදය, ලුනු කොළ සලාදය, කරවිල කොළ සලාදය, මිංචි සම්බෝලය කිරි අගුණ, තෙබු හා මැල්ල කොළ සලාදය පලතුරු හා පලාවර්ග හැකිතාක් ආහාරයට ගැනීම.
    * මානසික ආතතිය අඩු කර ගැනීම තුළින්ද අර්ශස් රෝගය අඩු කර ගත හැකියි.
    * විශේෂයෙන් ජලය පානය කරන්න.
    - ස්වර්ණා ආරියවංශ
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හිස් හොරි සදහටම තුරන් කරගන්න අත් බෙහෙත්

    අද ඔබට හිස්හොරි ප්‍රබල හිසරදයක් වෙලා තියෙන බව වෙළඳපළට එන හිස්හොරි මර්දක තුළින් පෙනී යන කරුණක්. ගැහැනු, පිරිමි භේදයක් නැතිව මේ රෝගයට ගොදුරු වන්නන් සිය රූපලාවන්‍ය ගැන පෙරට වඩා සැළකිලිමත් වීමට උත්සුක වෙනවා.
    හිස පිරිසුදුව තබා ගැනීම රූපලාවන්‍යයේ එක් අංගයක්. එබැවින් හිස සිරුරේ අභිමානය ඉදිරියට ගෙන යන කොටසක් වන බැවින් රූපලාවන්‍ය කටයුතුවලදී හිස සකස් කිරීම ප්‍රධානයි. හිස් කබල් කැඩීයාම හිස් හොරි ලෙස මතුපිටට එයි.
    ඒවා කුඩා කැබලි වශයෙන් හිස සෑම තැන විහිදී යයි. මෙසේ සිදු වන්නේ හිසෙහි පවතින වියළි ගතිය නිසාය. හිසේ සිසිල් ගතිය අඩුවීම මෙයට හේතු පාදක වන බැවින් නිතරම හිසෙහි තෙතමනය රැඳෙන සේ නිරෝගී සමක් හිස තුළ අතිකර ගත යුතුයි.
    පිරිසුදු වූ හිසකේවල සාමාන්‍ය වියළි බව හා තෙත ගතිය එනම් මධ්‍යස්ථව පැවතීම සුදුසුයි. එවන් හිසක් ඔබටත් රඳවා ගන්න මෙවර අප හිස්හොරිවලට සුදුසු අත්බෙහෙත් ටිකක් වෛද්‍ය ශ්‍යාමා පෙරේරා ගෙන් අසා බලමු.
    * අරළු, බුළු, නෙල්ලි තම්බා හිස සේදීම සුදුසුයි.
    * ගොඩපර ගෙඩියම ගෙන තලා ඇල් වතුරේ දියකර නෑමට පෙර හිසේ ගා පැය 1/2 ක් තබා හිස සෝදන්න.
    * කුඹුක් කොළ, බැවිල කොළ කොටා යුෂ ගෙන හිස සෝදන්න.
    * තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4ට මීතෙල් අවුන්ස 1 ක් මිශ්‍ර කර අව්වේ තබා කකාරා හිස සෝදන්න.
    * තිත්තවැල් කොළ කොටා එම කොළ යුෂට පොල් තෙල් ටිකක් මිශ්‍ර කර හිස ගාන්න.
    * දෙහි උළුහාල් තම්බා එය එම වතුරට පොඩිකර හිස සේදීම මෙය පැය 1/2 ක් පමණ තබා නාන්න. සුව වනතුරු කිහිප වතාවක් කරන්න.
    * වෙරළු කොළ තලා ඇල්වතුරින් පොඩිකරලා හිස ගාන්න. පැය 1/2 ක් තබා හිස සෝදා හරින්න. මෙයද දින කිහිපයක් කරන්න.
    * පොකුරු වද මල් කොළ හෝ මල් ගෙන කොටා වතුර සමඟ මිශ්‍ර කර පෙරා හිසේ ගාන්න. පැය 1/2 කින් පසුව නාන්න.
    මේවා සෙම්ප්‍රතිශ්‍යාව හා පීනස ඇති අයට අගුණයි. මින් සෙම්ප්‍රතිශ්‍යාව හා පීනස ඇති අයට වැඩිවිය හැකියි.
    ඒ නිසා වෛද්‍ය උපදෙස් මත පරිහරණය ඉතා සුදුසුයි.
    * හරං කහ මී පැණි එළඟිතෙල් සමඟ මිශ්‍රකර හිස ගා හිස සෝදන්න. මෙය (පැය 1/4 කින් කරන්න)
    * කී කිරිඳිය ඉස්මෙන් හිස සේදීම සුදුසුයි.
    ස්වර්ණා ආරියවංශ
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔබෙත් ඇස් වටේ කළු වෙලාද ? විසඳුම මෙන්න

    මුහුණේ ලස්සන වැඩි කරන්නේ ඇස් දෙකෙන් බව හැමෝම දන්නා රහසක්. ඉතින් ඇස දෙක ලස්සන නැති වුනොත් මුහුණ මොන තරම් ලස්සනට තිබුණත් වැඩක් නැහැ. ඒ නිසයි රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ වැඩි අවධානය ඇස් වලට යොමු වෙන්නෙත්. ඉතින් ඇස් දෙක ඇස් දෙකක් වගේ බලා ගනිද්දී ඔබට මතුවන ගැටළු වලට අපි පිළිතුරු හොයලා දෙනවා. අද කතා කරන්නට යන්නේ බොහෝ දෙනාට ගැටළුවක් වන ඇස් වටේ අඳුරු පහ වීම ගැනයි.
    ඇත්තටම අපේ ඇස් වටේ කළු වෙන්නට හේතු මොනවාද?
    • මානසික ආතතිය
    • අධික නිදිවැරීම
    • ශරීරය විඩාවට පත්වීම
    • ස්නායු ආශ්‍රිත රෝග හෝ ඇස් ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර නොගෙන සිටීම
    • පීනස හා වෙනත් සෙම් රෝග නිසා ඇස් කැසීම
    • මුහුණේ ගල්වන ආලේපන ඇස් වටා තැවරීම
    • දෑසට මස්කාර වැනි රූපලාවණ්‍ය ආලේපන නිතර ගැල්වීම
    වළක්වා ගැනීම
    ඉහත කී හේතු නිසා මෙලෙස ඇස් යට අවපැහැ ගැන්වීමට ඔබත් මුහුණපා සිටිනවා විය හැකියි. මේ නිසා මානසික ආතතියක් ඇත්නම් එයට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න. දෑස් වැඩිපුර වෙහෙසීමද මෙයට බලපෑ හැකි නිසා වෛද්‍ය උපදෙස් මත කණ්ණාඩි පලඳින්න. වෙනත් අක්‍ෂි දෝෂ පවතී දැයි අක්‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න.
    දෑස්වලට සත්කාර
    ඇතැම් විට ඔබේ දින චර්යාවේ අවිධිමත් බවත් මෙයට බලපාන නිසා එහි වෙනස්කම් සිදුකිරීම ගැනත් සැලකිලිමත් වන්න.
    • සවස නින්දට පෙර දෑස්වලට සියුම් සම්භාහනයක් මුදු ඇඟිල්ල භාවිත කර කරන්න. ඔබට ආමන්ඩ් තෙල් ස්වල්පයක් හෝ රෝස වතුර භාවිත කර මෙය පහසුවෙන්ම නිවෙසේදී කර ගන්නට පුළුවන්.
    • සතියකට දෙවරක් හෝ කෝමාරිකා යුෂ, තක්කාලි ඉස්ම, අල පෙති ඉස්ම හෝ තේ කහට යන ද්‍රව්‍යවලින් එක් වර්ගයක් ගෙන දෑස් මත පැක් එකක් ලෙස තබා විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරගන්න.
    • අනතුරුව පුළුන් කැබලි ගෙන එය ආමන්ඩ් තෙල්වල පොඟවා දෑස් මත තබා හෝ ඉහත කී ඉස්ම තබා විනාඩි 5ක් පමණ මෘදු සම්භාහනයක් කර ඉවත් කර ගැනීමටත් පුළුවන්.
    මෘදු ආලේපන තෝරා ගන්න
    දෑස් යට කළු වීමට ඔබේ නොසැලකිමත් බවත් බලපානවා. බොහෝදෙනා මුහුණේ ආලේප කරන ක්‍රීම් වර්ග දෑස් අවට ආලේප කිරීමට හුරු වී සිටිනවා.
    නමුත් දෑස අවට ඇති සියුම් සමට එම ආලේපන හිතකර නොවේ. අධික සැර සබන් භාවිතයත් සුදුසු නැහැ.
    දෛනිකව නිසි ව්‍යායාම කරන්න
    දෑසට කරන සත්කාරවලට අමතරව ඒවාට සුදුසු ව්‍යායාම ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඇහැ සිරස්ව හා තිරස්ව චලනය කිරීමත්, රවුමට චලනය කිරීමත් වැනි සරල ව්‍යායාමයක විනාඩි 5ක් පමණ යෙදෙන්න.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උපතේ සිට මරණය දක්වාම හිසේ තෙල් ගැල්වීම ඉතා සුදුසුයි

    දවස පුරා තෙල් බේරාගෙන සිටීම හොඳ නැහැ
    කෘත්‍රිම ආලේපන නිසා කල් යෑමේ දී හි‍සකෙස්වලට වෙන දේ හිතාගන්නවත් බැහැ
    ලෝකේ වෙනස් වෙලා. ඉස්සර දිගු කොණ්ඩයක් තිබු අයට දැන් එහෙම නැහැ. ඇතැමුන්ගේ තට්ටය පෑදිලා. තවත් අයගේ කොණ්ඩය පැහිලා. අකලට සිදුවන මේ වෙනස්කම්වලට හේතුව කුමක් විය හැකි ද?
    අයහපත් පැවැත්ම, වායුසමීකරණය කරන ලද කාමරවල සිටීමත් හිසකෙස් වර්ධනයට බලපෑමක් වෙලා. අපි කොහොම ද මේ අකලට පැහෙන, හැලෙන කෙස් කළඹ පරිස්සම් කරගන්නේ.
    හිසකෙස් කියන්නේ කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටත් තිබෙන ස්වාභාවික ආභරණයක්. විශේෂයෙන්ම කාන්තාවන්ට නම් හිසකෙස් යනු පංචකල්‍යාණයෙන් එක් කල්‍යාණයක්. දිගු හිසකෙස්, පැහැපත් හිසකෙස්, කෙනෙකුගේ පෞරුෂයට මෙන්ම තවත් කෙනෙකුගේ ආකර්ෂණයට ගෞරවයට ලක්වීමටත් හේතුවක් වෙනවා. අද කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද හිසකෙස්වලට විවිධ වූ දේ කරනවා. ඔවුන් එහෙම කරන්නේ තවත් කෙනෙකුගේ ආකර්ෂණය ලබා ගැනීමට මෙන්ම තමන් හැඩ වැඩ වීමටත්. මේ හැඩ වැඩ වීමට යෑමේ දී විවිධ කෘත්‍රිම ආලේපන වර්ග, ජෙල් වර්ග ආදිය ඔවුන් හිස ගල්වනවා අද අපිට දකින්නට පුළුවන්. ඒ දේවල් කිරීමෙන් ඔවුන්ගේ අරමුණ ඉටුවෙනවා වන්නට පුළුවන්. නමුත් ඔවුන් දන්නෙම නැතිව හිසට හිසකෙස්වලට එම ආලේපන නිසා අහිතකර ප්‍රතිඵල අත්වීමට තිබෙන ඉඩකඩ වැඩියි. එමෙන්ම බරපතළ රෝගාබාධයන්ටත් ඔවුන් ගොදුරු වීමට පුළුවන්.
    අපි හිස ගැන කතා කළොත් හිසෙහි මස්තිෂ්කය ආරක්ෂා වී තිබෙන්නේ ඒ වටා තිබෙන පටලවලින්. ඒ වටා ඝන අස්ථි විසි දෙකක් තිබෙනවා. ඒවා තිබෙන්නේ විවිධ වූ ඝනකම්වලින්. ඉන් පසුව ඝනකම් චර්මයක් තිබෙනවා. හිසකෙස් පිහිටා තිබෙන්නේ මේ සියල්ලටම පසුව. කෙනෙකුගේ මනාව වැඩුණු කෙස් කළඹ මස්තිෂ්කය වගේම ශිර්ෂ චර්මයත් ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම බාහිරින් එන ශීතල, උෂ්ණත්වය, වෙනස්වීම්වලට ඔරොත්තු දෙමින් අපේ හිසේ මනා උෂ්ණත්වය පවත්වාගෙන යෑමට හිසකෙස් උදව් වෙනවා.
    මෙහිදී මනා පෝෂණයක්, ප්‍රමාණවත් ජල පානය, ජල ස්නානය, හිසකෙස් පිරිසුදුව තබා ගන්නේ නම් වගේම හොඳ හින්දක් ලබන්නේ නම් හිසකෙස් ස්වාභාවිකවම වැඩීම සිදු වෙනවා. එහෙත් ඇතැම් රෝගාබාධ සහ දේශගුණික හේතු නිසා හිසකෙස් වර්ධනයේ අඩාල වීමක් සිදු වෙනවා නම් ඊට ප්‍රතිකාර කළ යුතුයි. හිසකෙස් සම්බන්ධව වැලදෙන ප්‍රධාන රෝග ලෙස හිසකෙස් අකලට හැලීම, අකලට කෙස් පැසීම, කෙස් අග පැලීම, කෙස් ගස් තුනි වීම ආදිය දැක්වීමට පුළුවන්.
    ඕනෑම කෙනෙකුගේ කෙස් ගස් දිනකට හතළිහක් පනහක් පමණ හැලෙනවා. නමුත් මෙම ප්‍රමාණ ඊටත් වඩා වැඩියෙන් අවුරුදු තිහ හතළිහේ දී පමණ සිදුවේනම්, තට්ටය පෑදේ නම් එය අකාලයේ හිසකෙස් හැලීමක් ලෙසට හඳුන්වා දෙන්නට පුළුවන්.
    කෙස් කලඹට පෝෂණය
    *පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දකට දෙහි ඉස්ම තේ හැදි දෙකක් කලවම් කර හිස් කබලේ ගල්වා පැය දෙකකට පමණ පසු හිස සේදිමෙන් හිස්හොරි සුව කර ගැනීමට පුළුවන්.
    *දෙහි යුෂ ගැල්වීම හෝ තේ කහටට දෙහි යුෂ කලවම් කර හිසකෙස් වල තවරා පැය භාගයක් පමණ තිබෙන්නට හැර සේදීමෙන් හිස කෙස්වලට දිප්තියක් ලබා ගත හැක.මෙය සුමානයකට දවසක් කිරීම ප්‍රමාණවත්.
    *ගොටු කොළ දෙහි ඇඹුලෙන් අඹරා මී පැණි සමඟ කලවම් කර හිස ගැල්වීමෙන් හිස කෙස්වලට නීරෝගී බවක් මෙන්ම ඝන බවක් ඇති කර ගැනීමට පුළුවන.
    *නෙල්ලි දෙහි උළු හාල් සමඟ තම්බා හිස ගැල්වීමෙන් අකලට හිස කෙස් වැටීම ,පැසීම වැලැක්වීම,හිස කෙස් වර්ණවත් කිරීම ,ප්‍රාණවත් කිරීමට හොඳ ඖෂධයක් ලෙස භාවිත කිරීමට පුළුවන.
    වයස් ගතවීමත් සමඟ කෙස් ගස් තුනි වීමත් කෙස් ගස් සුදු වීමත් තට්ටය පෑදීමත් සාමාන්‍ය දෙයක්. නමුත් මේ සියලු දේ වයස්ගත වීමට පෙර සිදුවේ නම් එය අස්වාභාවිකයි. එවැනි විටෙක හොඳම දේ තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීම.
    ඇතැම් විට ශරීර අභ්‍යන්තරයේ රෝගවල ප්‍රතිඵලයක් ලෙසත් ඇදුම පීනස ආදි රෝග ඇති විටත් කෙස් ගස් පැසීම හැලීම සිදු වෙනවා.
    මේ අතරම අද තිබෙන ලොකු ප්‍රශ්නය තමයි හිසකෙස් සරසන්න මූලික අරමුණ ඇතිව ප්‍රමිතියකින් තොර කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු කේෂාලේප, ඩයි වර්ග, ජෙල් වර්ග ආදි විවිධ දේ භාවිත කිරීම. මේ නිසා අවසානයේ චර්ම රෝග මෙන්ම අසාත්මිකතා ඇතිකර ගන්නවා. ඇතැම් විට මේවා මාරාන්තිකයි.
    මීට අමතරව ලාදුරු ආදි චර්ම රෝගවලදී ද පිළිකා රෝගවලදී කරනු ලබන ධුලකවේද සහ කිරණ ප්‍රතිකාරවල බලපෑමෙන් අතුරු ආබාධ හැටියටත් හිසකෙස් හැලීම වෙනවා.
    කෙසේ වෙතත් කෙස් කළඹට අකලට සිදුවන හානි අවම කර ගැනීමට නම් අපි විසින් අනුගමනය කළ යුතු පිළියම් කිහිපයක්ම තිබෙනවා.
    ඉන් එකක් තමයි මනා පෝෂණයක් ඇති ආහාර වේලක් ලබා ගැනීම. මෙහිදී අපි හැම විටම උනන්දු විය යුත්තේ නැවුම් එළවළු පළතුරු ආහාරයට ගැනීමට. මෙහිදී ශීතකරණයේ එළවළු පළතුරු ආහාරයට ගැනීම අනුමත කරන්න බැහැ. එමඟින් සිදුවන්නේ ආහාරවල ප්‍රතිඔක්සිකාරක විනාශ වීම. ඒ නිසා පුළුවන් තරම් අපි නැවුම්ව එළවළු පළතුරු ආහාරයට ගැනීමට පුරුදු විය යුතුයි.
    විශේෂයෙන්ම පලා වර්ග ඒ අතරිනුත් ගොටුකොළ, ආහාරයට ගැනීම සුදුසුයි. ගොටුකොළ අමුවෙන් කෑම, ගොටුකොළ යුෂ පානය කිරීම, ගොටුකොළ කැඳ වශයෙන් ගැනීමටත් හිසකෙස්වල පැවැත්මට හොඳයි වගේම මතක ශක්තිය, ධාරණ ශක්තිය ඇතිවීමටත් ගොටුකොළ හොඳ ඖෂධයක්. දරුවන්ට දිනපතාම ගොටුකොළ ආහාරයට දීමේ වරදක් නැහැ. ඊට අමතර කතුරුමුරුංගා, කොළ, මල්, මුරුංගා කොළ සහ කරල් ආහාරයට ගැනීමෙන් හිසකෙස් වර්ධනයට එයිනුත් අනුබලයක් ලැබෙනවා.
    කහ සහ රතු වර්ණ එළවළු, මේවා පුළුවන් තරම් අමුවෙන් හෝ සලාද, මද වශයෙන් තම්බා ආහාරයට ගැනීම සුදුසුයි. මීට අමතරව ඇට වර්ග ආදියත් ආහාරයට ගැනීම හොඳයි. මෙහිදී මුං ඇට, සෝයා ඇට, කඩල කව්පි ආදිය ඇට වර්ග තම්බා ආහාරයට ගන්නවාට වඩා දිනක් හෝ දෙකක් පෙගෙන්නට තබා එහි මොටෙයිය ආවාට පසුව අමුවෙන් හෝ සලාද හැටියට, එහෙමත් නැත්නම් මද වශයෙන් පිස ආහාරයට ගන්නට පුළුවන්නම් එය වඩාත්ම හොඳයි.
    මෙය අද වන විට බටහිර ඉතා ජනප්‍රිය කෑමක්. මේ ක්‍රමයට ඇට වර්ග ආහාරයට ගැනීම චර්මයට මෙන්ම තරබාරුව මට්ටු කරන්නටත් හොඳ ක්‍රමයක්. මෙය දීර්ඝකාලීනව කළ යුතු දෙයක්. එමෙන්ම දිරවීමටත් පහසුයි. පාන් සහ පාන්පිටි මිශ්‍ර ආහාර ඉවත දමා ස්වාභාවිකව වැවෙන අල බතල කෑම වඩාත් යෝග්‍යයයි. දවසට නෙල්ලි ගෙඩි තුනක්වත් කෑමට ගන්න පුළුවන්නම් එය හිසකෙස්වලට හොඳ බෙහෙතක්.
    ඒ වගේම තමයි ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, දිනකට පස් වතාවකට වැඩියෙන් මුත්‍රා පිටවන විදිහට අපි වතුර පානය කළ යුතුයි. ආහාර වගේම ස්නානයත් හිසකෙස් වර්ධනයට එහි සුරක්ෂිතභාවයට බලපාන්නක්.
    දහඩිය තෙල් ආදිය සේදි යන අයුරින් නෑම කළ යුතු අතර සතියකට දවස් දෙක තුනක්වත් නෑම කළ යුතුයි. මෙහිදී සැර සබන් වර්ග ෂැම්පු වර්ග හිස ගැල්වීම සුදුසු නැහැ. මෙහිදී අපිට අතීතයේ සිට භාවිත කෙරෙන මේ ප්‍රතිකර්මය කළ හැකියි. නෙල්ලි, උළුහාල්, දෙහි ගැට තම්බලා ඒ වතුරෙන් හිස සෝදා මෘදුව සම්බාහනය කිරීම හොඳයි. ඒ වගේම වදමල් අඹරා හිස ගල්වා නෑම ද සුදුසුයි. ස්නානයෙන් පසුව හිසකෙස් හොඳින් වියළා ගැනීම කළ යුත්තක්. රාත්‍රියේදී නෑම සුදුසු නැතිව මෙන්ම හිසකෙස් ස්වාභාවිකව වියලීමට සැලැස්විය යුතුයි.
    ඉතාම වැදගත් දෙයක් තමයි හිසට තෙල් ගැල්වීම. උපතේ සිට මරණය දක්වාම ජීවත්ව සිටින කාලය තුළ හිසට තෙල් ගැල්වීම කළ යුතුයි. අවාසනාවට අද අපේ සමාජයේ තිබෙන්නේ තෙල් වෙනුවට ජෙල් ගෑමක්. හිසට දැමීමට සුදුසුම තෙල තමයි පොල්තෙල්. ගෙදර සිඳගන්නා පොල් තෙලට උළුහාල් සැවැන්දරා, ගොටුකොළ මුගුණුවැන්න කොළ කොටා දාලා එය සකසා ගැනීමට පුළුවන්නම් වඩාත් හොඳයි. සුමානයකට දවස් දෙකක්වත් නාන්න පැයකට පෙර හිස් මුදුන තෙල් දාලා හිස්කබල පුරාම විහිදී යන විදිහට ඇඟිලි තුඩුවලින් සම්බාහනය කිරීම ඉතා හොඳයි. ඉන් පසුව පැය දෙකකට පසුව නෑම කළ හැකියි. එහෙම නැතිව දවස පුරා හිසේ තෙල් තවරාගෙන සිටීමෙන් සිදුවන්නේ දූවිලි කුණු වැදීමෙන් කෙස්වලට හානි පැමිණීමක්.
    මේ සියල්ල පිළිපදින අතරේ හිසකෙස් වර්ධනයට බලපාන තවත් සාධකයක් තමයි නින්ද. හොඳ මානසික තත්ත්වයකින් සිටිය යුතු සේම අඩුම වශයෙන් දිනකට පැය හයක්වත් නින්දක් ලබාගත යුතුයි. මේ ආදි වශයෙන් පිළිවෙළක් ඇති පැවැත්මක් ගෙන යන විට අපට හිසකෙස් ආරක්ෂා කරගත හැකියි.
    අද කතාබහ
    වෛද්‍ය වජිර සෙනෙවිරත්න
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    තෙලේ බලෙන් අර්ශස්‌ සුවවන්නේ මෙහෙමයි
    සමරනායක වෙදදුරු

    ඔය ගුදය ආශ්‍රිත රෝග බොහොමයක්‌ ගෙඩි හා වණවලටයි ඇතුළත් වන්නේ. එවාට ඇති ප්‍රතිකාර බොහොමයක්‌ මිනිස්‌සුන්ට පුළුවන් තරම් ලේසියෙන් කරන්න පුළුවන් විදිහට සකස්‌ කරලා තියෙන්නේ.

    මෙතෙන්දි අපේ පරපුරේ ප්‍රතිකාර හැටියට මූලික වශයෙන් තෙල් ප්‍රතිකාරයත් සමඟ බෙහෙත් වතුරේ ඉන්දවීම අර්ශස්‌ ගෙඩි තැවීම, තෙල් ඇතුළු කිරීම හා ගෙඩි තෙල්වලින් වැසීම කරනවා. කලින් කලට එක්‌ එක්‌ පුද්ගලයාගේ ඇතිවන දෝෂ කෝපය අනුව ඉහත කී රෝගී ලක්‍ෂණ ඇතිවුවත් සමහරුන්ගේ උපතින්ම ගුද මාර්ගය ආශ්‍රිතව පවතින ශිරාවල ඇති දුර්වලතාවයන් නිසා සමහර සහජ අර්ශස්‌ තත්වයන්ද ඇතිවිය හැකියි.

    ඊට අමතරව ඉහත කී විවිධ හේතු නිසා හෝ අර්ශස්‌ ගෙඩි පිපිරීමෙන් රක්‌තය පහ වීමට පටන් ගන්නවා. එවා රක්‌තජ අර්ශස්‌ ලක්‍ෂණ පහළ කරනවා. එසේ දීර්ඝ කාලීනව රුධිරය පහවීම නිසා ශරීරයේ ඇතිවන දුර්වලතාවයන්ද, තෙහෙට්‌ටුවද, අප්‍රාණිකත්වය ද ප්‍රධාන තැනක්‌ ගන්නවා. බඩේ වේදනාව හා දෑලවර වේදනාව මූලික වශයෙන් දක්‌නට ලැබෙනවා. හැබැයි ගුද මගින් ලේ පිටවන හැම අවස්‌ථාවක්‌ම රක්‌තා අර්ශස්‌ නොවන බව පැහැදිලිව වටහා ගත යුතුයි.

    එ කියුවේ මළ මගින් ලේ යන්නේ අර්ශස්‌ වලටම විතරක්‌ නෙමෙයි කියන එකද?
    ඔව්. ගුදමග පිළිකා, රත්පිත් අවස්‌ථා, භගන්දරා, ගුදමග පැලීම් වැනි විවිධ රෝග තත්ව යටතේ රුධිරය පිටවෙන්න පුළුවනි. එ නිසා තමයි වෛද්‍යවරයෙකු සමග කතා කරලා පෙන්වලා රෝගී තත්වය තීරණය කරන්න ඕන කියලා කියුවේ.
    අර්ශස්‌ රෝගයෙන් මෙතරම් මිනිස්‌සු පීඩා විඳින්නේ ඇයි?
    මම හිතන්නේ මිනිස්‌සුන්ගේ කාර්ය බහුලත්වය නිසාම මේ රෝගය මිනිස්‌සු හොයාගෙන එනවා කියල. මොකද බොහොමයක්‌ දෙනා එකම තැන වැඩි පැය ගණනාවක්‌ වාඩි වෙලා කරන රැකියාවල නියුක්‌ත අය. එ අයගේ ගුද ආශ්‍රිත ප්‍රදේශ නිතරම තැලී පොඩිවී තෙරපී එ ආශ්‍රිත ශිරා පිම්බීමෙන් මෙම රෝගී තත්ව උදා වෙනවා.
    එවාගේම තවත් සමහරු වාහන වල වාඩිවී පැය ගණනාවක දුරගමනාන්ත වල යෙදීම නිසාත් ගුදය ආශ්‍රිතව ඇතිවන තෙරපීමෙන් එ ආශ්‍රිත ගෙඩි ඇතිවිය හැකියි. බොහෝ වේලාවට රියෑදුරන් තුළ මෙම රෝගී තත්වය මෙන්ම වෙනත් ගුදමග රෝග බොහොමයක්‌ හඳුනාගත හැකියි.
    එ විතරක්‌ නොවේ. සමහර අවස්‌ථාවන්හි නිසිලෙස මළපහ කිරීමට අවශ්‍ය වූ විට නිසි ලෙස මළපහ පිට නොකිරීමත් මළවේග දරා සිටීමත් නිසා මෙම අර්ශස්‌ තත්ව ගුදමග ආශ්‍රිතව එන්න පුළුවනි. ඒවාගේම අධෝ වායු පිට නොකර හිඳීමෙන් ඇතිවන උග්‍ර මළබද්ධය නිසා ද මළමග අවසානයේ ඇහිරීමෙන් හා තැටමීමෙන් අර්ශස්‌ මතුවීමේ ඉඩකඩ පවතිනවා.

    සමහර කාන්තාවන්ට ගර්භනී සමය තුළ ඇතිවන පීඩනයන් සමග අර්ශස්‌ ඇතිවීමේ අවදානමක්‌ පවතිනවා. විශේෂයෙන් එකලට හටගනු ලබන උග්‍ර මළබද්ධය මූලික වශයෙන් එකට හේතු වෙනවා.
    එම විහරණයන්ගෙන් මෙන්ම ඉස්‌සෝ, කකුළුවෝ, දැල්ලෝ, හුරුල්ලෝ, කුම්බලාවෝ, අබ, විනාකිරි අච්චාරු, අන්නාසි, ලූණුදෙහි වැනි උෂ්ණාධික ආහාරයට අප දක්‌වන දැඩි කැමැත්තද මෙම රෝගය ඔබව හොයා එන්න හේතුවන බව ඉතා පැහැදිලිය.

    මේ ගුදාශ්‍රිත රෝග සුවය ගැන ඔබ අවසාන වශයෙන් යමක්‌ කියනවා නම්
    මෙහෙමයි. අර්ශස්‌ රෝගියකු තුළ දැකිය හැකි පොදු ලක්‍ෂණ හැටියට මළබද්ධය, බඩ පුරවා දැමීම, පෙන්නා දෙන්න පුළුවන්. ඒ වගේම ලේ යැම, තෙත ගැලීම, සීදන් යැම. කොන්ද, යටිබඩ හා දණහිස්‌ වේදනාව, ගැස්‌ට්‍රයිටිස්‌, මුත්‍රා අඩස්‌සිය, නොසන්සුන් බව අධික ලෙස තරහා යැම, හිස බර ගතිය, පීනස, ආදී අතුරු රෝග තත්ත්වයන් ද දකින්න පුළුවන්.

    විශේෂයෙන් අර්ශස්‌ රෝග කියන්නේ බොහෝ කෙනෙක්‌ තව කෙනෙකුට කියන්න අකමැති තනිව වේදනා විඳිමින් හරියට ප්‍රතිකාර නොකළොත් ජීවිතයෙන් වුවත් වන්දි ගෙවීමට සුදානම් රෝගයක්‌. මේ රෝග තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කිරීමට සියයට සියයක්‌ම දේශීය ඖෂධ යොදාගෙන පුරාණ වට්‌ටෝරුවක්‌ අනුව නිෂ්පාදනය කළ තෙලක්‌ මේ සඳහා අප භාවිතා කරනවා. ඒ වගේම අර්ශස්‌ වර්ගය අනුව විශේෂ වූ ක්‍රමවේද භාවිත කරමින් සති 4 ක්‌ හෝ 6 ක්‌ වැනි කෙටි කාලයකදී ඕනම තත්ත්වයක තිබෙන අර්ශස්‌ රෝගයක්‌ සම්පූර්ණයෙන් සුව කරල දෙනවා. ඒ වගේම අපේ ප්‍රතිකාර විදි අනෙක්‌ කාර්යයන් පැත්තකට දාල කළ යුත්තක්‌ නොවෙයි. මේ කාර්යය බහුල සමාජයේ ඕනෑම රැකියාවක නිරත වෙලා ඉන්න කෙනකුට වුණත් උදේ සවස මෙම ප්‍රතිකාර කර ගැනීමෙන් සම්පූර්ණ සුවයක්‌ ඇතිකර ගැනීමට හැකියාවක්‌ තිබෙනවා.

    ඒ වගේම අර්ශස්‌ රෝගියෙක්‌ කියන්නෙ බොහෝ විට අපේක්‍ෂා භංගත්වයට පත්වුණ කෙනෙක්‌ එම නිසා පළමුව වෙද මහත්තය ගැනත් එයාගෙ ප්‍රතිකාරයන් ගැනත් විශ්වාසය තියල වෙද මහත්තය කියන විදියට වෙදකමත් හෙදකමත් කළොත් අනිවාර්යයෙන්ම මේ කෙටි කාලයේදී සුවය ලබා දෙන බව ස්‌ථිරවම අපි පොරොන්දු වෙනවා.

    සමරනායක වෙදදුරු අර්ශස්‌ රෝගය පිළිබඳ මනා දැනුමක්‌ හා ඊට නිසි ප්‍රතිකාරයක්‌ කළ හැකි වෛද්‍යවරයකු බව අපට අසන්නට ලැබුණේ බොහෝ රෝගීන්ගෙනි. මේ පිළිබඳව මිනුවන්ගොඩ සිටි පැමිණි රෝගියකු මුලින්ම මා හා සාකච්ඡාවකට එක්‌වෙමින්... "මම රැකියාවකට කරන්නෙ වෙළෙ¹ම. සමහර වෙලාවට කාර්යබහුලකම නිසාත් කැෂියර් කූඩුවේ බොහෝ වේලාවක්‌ වාඩිවි සිටීම නිසාත් මට මේ රෝගය වැළඳෙන්න ඇති. අනෙක ආහාර නිසි වේලාවට නොගැනීමෙන් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් දවසක්‌ මම මළපහ කරගන්න බැරිව වැසිකිළිය වටේ රවුම් කිහිපයක්‌ දිව්වේ වේදනාවෙන් කෑ ගස ගසා, කොහොම හරි මේ වෙද මහත්මයා හමු නොවුනා නම් ඇතැම් විට මගේ ජීවිතය නැතිකරගන්නත් ඉඩ තිබුණා. කොහොම වුණත් මම මේ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර අරගෙන වැඩි දවසක්‌ ගියේ නැහැ රෝගයෙන් බාගයක්‌ම සුවවුණා. ඇත්තටම මේ ගැන පැහැදිලිව යමක්‌ කියනවා නම්, අපේ ඉස්‌පිරිතාලෙ දොස්‌තර මහත්වරු මට කිව්වෙ අර්ශස්‌ ගෙඩි කපල අයින් කරන්නෙ නැතිව බෙහෙත් බීල විතරක්‌ සුවකර ගන්න බැහැ කියලා. එත් මට දැන් හිතෙනවා සිංහල බෙහෙත්වලින් සුවකරගන්න බැරි රෝගයක්‌ නැහැ කියලා. තවත් සති කීපයක්‌ ප්‍රතිකාර කිරීමෙන් පසු අර රෝහලෙන් කපන්න කියපු අර්ශස්‌ ගෙඩි වලට මොකද වුණේය කියලා මට හිතාගන්න තරම්වත් බැරිවුණා.

    අපි ලේසියටත්, පහසුවටත් ඉංග්‍රීසි ප්‍රතිකාර අරගෙන හැමදාම වේදනාවෙන් දුක්‌ විඳිනව මිස මේවගේ ස්‌ථිරවම සුවයක්‌ ලැබෙන ප්‍රතිකාරවලට යොමුවන්නේ නැහැ. මම හැමෝටම කියන්නේ සිංහල ප්‍රතිකාරවලට යොමු වෙනවා නම් රෝග සුවකර ගන්නවා කියන එක මහ ලොකු දෙයක්‌ නොවෙයි. මොකද මගේ අත්දැකීම් ඒකට සාක්‌ෂි දරන නිසා.

    ඒ වනවිට සමරනායක වෙදදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි බොහෝ පිරිසක්‌ මේ ප්‍රතිකාරය ගැන කරුණු ඉදිරිපත් කිරීමට පෙළගැසී සිටියත් එක්‌ රෝගියකුගෙන් ලත් තොරතුරු මා සෑහීමකට පත් කළ හෙයින් තවත් තොරතුරු සොයන්නට නොසිතුවෙමි.

    කෙසේ වෙතත් අර්ශස්‌ රෝගයෙන් අනන්ත අප්‍රමාණ දුක්‌ විඳින රෝගියෙකුට සති කීපයක ප්‍රතිකාරයෙන් එය සුවයට පත්වෙනවා නම් හෙළ වෙදකමේ මහිමය කෙතෙක්‌ද යන්න අපට වචනයෙන් විස්‌තර කළ නොහැක.

    ඕනෑම අර්ශස්‌ රෝගියකුට, සතියේ දිනවල මහනුවර කුරුණෑගල පාරේ හෑදෙනිය නගරයේදීත්, ඉරිදා දිනවලදී කොළඹ කොට්‌ටාව පාරේ හිරිපිටිය දොළේකඩේ පාරේ අංක 129/6 යන ස්‌ථානයේදීත් අර්ශස්‌ රෝග විශේෂ වයි. පී. සමරනායක වෙදැදුරු හමුවී ප්‍රතිකාර ගැනීමට අවස්‌ථාව සලසා ඇත.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අඹරැල්ලා ගුණ - අගුණ
    පලතුරු ගණයට ගැනෙන අඹරැල්ලා බාල, මහලු, තරුණ කා අතරත් ජනපි‍්‍රය පලතුරකි. අඹරැල්ලා පලතුර ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවේ. අඹරැල්ලා ව්‍යාජනයක් ලෙස සකසා ප්‍රධාන ආහාර වේලට එක්කර ගැනීමෙන් අපූරු රසයක් ලැබේ.
    එම රසය වඩාත් අර්ථවත් කිරීම සඳහා ඊට සීනි හැඳි දෙකක්, තුනක් පමණ දමන්න. ස්වභාවයෙන් අම්ල ගතියෙන් යුක්ත වන අඹරැල්ලා, සීනි හැඳි දෙකක් දැමීමෙන් එහි ඇති අම්ල ගතිය මඟහැරී යයි. රසවත් ව්‍යාංජනයක් වේ. ව්‍යාංජනය සඳහා වඩාත් සුදුසු වන්නේ ඉදුණු හෝ නොපැසුණු අඹරැල්ලා නොවේ. පැහීගෙන එන අඹරැල්ලා ව්‍යාංජනයට කදිමය.
    බොහෝ දෙනා අඹරැල්ලා ව්‍යාංජනයට අමතරව චට්නි හා අච්චාරු දැමීම ද කරයි. නිතරම ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගැනීමට වඩා අඹරැල්ලා විවිධාකාරයෙන් සාදා ආහාරයට ගැනීම කෑම රුචිය වැඩි කිරීමට සමත් වේ. අඹරැල්ලා දළු සම්බෝලයක් ලෙස සකස්කර ගත හැකිය. දියවැඩියාවට කදිම ඖෂධයක් මෙන්ම රක්ත අර්ශස් වැනි රෝගයෙන් පෙළෙන රෝගීන්ට ගුණදායක ය.
    අඹරැල්ලා කොළ හා පොතු තම්බා බීම ශරීරයේ ඇති තද බවට හොඳ ඖෂධයකි. හොඳින් පැසුණු අඹරැල්ලා ගෙඩිවල පොත්ත ඉවත් කර ගෑරුප්පුවකින් සිදුරු තනන්න.
    එසේ සිදුරු කරගත් අඹරැල්ලා ගෙඩි මී පැණි තිබෙන භාජනයකට දමන්න. දින කිහිපයක් ආහාරයට ගැනීමෙන් සුව නොවුණු කැස්ස සුව වේ.
    විටමින් සී, කැල්සියම්, පොස්පරස්, යකඩ අඹරැල්ලවල අඩංගුයි. අඹරැල්ලාවල ජලය අඩංගු වන නිසා ශරීරයට ජලය එක්වන එක් මාර්ගයක් ලෙස මේ පලතුර ගත හැකිය. අඹරැල්ලා ශරීරයට හිතකර අවස්ථා මෙන්ම අහිතකර අවස්ථාවන් ද නැත්තේ නොවේ. ආයුර්වේද ශාස්ත්‍රයට අනුව අඹරැල්ලා ගුණකර්ම රාශියකින් යුක්ත පලතුරකි.
    අඹරැල්ලාවල අම්ල රස, කසාය රස, මධුර රසයන් පවතී. ගුරු ගුණය හා ස්නිග්ධ ගුණයෙන් යුක්තය. අඹරැල්ලා වීර්යයෙන් උෂ්ණය. විපාකයෙන් අම්ල හා මධුර වේ. අමු අඹරැල්ලා ගෙඩි ශරීරයේ පිත වැඩි කරයි. කප (සෙම) සමනය කරයි. ඉදුණු අඹරැල්ලා ගෙඩි වාතය පිත සමනය කරන අතරම කප (සෙම) වැඩි කරයි. එමනිසා ඔබ ආහාරයට ගත යුත්තේ ඉදුණු අඹරැල්ලාය. අමු අඹරැල්ලා වැඩිපුර ඒ ආකාරයෙන්ම ආහාරයට ගැනීමේදී ඔබ ප්‍රවේසම් විය යුතුය.
    අඹරැල්ලාවල හිතකර ගුණ
    * ශරීරය ඉදිමීම, වාත වේදනා, දණහිස් ඉදිමුමට අපූරු ඖෂධයකි.
    * ස්ත්‍රීන්ට වැළඳෙන රක්තප්‍රදර, ශ්වේත ප්‍රදර තත්ත්වයන්ට අඹරැල්ලා පලතුර ආහාරයට ගැනීම උචිතය. ගුණදායකය.
    * දියවැඩියාව වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන්නන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් පලතුරකි.
    * ශරීරයේ ඇති ස්නායු ශක්තිමත් කරයි.
    * සෙම් ගෙඩිවලට ගුණදායක වේ.
    * ගලගණ්ඩය, අතීසාරය, වමනය වැනි රෝගයන්ට බෙහෙවින් සුදුසුය.
    * අඹරැල්ලා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බලය වඩවයි.
    * අධික රුධිර පීඩනය පාලනය කරයි.
    * අම්ල පිත්ත රෝගයට ගුණදායක වේ.
    * හෘදයට හිතකරයි.
    * අඹරැල්ලා ආහාරයට ගැනීමෙන් කෑම රුචිය වැඩි කරයි.
    * බඩ පිපීම නැති කරයි.
    * මාංශ පේෂිවල වේදනාව නසයි.
    * කයේ ඇතිවන වේදනාව අඹරැල්ලා ආහාරයට ගැනීමෙන් සමනය වේ.
    * ශරීරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ අපූරු ගුණයක් අඹරැල්ලාවලට ඇත.
    අඹරැල්ලාවල අහිතකර ගුණ
    * ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමෙන් ශරීරයට අහිතකර වේ.
    * ඇදුම, පීනස, උගුර කට වණ වීම, දිව තුවාල වීම වැනි රෝග තත්ත්වයන් අඹරැල්ලා ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමෙන් වැඩි වේ.
    * බඩ දැවිල්ල ඇති අයට අහිතකරය.
    අඹරැල්ලා ව්‍යාංජනයට සීනි දැමීමෙන් එහි ඇති අම්ලකර ස්වභාවය ඈත්වීමෙන් අන් රෝග තත්ත්වයන් ඇති රෝගීන්ට ද ආහාරයට ගැනීමේ පරිසරයක් නිර්මාණය වේ.
    * වැඩිපුර ආහාරයට ගැනීමෙන් ආසාත්මිකතා ඇතිකරයි.
    * සමේ පලුදැමීම වැනි දේ සිදුවිය හැකිය.

    මංගලා මහලේකම්
    ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි
    බණ්ඩාරනායක අනුස්මරණ පර්යේෂණායතනය,නාවින්න
    තිලානි ශානිකා විතානාච්චි
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මල බද්ධයටත් බඩේ අජීර්ණයටත් දෙකටම හොඳයි බෙලි

    “දිවුල් දිගට - බෙලි හරහට නොපලල්ලා” යනුවෙන් පැරණි කියමනක් මට මතකයට එන්නේ බෙලි ගෙඩිය කෑමට සැරසෙද්දී, එහි කටුව ඉවත් කරන්නට යන විටදීය. “බෙලි කෑවත් බඩ යනවා - බඩ යන විට බෙලි කනවා” වැනි මතිමතාන්තර අපට හමුවන්නේ විශ්මිත පලතුරක් බව සනාත කරමිනි.
    බෙලි ආහාරමය මෙන්ම ඖෂධීය ගුණයෙන්ද අනුනයි. මෙහි සෑම කොටසක්ම ප්‍රයෝජනයට ගත හැකියි. ඉදුණු බෙලි ගෙඩියක පෝෂණීය අගයන් සලකන විට බෙලි යනු පලතුරක පෝෂණීය අගයටත් වඩා පරිපූර්ණ ආහාරයක් ලෙස සැලකිය හැකියි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, කැල්සියම් හා පොස්පරස් ආදියෙන්ද පොහොසත්ය.

    මල බද්ධය හා මල බුරුල් වීම
    මල බද්ධය හා මල බුරුල් වීම
    මල බද්ධය ඇතිවූ විටත්, මල බුරුල්ව යන විටත් බෙලි හොඳ යයි අප අසා තිබෙනවා. මේ ගැන සොයාබැලීමේදී බෙලිවල පවතින විශ්මිත පෝෂණීය ගුණය ගැන කතා නොකරම බැහැ. තදින්ම බඩ බුරුල්ව යන අවස්ථාවලදී මෙන්ම අතීසාරය අවස්ථාවල තමන්ට අපහසු තත්ත්වයක් පවතී නම් ඔබට බෙලි ගැට භාවිතා කිරීම මඟින් අධික ලෙස මල පහවීම පාලනය කළ හැකියි. එහිදී සිදුවන්නේ මල හොඳින් කැටිකිරීමයි.

    එවිට දියර ලෙස ගිය මල කැටි ලෙස පිටකල හැකි වන පරිදි පහසු තත්ත්වයකට පත්වේ. නමුත් මල බද්ධයේදී ඉදුණු බෙලි අනුභවයෙන් මලපහ කිරීම පහසු කරවනවා. බෙලිවල ඇති කෙඳි සහිත බව හා එහි ඇති මැලියම්වලින් එන ඹෟෂධීය ගුණය මෙයට බලපානවා. ඒ වගේම ඉදුණු බෙලිවල පවතින මේදය හෙවත් ස්නිග්ධ ගුණය එනම් තෙල් ස්වභාවය මඟින් මල ලිස්සායාමක් සිදුවේ.
    බෙලිවල පවතින තවත් හොඳ ගුණයක් වන තීක්ෂණ එනම් ඉතා සියුම් ක්‍රියාකාරීවීමද මලවල ඝණ ස්වභාවය බුරුල් කිරීමට හේතුවක් වේ. එවිට හොඳින් මල පිටවීම පහසු කරයි. මෙලෙස මල බද්ධයේදී බෙලිවල පවතින මෙවන් විවිධාකාර ගුණ හේතුවෙන් මල පිටවීමේදී පහසු කාරියක් බවට පත් කිරීමට බෙලි හේතු වේ. අර්ශස් රෝගීන්ට වුවද ඉදුණු බෙලි අනුභවය ගුණදායක වන්නේ මේ හේතුව නිසාවෙනි.
    ඖෂධීය ගුණ
    ඖෂධීය වටිනාකමින් යුක්ත බෙලි ශාකයේ පංචාංගය දේශීය වෙදකමේ බහුල වශයෙන් භාවිතා වේ. බෙලි කටුවල පවා ඖෂධීය ගුණය ඉතා ඉහළයි. බෙලි කටු තම්බා හකුරු සමඟ පානය කිරීම අතීතයේ සිටම පැවත එන්නකි.
    සිරුරේ දහඩිය ගඳ නැති කරන, අධික වෙහෙස බව නැති කරන, (Refresh) සිරුර ප්‍රාණවත් කරනු ලබන බෙලි කටු හා බෙලිමල් පිපාසය සංසිඳුවන කදිම පානයකි. බෙලිමල් තැම්බූ වතුර පානය පිත සමනය කරයි. සිරුරේ දාහ ස්වභාවය සහ වේදනා සමනය කරයි. බෙලි මල් බිව්වම වෙහෙස නිවේ. මෙය ප්‍රාණජීවයකි. අම්ල පිත්ත හෙවත් ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් පෙළෙන්නන්ට බෙලි කොළ හොඳ ඖෂධ්‍යකි.
    මේ රෝගයෙන් පීඩා විඳින්නන්ට ක්ෂණික ප්‍රතිඵල ගෙන දේ. ලේවල සීනි ප්‍රමාණය පාලනය කළ හැකි ගුණයක් බෙලි කොළ යුෂවල පවතිනවා. තවද ඒවායේ යුෂ තේ හැඳි 2ක් සීනි සහ මී පැණි මිශ්‍රව පානය කිරිම ගර්භනී වමනය පාලනය කරයි. බෙලි කොළ තම්බා එහි එන දුම ආශ්වාස කිරීමේදී සෙම බුරුල් කර ඉවත් කිරිමට උදව් කරයි. බෙලි මුල් තම්බා බොහෝසෙයින් සිදුවා ගත් කළ ලැබෙන ක්ෂායට සීනි මී පැණි මිශ්‍රකාර දීමෙන් සිරුරේ උණ, අජීර්ණ, අතීසාර, ග්‍රහණි රෝග (මල ද්‍රවත්වයෙන් නිරතුරුව පහවීම - (Irritable Bowel Syndrome) හා මුත්‍රා රෝග වැනි රෝගවලට යෝග්‍යයි.
    බෙලි ආහාරයට ගැනීමෙන් තද හිරු එළියට සම නිරාවරණය වීමෙන් ඇතිවන සංකූලතාවලට ඔරොත්තු දීමේ හැකියාව ඇත. ඉඳුණු බෙලි හදවතට හා මොළයට ගුණදායක වේ. බෙලි පත්‍ර වලින් සකස් කරගනු ලැබූ තලපය ඇස් රෝග විවිධ ප්‍රදාහ අධික උණ ආදී රෝගවලට පැලැස්තරයක් ලෙස භාවිතා කරයි. බෙලිමල් වලින් ඇස් සේදීම සඳහා ඖෂධය දියරයක් සකස් කර ගත හැකියි. බෙලි පොතු මැලේරියා රෝගය හා මාළු විෂවීම සඳහාත් භාවතා කරයි. බෙලි මුල් පත්‍ර හා පොතු සර්ප විෂට ප්‍රතිකාර සඳහා ලබාගනී. මේවා කුඩාම දරුවන්ගේ ආමාශයේ රෝග සුව කිරීමටද භාවිතා වේ. සිරුරේ දුර්වලත්වයන් සඳහා බහුලව භාවිතා කරන දසමුලාරිෂ්ඨයට බෙලි මුල් ප්‍රධාන ද්‍රව්‍යයකි.
    භාවිත ද්‍රව්‍යයක් ලෙස
    තේ, කෝපි වෙනුවට නිවසේ භාවිතයට හා නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කිරිමට වියළාගත් බෙලි මල් තම්බා පානයක් ලෙස සකසා ගත හැකි අතර පෑසුණු බෙලි කටුද ජලයේ තම්බා තේ වලට ආදේශයක් ලෙසද ගත හැකියි. බෙලි පලතුරක් පමණක් නොව ශාකයේ සියළුම කොටස් විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකියි. බෙලි පෝෂ්‍යදායී බවින් වැඩම දේශීය පලතුරුවලින් එකකි.
    ඉදුණු බෙලි ඒ ආකාරයෙන්ම හෝ අවශ්‍ය නම් සීනි මිශ්‍රකර ආහාරයට ගත හැකියි. හොඳින් පෑසූණු බෙලි ජලයේ තම්බා එම මදය ආහාරයට ගැනීමද එම ජලය පානය කිරීමද බෙලි ආහාරයට ගැනීමේ සාමාන්‍ය ආකාරයයි. බෙලි සමඟ සීනි හා මී කිරි මිශ්‍ර කිරීමෙන් ශක්ති ජනක පානයක් සකස් කළ හැකියි. බෙලි මදය බීම, කෝඩියල්, ජෑම් සහ පලතුරු බාර් සෑදීමට භාවිතා කළ හැකියි. කල්තබාගත හැකි විශේෂ රසකැවිලි සකස් කළ හැකියි. ළපටි බෙලි පත්‍ර අඹරා ලබාගන්නා යුෂය යොදා රසවත් කොළ කැඳක්ද සකස් කර ගත හැකියි.
    වෘත්තීමය වටිනාකම
    බෙලි සංස්කෘතිමය වශයෙන් ශ්‍රී ලංකාව තුළ බොහෝ පුද පූජා සඳහා අනිවාර්යෙන්ම යොදා ගනී. වාසනාව, ශි‍්‍රයාව ගෙන දෙන ශ්‍රී ඵලයක් වශයෙන් විශ්වාස කෙරේ. බෙලි ශාක කොටස් ගෙවත්තේ වගා කර ගැනීමෙන් නිවසට සිරිකත ළඟාවන බවටද මතයක් පවතී. මිහිකතට සෙවණ දෙන වෘක්ෂයක් වශයෙන් හා මිනිසගේ පැවැත්ම සාර්ථක කරදෙන අයෝමය හස්තයක් ලෙස බෙලිවලට අද වෘත්තීමය වටිනාකමක් ලබාදී ඇත. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට මෙහි දැව, මුල්, පොතු, මල්, පත්‍ර, ගෙඩි භාවිතා කරනු ලබයි. මේ අනුව බෙලි ආහාරමය, සෞඛ්‍යමය ඖෂධීය හා ආගමික වටිනාකමක් මෙන්ම වානිජමය වටිනාකම්ක්ද සමන්විත පලතුරකි.
    පෝෂණීය අගය

    පෝෂ්‍යදායී පලතුරක් වන බෙලිවල අඩංගු විටමින් වර්ග අතර විටමින් බී2 බහුලව ඇත. හොඳින් ඉදුණු බෙලි ගෙඩියක මදය 60 - 80ඨ ක් පමණ ඇත.
    (එහි මාංශලයේ 100ඨ ක අන්තර්ගතය)
    ප්‍රෝටීන් - ග්‍රෑම් 18
    මේදය - ග්‍රෑම් 39
    කාබෝහයිඩ්‍රේට් - ග්‍රෑම් 318
    කැල්සියම් - මිලි ග්‍රෑම් 85
    පොස්පරස් - මිලි ග්‍රෑම් 50
    යකඩ - මිලි ග්‍රෑම් 6
    විටමින් සී - මිලි ග්‍රෑම් 8
    තයමින් - මයික්‍රො ග්රෑම් 13
    රයිබෝප්ලේමින් - මයික්‍රො ග්‍රෑම් 119
    ශක්තිය - කිලෝ කැලරි 137
    ජලය - ග්‍රෑම් 615
    කැරොටින් - මිලි ග්‍රෑම් 55
    පෙක්ටීන් - ග්‍රෑම් 25
    මෙහි ඇමයිනෝ අම්ල 17ක් අඩංගු බව වාර්තා වී ඇත.
    වෛද්‍ය චන්ද්‍රිකා වැලිවිටිගොඩ
    ස්වර්ණා ආරියවංශ
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif