සිංහල සහ කේමර් අලුත් අවුරුද්ද

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    khmer new year 2019 සඳහ෠පින්à¶à·”à¶» à¶´à·Šâ€à¶»à¶à·’ඵල

    සිංහල අලුත් අවුරුද්ද බොහෝවිට රාජ්ය මාද්ය වල දක්වන්නේ සිංහල හා දෙමල අලුත් අවුරුද්ද යනුවෙන්. එහෙන් දෙමල ජාතිකයන් බක් මස පැවැත්වෙන අවුරුද්දට වඩා තයිපොංගල් සහ දීපවාලී උත්සව වැඩි බරකින් සමරනවා. බොහේ දෙමල ජාතිකයන් ට බක් මස අලුත් අවුරුද්ද තවත් දවසක් පමනයි.

    සිංහලයන් මෙන් ම සාමාන්යයෙන් බක් මස 13, 14 සහ 15 දිනවල අලුත් අවුරුද්ද මම ඉහලින් සමරන තවත් ජාතියක් කැම්බෝදියාවේ සිටිනවා... ඒ එහි ජනගහනයෙන් 97% පමන වූ කේමර් වරුන්. නගරයේ පදිංචි කේමර්වරුන් හැමෝම නව වසර සමරන්න තම ගම් බිම් වලට ඇදෙනවා.

    khmer new year going to village සඳහ෠පින්à¶à·”à¶» à¶´à·Šâ€à¶»à¶à·’ඵල

    කේමර් වරුන් ගේ අලුත් අවුරුද්දේ පලමු දිනය හැඳින් වෙන්නේ මහා සංක්‍රාත් (មហាសង្រ្កាន្ត) ලෙසයි. එය සංස්කෘත බසින් බිඳී ආ මහා සංක්‍රාන්ති හෙවත් ග්‍රහ වස්තු ස්තානය වෙනස්වීම යන අරුත් හැඟවෙන වචනයක්.


    නව වසරේ දෙවන දිනය විරක් වනබත් (វិរ:វ័នបត) ලෙස හා තෙවන දිනය වේරක් ලොන්ග් සක් (វារៈឡើងស័ក) ලෙස හඳුන්වන කේමර් වරුන් මේ දින තුනම තම තමන් ගේ ගම්බිම් වලට ගොස් නෑ හිතවතුන් සමග ගත කිරීමට. බෞද්ද ආගමික කටයුතු වලට මුල් තැන දෙන ඔවුන් ඊට අමතරව නොයෙක් පරම්පරාගත ජන ක්‍රීඩා වල යෙදෙනවා.

    ඔවුන් ගේ ජන ක්‍රීඩා බොහොමයක් අපේ අවුරුදු උත්සව වල දකින්නට ලැබෙන ක්‍රීඩා වලට බොහෝම සමානයි.
    khmer new year games සඳහ෠පින්à¶à·”à¶» à¶´à·Šâ€à¶»à¶à·’ඵල
    khmer new year games සඳහ෠පින්à¶à·”à¶» à¶´à·Šâ€à¶»à¶à·’ඵල

    khmer new year games සඳහ෠පින්à¶à·”à¶» à¶´à·Šâ€à¶»à¶à·’ඵල

    khmer new year games සඳහ෠පින්à¶à·”à¶» à¶´à·Šâ€à¶»à¶à·’ඵල

    khmer new year games සඳහ෠පින්à¶à·”à¶» à¶´à·Šâ€à¶»à¶à·’ඵල



    උපුටා ගත්තේ mallepol.blogspot.com
     
    • Like
    Reactions: Amathi Putha