සිංහල සුභාවිත ප්‍රේම ගීත

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සිංහල සුභාවිත ප්‍රේම ගීත

    සිංහල සුභාවිත ප්‍රේම ගීත
    සිංහල ගීතවලිය තුළ රචිත ප්‍රේම ගීත නොයෙක් ආකාරයෙන් වර්ග කර දක්වන්න පුලුවන්.ප්‍රේමය උතුරා යන ප්‍රේම ගීත ,බොළඳ ආදර ගීත ,ප්‍රේමයේ වියොව දැක්වෙන විරහ ගීත ,ගෘංගාරාත්මක ප්‍රේම ගීත ආදී වශයෙන්.. .
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සිංහල සුභාවිත ප්රේම ගීත- contd.

    ...මේ අතරින් මං කියන්න අදහස් කලේ ප්රේමය කියන සංකල්පය උත්කෘශ්ඨයට නැංවූ සුභාවිත ප්රේම ගීතය පිලිබඳවයි....වෙනත් විදිහකට කීවොත් දෙදෙනෙකු අතර ඇතිවන (ස්ත්රී පුරුශ දෙදෙනකු අතර ඇතිවන )ප්රේමනීය හැඟීම,ඍජුව ප්රකාශ නොකොට ඔවුන්ගේ සියුම් මනොභාවයන් විදා දක්වමින් ප්රබන්දිත ගීත පිලිබඳවයි..

    ..ප්රේමය හුදෙක් ගෘංගාරය මුසු වූ කායික හෝ මානසික බැඳීමක් නොව ඊටත් එහා ගිය උසස් බැඳීමක් ( හරියට අධ්යාත්මික බැඳීමක් වගේ )දක්වන භාව ප්රකාශනයක් මේ ගීත තුළ අන්තර්ගතයි.

    මේ ගීත සාවදනව රස වින්දොත් කෙනෙකුගේ ප්රේමය පිලිබඳව ඇති හැඟීම වෙනස් තලයකට ගෙන යනු ලබනවා..ඒවා බොහොමයක් තුළ ගෘන්ගාරයට හෝ රාගයට ඉඩක් නැහැ..

    ..මේවයින් ඇතැම් ගීත තුල ඇති උචිත සන්ගීතය ඒ හැඟීම තව තවත් තීව්ර කිරීමට සමත් වෙනව,ඒ වගේම මට හැඟෙන විදිහට තනි ගායෙකුගේ හෝ ගායිකවකගේ ගීතවලට වඩා යුග ගීත තුළ මේ හැඟීම ප්රබලව දැක්වෙනවා....

    මට මේ විදිහට දැනිච්ච ගීත කීපයක් උදාහරන විදියට දක්වන්නම්

    . පලමුවන් ගීතයෙන් මේ අදහස ඍජුවම ප්රකාශ වෙනවා.පෙම්වතා දක්වන ඔහුගේ ප්රේමය හරියට උත්තරීතර පූජනීය ස්ථානයක් වගේ.එසේම පෙම්වතියගේ ප්රකාශනය තුළද ඇය හැඳින ගත් ඔහුගේ ප්රේමයත් , ඔහු කෙරේ වූ ඇගේ ප්රේමයත් ඊටම අනුචිත වූවක්, ඇය ඒ ප්රේමය පිලිගන්නෙ පූජනීය ස්ථානයකට ගොඩවෙනවා වගේ වන්දනීයව..





    ..මේ ගීතයෙන් කියවෙන්නේ කුමන හෝ අයුරකින් පෙම්වතුන් වීමට නොහැකි වූ යුවලකගේ ආත්මීය ප්රකාශනයන්..පදරචනය තුළ යුවතිය පුරුශයාගේ ප්රේමය අපෙක්ෂා නොකරන් බවක් දැක්වෙනවා නමුත් වචනවලින් ප්රකාශ නොවුන ඔවුනතර ඇති ප්රේමය පිලිබඳ සිතුවමක් නිරූපනය වන බව ඔබට දැනෙනවාද?ඇත්තටම රස විඳින්නාගේ සිතේ ඇති සන්වේදී ස්වාභාවයන් සියුම්ව ස්පර්ශ කරන මේ ගීතයේ සංගීතයත් එක්කම ගත්තොත් ප්රේමය ප්රකාශ වෙන්නේ හරිම ගුප්තව..





    මේ ගීතය මැතකදී විකාශය වූ ටෙලියක ගීතයක්..ඉහත ගීතයට යම්තාක් දුරකට සමාන අදහසක් තමා තියෙන්නේ..බලන්න මෙහි සන්ගීතය කොච්චර ප්‍රබලව දැනෙනවාද?





    මේ ගීතයෙන් කියවෙන්නේ සිය පෙම්වතිය හැරගිය පෙම්වතාගේ වියෝ දුක ගැන කියවෙන ප්‍රකාශනයක්, නමුත් වචනවල ඇති පරිපූර්න බව සහ සන්ගීතයේ ඇති සංයමය ඔහුගේ විරහ වෙදනාව පවිත්‍ර ප්‍රේමය ගැන කොච්චර ලස්සනට කියනවාද?ඇත්තටම තමාව තනිකර දමා ගිය පෙම්වතිය ගැන ද්වේශයක් ඇතිවෙන්නේ නැහැ..ඇයගේ මතකය ඔහුගේ නෙතට කඳුලක් ගෙන ඒමට තරම් වද දෙනවා..ඔහු අර්ථ දක්වන්නේ ඇයට තිබූ ඔහුගේ පිවිතුරු ප්‍රේමය ට ඇය නොගැලපෙන්නියක් නිසා ඔහුගේ මතකයෙන් ඉවත්වන ලෙසයි..





    .මේ ගීය නම් නොදන්න කෙනෙක් නැහැ ඒ තරමට ජනප්‍රියයි..මේකෙ වචනවලින්වත් ,සන්ගීතයෙන්වත් සාපේක්ශව ගැඹුරක් තේරෙන්නෙ නැහැ..නමුත් ගීතය රසවින්දනය කරද්දි ප්‍රේමය පිලිබඳ මොනතරම් හැගීමක් එනවාද? තමාව අමතක කරන්න යයි පෙම්වතියට ආයාචනා කරන්නේ ඇගේ සතුට වෙනුවෙන්.. එය මොනතරම් නිර්මල කැපකිරීමක්ද?සැබවින්ම සුභාවිත ප්‍රේමයේ සලකුනක් මේ ගීයේ අන්තර්ගත වෙනවා..








    ඔයාලටත් මේ වගේ දැනිච්ච හැඟුනු ගීත තියෙනවානම් මෙතන share කරන්න,,,,
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං එක අවවාදයක් දෙන්නම්
    කමෙන්ට් ගැන හිතන්න එපා
    මේව කියවන ගොඩක් උන් කමෙන්ට් කරන්නෙ නෑ
    ඒ නිසා ලියන්න දිගටම ගොඩාක් පිරිසක් බලනවා අනිවා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට මචන් නියම වැඩක් ..ලස්සන සිදු ටිකක් .පුළුවන් සප් එකක් දෙන්නෙම් දිගටම පොස්ට් කරන්න

    රේප් +5
     
    • Like
    Reactions: nir83k

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මරුසිරා;17019418 said:
    පට්ට මචන් නියම වැඩක් ..ලස්සන සිදු ටිකක් .පුළුවන් සප් එකක් දෙන්නෙම් දිගටම පොස්ට් කරන්න

    රේප් +5
    \thanks bro rep added
     
    • Like
    Reactions: kellsupun
    මචං එක අවවාදයක් දෙන්නම්
    කමෙන්ට් ගැන හිතන්න එපා
    මේව කියවන ගොඩක් උන් කමෙන්ට් කරන්නෙ නෑ
    ඒ නිසා ලියන්න දිගටම ගොඩාක් පිරිසක් බලනවා අනිවා

    ela