අනික ඒක ප්රායෝගිකයි. හිතන්න මෙහේ ඉදලා තියෙනවා නින්තෑවෝ පවා සැහේන කාලයක්. රාවණාට ඔච්චර තාක්ෂණයක් තිබූණා නම් නින්තෑවෝ ඒ කාලේම ඉවර වෙන්න තිබුනා. අද ලංකාවේ පොඩ්ඩක් බලන්න වර්ණ සංකලනය බහුල ලෙස තියෙනවා නේද? සමාහර මිනිසුන්ගේ හම ගොඩක් සුදුයි ඒ වගේම සමහර අයගේ හම ගොඩක් කළුයි ඒක Australoid අයට සමාන වෙනකම් යනවා. මම හිතන්නේ මේ දුපතේ ඉස්සර ඉදලා තියෙන්නේ Australoid අයයි. රාවණා කියන්නේ ඒ කෙනෙක්ගේ රජෙක්. Caucasoid අය තමයි උතුරු පැත්තේ ඉදලා ඉන්දියාවේ ජනාවාස පිහිටුවෙගෙන පස්සේ ලංකාව ඇවිල්ලා තියෙන්නේ. පස්සේ විජය රජූ මෙහෙට ඇවිල්ලා Australoid සහා Caucasoid දෙවර්ගයම මිශ්ර වෙලා අද ඉන්න සිංහල ජනතාව හැදුනා කියලයි මගේ මතය. පසුව අරාබියේ ,බටහිර ජාන මිශ්රණය නිසා තවත් සංකලන ඇති වුනා කියලා හිතන්න පුලුවන් මිනිසුන්ගේ.අද ලංකාවේ ඉන්නේ හුදෙක්ම මිශ්ර ජනතාවක් මිසක් ශුද්ධ ජනාතවක් නෙවෙයි. එහෙම හිතන්නේ පටු අදහස් තියෙන්න දැඩි මතධාරින්.