~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    කොහෝ මල් වාරන් - ජෝති

    කොහෝ මල් වාරන් ගයනා උදේ
    මැනිකේ බලන්
    අපේ ගමේ රබන් වැයෙන්නා
    ගමේ ඔංචිල්ලා බැදෙනා දිනේ
    ආවා වගේ
    ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා

    Koho mal waran - jothi
    http://www.mediafire.com/?m44y2djjdze
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ අවුරුදු කාලේ සිනහවෙයන් රාළේ
    තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ
    මේ අවුරුදු කාලේ සිනහවෙයන් රාළේ
    තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ




    මේ අවුරුදු කාලේ හිනහවෙයන් රාළේ
    තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
    අ අ ආ ආ..

    දොං තරිකිට කැත්ත දොදොන්
    පිළිවට කර කැත්ත දොදොන්
    දමා තැල්ල ඩිඟිසි ඩිගොයි
    දමා තැල්ල තක තෙයියත්තා
    කැවුම් කොකිස් තෙලේ බැදෙයි
    කැවිලි සුවඳ සිතට දැනෙයි
    බා.. බා.. බා... රන් කිකිළි
    ඊයේ උදේ ගිය කිකිළි
    තාම ආවෙ නෑ කිකිළි
    බා.. බා.. බා...
    ගතිරිඤ්ඤ රිඤ්ඤං ගති ගතගෝ
    ගති ගත ගෝ
    ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වන්නා
    මැංගිරි ඩිනිකෝ අවුරුදු ආවෝ

    මේ අවුරුදු කාලේ..

    දොං තරිකිට කැත්ත දොදොන්
    පිළිවට කර කැත්ත දොදොන්
    දමා තැල්ල ඩිඟිසි ඩිගොයි
    දමා තැල්ල තකතෙයියන් තා
    ගමේ රබන් දොරට වඩී
    සිනා මුහුණු අවට පෙනේ
    බා... බා.. බා... රන් කිකිළි
    ඊයෙ උදේ ගිය කිකිළි
    තාම ආවෙ නැ කිකිළි
    බා.. බා.. බා...
    ගතිරිඤ්ඤං රිඤ්ඤං
    ගති ගතගෝ ගති ගත ගෝ
    සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේ දිලිසේ
    මැංගිරි ඩිනිකෝ
    අවුරුදු ආවෝ

    මේ අවුරුදු කාලේ

    පද රචනය – ජයතිස්ස බොරලුගොඩ
    සංගීතය – ලයනල් රන්වල
    ගායනය – රන්වල සංගීත කණ්ඩායම
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල් ගුමු ගුමු ගන්වන්නී
    මී වදවල පැණී පුරවන්නී
    කුරුළු සරින් කන් පිනවන්නී
    මුලු ලොව උයනක් කරවන්නී



    මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
    මී වදවලැ පැණි පුරවන්නී
    කුරුලු සරින් කන් පිනවන්නී
    මුළු ලෝ උයනක් කරවන්නී


    ජම්බු ගහට රත පොරවන්නී
    බක් මී ගහ කහ අන්දන්නී
    අඹ දළු ළා රත තවරන්නී
    නෙත ගිය ගිය අත සනසන්නී


    එරබදු පැහැයෙන් දුලවන්නී
    නා ගස් සුවඳින් බැඳලන්නී
    විලේ නෙලුම් මල් පොබයන්නී
    ලෝ කත විසිතුරු කැරලන්නී


    ගමේ මෑ පුහුලම් ඉදවන්නී
    සොරුන් බවට වවුලන් ලන්නී
    නෙ තැනැ වවුලු පළවල් දෙන්නී
    ගම් දරුවන් හට වැඩ දෙන්නී


    මල් සර හට ගී සපයන්නී
    යොවුනන් සිත් ඉන් බැඳලන්නී
    දෙක දෙක එක් කැර ඈඳන්නී
    නොමිලේ කපු කම් කරවන්නී


    වෙන් වූවන් සිත කලඹන්නී
    පරණ තරහ හැම යට ලන්නී
    ආයෙත් එකමුතු කරවන්නී
    පවුල් අවුල් විසඳාලන්නී


    කොල්ලන් කෙල්ලන් බැඳලන්නී
    මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
    ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
    අවුරුදු කිරි බත උයවන්නී


    දස දෙස සුවඳින් බැඳලන්නී
    ගතට සිතට නව පණ දෙන්නී
    කුඹුරට ආසිරි සලසන්නී
    රට වටැ සොම්නස ගෙනැ යන්නී

    සංගීතය හා ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
    ගී පද රචනය - අරිසෙන් අහුබුදු
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අමිතා වැදිසිංහ-කන්ද උඩින් හඳ පායන

    කන්ද උඩින් හඳ පායන ලීලා
    ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
    මන්ද කොහෝ හඬලනු හැංගීලා
    එන්න තමා බක් මහ ළංවීලා

    දුන්න බහක් හින්දා මම කැන්දා
    යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා
    උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
    ඉන්න එතෙක් ඉවසන්න ද මන්දා

    ගායනය - අමිතා වැදිසිංහ
    සංගීතය - සෝමදාස ඇල්විටිගල
    ගී පද රචනය - දයානන්ද ගුණවර්ධන


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලයනල් රන්වල-කිරි වදිනා ගොයම

    කිරි වදිනා ගොයම බලා
    සිත සොඳිනා නැගෙන මෙනා
    හිරු කුමරා දුටු වඩනා
    පෙරදිගිනා වඩිනු මැනා


    අපල සපල සමෝසමව
    දියුණු පවුනු වී නැගෙන
    සාගිනි නැති සෝදුක් නැති
    ලොවකට රන් සෙමෙර සලා


    දොලොස් මහින් දොලොස් මහට
    යන ගමනින් සෙතක් වේද
    පරණ පුරුදු අතැර දමා
    උතුම් මිනිස් ගති ගෙනේද
    උනුන් නසන අවි බිමදා
    දිවි අගනා බව දැනේද
    මිනිස් කුලේ උපන් සැවොම
    කුල සිරිතට ගරු කෙරේද


    කිරි වදිනා ගොයම බලා
    සිත සොඳිනා නැගෙන මෙනා
    කිරි වදිනා..
    කිරි වදිනා ගොයම බලා
    සිත සොඳිනා නැගෙන මෙනා
    හිරු කුමරා..
    හිරු කුමරා දුටු වඩනා
    පෙරදිගිනා වඩිනු මැනා




     
    • Like
    Reactions: gora