සිංහල_බ්ලොග්_ලිපින

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    සිංහල_බ්ලොග්_ලිපින

    සිංහල බ්ලොග් ලිපින වලට මුදල් ගෙවන්නෙ ඇයි???

    hackrish+domain.jpg

    හරි මම අදත් ඔයාලට අරගෙන ආවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්. අපේ ගොඩක් කස්ටිය බ්ලොග් ලියනවනේ... ඉතින් ඔයාලගේ බ්ලොග් ලිපිනය අවසන් වෙන්නෙ .blogspot.com කියලා කවුරුත් දන්නවානේ... හැබැයි මේක ටිකක් කැතයි වගේ නේද? කාටහරි කියන්න ගියාම උනත් දිග වැඩියි. ඉතින් මට හිතුනා ඕකට වඩා කෙටි ලිපිනයක් නොමිලේ හදා ගන්න හැටි පියවරෙන් පියවර සරලව රූප සටහන් සහිතව කියලා දෙන්න. මම මේ සඳහා බාවිතා කරන්නෙ www.dot.tk කියන වෙබ් අඩවිය මගින් නොමිලේ ලබා දෙන සේවාව. මම දන්නවා මේ සේවාව ගැන ගොඩක් අය දන්නවා කියලා. තව දෙයක් මම දන්නවා ගොඩක් අය මේක හරි ක්‍රමයට කර ගන්න දන්නෙ නෑ කියලත්. දන්න කස්ටිය ඇති. මම මේ කියලා දෙන්නෙ නොදන්න අයට. ඒකත් මෙතෙන්දි කියන්න ඕන නේ...

    මේ විදියට නිවැරදි ආකාරයට බ්ලොග් ලිපිනය හදා ගන්න ඕන නම් dot tk වල DNS සෙටින්ග්ස් හදන්න වෙනවා. මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද නිවැරදිව මේ කියන DNS සෙටින්ග්ස් හදන්නෙ කියලා. බය වෙන්න එපා අමාරු නෑ... අපි පියවරෙන් පියවර සරලව ඉදිරියට යමු. මම සරල පියවර වලින් හදපු ෆොටෝ ටිකක් ඔයාලාට ඩවුන්ලෝඩ් කර ගන්න දානවා. ඒක බාගෙන පලවෙනි ෆොටෝ එකේ ඉඳලා 17 වැනි ෆොටෝ එක දක්වා පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න විතරයි තියෙන්නෙ.

    විශේෂයෙන් කියන්න ඕන මම ෆොටෝ වල දාලා තියෙන හැම අකුරක්ම හොඳට කියවන්න. පන්ඩිතකම් කරන්න ගිහිල්ලා වැඩේ වල් කර ගන්න එපා. එහෙනම් යටින් ෆොටෝ ටික බාගෙන ඉන්නකෝ...

    www.dot.tk - 2 MB



    මට දෙයක් ලැබුනාම තනියම කන පුරුද්දක් නැති නිසා මේක ඔයාලටත් කියලා දෙන්න හිතුවා. ඉතින් මම හිතනවා අපේ සිංහල බ්ලොග් කරන කොල්ලොන්ට කෙල්ලොන්ට මේ ලිපිය පට්ට වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න.

    ස්තූතියි... තවත් වැදගත් ලිපියකින් ආයෙත් හමුවෙමු.