උබ කියන කතාව තිත්ත උනාට ඇත්ත.. සිංහල අපිට ගොඩාක් දේවල් තියනව හදාගන්න.. sticker ගහන්න එපා කියන්නේ නෑ.. අපිත් ආසයි එ කික් ඒකට.. මාත් පුළුවන් නම් ගහගන්නවා.. sticker ගහපල්ලා හැබැයි මින් ඉදිරියටවත් සිංහල කමට, බෞද්ධකමට අපහාස නොවෙන විදියට වැඩ කරන්න උත්සහ කරපල්ලා.. ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් නොකලත් කමක් නෑ සිංහල කියන්න ලැජ්ජා වෙන තැනට "සිංහලකම, බෞද්ධකම" අරන් යන්න එපා.. මේ කියන මම කියලත් හරි එකෙක් කියල මම කියන්නේ නෑ.. උදාහරණයක් විදියට මම ගොඩක් කාලෙකින් පන්සල් ගිහින් නෑ.. (එහෙමයි කියල හැබැයි මම පන්සිල් කඩන්නේත් නෑ. ඒක වෙනම කතාවක්....) මම කියන්නේ මේ දේවල් කරන ගමන් අපේ වැරදිත් හදාගමු.. හැමදාම වගේ පක්ෂ බෙදාගෙන අපි රණ්ඩු වෙනවා විතරයි.. ජාතියක් විදියට එන තර්ජන වලට හැමෝම එකතු වෙයි ද? කොහෙත්ම නෑ.. දැන් ඉන්න සිංහලය රවට්ටන්න ලේසියි.. අඩුවට බඩුවක් දුන්න නම්.. discount දුන්න නම් "අහවල් ජාතියක්" කියල රෙදිත් නැතුව තමයි එ කඩවලට රිංගන්නේ.. සල්ලි දුන්න නම් අපේ උන් පන්සලේ ඉඩමත් විකුනනවා පල්ලි ගහන්න..
අනිත් ජාති වල අය මෙහෙම නෑ. හිතේ 1ටම තියෙන්නේ "තමන්ගේකම". අපි ආත්මාර්ථකාමී වැඩි වෙලා.. "අපි" කියනවට වඩා "මම" කියන්න පුරුදු වෙලා.. තම්බින්ට ගහන්න, දෙමලු මරන්න කියල කෑගහල මොකුත් කරන්න බෑ.. කාවවත් මරල යුද්ද කරලා කිසිම දෙයක් දිනන්නත් බෑ.. අපි එකා වගේ වැඩ කලේ නැත්නම් කොහොමත් යුද්ද කරන්නත් බෑනේ.. කාවවත් පාගන්න අපිට ඕනි නෑ.. පැගෙන්නේ නැතුව ඉන්නයි ඕනි.. එහෙම ඉන්න නම් අපි ශක්තිමත් වෙන්න ඕනි.. එක කරන්නේ එක එක campaign වලින්වත් දේශපාලනයෙන් වත් නෙවෙයි.. මුලින් තමන් හැදෙමු.. "සිංහලයා, බෞද්ධයා" කියන තමන් හැදෙමු.. ඉබේම සිංහල ජාතියක් හැදිලා තියෙයි.. එදාට හැමෝටම වඩා සිංහලය ශක්තිමත් වෙයි.. අනිත් ජාති වල මිනිස්සුන්ට බැනල, ගහල, මරල වැඩක් නෑ උන් එකමුතුයි කියල.. විසදුම ඒක නෙවෙයිනේ.. අපේ වැරදි අපි හදාගමු.. ලෝකේ "හිටිය" ශක්තිමත් ජාතියක් අපි.. දැන් නම් එහෙම නෑ.. ආයෙත් ඒ තැන හදන්නත් "අපිට"බැරි නෑ..
වැරද්දක් කීවා නම් කියපල්ලා.. මම එහෙම ලොකුවට දන්නා එකෙක් නෙවෙයි..