සිකුරිටි ජොබක් සෙට් වුණා

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සෙක්‍යුරිටි සර්විස් ප්‍රවයිඩින් කොම්පැණිය මොකක් ද?, ගාන නම් අය්යෙ හරිම හොඳයි ඉතින්. ‌බොහොම හොඳ තැනක් හම්බෙලා තියෙන්නේ. මම ටික දවසකට කලින් ටෙක් ඊවැල් එකක් කළා සෙක්‍යුරිටි සර්විස් ටෙන්ඩර් එකක, ඔය ගණන් දාලා තිබ්බ ඒවා රිජෙක්ට් වෙලා දවසට අටසිය ගානෙ එකක් තමයි ලංසුව දිනුවෙ. දැනට යන වෙනත් එකක් මේ, මේකෙ අපි ඒ ආයතනේට එක ෂිෆ්ට් එකකට 1012.50ක් ගෙවනව. ඒක අපෙ පොඩි ප්‍රාදේශීය ගබඩා දෙකක්. මේකෙත් සේවකයට ඉතින් අටසීයක් වගේ තමයි අතට යනව ඇත්තෙ.

    33Ycxsj.png


    සෙක්‍යුරිටි රස්සාව කරද්දි අය්යෙ ඔයාලගෙ ඩියුටි රෝස්ටරයක් තියෙනවා, ඒකේ ඒ අය කියා දෙන හැටියට මාක් කරන්න ඕනෑ. පොතේ හැටියට නම් එක්කෙනෙක්ට පැය 12 ෂිෆ්ට් එකකට වඩා දිගට කරන්න බැහැ. නමුත් සමහර තැන්වල ඕවා පස්සේ පන්නන්නෙ නැහැ. ඒ නිසා සමහර අය එක දිගට පැය 24 වැඩ කරන තැන් තියෙනවා. (මම එහෙම තවත් සෙක්‍යුරිටි කන්ට්‍රැක්ට් එකක එකක පේමන්ට් එහෙමත් කරනවා)

    මතක ඇතුව හැමදාම රස්සාවට ආවා කියන අත්සන හෝ ඇඟිල්ල තැබීම කරන්න. ඒක පලවෙනි දේ. වෙලාව එහෙම හරියට දාන්න පොතේ නම් අත්සන් කරන්න තියෙන්නෙ. සමහර වෙලාවට අමතක වෙලා උදේට යන්න ඉඩ තියෙනවා. ආවාම එක්සයිටඩ් නිසා අත්සන් කරන්න අමතක වෙන්නත් පුලුවනි. ඒ නිසා යෑම ඒම අමතක නොකර සටහන් කරන්න. මොකද අමතක වෙලා තිබ්බොත් අය්යෙ අපිට පඩි කපන්නයි වෙන්නෙ. කරන්න දෙයක් නැහැ. මාසෙ අන්තිමට පැමිණීම ෆින්ගර් මැෂින් එකෙන් හෝ පොතෙන් නේ ගන්නෙ. සටහන් නොවී තිබුණොත් සුම්මා තමයි.

    සමහර තැන්වල ඉතින් ඇඟිලි සලකුණු මැෂින් එක් හෝ පොතේ ලිවීමක් නැහැ. පරණ විදිහට අර පෙට්ටියක් තියෙනවා පෙට්ටියෙ කොල රෝලක් මතු වෙලා තියෙනවා. ඒකේ අත්සන ගහලා ලීවරය ඇදලා දාන්න තියෙන්නෙ. එතකොට අත්සන ගහපු කොලේ වෙලාව ලියවිලා පෙට්ටිය ඇතුලට යනවා. ඒවා ගැන වද වෙන්න එපා ඒක ඒ අය කියලා දෙයි.

    ඕවෑ අය්යෙ පුරුදු වෙන චාටර් වැඩක් තමයි අරක්කු බිවිල්ලයි සිගරට් ගැහිල්ලයි. ඕක පුරුදු වෙන්න එපා. කියවන්න බැරි උනත් පොතක් හරි අරන් යන්ඩ. වැඩිය කතා කරන්න යන්න එපා. කෙල්ලෙක් නැද්ද, බැඳලා නැද්ද වගේ කතා අහයි. ඕවට උත්තර දෙන්න ගියොත් ඔයාගෙ දුරුවලකම් එළියට එනවා. එවලෙට ආ ඇත්තද මල්ලි කියලා හාර අවුස්ස අවුස්ස පුද්ගලික කුණු ටික සේරම අහගෙන ඉඳල පස්සෙ උන් ඒවා ඩිස්කස් කරල විහිලුවට ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවා අහද්දි බොරුවක් කියන්න අක්කා තාම බැඳලා නැහැ අම්මයි අක්කටයි බලන්න ඕනෙ ගෑණු ගත්තොත් ඕවා කරන්න වෙන්නෙ නැහැනෙ වගේ කතාවක් කියලා මග ඇරලා දාන්න.

    ඔයාලාගේ ඩියුටි ගත්තාම ආයතනේ වැඩකරන අය දොරවල් වහලා යතුරු එයාලාම දෙනවා නම් ඒ යතුරු භාර ගන්න එක, කරන්න ඕනි. ඒ යතුරු ටික අරන් එතන ක්‍රමවේදයට අනුව ආරක්ෂිතව තියන්න ඕනෙ. යතුරු දෙනකොට වගේම ගන්නකොට වෙලාව දාලා අදාල නිලධාරියා අත්සන් කරලයි දෙන්න ඕනෙ. දොරවල් අරින්නත් හැමෝටම බැහැ. යතුරු භාරගන්න අවසර තියෙන අය වෙනම ඉන්නව. කල් යද්දි ඔටෝ තේරෙයි. එක පාරට අලුතින් යන කෙනාට ඕවා දෙන්නෙ නැහැ. උදේ පාන්දර එන ආයතනේ අය හමු වුනොත් ගුඩ් මෝර්නින් කියන්ඩ. ආයතනේ ලොකු ලොක්කා වාහනේ යනකොට සැලුට් ගහන්න ඕනෑ. ඒවා සාමාන්‍ය සම්ප්‍රදායන් සෙක්‍යුරිටි අයගේ.

    සමහර තැන්වල දොර ජනෙල් වහන්න ඕනෙ ඔය අය. එතකොට එහෙම තැනක අය රෑ 9ට වගේ ඕටී කරලා යනවා නම් ආයතනේ සේරම දොර ජනෙල් වහලද බලලා, වැසිකිලි, වහපු කාමරවල මිනිස්සු ඉන්නවද, ලයිට් දාලාද බලලා ඒවා කරන්න ඕනෙ. නමුත් තැනින් තැනට ඒවා වෙනස්. ආයතනේ ඇතුලට හැමෝටම වාහන දාන්නත් බැහැ. ගෙනියන්නත් බැහැ. ගේට් පාස් කියලා දෙයක් තියෙනවා ගොඩක් තැන්වල. අවසර නැතිව වාහන එලියට ඇතුලට දාන්න බෑ. සමහර තැන්වල යන එන වාහන වල අංක පොතක ලියන්න තියෙනවා. නමුත් ඔයා යන්නෙ රෑ ෂිෆිට් එකට නම් ඕවා බොහොම අඩුයි.

    රෑට වටයක් දෙකක් ගිහින් එන්න වගේ තියෙයි. නියම රස්සාව ඉගන ගන්න කෙනෙක්ට නම්.. නරක පුරුදුවලට යන්න එපා. වැඩේ අල්ලගෙන යමු.


    :love::love:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    වටේ පිටේ ඉන්න මෝල කරවෙච්ච එකියක් කොහොමද රෑට රෑට එන්ඩ ගත්තොත්

    ඒ වගේ වටාපිටාවක් වගේ තමා තියෙන්නෙ.. කියන්නෙ එතන කවුරුත් නෑ. පාලු තැනක්

    අම්මට මම පඩි නැතුව යනව වැඩට :lol:

    Machan ...ada kohomada...fit da....?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ මූ
    සිකුරිටි පුටුවෙ නින්ද ගිහිං ගෙදර එන්න අමතක වෙලාද :baffled:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    උබ රෑට නිදි මරල දවල්ට පැය 6ක් වත් නිදාගනින්. නැත්තම් උබව හැක් වෙලාම යයි.
     

    AnuradhaRa

    Well-known member
  • උබ රෑට නිදි මරල දවල්ට පැය 6ක් වත් නිදාගනින්. නැත්තම් උබව හැක් වෙලාම යයි.

    ඊයෙයි අදයි දෙකේම උදේ ටිකක් නිදා ගත්ත. පැය 2ක් විතර තමා නින්ද යන්නෙ :baffled:

    හවසටත් පොඩ්ඩක් නිදා ගන්ඩ බලන්ඩෝන
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    11.gif


    11.gif




    බය නැතුව යන්ඩ. පලවෙනි ජොබ් එකට ඇදගෙන වගේ යැවුවෙ. පස්සේ ගාණක් නැති උනා. අපිට ආධාරයක් අරන් සවයිව් වෙන්න මේක හරි හමං රටක් නෙවෙයි අය්යෙ. බැරිමරගාතෙ හරි අදින්න වෙනව. සමහර රටවල් තියෙනව අපි වගේ උන්ට බෙහෙත් ටික වගේම ජීවත් වෙන්න ඇලවන්ස් එකක් දෙන. අවුලක් නැහැ. ඕක නම් මරු ජොබ. පොඩි පොඩි දේවල්වලට දාලා යන්ඩ හිතෙන්ඩත් පුලුවන් ඒත් පස්සේ ටික කාලයක් ගියාම ගාණක් නැතුවම යනව.

    මට කියන්ඩ බැරි උනා, ඔතැන උන් කලින් ජොබ ඇහුවොත් ඔන්ලයින් ඉන්ටර්නෙට් එකේ කළේ ග්‍රැෆික් ඩිසයින් වගේ එකක් කියන්න. උන්ට එතැනින් එහාට විස්තර කරන්ඩ ඕනෙ නැහැ. කොම්පැණිය වැහුවා කියහං. හැම වෙලේම අහන දේට පවුලේ ඥාතියෙක්ගෙ හරි ගෙදර එකෙක්ගෙ හරි විස්තර ටික උඹේ වගේ කියපං. වට ප්‍රශ්ණ අහනකොට පැටලෙන්නෙ නැහැ අය්යෙ එතකොට!

    yo!