සිකුරු සතුව ඔක්සිජන් වායුගෝලයක් ඇත-ජිවින

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිකුරු සතුව ඔක්සිජන් වායුගෝලයක් ඇත-ජිවින

    sikuru.jpg
    කලකට පෙර බොහෝ දෙනා සිතා සිටියේ සිකුරු, පෘථිවියේම නිවුන් සහෝදරිය කියා ය. එහෙත් සිකුරු වායුගෝලයේ කරන ලද පර්යේෂණ වලින් පසුව පෘථිවි වායුගෝලයට වඩා සිකුරු වායුගෝලය හාත්පසින්ම වෙනස් බව පැහැදිලි විය. සිකුරු ග්‍රහයා‍ගේ වායුගෝලය විෂ සහිත අම්ල අඩංගු ඉතාමත්ම කැලිඹිලි සහිත සහ උණුසුම් එකකි.

    එහෙත් මෑතකදී යුරෝපය විසින් යවන ලද වීන්ස් එක්ස්ප්‍රස් යානය විසින් සොයාගන්නා ලද්දේ සිකුරු සහ පෘථිවි වායුගෝල අතර එක් සමානකමක් ඇති බවයි. ඒ සිකුරුගේද දක්නට ලැබෙන ඔක්සිජන් වායුගෝලය යි.

    වර්ණාවලි නිරීක්ෂණයේදී සිකුරු‍ වායුගෝලයේ කි.මී. 100ක් ඉහලින් ඔක්සිජන් ඇති බව මේ වන විට සොයාගෙන ඇත. එහෙත් මෙය පෘථිවියේ මෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයකි.

    පරිඝනක ආකෘති මගින් පෙන්වා දෙන්නේ සිකුරුගේ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අණු හිරු එළිය නිසා කැඩී ඔක්සිජන් වෙන් වන බවයි. මෙසේ වෙන වන ඔක්සිජන් සිකුරුගේ ශීත රාත්‍රී ප්‍රදේශයේ එක් රැස් වේ.

    මෙහිදී O2 සහ O3 යන දෙවර්ගයම නිෂ්පාදනය වන අතර O3 හෙවත් ඕසෝන් මගින් හිරුගේ පාරජම්බුල කිරණ වලක්වාලයි. බොහෝ විද්‍යාඥයින්‍ පෙන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් සහ ඕසෝන් ඇති ග්‍රහලෝක වල ජීවය පැවතීමට ඉඩ කඩ ඇති බවයි. නමුත් පෘථිවිය හා සංසන්දනය කිරීමෙදී පැහැදිලි වන්නේ ජීවය ඇති වීමට නම් වායුගෝලයෙන් 20%ක් වත් ඕසෝන් පැවතිය යුතු බවය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉන්ටරස්ටින්......... :)
    honda thread ekak.honda karaunu tikak!
    THANKZ BROTHER...
    good post machan... :):)
    tx for info machan

    බොහොම ස්තුතියි හැමෝටම, :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිකුරුගේ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අණු හිරු එළිය නිසා කැඩී ඔක්සිජන් වෙන් වන බවයි. මෙසේ වෙන වන ඔක්සිජන් සිකුරුගේ ශීත රාත්‍රී ප්‍රදේශයේ එක් රැස් වේ.

    ඒ කියන්නෙ බන් ඔහොම වෙල වෙලා අන්තිමට පෘතුවියෙ වගෙ වායුගෝලයක් ඇති වෙනවා කියන එකද:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිකුරුගේ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අණු හිරු එළිය නිසා කැඩී ඔක්සිජන් වෙන් වන බවයි. මෙසේ වෙන වන ඔක්සිජන් සිකුරුගේ ශීත රාත්‍රී ප්‍රදේශයේ එක් රැස් වේ.

    ඒ කියන්නෙ බන් ඔහොම වෙල වෙලා අන්තිමට පෘතුවියෙ වගෙ වායුගෝලයක් ඇති වෙනවා කියන එකද:rolleyes:

    ඔවි දැනටමත් සිකුරැවලට උඩින් ඔසෝන් ස්ථරක් තියෙනව ඒකෙන් පාරජමිබුල කිරණ කපා හරිනව තව ඔසෝන් ස්ථරය ශක්තිමත් වෙයි, මොකද කොල්රො ෆෝලර්රෝ කාබන් වගේ වායුන් සිකුරැවල නති හින්ද. CO 2 වලින් දිගටම O 2 කැඩෙනව ඒක හින්ද කවද හරි මනුස්සයෙකුට ජිවත් වෙන්ඩ පුලුන් විදිහට වායුගෝලය නිර්මානය වෙයි :):):)
    සමහර වෙලාවට O 2 හොද පථිශතයක් තියෙනවද දන්නෙත් නැ දැනටම මොකද O 2 තියෙනව කියල හොයගත්තෙත් ලගදිනෙ
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔවි දැනටමත් සිකුරැවලට උඩින් ඔසෝන් ස්ථරක් තියෙනව ඒකෙන් පාරජමිබුල කිරණ කපා හරිනව තව ඔසෝන් ස්ථරය ශක්තිමත් වෙයි, මොකද කොල්රො ෆෝලර්රෝ කාබන් වගේ වායුන් සිකුරැවල නති හින්ද. CO 2 වලින් දිගටම O 2 කැඩෙනව ඒක හින්ද කවද හරි මනුස්සයෙකුට ජිවත් වෙන්ඩ පුලුන් විදිහට වායුගෝලය නිර්මානය වෙයි :):):)
    සමහර වෙලාවට O 2 හොද පථිශතයක් තියෙනවද දන්නෙත් නැ දැනටම මොකද O 2 තියෙනව කියල හොයගත්තෙත් ලගදිනෙ

    වායුගෝලයක් නිර්මාණය වුනු නිසාම ජීවින්ට ඉන්න බෑ.
    ඒ සදහා ප්‍රශස්ත මට්ටමේ උෂ්ණත්වයක් වගේම ද්‍රව ජලය ඕන වෙනවා.
    නමුත් සිකුරුගේ මතුපිට උෂ්ණත්වය 460 සෙල්සියස් මේක රාත්‍රිකාලයේදි -220 සෙල්සියස්
    දක්වා පහළ වැටෙනවා මොකද වායුගෝලය බොහෝම ඝණත්වයෙන් වැඩි නිසා.
    අනික සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු තියෙන නිසා ජීවින්ට කොහොමවත් ඉන්න බෑ.
    මොකද මේක විෂ සහිත වායුවක්.