සිගරට් එකක් බොන්න වින්ද දුකක්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිගරට් එකක් බොන්න වින්ද දුකක්

    ඔන්න පිංවතුනි දවස්දා හැන්දෑවක (රෑ 11ට විතර)
    සිගරට් එකක් බොන්නම හිතුන.. සයිට් එකේ ඉදල බෝඩිමට එන අතරමග..
    කියන්නත් බෑඩ් වෙරි සෑඩ් එක කඩයක් වත් ඇරල නෑ.. අපේ ඩ්‍රයිවර් ඇහුව මොනාද හොයන්නෙ කියල
    පොර සිගා ගසනව.. පොරට සීන් එක කිව්වම අනේ මා ගැන පහල වූ මහත් අනුකම්පාවෙන් ගෝල්ඩන් ලීෆ් එකක් දුන්න.. පොර සුපුරුදු ලෙස අපිව දාල වාහනේ අරන් ගියා ගෙදර.. මාත් බොහොම ආශාවෙන් ඒකත් අරන් බැහැල ඇවිල්ල පොඩි වොශ් එකක් එහෙම දාල
    කට්ටිය එක්ක ගෙනාව කෑම ටික කාල ඉස්තෝප්පුට ගිහින් පත්තු කරගන්න ලෑ උනා.. හුට්ටප්පරයයි! එක ගිනි කූරක් නෑ ගිනි පෙට්ටියෙ!

    මුලු ගේ පුරාම හෙව්ව එක ගිනි පෙට්ටියක් වත් නෑ.. කට්ටියගෙම කාමර වලට ගිහින් හෙව්ව එකෙක් ලග වත් නෑ ( අපේ වෙන කවුරුත් සිගා ගහන්නෙ නෑ )
    මෙන්න එක පාරටම මතක් උනා!
    කලින් දවසෙ බාවකිව් දාද්දි පත්තු කරද්දි “නැමුන" ගිනිකූරක් විසිකලා මම !
    අනේ ඉතින් ගිහින් හොයනවා හොයනවා හොයනවා!
    අනේ නිමුන කූරු නම් ගොඩයි.. ඒත් නැමුනු එකක් නෑ!

    අහිංසක මම හරිම දුකෙන් ගියා අපි යාන්තම් වතුර ටිකක් උණු කරන් ප්ලේන්ටියක් ගහන මෙලෝ රහක් නැති කුස්සියට.. අනේ මේකෙ කොහෙ ගිනි කූරුද මාස ගානකින් ගෑස් ලිප මොලවල නැතිකොට. මොකක්!
    ගෑස් ලිපක් තියනවනෙ මේකෙ! දෙන්නම් ජම්බු පත්‍තු කරමු ගෑස් ලිපෙන්!

    අනේ ඉතින් අරක කරකවනවා කරකවනවා ගෑස් නෑ! :( අර පනින් ගිනි පුලිගුවත් මදි
    ආව අයිඩියාවක්! පොඩි කොල කෑල්ල්ක් පත්තු කරගත්ත නම් ඒකෙන් පත්තු කරගන්න තිබුන!

    අනේ ඉතින් ඒකත් වෙන්නෙ නෑ! අඩුම තරමෙ කොලේ රත් වෙන්නෙ ත් නෑ!
    අන්න බොලේ හීටින් ජග් එක! දාමු ඒකට කොලයක්!
    මේ පාර නම් ගොඩ! පත්තු වෙයි.. අනේ නෑ පිංවතුනි! මේ පාරත් කොලේ නෙමෙයි රත් උනේ!

    රාක්ක ඇදල බලද්දි මෙන්න තියනව රයිස් කුකර් එකකුයි ටෝස්ටර් එකකුයි!

    හම්මෙ සතුට මේක රත්කොරල නම් අනිවාරෙන් පත්තු කරගන්න පුලුවන්..

    කියන්නත් බෑඩ් වෙරි සෑඩ් ඒ එක ක්‍රමේකටවත් පත්තු කරගන්න බෑ..

    වටේම ටැමිල් මිනිස්සු ඉන්නෙ සින්හල මල පොතේ අකුරක් බෑ කාටවත්.. ඒ මදිවට උදේ ගිගින් රෑ වෙලා එන අපිව ඒ කිසි කෙනෙක් දැකලත් නැතුව ඇති..

    දුක් සේ මම ආයෙ ඉස්තෝප්පුවට පැමිණ ඔහේ පාර බලන් උන්නා..

    මෙන්න බොලේ පූරුවෙ පිනකට මොකක් හරි හේතුවකට සයිට් එකේ කොල්ලෙක් බයික් කට්ටක නැගල යනව පාරෙ!

    වහාම නැගිට සෙනිල කොල්ලා නවත්තා ගිනි පෙට්ටියක් ඇහාව්වා..
    අනෙ ගත් කටටම කියපි නෑනෙ මහත්තය.. :( හරි පොඩ්ඩක් ඉන්න මම අපේ බෝඩිමට ගිගින් ටග්ගාල අරන් එන්නම්!
    ම්ම්ම්ම්ම් . වෙලාවෙ හැටියට නරකත් නෑ.. හැබැයි කිලෝ මීටර් 5 6ක් තිබේ කොලූට යන්නම..
    අපරාදෙනෙ කොල්ලගෙ රස්තියාදුව..

    එක්කො ඕනෙ නෑ.. යන්න ගිය ගමන යන්න ඔයා..

    කමක් නැද්ද මහත්තය.. නොකිව්වට මේකෙ තෙලුත් නෑ.. එකපාර එහෙම දෙයක් කිව්වම බෑ කියන්න බෑනෙ..

    කමක් නෑ ඔයා යන්න එහෙනම් කියල හැරුන මම කොල්ල..

    දුක හාදු දෙයි..

    ඒයි! ආව යකූ ආයෙ එකක්!

    සතුට වැඩිකමට! මල්ලි මේක සීටී 100 එකක් නේද!

    ඔවු මහත්‍තය ඇයි..
    බැහැපං පුතේ පොඩ්ඩක් පොඩි වැඩක් කොලෑකි..

    කොල්ලත් උඩ බිම බල බල බැස්ස ස්ටෑන්ඩ් එකත් ගහල..

    ගත්ත පත්තර කෑල්ලක් ගැලෙව්ව ප්ලග් එක ගත්ත වයර් එකෙන් කම්බිය එලියට..

    ගහපං මල්ලි කික් එක ! කොල්ල කික් කොලා..

    කම්බිය එන්ජිමට අල්ලල ස්පාක් කරල අතේ තිබුන පත්තර පිටුව ලං කලා..

    කියන්න සතුටුයි පිංවතුනි වැඩේ සාර්ථකයි!
    පත්තර කොල්ලෙ ඇවිලුනා..

    මාත මහත් සංයමයෙම් ගෝල්ඩන් ලීෆ් එක පත්තු කොලා..

    වෙලාවට එතනින් ගිය කොලුගෙ හත්මුතු පරම්පරාවටම පිං දීල ඒකත් බීල ගියා සැපේ නිදාගන්න..

    මේ වගේ බොන්න එහෙම කැව කටු තිබේ නම් මෙතන කොටන් යන්න..

    ආ කියන්නම ඕනෙ දැං කොල්ල දුම් පානයෙන් තොරයි..දැනට මාස 3ක් 4ක් වගේ..
    දුම් බීම පිලිකා ඇතිකරයි.. රජයේ අවවාදයයි

    අසා සිටී ඔබ සැමට ඉස්තූතියි..
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    අඩේ මාත් ඕම කට්ටක් කැවා ,බෝඩිමේදි මහ රෑක.... අන්තිමේදි අයන් එක ගලෝලා එකේ කන්ටැක්ටර් එක ටෙස්ටරේකින් තද කරන් හිටිය අයන් එක රතු වෙනකම්.. එකෙන් තමා පත්තු කලේ..
     
    • Like
    Reactions: HypermaD2

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හැන්දක්, පිහියක්, ගිනි පෙට්ටියක් වගේ අපි පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නැති දෙයක් නැති වෙලාම බලන්න ඕන ඒවා කොච්චර වටිනවද කියල තේරුම් යන්න


     
    Last edited:
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අඩේ මාත් ඕම කට්ටක් කැවා ,බෝඩිමේදි මහ රෑක.... අන්තිමේදි අයන් එක ගලෝලා එකේ කන්ටැක්ටර් එක ටෙස්ටරේකින් තද කරන් හිටිය අයන් එක රතු වෙනකම්.. එකෙන් තමා පත්තු කලේ..

    හම්මේ ඉතිං.. ශැප නේහ්
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හැන්දක්, පිහියක්, ගිනි පෙට්ටියක් වගේ අපි පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නැති දෙයක් නැති වෙලාම බලන්න ඕන ඒවා කොච්චර වටිනවද කියල තේරුම් යන්න



    සිරා කතාව..

    ඒක නම් වටින වීඩියෝවක්..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉස්සර නම් සයිට් එකේ ෆ්ලෑශර් එක තමා... කවරෙ ගලවල ඇණේ වැටුනම තමා එපා වෙන්නෙ.
    දැන් ඉතිං නවීන LED ෆ්ලෑශර් එක ඒ සෙල්ලම් බෑ.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉස්සර නම් සයිට් එකේ ෆ්ලෑශර් එක තමා... කවරෙ ගලවල ඇණේ වැටුනම තමා එපා වෙන්නෙ.
    දැන් ඉතිං නවීන LED ෆ්ලෑශර් එක ඒ සෙල්ලම් බෑ.

    ඒකනෙ සීන් එක දැං LED නෙ තියෙන්නෙ..


    😅😅😂

    යකෝ......සිගරට් එකක් බොන්න විඳපු දුකක්.....

    :lol::lol:

    සිගරට් කතා නම් හම්මේ

    bump
    uba kheda weda

    මන්නාරම මචං.. දැන් ප්‍රොජෙක්ට් එක ඉවරයි
     
    Last edited:
    • Like
    Reactions: Aruna119

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ දවස්වල සිගරට් තියා බීඩිවත් නැතිව දුම්කොල කුඩුකරලා කඩදාසියේ ඔතලා ගහනවා බං....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mqdefault.jpg
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ දවස්වල සිගරට් තියා බීඩිවත් නැතිව දුම්කොල කුඩුකරලා කඩදාසියේ ඔතලා ගහනවා බං....

    අම්බෝ ඒක :lol::lol::lol:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:growl: