සිතන්නට යමක්

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    යම් ජාතියක්‌ වසර 20 කින් රටේ බලය
    අල්ලනවා යෑයි කීම සුළුවට තැකිය යුතු නැහැ

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක
    මහාචාර්ය වරාගොඩ ප්‍රේමරතන හිමියෝ පවසති

    ශ්‍රී ලංකාවේ නිදහසක්‌ නෑ කියලා කෑගසන රටවලට බුදු පිළිමයක්‌ අරන් යන්නත් බැහැ

    පේරාදෙණිය - රංජිත් සේනවීර

    අපේ රට ඈත අතීතයේ පටන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සිංහල බෞද්ධ රටක්‌ හැටියටයි. නමුත් අද වනවිට මේ රටේ විවිධ ජාතීන්ගෙන් සම්මිශ්‍රණය වී පවතිනවා පමණක්‌ නොව ඒ ඒ ජාතීන් අතර ගැටුම්කාරී තත්ත්වයක්‌ද නිර්මාණය වී තිබෙනවා. අපේ රටේම ජීවත්වන ඇතැම් ජාතීන් කියනවා තවත් වසර 20 කින් පමණ මේ රටේ බලය අල්ලනවා කියලා. අප මේ ප්‍රකාශ සුළුවට සැලකිය යුතු නැහැ. ඒ අය කියන විදියට වසර 20 කින් පසු ඔවුන් මේ රටේ බලයට ආවොත් අද අපේ සිංහල බෞද්ධයන් ඉවසනවා මෙන් ඔවුන් ඉවසයිද? සියලු දෙනා ඔවුන් සමානව සලකයිද? මෙය ඉතා බැරෑරුම් තත්ත්වයකැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය වරාගොඩ ප්‍රේමරතන හිමියෝ පැවැසූහ.

    ගැටඹේ රාජෝපවනාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ආචාර්ය ලබුදූවේ සිරිධම්ම, යටලමත්තේ ශ්‍රී අමරවංශ යන හිමිපාණන් වහන්සේලා සහ රාජෝපවනාරාම වාසීව වැඩසිටි අපවත්වී වදාළ කැටවල පඤ්ඤාලෝක, වල්දෙණියේ චන්දකිත්ති යන හිමිපාණන් වහන්සේලා අනුස්‌මරණය කිරීම සහ රාජෝපවනාරාමස්‌ථ ශ්‍රී අමරවංශ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විහාරස්‌ථ, ආචාර්ය ලබුදූවේ සිරිධම්ම අනුස්‌මරණ ශාලාවේදී ඉකුත් (31) දින පැවැති උත්සවයට සහභාගි වූ උන්වහන්සේ මුලසුනේ අනුශාසනාව පවත්වමින් එසේ පැවැසූහ.

    "අපේ රට අද මුහුණ පා ඇති තත්ත්වයන් ගැන හිතෙනවිට බුද්ධ ධර්මයට අනුකූල ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක වනවාද යන්න ගැටලු සහගතයි. එදා අපේ රට හැඳින්වුණේ ධර්මද්වීපය කියලයි. නමුත් අපට අද එසේ හැඳින්විය හැකිද? දහම් පාසලෙන් හොඳ දැනුමක්‌ ලබාදුන්නත් අද සමාජයේ සිදුවන දෑ දෙස බලන විට සමාජය කෙතරම් පිරිහීමට ලක්‌වෙලාද කියා හිතාගත හැකියි.

    අද අපට සම්බුද්ධ ශාසනය ආරක්‌ෂා කර ගැනීමේ විශාල වගකීමක්‌ පැවරී තිබෙනවා. අපේ රටේ හැම ජාතියකටම නිදහසේ ජීවත්වන්න, කැමැති භාෂාවක්‌ කතා කරන්න, කැමැති ආගමක්‌ අදහන්න නිදහස තිබෙනවා. නමුත් ඇතැම් රටවලට අපේ හාමුදුරුවරු යනවිට බුදුපිළිමයක්‌ අරන් යන්න බැරි තත්ත්වයක්‌ තිබෙනවා. නමුත් ඒ රටවල් කෑගහල ලෝකයට කියන්නේ ශ්‍රී ලංකාවේ නිදහසක්‌ නැහැ කියලයි. ඒ පිළිබඳ අප අවබෝධ කරගත යුතු යෑයිද අනුනායක හිමියෝ පැවැසූහ.

    මහනුවර මහ නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ නාගරික මන්ත්‍රී ආනන්ද සිරිවර්ධන, ලංකා බැංකුවේ පේරාදෙණිය ජ්‍යෙෂ්ඨ කළමනාකාර ඩබ්. එම්. පී. විඡේතුංග යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්‌ද, සිසු දෙමාපියන් දහස්‌ ගණනක්‌ද, ත්‍යාගලාභී සිසු දරු දැරියන් දහසකට ආසන්න පිරිසක්‌ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

    මෙහිදී වසර 140 ක්‌ පැරණි ගව ඝාතකාගාරය මහනුවරින් ඉවත් කිරීමට නිර්භයව පියවර ගත් මහනුවර මහ නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා ප්‍රමුඛ නගර සභාවට උපහාර දැක්‌වීම් වස්‌ රාජෝපවනාරාම දායක සභාව මගින් උපහාර තිළිණයක්‌ද පිරිනැමුණි.


    divaina
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උබට ඔය වගෙ ත්‍රෙඩ් ඇරෙන්න වෙන වැදගත් දෙයක් ඇත්තෙම නැත්ද ?

    එතකොට හරක් මස් විතරයි මස් අනිත් ඒවා මස් නෙව්යි ද??