සිතන්නට යමක්!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ඇවිල්ම බලන්න...
-
-
-
-
-
-
-
-

මම ඉපදුනා ලොකුමහත් උනා ඒත් කවදා හරි මැරේවි කියා?
මම ඉපදුනා ලොකුමහත් උනා හොද නෝන කෙනෙක් හමු උනා කසාද බැන්දා ඒත් කවදා හරි මැරේවි කියා?
මම ඉපදුනා ලොකුමහත් උනා හොද මහත්තයෙක් හමු උනා කසාද බැන්දා ඒත් කවදා හරි මැරේවි කියා?
මම ඉපදුනා ලොකුමහත් උනා හොද මහත්තයෙක් නෝන කෙනෙක් හමු උනා කසාදත් බැන්දා ලමයිත් හැදුවා ඒත් කවදා හරි මැරේවි කියා?


ඔබ ඔබගේ නොනා හට ඔබ මරනයට පත් වු දවසක ජීවිතයට මුහුන දෙන ආකාරය උගන්වා තිබේද?
ඔබ ඔබගේ මහත්තයා හට ඔබ මරනයට පත් වු දවසක ජීවිතයට මුහුන දෙන ආකාරය උගන්වා තිබේද?
ඔබ දෙපලම මරනයට පත් වු දවසක ඔබේ ළමයිනට ජීවිතයට මුහුන දෙන ආකාරය උගන්වා තිබේද?
ඔබ නිසෑකවම මරනයට පත් වන බව ඔබේ ළමයිනට උගන්වා තිබේද?


ඔබට මොනයම් හෝ ලෙඩක් හට ගෙන හිතන්න රෝහලකට ඈතුල් කලා කියල ගොඩාක් අමාරු ත්වයකින් ඔබ හිටියේ කියල. වෙද මහතා ඔබට පවසුව හොත් ඔබ තව ජීවත් වන්නෙ දින හතයි, මාසයයි, මාස දෙකයි කියල. මොනවද ඔබට ඒ වෙලේ හිතෙන්නෙ, ඔබ මරනය ගැන කවදාවත් නොසිතූ කෙනෙක් නම් ,ඔබට මරන බිය ඒ මොහොතේ දෑනේවි, එතකොට ඔබ උන්මත්තකයකු බවට පත් වෙවි. ජීවිතයේ වෑඩිම කලයක් පුරුදු පුහුනු කල ලෞකික අශාවන් ඔබේ සිතට ඒ මොහොතේ පෑමිනිය හොත් ඔබට මොකද වෙන්නෙ? ඔබ ප්‍රේත ලෝකයට යන්න තියෙන ඉඩකඩ වෑඩියි.

මරණය යන වචනය ඔබ ඔබේ ජීවිතයෙන් අයින් කර දමන්න එපා. ගොඩක් අය මේ ගැන සිතන්න බොහොම බයයි. තව කල් තියෙනව කිය කියා ඉන්නව. අපි හිතමු ඔබ ජීවත් වන ප්‍රදේශයේ මිනිසුන් එක කොනක සිට එක ගෙදරක මිනිසුන් ඔක්කොම මරණයට පත් වෙවී ගෙදරින් ගෙදරට මේ ආකාරයට එනව කියල. හැබැයි එතකොට නම් ඔබ පෙර සූදානම් වීමක් වෙනව නේද. අන්න ඒ ආකාරයෙන්ම මරණයට පෙර සූදානම් වීමක් වෙන්න. ඔබේ තරුණ කම එයට බාධාවක් නෙවෙයි . ඔබ ඔබේ තරුණ අවධියේ මරණය ගැන නොසිතා ඒ ගැන සිත්න්නේ මරණයට පත්වන විටද ? එසේ වුව හොත් ඔබ ලබූ මිනිසත් බව අසාර්ථක බව සිහියට ගන්න.

හැබයි ඔබ කාලයක් තිස්සේ ඒ ගැන සූදානම් වීමක් තිබුනහොත් ඔබ ලබූ උතුම් මිනිසත් බව සඵළ කර ගත හැකි බව ඔබ දන්නවාද?


සිතන්න හුදෙකලා වන්න සිතන්න මොහොතක්!

ඔබ මෙතෙක් කල් සෙවූයේ තමුන් ගැන නොව අනුන් ගැනයි. එය එසේම නේද?
අද සිට ඔබ ඔබ ගැන සෙවීමට උත්සුක වන්න.


මේ මරණයට පත් වන මිනිසුන් යන්නේ කොහිද. ඔබ ඔබගේ මරනයෙන් පසු කොහි යාවිද. ඔබත් මැරෙණ බව මොහොතක් සිතුවාද?
ඔබත් තරුණ වියේදීම ඔබේ මරණය ගැන ණුවනින් විමසා මරණයට සාර්ථකව මුහුන දීමට වැඩ පිළිවෙලක් සාදා පුරුදු පුහුණු කරන්න.
ඔබ දැනටමත් ප්‍රමාද නැති බව සිත්න්න.ඔබ දිනපතා මරණනුස්සතිය වඩන්න.ඔබ කාලයක් තිස්සේ මරණනුස්සතිය වඩනවිට මරණය යනු තාවකාලික සමුගැනීමක් බව වටහෙනු නොඅනුමානයි.


ඔබ මෙතනින් පටන් ගෙන ජීවිතාවබෝධය ලබා ගැනීමට උත්සුක වන්න. ඔබ ඔබේ මරණයට දවසින් දවස ලන් වන බව ඔබට දැනෙන විට ඔබේ ආධ්‍යාත්මය අවධි වී ඇති බව අවබෝධ කර ගන්න.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!


උපුටාගැනීමකි : http://sathyanuwanindakimu.blogspot.com/2011/07/blog-post.html
 
Last edited:
  • Like
Reactions: kk97

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this

    When I am dead, my dearest,
    Sing no sad songs for me;
    Plant thou no roses at my head,
    Nor shady cypress tree:
    Be the green grass above me
    With showers and dewdrops wet
    ;
    And if thou wilt, remember,
    And if thou wilt, forget.

    I shall not see the shadows,
    I shall not feel the rain;
    I shall not hear the nightingale
    Sing on, as if in pain:
    And dreaming through the twilight
    That doth not rise nor set,
    Haply I may remember,
    And haply may forget.
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    gud post....
    11.gif