රජරටට මිනින්තලය සේම රුහුණට ඉතා වැදගත් පුදබිමකි ඓතිහාසික සිතුල්පව්ව.
මෙම සිතුල්පව් විහාර සංකීර්ණය ඉදිකරවීමේ ගෞරවය ලබන්නේ,ශ්‍රී ලංකාව ප්‍රථම වරට එක්සේසත් කළ නරපතියාණන් වූ දුටුගැමුණු රජතුමාගේ පියාණන් වන කාවන්තිස්ස රජතුමන්ය.මෙහි මහ සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව ලෙස පර්වත දෙකක් දක්නට ලැබෙයි.විහාරයේ ඉතිහාසය ක්‍රි:පූ 210 - 161 දක්වා ඈත අතීතයකට විහිදෙයි.
එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩමෙව් සමයෙහි පටන් මෙම ස්ථානය භික්ෂූන් වහන්සේලා ගේ වාසය පැවති පුදබිමක් ලෙස හඳුනාගෙන තිබේ.මේ අසල ඇති තිස්සමහාරාමය ග්‍රාමවාසී විහාරයකි.සිතුල්පව්ව ආරණ්‍යවාසී විහාරයකි.කෙසේ උවද මෙහි ඇති ලෙන් ලිපි ආශ්‍රයෙන් හඳුනා ගෙන ඇති කරුණක් වන්නේ අතීතයේ දහසක් මහරහතන් වහන්සේලා සිතුල්පව්වේ වැඩවාසය කල බවයි.එහෙයින් උන් වහන්සේලාගෙන් ධර්මය විමසීමට ඉතා විශාල සංඛ්‍යාවක් දිනපතා පැමිණ තිබේ.ඒ අනුව එම පිරිස නූතනයේ එම ස්ථානය වන්දනාමාන කිරීමට යන පිරිසට වඩා වැඩිය.ඒ අනුව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ දහවල් කාලයේ සිතුල්පව්වේ බවුන් වැඩීමට ද සමහර අවස්ථාවලද්හී අපහසු වූ බවයි.
සිතුල්පව්ව අතීතයේ හැඳින්වූයේ චිත්තල පබ්බත නමිනි.වසභ රජු විසින් චිත්තල පබ්බතයේ ස්තූප දහයක් කරවූ බව සඳහන්ය.සිතුල්පව් දාගැබ ඇත්තේ ප්‍රධාන පර්වතය මුදුනේය.
සිතුල්පව් කන්දේ නැගෙනහිර දෙසට වන්නට විශාල ගල් ලෙනක් දැකිය හැකිය.එහි කටාරම් වලට පහළින් එදා ඇඳි සිතුවමවල ශේෂයන් අදටද දැකිය හැකිය.මේ හැර තවත් ගුහාවල දුර්වර්ණ වී ගිය සිතුවම් දක්නට ලැබෙයි.නැගෙනහිර දෙසට ගමන් කරන විට පොකුණක් හමුවේ.එම පොකුණ පසුකර යන විට හමුවන කඳූගැටය මත තවත් කුඩා දාගැබකි.මෙය කුඩා සිතුල්පව්ව ලෙස හඳුන්වයි.මෙම කොටසේද විවිධ ප්‍රමාණයේ ගල්ගුහා රැසක් වේ.අතීතයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා මෙම ගුහාවල වැඩ වාසය කර තිබේ.
සිරිලකෙහි බුදුසමය ස්ථාවර වීමත් සමගම රුහුණු රට බෞද්ධ කේන්ද්‍රස්ථානය වූයේ සිතුල්පව්වයි.අතීතයේ මහ රහතන් වහන්සේලා නිර්වාණ සුවය සාක්ෂාත් කරගත් පුණ්‍යභූමියකි සිතුල්පව්ව.
උපුටා ගැනීම් - http://www.facebook.com/sandakadapahana?ref=stream
