ෆේස්බුක් හි AsIRImath mANAsa අසිරිමත් මනස යන පිටුවෙන් එලෙසම උපුටාගන්නා ලදි .
අද ඔබේ ඉලක්කයට ඉගිල්ලෙන්න බලන්න. බැරිම නම් දුවන්න උත්සහ කරන්න. අමාරුද? දුවන්න අමාරුනම් ඇවිදින්න. ඇවිදින්නත් අමාරුනම් බඩ ගාගෙන හරි යන්න. අද ඉදිරියට තියන එකම එක පියවර පවා ඔබට වැදගත් වේවි.
වඩා වැදගත් වෙන්නේ අපි සිතන දෙය, අපි දන්නා දෙය හෝ අපි විශ්වාස කරන දෙය නොවෙයි. අවසානයේදී වඩාත් වැදගත් වෙන්නේ අපි කළ දෙයයි. දැන්මම ක්‍රියාත්මක වෙන්න.-ජෝන් රස්කින්
සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.
ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.
පුළුවන් කම හෝ බැරි කම තීරණය වෙන්නේ ආබාදිත බවේ වත් කරුමය මතවත් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ හිතන විදිහ මතයි.
පාට කණ්නාඩි වලින් ලෝකය බලන විට අසත්‍යයෙන් දෙනෙත් අන්ද වේ
ඇහැ ළඟම තියෙන කෙස් ගහත් ලොකුවටයි පේන්නේ. ළඟම ඉන්න අයගේ වැරදිත් ඒ වගේ. වැරැද්දක් දකින හැම විටම එයාගේ හොඳත් දකින්න පුරුදු වෙන්න

rep+