සිත_රිදුණු_තැන්

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
සිත_රිදුණු_තැන්

~~සිත රිදුණු තැන්~~
******************************************************************

සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදි මම අත්‍යවශ්‍ය කළමනා කිහිපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි..තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළදසලේ ඒ මේඅත සෙනග සැරි සරයි. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අත හැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුයෙමි.

මොහොතකින් බලන විට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම අවිලි ගියෙමි. ඇය වෙළඳසල කොනේ වු කුඩා කොන්ක්‍රීට් බංකුව මත වාඩි වී මහා බර කල්පනවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇයගේ වයසේම තවත් දැරියක ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරි දුර්වර්ණ වී ගොස් තිබිණ. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරනි දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නඟන ඇයගේ පාවහන් යුගළ එහා කළාය.ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය....එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්න සේ මට පෙනේ.

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ළඟ නතර වෙයි. වහනවල ගැටෙයි. සතුටින් සිනහා වන ළදරු සිනහවන් හා එක් වී සිනාසෙයි...දෙවියනි....ඇය දන්නේ මොනවාද.....ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්න දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද... ඒ පුංචි දෙනෙත් ළඟ මම කවරදාටත් වඩා දැනේ.

අපට තිබුණේ සරල සුමග ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය ලැප්ටොප් පරිගණකයක් දක්වා අද විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දි ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි. දියණියගේ මුව දකිද්දි මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි.....?

"අපි යමු රත්තරං පැටියෝ..."
ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොදටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක් මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ මා ඇගේ හිස වසා ගන්නට තැත් කරන අසරණ තත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද....මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද.....

"තත්තේ"
"ඇයි පැටියෝ"
"මට අරවයින් එකක් අරන්දෙන්න්කෝ තත්තේ"
මම අලුතින් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතළිහකි. ඇය කඩපළේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?
"මොනවද රත්තරං පැටියෝ..."
"රට කජු ගොට්ටක්.." ඇගේ මුළු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මඟ නොබලා ඇයව බදාගෙන ලෝකෙටම ඇසෙන්න සේ කෑ ගසා හඬන්නට මට සිතයි. අපටත වඩා මේ කිරි කැටියා අපේ ජීවිතය ගැන තෙරුම් ගෙන ඇතිද...
ඔයා මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන....මතක තියා ගන්න මේ තත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදලා දෙනවා. මං දන්නවා ඔය පුංචි පපුව ඇතුළේ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්"
කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.




++++++++++++
:):):)
 

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    machan kathawa faata, habai repost wageda manda.
    any way thanks
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හ්ම්ම් දුක් බර කතාවක්...:(
    ඇත්තටම මේ රටෙ ඔය වගේ හිතන අම්මලා කොච්චර ඇතිද?
    දුප්පත් කම නිසා අතරමන් වෙලා..:sorry:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    හ්ම්ම් දුක් බර කතාවක්...:(
    ඇත්තටම මේ රටෙ ඔය වගේ හිතන අම්මලා කොච්චර ඇතිද?
    දුප්පත් කම නිසා අතරමන් වෙලා..:sorry:

    ow ban monakarannada...kohomahari jeevithe gewanna wenawa ne....:)
     

    kingdewi

    Well-known member
  • "මතක තියා ගන්න මේ තත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදලා දෙනවා"
    මෙන්න මේ විදියට එක හිතින් හිතුවොත් ඒ පැතුමම දියුනුව කරා මෙහෙයවනව, සහතිකයි!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම කොයි දෙමව්පියන් වුනත් තම දරුවන්ගේ
    සතුට ගැන විතරයි ඒ අය අපේක්ෂා කරන්නේ..
    රෙප් +

    ( රී පොස්ට් කියලා කිහිප දෙනෙක් කියලා තියෙනවා කියන්නේ.. මේ ඔයාගේ නිර්මාණයක් නෙවෙයි ද ? කොහොම වුනත් කමක් නෑ.. ස්තුතියි බෙදා ගත්තාට.. )
     
    • Like
    Reactions: shiyan_786