කාගෙද රාවණා රජ්ජරුවෝ ගැනද ඔය කියල තියෙන්නේ.මෙසේ පහළ වූ ඒ හස්ති රත්නය දැක ඇත්ගොව්වා ආදීහු තුටු පහටුව වහා ගොස් රජුට කියත්. රජතුමා වහා වහා අවුත් ඌ දැක සතුටු සිත් ඇත්තේ පින්වත්නි, ඇත් යානය හොඳය. ඉදින් සංසිඳීමට පමුණුවන්නේ යැයි සිතන්නේ අත දිගු කරයි. එකල්හි ඌ ගෙදර දෙනගේ වස්සෙකු මෙන් කන් එල්ලා මනාව ඇලුණු බව දක්වන්නේ රජු වෙත පැමිණෙයි. රජු ඌගේ පිට නගිනු කැමැත්තේ වෙයි. එකල ඔහුගේ පිරිවර ජනයා ඒ අදහස දැන ඒ හස්ති රත්නය රන් ධජවලින් රන් අලංකාරයන්ගෙන් රන් දැල්වලින් වසා පමුණුවයි. රජු එහි නොහිඳ ම සත්රුවනින් කරන ලද හිණිමගෙන් නැග අහසින් යාමට නැමුණු සිත් ඇත්තේ වෙයි. ඔහු සිතූ අදහස සමඟම ඒ හස්ති රාජයා රාජ හංසයෙක් මෙන් ඉඳුනිල් මැණික් ජාලයෙන් නිල්වන් වූ අහසට පැන නගියි. නැවත චක්‍ර චාරිකාවෙහි කියන ලද ක්‍රමයෙන් සියලු පිරිස් සමඟ රජතෙමේ උදේ ආහාරය ඇතුළත සියලු පොළොව අනුව ගමන් කොට රාජධානියට නැවත එයි. මෙසේ මහත් සෘද්ධි ඇති සක්විති රජුන්ගේ හස්ති රත්නය වෙයි. එහෙයින් කියන ලදි. දිස්වාන -පෙ- පසීදතීති



