සිද්ධාර්ථ කුමාරයගෙ What If එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    මෙසේ පහළ වූ ඒ හස්ති රත්නය දැක ඇත්ගොව්වා ආදීහු තුටු පහටුව වහා ගොස් රජුට කියත්. රජතුමා වහා වහා අවුත් ඌ දැක සතුටු සිත් ඇත්තේ පින්වත්නි, ඇත් යානය හොඳය. ඉදින් සංසිඳීමට පමුණුවන්නේ යැයි සිතන්නේ අත දිගු කරයි. එකල්හි ඌ ගෙදර දෙනගේ වස්සෙකු මෙන් කන් එල්ලා මනාව ඇලුණු බව දක්වන්නේ රජු වෙත පැමිණෙයි. රජු ඌගේ පිට නගිනු කැමැත්තේ වෙයි. එකල ඔහුගේ පිරිවර ජනයා ඒ අදහස දැන ඒ හස්ති රත්නය රන් ධජවලින් රන් අලංකාරයන්ගෙන් රන් දැල්වලින් වසා පමුණුවයි. රජු එහි නොහිඳ ම සත්රුවනින් කරන ලද හිණිමගෙන් නැග අහසින් යාමට නැමුණු සිත් ඇත්තේ වෙයි. ඔහු සිතූ අදහස සමඟම ඒ හස්ති රාජයා රාජ හංසයෙක් මෙන් ඉඳුනිල් මැණික් ජාලයෙන් නිල්වන් වූ අහසට පැන නගියි. නැවත චක්‍ර චාරිකාවෙහි කියන ලද ක්‍රමයෙන් සියලු පිරිස් සමඟ රජතෙමේ උදේ ආහාරය ඇතුළත සියලු පොළොව අනුව ගමන් කොට රාජධානියට නැවත එයි. මෙසේ මහත් සෘද්ධි ඇති සක්විති රජුන්ගේ හස්ති රත්නය වෙයි. එහෙයින් කියන ලදි. දිස්වාන -පෙ- පසීදතීති
    කාගෙද රාවණා රජ්ජරුවෝ ගැනද ඔය කියල තියෙන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    සක්විති රජ කියන්නෙ ලෝකෙටම රජු නම් ඒ තැනට කිට්ටු වෙලා තියෙන්නෙ ෂින්ගිස් ඛාන්, මහා ඇලෙක්සැන්ඩර් සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විතරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    කාගෙද රාවණා රජ්ජරුවෝ ගැනද ඔය කියල තියෙන්නේ.
    ඔය සක්විතිගේ හස්ත රත්නය ගැන ත්‍රිප්ටකේ තියන එක..
    උබ අහපු එකට උත්තරේ දුන්නේ..
    මං නං එහෙම සූත්‍රයක් කියවල නෑ. අලියා පිටේ අහසින් ගිය එකක්.

    රාවණාත් සක්විති ගොඩට දාල ලංකාවේ සමහර උන් කියනව කියල මම කිව්වේ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    "මෙසේ පහළ වූ ඒ හස්ති රත්නය දැක ඇත්ගොව්වා ආදීහු තුටු පහටුව වහා ගොස් රජුට කියත්. රජතුමා වහා වහා අවුත් ඌ දැක සතුටු සිත් ඇත්තේ පින්වත්නි, ඇත් යානය හොඳය. ඉදින් සංසිඳීමට පමුණුවන්නේ යැයි සිතන්නේ අත දිගු කරයි. එකල්හි ඌ ගෙදර දෙනගේ වස්සෙකු මෙන් කන් එල්ලා මනාව ඇලුණු බව දක්වන්නේ රජු වෙත පැමිණෙයි. රජු ඌගේ පිට නගිනු කැමැත්තේ වෙයි. එකල ඔහුගේ පිරිවර ජනයා ඒ අදහස දැන ඒ හස්ති රත්නය රන් ධජවලින් රන් අලංකාරයන්ගෙන් රන් දැල්වලින් වසා පමුණුවයි. රජු එහි නොහිඳ ම සත්රුවනින් කරන ලද හිණිමගෙන් නැග අහසින් යාමට නැමුණු සිත් ඇත්තේ වෙයි. ඔහු සිතූ අදහස සමඟම ඒ හස්ති රාජයා රාජ හංසයෙක් මෙන් ඉඳුනිල් මැණික් ජාලයෙන් නිල්වන් වූ අහසට පැන නගියි. නැවත චක්‍ර චාරිකාවෙහි කියන ලද ක්‍රමයෙන් සියලු පිරිස් සමඟ රජතෙමේ උදේ ආහාරය ඇතුළත සියලු පොළොව අනුව ගමන් කොට රාජධානියට නැවත එයි. මෙසේ මහත් සෘද්ධි ඇති සක්විති රජුන්ගේ හස්ති රත්නය වෙයි. එහෙයින් කියන ලදි. දිස්වාන -පෙ- පසීදතීති"

    අලියා රජ්ජුරුවෝ එක්ක අහසින් ලෝකේ වටේ ගිහින් එනව කියන්නේ ඉක්මනට.

    මේක සූත්‍රය නෙමෙයි සූත්‍ර වර්ණනාව නේ ද ?

    ඒ කොහොම වෙතත් දිලාන් ඔතන සූත්‍රයට අදාලව අපි තේරුම් ගන්න තියෙන්නෙ සක්විති රජකෙනෙක් වෙන්න තිබිය යුතු ධනය, බලය, පිලිගැනීම ආධිපත්‍ය ආදී දෑ. දැන් මණිරත්න වර්ණනාව බලන්නකෝ. මැණික කියන්නෙ එක්තරා මූල්‍යමය සම්පතක්නෙ. ඒ මැණික උඩක හිඳෙව්වම මුලු පලාතම ආලෝකමත් වෙලා,

    "ගොවියෝ ගොවිතැන් වැඩ ද වෙළෙන්දෝ සල්පිල් ඇරීම ද ඒ ඒ ශිල්පීහු ඒ ඒ කර්මාන්තයන්හි යෙදෙත්. දහවල් යැයි සිතති."

    කියනවා. හැඟෙන්නෙ නැතිද එතකොට නිශ්පාදනය සහ වෙළඳාම වඩ වඩාත් කාර්යක්ෂම කරන දෙයක් තමා මේ මණිරත්නය කියලා. හරියට රජ්‍ය සම්පත් රටේ කර්මාන්ත දියුණුවට යෙදවීමක් කියවෙනවා නෙමෙයිද. එතනටම අදාල කරගන්න පුලුවන් ගෘහපති රත්නය.හස්ති අශ්ව රත්නත් තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න භාවිතා කරන ක්‍රම වෙන්න පුලුවන්. ස්ත්‍රීරත්නය "රජ" කෙනෙකුට තමන්ගෙ අනාගතය තහවුරු කරන ක්‍රමයත්, පරිණායක රත්නය රාජ්‍යය කටයුතු වලට උපදෙස් ලබාදෙන උගත් චරිතත් වෙන්න පුලූවන්. අවසානයට චක්‍රරත්නය මේ සියලුම දෑවල සංකේතය එනම් රාජ්‍යත්වයේ සංකේතය, රජ්ජුරුවන්ගෙ බලපරාක්‍රමය සහ කීර්ති රාවය ලෙස දකින්න පුලුවන්.

    මම කියන්න යන්නේ නැහැ යම් කාලෙක ඇත්තටම එහෙම සත්වයෙක්/දේවල් බිහිවෙන්න සම්භාවිතාවයක් තියනවමයි හෝ ඕක හුදු උපමාවක්මයි කියලා. ඒක තමතමන් තීරණය කරගන්න.
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    ඔය සක්විතිගේ හස්ත රත්නය ගැන ත්‍රිප්ටකේ තියන එක..
    උබ අහපු එකට උත්තරේ දුන්නේ..

    රාවණාත් සක්විති ගොඩට දාල ලංකාවේ සමහර උන් කියනව කියල මම කිව්වේ..
    හිටිය නන් මෙහෙමයි කියලනෙ කියන්නෙ ඒක උබට හිටිය නිසා කිව්ව වගේද තේරිල තියෙනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    හිටිය නන් මෙහෙමයි කියලනෙ කියන්නෙ ඒක උබට හිටිය නිසා කිව්ව වගේද තේරිල තියෙනෙ.
    හිටපු එකක් ගැන බන් ඔය කියල තියෙන්නේ…. :rofl:

    මේක සූත්‍රය නෙමෙයි සූත්‍ර වර්ණනාව නේ ද ?
    නිකන් වර්ණනාවක් නෙවෙයි.. දීඝ නිකාය/ මහා සුදස්සන සූත්‍රය..
    කුසාවතී රාජ්‍යයේ හිටපු මහා සුදර්ශන රජතුමා ගැන කියන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කතාව ඇත්ත..බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200ය ගානකට පස්සෙ What if වගේ අවට රටවල් පවා යටත් කරන් හිටිය අශෝක රජතුමා වගේ කෙනෙක් බුද්ධාගම වැලඳගෙන ලංකාවට තමන්ගෙම පුතා එව්ව එකෙන්ම බුදුන් සම්බන්ධව දේවල් සත්‍යයක් කියල විශ්වාස කරන්ඩ පුලුවන් හොඳම විදිය.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    මං නං එහෙම සූත්‍රයක් කියවල නෑ. අලියා පිටේ අහසින් ගිය එකක්.
    අහසින් යන අලියෙක් විතරක් නෙවෙයි බන් අහසින් යන අස්වයෙකුත් ඉදල..
    රජ්ජුරුවෝ උන්ගේ පිටේ නැගල ලෝකේ වටේ යනවලු උදේ කෑමට කලින්.. :rofl:

    මේවා කියන්නේ මම නෙවෙයි.. බුදු හාමුදුරුවෝ ලු කියලා තියෙන්නේ ආනන්ද හාමුදුරුවන් ට.

    dumbo මතක් උනා... ;)
    dumbo flintstones GIF

    @greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිකන් වර්ණනාවක් නෙවෙයි.. දීඝ නිකාය/ මහා සුදස්සන සූත්‍රය..
    කුසාවතී රාජ්‍යයේ හිටපු මහා සුදර්ශන රජතුමා ගැන කියන්නේ

    නැහැ. දිලාන් කෝට් කරලා තිබ්බේ සූත්‍ර වර්ණනාව.
    බුදුදහමේ කැනොන් එකේ සූත්‍ර සහ සූත්‍ර වර්ණනා කියලා දෙකක් තියනවා. සූත්‍ර වර්ණනාව කියන්නෙ සූත්‍ර පැහැදිලි කරලා ඒවාට සපයන අටුවාවට.

    සූත්‍රයේ ඇත් අස් දෙකෙන්ම පෙන්වන්නෙ රජ්ජුරුවන්ට තමන්ගෙ අභිමතය පරිදි "බොහොම වේගයෙන්" (උදේ නැගිටලා ලෝකය වටේ ගිහින් උදෑසන කෑම වෙලාවට පෙර ආපහු රජධානියටම එන්න) ගමන් කරන්න අශ්වයෙක් සහ හස්තියෙක් (ක්‍රමයක්) පහලවුනා කියන එක.

    ඔය සූත්‍රයේ පණිවිඩය තියෙන්නෙ මෙච්චර සැපසම්පත් හැකියාවන් සහ බලපරාක්‍රම තිබුණු සුදස්සන රජතුමාත් ඒවා අත්හැරලා භාවනාවට යොමුවන ආකාරය. ඒක ක්‍රමානුකූලව පෙන්වලා තමා බුදුරදුන් අවසානයට,

    “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යහ.
    ඉපැත්ම වැනැස්ම සබා කොටැත්තාහ.
    ඉපිදැ නැසෙත්.ඒ සංස්කාරයන්ගේ සංහිඳීම සුව එළවන්නේ යි.”

    කියලා ප්‍රකාශ කරන්නේ.
     
    සුදස්සන රජතුමාගේ කතාවේ තියෙන්නෙත් ඕකම තමයි.
    වර්ණනාව කියලා තව තැනක ඔය කතාව තියනව ..

    මෙච්චර සම්පත් අතෑරල භාවනාවට යොමු උනා කියන්න මෙච්චර පච කියන්න ඕනද බන් මේ ලෝකේ නැති.
    ඕව තනිකර ෆැන්ටසි වගේ.
    ඒවා අස්සෙන් තමන්ට ඕන ටික අයින් කරල මේක වෙන්න ඇති කියන්නන ඇත්තේ කියලා අරගෙන වැඩක් නෑ . එහෙනම් මොකටද ඒවා කිව්වේ . .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    අහසින් යන අලියෙක් විතරක් නෙවෙයි බන් අහසින් යන අස්වයෙකුත් ඉදල..
    රජ්ජුරුවෝ උන්ගේ පිටේ නැගල ලෝකේ වටේ යනවලු උදේ කෑමට කලින්.. :rofl:

    මේවා කියන්නේ මම නෙවෙයි.. බුදු හාමුදුරුවෝ ලු කියලා තියෙන්නේ ආනන්ද හාමුදුරුවන් ට.

    dumbo මතක් උනා... ;)
    dumbo flintstones GIF

    @greenthunder

    තව රතයක් ගැනත් තියෙනව නේද? ආයෙ අවුරුදු දහස් ගාණක්ද කොහෙද ජීවත් උනා කියනවත් එක්ක නේද? :rofl::rofl:

    එක වසරෙ ලමයි හොදයි තව. මුලින්ම ඇහුවෙ ඒක තමා සක්විති ඇත්තටම හිටපු රජ කෙනෙක් කියලද හිතාන ඉන්නෙ කියල. ඕක මෙහෙම හිටිය නන් කියල පටන් අරන් තියෙන්නෙම. :P:P

    උබ මෙතන වල්ගෙ පාගගෙන ඒකෙන් ලන්කාවෙ බෞද්ධ (උබ ඇරෙන්න අනික් සියලුම දෙනා. ඒ අනික් ජෝක් එක :rofl:) අය රාවණා සක්විති කියනව කියලත් නිගමනය කරගෙන. :rofl::rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සුදස්සන රජතුමාගේ කතාවේ තියෙන්නෙත් ඕකම තමයි.
    වර්ණනාව කියලා තව තැනක ඔය කතාව තියනව ..

    මෙච්චර සම්පත් අතෑරල භාවනාවට යොමු උනා කියන්න මෙච්චර පච කියන්න ඕනද බන් මේ ලෝකේ නැති.
    ඕව තනිකර ෆැන්ටසි වගේ.
    ඒවා අස්සෙන් තමන්ට ඕන ටික අයින් කරල මේක වෙන්න ඇති කියන්නන ඇත්තේ කියලා අරගෙන වැඩක් නෑ . එහෙනම් මොකටද ඒවා කිව්වේ . .

    දිලාන් කෝට් කරලා තිබුණෙ සූත්‍ර වර්ණනාව. සූත්‍රයෙ විස්තරය ඊට කෙටියි.

    ලෝකෙ ඇතිද නැතිද කියලා තීරණය වෙන්නෙ දිලාන්ට තියෙන ලෝකය අනුව නේ. ග්‍රීන්තන්ඩර් කිසිම දෙයක් අයින් කරලා නැහැ. මම කිව්වේ ඒක තේරුම් ගන්න තියන විදිහ. ඒ කියන්නේ සූත්‍ර කොටස් කොටස් අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් ගන්නෙ නැතිව සූත්‍රය පැහැදිලි කරගන්න තියන විදිහ. අනෙක දිලාන් භාරතීය සමාජයේ වේගයෙන් ගමන් කරන්න තිබුණු ක්‍රම දෙකක් තමා හස්තියා සහ අශ්වයා කියන්නෙ. බුදුහාමුදුරුවො ඒ අතීත සිදුවීම කියලා දෙන්න භාවිතා කරන්නේ එකල භාරතයේ ප්‍රසිද්ධ සංකල්ප.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    තව රතයක් ගැනත් තියෙනව නේද? ආයෙ අවුරුදු දහස් ගාණක්ද කොහෙද ජීවත් උනා කියනවත් එක්ක නේද? :rofl::rofl:

    එක වසරෙ ලමයි හොදයි තව. මුලින්ම ඇහුවෙ ඒක තමා සක්විති ඇත්තටම හිටපු රජ කෙනෙක් කියලද හිතාන ඉන්නෙ කියල. ඕක මෙහෙම හිටිය නන් කියල පටන් අරන් තියෙන්නෙම. :P:P

    උබ මෙතන වල්ගෙ පාගගෙන ඒකෙන් ලන්කාවෙ බෞද්ධ (උබ ඇරෙන්න අනික් සියලුම දෙනා. ඒ අනික් ජෝක් එක :rofl:) අය රාවණා සක්විති කියනව කියලත් නිගමනය කරගෙන. :rofl:
    ඉතින් යකෝ මම නෙවෙයි කියන්නේ..
    බුදුහාමුදුරුවෝ කියන්නේ.. :lol:

    උබල තමයි ඕවා විශ්වාස කරන්නේ. :lol:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කිසිම පලක් නැති හෑල්ලක් ලිවුවම එකට රිප්ලයි හෑලි ලියන වුනුත් ඉන්නවනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    ලෝකෙ ඇතිද නැතිද කියලා තීරණය වෙන්නෙ දිලාන්ට තියෙන ලෝකය අනුව නේ. ග්‍රීන්තන්ඩර් කිසිම දෙයක් අයින් කරලා නැහැ. මම කිව්වේ ඒක තේරුම් ගන්න තියන විදිහ. ඒ කියන්නේ සූත්‍ර කොටස් කොටස් අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් ගන්නෙ නැතිව සූත්‍රය පැහැදිලි කරගන්න තියන විදිහ. අනෙක දිලාන් භාරතීය සමාජයේ වේගයෙන් ගමන් කරන්න තිබුණු ක්‍රම දෙකක් තමා හස්තියා සහ අශ්වයා කියන්නෙ. බුදුහාමුදුරුවො ඒ අතීත සිදුවීම කියලා දෙන්න භාවිතා කරන්නේ එකල භාරතයේ ප්‍රසිද්ධ සංකල්ප.
    උබ ඔහොම උබට ඕන ඕන උපමා දාගත්තට මේ හාමුදුරුවෝ ත් කියනව මේවා ඇත්තටම උන දේවල් , සුරංගනා කතා නෙවෙයි කියලා.
    :rofl:

    ඔහොම ඉතින් උබට කැමති කැමති උපමා දාගන්න නම් මොකටද බන් රත්තරන් ගස්, රිදී ගස්, රත්තරන් ගෙඩි, අහසින් යන අස්වයෝ, අලියෝ ,ගැන පච ගොඩක් කියන්නේ.....................
    ඔය ෆැන්ටසි කතා සාමාන්‍ය දේවල් ආගම් කතා වල. . ඔය ත්‍රිපිටකේ තියන එකක්.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    ඉතින් යකෝ මම නෙවෙයි කියන්නේ..
    බුදුහාමුදුරුවෝ කියන්නේ.. :lol:

    උබල තමයි ඕවා විශ්වාස කරන්නේ. :lol:
    මොකද්ද කියන්නේ.

    දිලාන් කෝට් කරලා තිබුණෙ සූත්‍ර වර්ණනාව. සූත්‍රයෙ විස්තරය ඊට කෙටියි.

    ලෝකෙ ඇතිද නැතිද කියලා තීරණය වෙන්නෙ දිලාන්ට තියෙන ලෝකය අනුව නේ. ග්‍රීන්තන්ඩර් කිසිම දෙයක් අයින් කරලා නැහැ. මම කිව්වේ ඒක තේරුම් ගන්න තියන විදිහ. ඒ කියන්නේ සූත්‍ර කොටස් කොටස් අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් ගන්නෙ නැතිව සූත්‍රය පැහැදිලි කරගන්න තියන විදිහ. අනෙක දිලාන් භාරතීය සමාජයේ වේගයෙන් ගමන් කරන්න තිබුණු ක්‍රම දෙකක් තමා හස්තියා සහ අශ්වයා කියන්නෙ. බුදුහාමුදුරුවො ඒ අතීත සිදුවීම කියලා දෙන්න භාවිතා කරන්නේ එකල භාරතයේ ප්‍රසිද්ධ සංකල්ප.
    උනා නං කිව්වම ඩිලාන් හිතා ගන්නේ ඇත්තට වෙච්ච දෙයක් කියල.
    ------ Post added on Jun 18, 2023 at 9:34 PM

    උබ ඔහොම උබට ඕන ඕන උපමා දාගත්තට මේ හාමුදුරුවෝ ත් කියනව මේවා ඇත්තටම උන දේවල් , සුරංගනා කතා නෙවෙයි කියලා.
    :rofl:

    ඔහොම ඉතින් උබට කැමති කැමති උපමා දාගන්න නම් මොකටද බන් රත්තරන් ගස්, රිදී ගස්, රත්තරන් ගෙඩි, අහසින් යන අස්වයෝ, අලියෝ ,ගැන පච ගොඩක් කියන්නේ.....................
    ඔය ෆැන්ටසි කතා සාමාන්‍ය දේවල් ආගම් කතා වල. . ඔය ත්‍රිපිටකේ තියන එකක්.

    උබ වගේ තමා ඒ හාමුදුරුවෝත් එහෙනන් උනා නම් කිව්වම උනා කියල හිතාන ඇති. 🤣
    ------ Post added on Jun 18, 2023 at 9:35 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    මොකද්ද කියන්නේ.
    සක්විති ෆැන්ටසිය ගැන තමයි කියන්නේ.

    සක්විති රජ කතා තියෙන්නේ බුද්දාගමේ විතරයි.
    ලෝක ඉතිහාසේ කොහෙවත් නැති බුද්දාගම ඇතුලේ විතරක් හම්බෙන ෆැන්ටසි චරිතයක් .
    ඒක අත ඇරලා බුදු උනා කියලා උබ දාල තියන ත්‍රෙඩ් එකේ ලියපු එකා ලොකුවට කියලා තිබ්බට ඒක ෆැන්ටසි චරිතයක් නේ බන්.

    සුත්‍ර වල තියන කරුනුත් හරිම විහිළු සහගතයි.

    උබ වගේ තමා ඒ හාමුදුරුවෝත් එහෙනන් උනා නම් කිව්වම උනා කියල හිතාන ඇති. 🤣
    කොහෙද යකෝ උනානම් කියන්නේ ??
    මේ කියන්නේ වෙච්ච දෙයක්.
    හරියට කියවපන්.... නැත්නම් හරියට අහපන්. :lol:

    ------ Post added on Jun 18, 2023 at 9:37 PM

    උනා නං කිව්වම ඩිලාන් හිතා ගන්නේ ඇත්තට වෙච්ච දෙයක් කියල.
    ඇත්තට වෙච්ච දෙයක් තමයි බන්. (සුත්‍රයේ තියන් විදියට)

    මහා සුදස්සන සුත්‍රය බලපන් :rofl:
    ------ Post added on Jun 18, 2023 at 9:38 PM

    උනානම් , කියලා කවුරුත් කියලා නෑ බන්.
    වෙලා තියනව කියලා කියන්නේ.. :lol:

    ´´ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නුවරයයි, මෙසේ නොකියව. ආනන්දය, පෙර එක් කාලයක අහිෂේක ලැබුවාවූ, ක්‍ෂත්‍රිය වංශයෙහි උපන්නාවූ,(ආයුධ නොගෙන)සතුරන් ජයගත්තාවූ ජනපදයන්හි ස්ථිර බවට පැමිණියාවූ, මහා සුදර්ශන නම් රජෙක් විය. ඔහුට මේ කුසිනාරා නුවර කුසාවතී නමින් රාජධානි වී. ඒ නගරය වනාහි නැගෙනහිරින්ද, බටහිරින්ද, දිගින් දොළොස් යොදුන් විය. උතුරු දිගින්ද දකණු දිගින්ද පළලින් සත් යොදුන් විය. ආනන්දය, කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය. සියල්ලෙන් සම්පුර්ණ විය. බොහෝ ජනයා ඇත්තී විය. මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තීවිය. කෑම්බීම් ආදියෙන්ද ඉතා සුලභ විය. ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආළකමන්දා නම් රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධද.................................................
    ------ Post added on Jun 18, 2023 at 9:45 PM
     
    Last edited: