මෑතකදි අහන්න ලැබුන ධර්ම දේශනාවක් නිසයි මේ ගැන ලියන්න හිතුවෙ. මේ කියන ධර්ම දේශනාව තිබුනෙ සිදුහත් කුමාරයා සහ යශෝධරා දේවිය ගැන. දීපංකර බුද්ධපාමුල සිට බුදුවූ ආත්මය දක්වා මේ දෙදෙනා එක්ව ආ ගමන ගැනයි ඒ හාමුදුරුවෝ විස්තර කලේ. මේ චරිත දෙක බෞද්ධයන්ට අමුතුවෙන් මතක් කරන්න ඕනා චරිත නෙමෙයි.
බෝධිසත්වයන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුද්ධත්වයට පත්වන තුරු ආ ගමනේ උන්වහන්සේගෙ ප්‍රිය බිරිඳ වුනේ යශෝධරා දේවිය බව ථෙරවාදී බෞද්ධයන්ට උගන්වනවා. හැබැයි ඔබ ජාතක පොත පරිශීලනය කලොත් පෙනෙයි එක්තරා භවයකදී බිම්බ්සාර රජුගේ බිසවක් වූ ඛේමා බිසවත් (පසුකාලීනව ප්‍රඥාලාභීන් අතර අගතැන්පත් භික්ෂුණීන් වහන්සේ) බෝධිසත්වයන්වහන්සේගේ බිරිඳ වෙලා තියෙනවා. ඒ ගැන අපි කතා කරන්නෙ නැහැ. අනෙක් අතට සිදුහත් කුමාරයා බුදුවන ජීවිතයේදී සිටි එකම බිසව යශෝධරාව කියලත් අපිට බණට කියලා දෙනවා. ථෙරවාදය තුළ මෙහෙම කිව්වට මහායානය තුළ නැත්නම් මූලසර්වස්ත්රවාදී විනය තුළ මීට වඩා වෙනස්ව ඒ ගැන කියවෙනවා. මේ සම්බන්ධයෙන් Etienne Lamotte විසින් පරිවර්තනය කළ ශූරංගමසමාධි සූත්‍රයෙ පාද සටහනක තවත් මූලාශ්‍ර රැසක් උපුටා දක්වමින් විස්තර කරනවා.
ඒ අනුව නාගර්ජුනගේ මහායාන උපදේශ කෘතියට අනුව සිදුහත් බෝධිසත්වයන්ට බිරින්දෑවරුන් දෙදෙනෙක් සිටිනවා. ඒ යශෝධරා සහ ගෝපා විදියට. මෙයින් ගෝපාට දරුවන් ලැබෙන්නෙ නැහැ. ඇය දණ්ඩපානී ශාක්‍යාගේ දුව. ථෙරවාදී සම්ප්රදාය තුළ යශෝධරා සහ ගෝපා දෙදෙනකු නොව එකම තැනැත්තියට යෙදෙන නම් දෙකක් විදියට හැඳින්වෙනවා.
මූලසර්වස්ත්රවාදී විනය අනුව සිදුහත් කුමාරයාට බිරින්දෑවරු තිදෙනෙක් සිට තිබෙනවා. ඒ යශෝධරා, ගෝපා සහ ම්රිගජා. මේ මිග්රජා කියන්නේ නිබ්බුත පද කිව් තැනැත්තිය. සිදුහත් කුමාරයා ඇයට තමුන්ගේ මාලය තෑගි කරනවා. මේක දැනගන්න ශුද්ධෝදන රජු ඇයව සිදුහත් කුමරුට විවාහ කර දුන් බව සඳහන්. කොහොමවුනත් ථෙරවාදී සම්ප්රදාය තුළ මේ නිබ්බුත පද ගැයීම ගැන සඳහන් වුනත් ඇය බිරිඳක් ලෙසින් පිළිගන්නෙ නැහැ. එතකොට ගෝපා කලින් කිව්ව වගේ දණ්ඩපානි ශාක්‍යගේ දුව. දවසක් සිදුහත් කුමාරයා තමුන්ගේ රථය ඇගේ මාලිගය ඉදිරිපිට නවතනවා. මෙය දුටු ශුද්ධෝධන රජතුමා ඇයව සිදුහත් කුමරුට ලබා දෙනවා. යශෝධරාව තෝරා ගන්නේ සිදුහත කුමාරයාම යි. මූලසර්වස්ත්රවාදී විනයට අනුව මේ බිරින්දෑවරු තිදෙනාට 20,000 බැගින් වූ පිරිසක් ඉඳ තිබෙනවා.
මේ කලින් කිව්වෙ ථෙරවාදී සම්ප්‍රදායෙ පිළිනොගන්න නමුත් වෙනත් බෞද්ධ සම්ප්‍රදායන්වල සඳහන් වෙන දේවල්. මේ දේවල් මේ විදියට ම පිළිගැනීමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් විවේචනාත්මකව හිතලා බලන එක හොඳයි. ඒකට ත්‍රිපිටකයේ යශෝධරාපදානයේ සඳහන් වෙන මේ කාරණා ටිකත් සලකා බලතහැකි.
ඇගේ වදන් අසා මුනීන්ද්රයන් වහන්සේ මෙය වදාළසේකැ: “නිවනට යන තොපට මතු කුමක් නම් කියම් ද?
967. මාගේ අනුසසුන් කරන්න, සෘද්ධි ද දක්ව, සසුන්හි ලා සියලු පිරිස් හි සැක ද සිඳලව” යි.
968. මුනිඳුන්ගේ එවදන් අසා ඒ යශෝධරා මෙහෙණ එ මුනිරජුන් වැඳ මේ වචන කිවු:
969. වීරයන් වහන්ස, ශාක්‍යකුලයෙහි උපන් ස්ත්රීලක්ෂණයෙහි පිහිටි මම් යශෝධරා වෙමි, ගිහිගෙහි දී තොපගේ ප්‍රජාපති (භාර්‍ය්‍යා) වූමු.
970. වීරයාණෙනි, මම තොපගේ නිවසෙහි එක්ලක්ෂසයානූදහසක් කාන්තාවනට ප්රමුඛ වූමු. සියල්ලට ඉසුරු ද වුමු.
971. රූප - ආචාර ගුණයෙන් යුතු යොවුන් වියෙහි සිටි මම ප්‍රියතෙපුල් ඇති වූමු, මිනිසුන් දෙවියන් පුදනු සෙයින් සියල්ලෝ මා පුදත්.
972. ශාක්‍යපුත්‍රයන්ගේ නිවෙස්හි සහස්රකන්යාවනට ප්රමුඛ වූමු. සමාන සුවදුක් ඇති උහු (ඒ කන්‍යාවෝ) නඳුනුයනෙහි දේවතා බඳු වූහු.
973. කාමධාතු ඉක්මැ වූවා රූපධාතුහි සිටියා වෙමි. ලෝකනායකයන් තබා රූපයෙන් (මට) සමාන වූවක් නැති.
ඒ වගේම දසදහසක් භික්ෂුණීන්ගේ ආපදානයේ මෙහෙම සඳහන් වෙනවා.
මෙයින් පෙර සාරාසංඛ්යකල්පලක්ෂයෙහි ලෝකනායක වූ දීපංකර නම් ජිතපඤ්චමාරයෝ උපන්හ.
1030. සත්වයන් විනයනය කරන මහාවීර වූ දීපඞ්කර සර්වඥයන් වහන්සේ සුමේධ ද සුමිත්ත ද යන මොවුන් සමාන සුවදුක් ඇතිබව ප්‍රකාශ කළ සේක.
1031. ඒ ප්රකීර්තනයෙහි දී දෙවියන් සහිත ලෝවැසියන් දක්නමෝ සදේවක ලෝකයෙහි හැසිරෙන්නමෝ අපි ඔවුන්ගේ සමාගමයට පැමිණ -
1032. අනාගත සමාගමයෙහි අප සියල්ලන්ට ස්වාමි වුව මැනැව, අප සියල්ලෝ ම ඔබට මනවඩන ප්‍රිය වදන් කියන භාර්‍ය්‍යා වම්හ.
1033. මහාමුනි වූ සර්වඥයෙනි, අප විසින් දාන - සීලමය වූ සියලු කුසල් කරන ලද, භාවනා ද මොනොවට වඩන ලදු. බොහෝ කලක් සියල්ල පරිත්‍යාග කරන ලදි.
ඒ වගේම යශෝධරා ප්රමුඛ අටළොස්දහසක් භික්ෂුණීන්ගේ ආපදානයත් කියවලා බලනවා නම් හොඳයි.
අපේ හාමුදුරුවො බණ කියද්දි මේ කරුණු කාරණාත් විවෘතව සහ විවේචනාත්මකව සැලකිල්ලට ගෙන ධර්ම දේශනා කරනවා නම් අද ජීවත් වෙන මිනිස්සුන්ට ධර්මය පැත්තෙන් සෑහෙන්න වටිනවා කියලා ඒ බණ අහද්දි හිතුනා.