ථේරවාදීන් පිලිපදින්නේ ගෞතම බුදුන් වහන්සේ වදාල ධර්මය මිසක් බෝධිසත්වයන් හෝ සිදුහත් කුමරුන් වදාල ධර්මයක් නොවෙන බවත්, ථේරවාද බෞද්ධ සංස්කෘතිය පශ්චාත් වෛදික සංස්කෘතියෙන්ම පමණක් ගොඩනොනැගෙන බවත් තේරුම් ගත්තොත් ත්රෙඩ් එක පුරාවටම ගොඩක් අයට තිබෙන ගැටළු විසඳේවි.
බෝසත් චරිතය පරමාදර්ශී චරිතයක් විදිහට මුලික කරගත් ජාතක කථා බලද්දි වුනත් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ථේරවාද එක්සජීසිස් එක ඉස්මතු කරන කාරණය මොකක්ද කියලා. එතනින් තමා අපිට ථේරවාදයත්, ථේරවාදියාත් හඳුනාගන්න පුලුවන් වෙන්නෙ.
අනෙක් කාරණය තමා සංස්කෘතිය, චාරිත්රවාරිත්ර, පරමාදර්ශ කලින් කලට වෙනස් වෙනවා කියන එක. ඒ වෙනස්වීම් එක්ක බුදුදහමේ හරයට එකඟ වෙමින් හරය රැකගනිමින්, හරය ඉදිරියට දායාද කරමින් බුද්ධ චරිතයේ විවිධ කරුණු "ඉස්මතු කරල" බුද්ධ චරිතය ගොඩනගනවා කියන එකත් තේරුම් ගන්න ඕනෙ.