සිදුහත් කුමරා යසෝධරාව/රාහුල පුතු හැර ගිය&#3546

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සිදුහත් කුමරා යසෝධරාව/රාහුල පුතු හැර ගිය&#3546

    පැවිදි වන බෝසත් තුමා යසෝධරාව පාවා ගත්තේ කුමට ද? එබන්දක් නො කොට ශුද්ධ පුද්ගලයකුව හිඳ පැවිදි වී නම් වඩා හොඳ නො වේ ද?
    භාර්‍ය්‍යාවක් සරණ පාවා ගත් කෙනකු පැවිදි වුවහොත් භාර්‍ය්‍යාව අසරණ වන බැවින් සාමාන්‍ය ලෝක තත්ත්වය අනුව සිතන්නකුට මතු පැවිදි වන සිද්ධාර්ථ කුමාරයන් යශෝධරාව සරණ කර ගැනීම වරදක් ලෙස පෙනෙනු ඇත. යශෝධරාව පාවා ගැනීම ශුද්ධෝන රජතුමා ගේ යෙදවීමෙන් සිදු වූවක් මිස සිද්ධාර්ථ කුමාරයන් විසින් යොදා ගන්නා ලද්දක් නො වේ. බුදු බව පතා ආ කෙනකු වුව ද ඒ කාලයේ සිද්ධාර්ථ කුමාරයන්ට පැවිදිවීමේ බලාපොරොත්තුවක් තුබූ බව ද නො කිය හැකි ය. නිමිති සතර දැකීමෙන් පැවිදිවීමේ අදහස ඇති වූ බව කියා තිබීමෙන් තේරුම් ගන්නට තිබෙන්නේ ඊට කලින් සිද්ධාර්ථ කුමාරයන් පැවිදි වන්නට සිතා නො තුබූ බව ය. ඒ නිසා යශෝධරාව සරණ පාවා ගැනීමෙන් සිද්ධාර්ථ කුමාරයෝ වරදක් කළහ යි නො කිය හැකි ය.

    සියලු ම මහාබෝධිසත්ත්වයන්ට සාධාරණ ධර්මතා ගණනක් ඇත්තේ ය. නිමිති සතර දැක දරුවකු ලැබූ පසු පැවිදිවීම ද එක් ධර්මතාවෙකි. එබැවින් සිද්ධාර්ථ කුමාරයන් විසින් භාර්‍ය්‍යාවක් පාවා ගැනීම නො වැරදී ම සිදුවිය යුත්තකි. බුද්ධත්වයට පැමිණිමෙන් පසු කරන වැඩවලට භාර්‍ය්‍යාවන් දූ දරුවන් ලබා තිබීම ප්‍රයෝජනවත් ය. දරුවකු ලැබීමෙන් පසුව පැවිදිවීම ධර්මතාවක් වී ඇත්තේ ඒ නිසා විය හැකි ය. බුදුවරයන් ලොව පහළ වන්නේ සත්ත්වයන් සංසාර දුඃඛයෙන් මිදවීම පිණිස ය. සත්ත්වයන් සංසාරයෙහි ගැලී සිටින්නේ තණ්හාව නිසා ය. තථාගතයන් වහන්සේ ඔවුන් නිවන් මඟට ගන්නේ අනේකාකාරයෙන් කාමයන් ගේ ආදීනවය දේශනා කොට කාමයන් පිළිබඳව ඔවුනට ඇති තණ්හාව තුනී කිරීමෙනි.

    “පුත්තභරියං භික්ඛවෙ! ජාතිධම්මං, දාසිදාසං ජාතිධම්මං, අජෙලකං ජාතිධම්මං, කුක්කුටසූකරං ජාතිධම්මං, හත්ථිගවාස්සවලවං ජාතිධම්මං, ජාත රූප රජතං ජාති ධම්මං, ජරා ධම්මං, ව්‍යාධි ධම්මං, මරණ ධම්මං, සොක ධම්මං, සංකිලෙස ධම්මං.”

    යනාදීන් තථාගතයන් වහන්සේ අනේකාකාරයෙන් කාමයන් ගේ ආදීනවය නිසරු බව දේශනය කරන සේක. ඒ ධර්මය අසා බොහෝ පින්වත්හු කාමයන් ගැන කලකිරී භාර්‍ය්‍යාවන් හැර, දූ දරුවන් හැර, නෑමිතුරන් හැර, මහාධනස්කන්ධයන් හැර, පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත්ව නිවන් දකින්නාහ. බුදුරජාණන් වහන්සේ පුත්‍ර‍ භාර්‍ය්‍යාවන් හැර පැවිදි වූවකු නො වන සේක් නම්, ධර්මය අසන්නවුන්ට “මුන් වහන්සේටත් සුන්දර කාන්තාවක් සිටියා නම් දරුවකු සිටියා නම් මෙසේ අඹුදරුවන් හැර දැමීමට අනුශාසනය නො කරන්නාහ. කාමරසය ලබා නැති නිසා ම මුන් වහන්සේ කාමයන් ගේ දෝෂයන් දේශනය කරන්නාහ” යි සිතා ඇතමුන්ට ඒ ධර්මය නො පිළිගන්නට ද ඉඩ තිබේ. තථාගතයන් වහන්සේ අඹුදරුවන් හැර පැවිදි වූ කෙනකුන් වන කල්හි ධර්මය අසන්නවුන්ට සැක ඇති නො වේ. එය භාර්‍ය්‍යාවක් සරණ කර ගෙන දරුවකු ලැබීමෙන් පසු පැවිදි වීමේ විශේෂ ප්‍රයෝජනය සැටියට සැලකිය යුතු ය. ආදර්ශය දීමත් එහි එක්තරා විශේෂ ප්‍රයෝජනයෙකි. තමන් නො කළ දෙයක් අනුන්ට කරන්නට කීවාට එය ඒ තරමට අන්‍යයෝ ගණන් නො ගනිති.

    ජීවිතයට නො දෙවෙනි කොට තමන්ට ප්‍රේම කරන අතදරුවකු සහිත යශෝධරා දේවිය තනිකර දමා යාමෙන් සිද්ධාර්ථ කුමාරයන් කළේ පුරුෂයකු විසින් නො කළ යුතු අකාරුණික ක්‍රියාවක් අපරාධයක් නො වේ ද?

    ස්වාමිපුරුෂයකු ගේ උපකාරයෙන් තොරව ජීවත් විය නොහෙන දරුවකු සහිත මවක් ස්වාමිපුරුෂයකු විසින් හැර දමනා නම් එය ඉතා ම අකාරුණික ක්‍රියාවක් බව දරුණු අපරාධයක් බව කිය යුතු ය. බෝසතාණන් පැවිදි වුව ද යශෝධරාවට හා රහල් කුමරුට කිසි දෙයකින් අඩුවක් නො වන්නේ ය. බෝසතාණන් ගේ අභිනිෂ්ක්‍ර‍මණය රහල් කුමරුට දැනෙන තරමේ දෙයක් වත් නො වේ. දේවියට නම් සැමියාගෙන් වෙන්ව විසීමේ චිත්තදුඃඛය වන්නට ඇත. එය බෝසතාණන් පැවිදිව බුදු වීම නිසා ඔවුන්ට වන යහපත හා සසඳා බලත හොත් ඉතා සුළු දෙයකි. ගණන් ගැනීමට තරම් නො වන දෙයකි. සිද්ධාර්ථ කුමාරයන් ලොවුතුරා බුදුවීමෙන් ඔවුන් දෙදෙනාට වූ යහපත මහපොළොව තරම් ය යි කියත හොත් පැවිදි වීමෙන් වූ පාඩුව වැලිකැටයක් තරම් ය යි කිය යුතු ය. සිද්ධාර්ථ කුමාරයන් යශෝධරාව හැර පැවිදිව ලොව්තුරා බුදු වූ නිසා දේවියය රහල් කුමරුය යන දෙදෙන ම බුදුසස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත්ව සියලු දුකින් මිදී නිවනට පැමිණියහ. එය ඔවුනට සිද්ධාර්ථ කුමාරයන් පැවිදි වීමෙන් වූ මහා ලාභය ය.

    නිවනට නො පැමිණ සසර රැඳී සිටිය හොත් ඔවුන්ට ඉමක් නැති අනාගතයෙහි විඳින්නට වන්නා වූ ජාති දුක් ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් අප්‍රියසම්ප්‍රයෝග දුක් ප්‍රියවිප්‍රයෝග දුක් අපාය දුක් මෙතෙකැයි පමණ නො කළ හැකි ය. නිවනට පැමිණීම ඒ මහා දුක්ඛස්කන්ධයන් ගෙන් මිදීම ය. එහි වටිනාකම කවර ආකාරයකින්වත් ප්‍ර‍මාණ නො කළ හැකි ය. සිද්ධාර්ථ කුමාරයන් පැවිදි නොවී ඔවුන් හා හිටියා නම් ඒ නිවන් සැපත ඔවුනට නො ලැබෙන්නේ ය. කරුණු මෙසේ හෙයින් සිද්ධාර්ථ කුමාරයන් ගේ පැවිදිවීම අකාරුණික ක්‍රියාවක් හෝ දේවියට හෝ රහල් කුමරාට කළ නපුරක් නො වන බව කිය යුතු ය. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පැවිදි වූයේ යශෝධරාව කෙරෙහිත් රහල් කුමරු කෙරෙහිත් ඔවුනට නො වෙනස්ව සකල සත්ත්ව සමූහය කෙරෙහිත් ඇත්තා වූ මහා කරුණාව නිසා ය. සක ලෝකයාගේ ම යහපත සඳහා ය.

    බෝධිසත්ව මාතාව ගේ මරණය සිදු වූයේ බෝසතාණන් වහන්සේ ගේ ඉපදීම නිසා ද?
    “ධම්මතා එසා භික්ඛවෙ, සත්තාහජාතෙ බොධි සත්තෙ බෝධිසත්තමාතා කාලං කරොති. තුසිතං කායං උපපජ්ජති අයමෙත්ථ ධම්මතා” යනුවෙන් මහ බෝසතාණන් ඉපද සත් දිනකින් බෝධිසත්ව මාතාව කලුරිය කොට තුෂිත දිව්‍යලෝකයෙහි ඉපදීම ධර්මතාවකැයි මහාපදාන සූත්‍රයෙහි වදාරා තිබේ. සියලු ම බෝධිසත්ත්වයන් වහන්සේලා මව්කුස පිළිසිඳ ගන්නේ මව ගේ ආයුඃප්‍ර‍මාණය බලා දසමස් සත් දිනකට ආයු ඇති මවක ගේ කුසයෙහි ය. මහාමායා දේවියට ආයුෂ තුබුණේ එපමණකි. මහ බෝසතාණන් ගේ ඉපදීම වූවත් නුවූවත් එදින ඈ කාලක්‍රියා කරන්නී ය. මේ කාරණය මහාපදාන සූත්‍ර‍ අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.

    “කාලංකරොතී ති න විජාතපච්චයා ආයුපරික්ඛයෙ නෙව. බොධිසත්තානං වසිතට්ඨානං හි චෙතියකුටිසදිසං හොති, අඤ්ඤෙසං අපරිභොගාරහං, න ච සක්කා බොධිසත්තමාතරං අපනෙත්වා අඤ්ඤං අග්ගමහෙසිට්ඨානෙ ඨපෙතුන්ති තත්තකං යෙව බොධිසත්තමාතු ආයුප්පමාණං හොති, තස්මා තදා කාලං කරොති. කතරස්මිං පන වයෙ කාලංකරොතීති? මජ්ඣිමෙ වයෙ. පඨමවයස්මිං හි සත්තානං අත්තභාවෙ ඡන්දරාගො බලවා හොති, තෙන තදා සඤ්ජාතගම්භා ඉත්ථි ගබ්භං අනුරක්ඛිතුං න සක්කොති. ගබ්භො බව්හාබාධො හොති. මජ්ඣිමවයස්ස පන ද්වෙ කොට්ඨාසෙ අතික්කම්මෙ තතියෙ කොට්ඨාසෙ වත්ථු විසදං හොති. විසදෙ වත්ථුම්හි නිබ්බන්තා දාරකා අරොගා හොන්ති. තස්මා බොධි සත්තමාතාපි පඨමවයෙ සම්පත්තිං අනුභවිත්වා මජ්ඣිම වයස්ස තතියෙ කොට්ඨාසෙ විජායිත්වා කාලං කරොන්ති. අයමෙත්ථ ධම්මතා.

    එහි තේරුම මෙසේ ය.

    කලුරිය කරනවාය යනු ප්‍ර‍සූතිය නිසා නොව ආයුෂ ගෙවීමෙන් ය. බෝධිසත්ත්වයන් විසූ තැන චෙතිය කුටියක් වැනි ය. අන්‍යයන්ට පරිභෝග කිරීමට නුසුදුසු ය. බෝධිසත්ත්ව මාතාව පහකොට අනික් තැනැත්තියක් අගමෙහෙසුන් තන්හි ද නො තැබිය හැකි ය. බෝධි සත්ත්ව මාතාව ගේ ආයුඃප්‍ර‍මාණය එතෙක් ම ය. ඒ නිසා කලුරිය කරන්නී ය. කවර වයසක දී කලුරිය කරන්නී ද? මධ්‍යම වයසෙහි දී ය. සත්ත්වයාට ප්‍ර‍ථම වයසේ දී ආත්මභාවය ගැන ඡන්දරාගය බලවත් ය. එබැවින් ඒ වයසෙහි ගැබ්ගත් ස්ත්‍රී තොමෝ ගැබ රක්නට නො සමත් වන්නී ය. දරුවා ආබාධ බහුලයෙක් වන්නේ ය. මධ්‍යම වයසින් දෙකොටසක් ඉක්ම තුන් වන කොටසෙහි වස්තුව පිරිසිදු ය. පිරිසිදු වස්තුවෙහි උපන් දරුවෝ නීරෝග වන්නාහ. එබැවින් බෝධිසත්ත්ව මාතාව පළමු වියෙහි සම්පත් වළඳා මැදුම් වියේ තුන් වන කොටසෙහි දී ප්‍ර‍සූත කොට කලුරිය කරන්නී ය.


    ධර්‍ම විනිශ්චය

    මහාචාර්ය රේරුකානේ චන්දවිමල

    (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද,අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)
    මහානායක ස්වාමිපාදයන් වහන්සේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    උබලා මහ ලොකු බෞද්ධයො නම්, මැදිහත් සිතක් තියෙනවයි කියනව නම් නිකරුනේ මිනිස්සුන්ට ළමා අපචාරකය කියල අපහස කරන්නෙ නැතුව ටිකක් හිතල බලපන්කො අති ගරු නබි තුමාටත් මේ වගේ ධර්මතාවයක් තිබුනයි කියලා. කුරාණය ග්‍රන්තාරූඩ කරන්න කලින් අවුරුදු 6ක දැරිවියක් කසාද බඳින එකත් ධර්මතාවයක්. වැඩිවියට එනකම් කල් කප කප තොල් දාන කරන වැඩත් ධර්මතා තමයි. අල්ලහ් තමයි කිව්වෙ. අල්ලහ්ගෙ ධර්මතා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    උබලා මහ ලොකු බෞද්ධයො නම්, මැදිහත් සිතක් තියෙනවයි කියනව නම් නිකරුනේ මිනිස්සුන්ට ළමා අපචාරකය කියල අපහස කරන්නෙ නැතුව ටිකක් හිතල බලපන්කො අති ගරු නබි තුමාටත් මේ වගේ ධර්මතාවයක් තිබුනයි කියලා. කුරාණය ග්‍රන්තාරූඩ කරන්න කලින් අවුරුදු 6ක දැරිවියක් කසාද බඳින එකත් ධර්මතාවයක්. වැඩිවියට එනකම් කල් කප කප තොල් දාන කරන වැඩත් ධර්මතා තමයි. අල්ලහ් තමයි කිව්වෙ. අල්ලහ්ගෙ ධර්මතා.
    :P:P:D
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔතනට මම පෞද්ගලික මතයක් ඉදිරිපත්කරන්න කැමතී. "සිදුහත් කුමරු යශෝධරාව දාල යාම" අල්ලගන කෑගහන බොහෝ දෙනෙක් ආත්ම විශ්වාසය/ස්වයං අභිමානය බොහොම හීන උදවිය. ඒ අයට අනුව කාන්තාවක් පුරුෂ හෙවනෙම ඉන්න ඕන. සිද්ධාර්ථ කුමරායගෙ නෑන තමා යශෝධරා ඉතිං පුංචිකාලෙ ඉඳංම දන්න කියන කෙනෙක්. හොඳ පෞරුෂයක් තියන අය බොහෝවිට ඇදෙන්නෙ හොඳ පෞරුෂයක් තියන අය ගාවට. ඉතින් සිද්ධාර්ථ කුමාරය වගේ පෞර්ෂත්වය ඉතා ඉහල අගයක තිබ්බ කෙනෙක් නිතැතින්ම ඇදුනෙ බොහොම හොඳ සෘජු පෞර්ෂත්වය තිබ්බ යශෝදරා දෙසට. මේකට ත්‍රිපිටකයත් සාක්ෂි දරනව.


    ඇයට පුලුවං උනා තවත් පිරිමියෙක් ගාවට නොගිහිං බොහොම උදාර ලෙස ඉන්පසු කාලය ඉන්න. පුංචිකාලෙ ඉඳංම දන්න තමන්ගෙ ස්වාමිපුරුෂයා/මස්සිනා ඔය ගමන ගියෙ උදාර චේතනාවෙන් කියල ඇය දන්නව. සිද්ධාර්ථ කුමරු අනන්තවත්ලෙස යශෝධරා සමග මේ ලෝකෙ දුක සහ එයින් එතෙරවීම ගැන කතාකරන්න ඇති. රහුල කුමරු ලැබෙනතෙක් මේ දෙදෙනා දශකයකට අධික විවාහ ජීවිතයක් ගතකලානෙ.

    ඔයඕක ප්‍රශ්නයක් කරං ඉන්න අය බොහෝවිට ලිංගික උවමනාවන් ඉස්සරහ සත්තුවගේ. උත්තරීතර මානුශ්‍ය ධර්ම අමතක වෙනව ඒ අයට අර ලෝබ ද්වේශ මෝහ අධික සත්ව ස්වභාව මතුවෙනව. ඒ අයගෙ මානසික මට්ටම් අනුව පිරිමියෙක් ගැහැනියක් දමල යන්නෙ ද්වේශ සිතිං විතරමයි. ඒ අයට කරුණාවෙන් ඒක කරන හැටි හිතාගන්න අපහසුයි ඒ අයගෙ සීමාන්තික ලෝකය දිහා බලන ක්‍රමය නිසා.

    තවත් කාරනයක් ඔය අයට "චේතනාහං භික්කවේ කම්මං වදාමි" කියන එක හරියට තේරිලා නෑ. ඒ අය හිතන්නෙ (වැඩියෙන්?) කරන කියන දේම කර්මය(කුසලාකුසල) වෙනව කියල. දන්නවිදිහට ඒක නිගන්ඨ ධර්මයක්.
    ඒ වගෙම ඔය අයට කාල බීල අහවල් එකත් කරල ඉන්න එකතමා ජීවිතය. ජීවිතේ කියන්නෙ මොකද්ද? කවුද ජීවත් වෙන්නෙ? ඇයි ජීවත් වෙන්නෙ? සත්‍ය මොකද්ද? සත්‍යයේ කෙලවර මොකද්ද? කියන ප්‍රශ්න අදාලම නෑ. කවුරුත් ඒව අහන එකත් රුස්සන්නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Sara531

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිදුහත්කුමරු අනිත් අය දාලා ගියේ ඒගොල්ලන්ගේ අවසරය ඇතුව..ඒගොල්ලෝ දැනුවත්ව..:D

    31059584_785175785013745_6740812971909316608_n.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෙරුවන්සරණයි!
    මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ පොත් නිසා අපි කාටත් පිරිසිදු ධර්මය කියවීමට හැකිවෙලා තිබීම භාග්‍යක්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    තෙරුවන්සරණයි!
    මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ පොත් නිසා අපි කාටත් පිරිසිදු ධර්මය කියවීමට හැකිවෙලා තිබීම භාග්‍යක්.


    ශාසනේට ගොම ගොඩවල් එකතු වෙන්න කලින් 1950-60කාලෙ ලියවුනු පිරිසිදු පොත් පෙලක්..:yes::yes::yes:
     
    • Like
    Reactions: animation

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තෙරුවන්සරණයි!
    මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ පොත් නිසා අපි කාටත් පිරිසිදු ධර්මය කියවීමට හැකිවෙලා තිබීම භාග්‍යක්.

    එතකොට බුද්ද්භාෂිතය වන ත්‍රිපිටකයටත් වඩා මේ හාමුදුරුවන්ගේ පොත් උඩින් ඉන්නේ.අනේ අපොයි..පව්..බුද්දගෝෂ බෞද්දයෝ....:rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24142440 said:
    ශාසනේට ගොම ගොඩවල් එකතු වෙන්න කලින් 1950-60කාලෙ ලියවුනු පිරිසිදු පොත් පෙලක්..:yes::yes::yes:

    සාසනේට ගොම එකතු කලේ අනුරාධපුරයුගයේ බුද්දගෝෂ කියලයි අපිනම් අහලා තියෙන්නේ ...:yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සාසනේට ගොම එකතු කලේ අනුරාධපුරයුගයේ බුද්දගෝෂ කියලයි අපිනම් අහලා තියෙන්නේ ...:yes:

    අනේ නෑ..මේ බොහොම මෑතකදී නාකි වෙලා සිවුරු පොරෝගත්ත වහරක-මීවනපලානේ ඩබල,
    පල්ලියෙන් මහණ කරපු අබයා, නිවාතාප වගෙ ටොන් පච කියපු නිකන් කහකඩ තමා ගොම ගොඩවල්
    ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24143809 said:

    අනේ නෑ..මේ බොහොම මෑතකදී නාකි වෙලා සිවුරු පොරෝගත්ත වහරක-මීවනපලානේ ඩබල,
    පල්ලියෙන් මහණ කරපු අබයා, නිවාතාප වගෙ ටොන් පච කියපු නිකන් කහකඩ තමා ගොම ගොඩවල්
    ..

    good evening :D

    විභජ්ජවාදීන් නේද ඔහොම කියන්නයි කිව්වේ ?:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්....
    බෞද්ධයෝ....
    වැඩකට නැති තර්ක පස්සේ එල්ලෙන්නවා...
    එකෙක් සිද්ධාර්ථ ගෞතම කියපු නිර්වාන මාර්ගයේ යනවද??????
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    good evening :D

    විභජ්ජවාදීන් නේද ඔහොම කියන්නයි කිව්වේ ?:P
    උඹ වගේ කවුරුත් කියන විදියට මෙතන ඇවිල්ලා බොරු කොපි-පේස්ට් කරලා යන්නෙ නෑ..උඹනෙ පල්ලියෙ පාදිලි කියන විදියට උඹලගෙ ක්‍රිස්තියානි නිකායෙ වලස්මුල්ලේ අබය,මීවනපලානෙ වගෙ උන්ගෙ පක්කිලි වැඩ කරන්නේ.:lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෝරිසාදයා;24142440 said:
    ශාසනේට ගොම ගොඩවල් එකතු වෙන්න කලින් 1950-60කාලෙ ලියවුනු පිරිසිදු පොත් පෙලක්..:yes::yes::yes:

    :yes::yes: