පිවිතුරු ආදරය ගැන කෙතරම් නම් මේ විශ්වය පුරා කවි ලියැවී ඇද්ද???
එහි ඇති නැවුම් බව... ජීවිතය ජිවත්කරන බව හා ඒ තුලින් උපන්සංවේදී බව කෙතරම් නම් අප අත්විඳ ඇද්ද???
ආදරණිය වස්සානයකත් සින්තටික් සයිබර් වස්සානයකත් වෙනස ඔබ විසින් අපුරුවට කවි පියස පුරා ඉතා අර්ථවත්ව වස්සවා තිබෙනවා...
ආදරණීය බව බිඳෙන තැන අපිට දැනෙන්නේ හරි පිලිකුලක්...මේ බාහිර ආටෝපයටමද එහෙමත් නැත්නම් සැබෑ සුවඳ මල් වෙනුවට ප්ලාස්ටික් මල්ද අපි සිඹිය යුත්තේ කියනා තැනට ඔබ ඔබේ නිර්මානයෙන් පාඨකයාව ගෙන යනවා...
ඊට ඔබේ සිතෙන් පැන නගින නොකැමැත්ත ප්‍රහසනයක ආකාරයෙන් හොඳට වෙලා සරසලා අපේ දෝතට පිරිනමනවා...
ඔබ ලිවු තවත් අනර්ඝතම පද පෙලක්..මං ගොඩක් රස වින්ඳා එහි ප්‍රස්තූතයේ නිවැරැදි විග්‍රහය සිතේ මවා ගනිමින්.. පසුපෙල රූප රචනාව සම්භාව්‍ය ගති ලක්ෂණ විදහා පානවා....
දිගටම ලියන්න..ඔබට ජය නංගියා...