ශැන්ග්‍රිලා ආයතනයට ලංකාවේ වටිනම ඉඩම රුපියල් බිලියන 8 විකුණලා කිසිම සැලසුමක් නොමැතිව හමුදාව කුලියට තබලා බිලියන 10 පාඩු කරලා.
තමන්ගෙ ඥාති සහෝදරයෙක්ට සැලසුම අඳින්න කියලා ඔහුට රුපියල් මිලියන 606ක් ගෙවලා ඔහුගේ නමට මල්වානේ ඉඩමක් අරගෙන එකේ ගෙයක් සාදවලා.
බිලියන 64ක් (ශ්‍රමික කුලී නොමැතිව) මේ වෙනකොට වියදම් කරලත් වැඩ ආවසන් කරගන්න බැරිවෙලා තියන හමුදා මූලස්ථානයේ අද එක් කොටසක් විවෘර්ත කරනවා.
ජාතික ආරක්ෂාව කියන්නෙ පෙන්ටගනය හදන්න ගිය මුදලින් බාගයක් වියදම් කරලා කොංක්‍රීට් ගොඩවල් අටවන එක නෙවෙයි.
ලංකාව විශාල යටිතලපහසුකම් ප්‍රමාණයක් සංවර්ධනය කලයුතු ආදායම් ඉතා අවම රටක්.
සියළුම පහසුකම් වලින් සමන්විත විශ්වෝධා පාසලක හදන්න යන මුදල රුපියල් බිලියනයක්(ඩිජිටල් පන්තිකාමර සහිතව)
ශ්‍රමය එක්ක ගත්තම දැනට ගිහින් තියන මුදල බිලියන 100ට ආසන්නයි. ඒ කියන්නෙ විශ්වෝධා වර්ගයේ පාසල් සීයක් හදන්න යන මුදල මේ වෙනකොට මේ ගොඩනැගිල්ල වෙනුවෙන් වියදම් කරලා තියනවා.
එම ගොඩනැගිල්ල සාදන තෙක් හමුදාව කුලියට ඉන්දවලා බිලියන 10ක් පාඩු කරලා තියනවා.
මේවගේ කාලකන්නි වියාපෘති ගෙනාව කාලකන්නියෙක් රට හදන්න කියලා ජනපතිවරණයටත් එනවා.
ලැජ්ජා නැතුව ඌගෙන් රට හදාගන්න හදන උන් ටිකකුත් ඉන්නවා