සින්හල ගීතයේ සැගවුනු කතාව

waligamaya

Well-known member
  • සින්හල ගීතයේ සැගවුනු කතාව

    මෙක මගේ පලවෙනි ත්‍රෙඩෙක. සැහෙන කාලයක් ත්‍රෙඩ් එකක් පටන්ගන්න හිටියට මට එකට වෙලාවක්නම් නැහැ එත් මේ අනොරා වස්සත් එක්ක සීන්හල ගීත ටිකකට සවන්දිගෙන ඊන්නවෙලවෙ මට මගෙ සරසවි ඡිවිතය මතක්වෙල මෙහෙමදෙයක් කරන්න හිතුන :):):). ඒ
    කලේනම් රැ එලිව්ව්නකම් facultiyයෙ යාලුවොත් එක්ක ගීත ගායන කරකර එව විචරය කරපු කලේ මතක් වෙන්කොට හිතට පුන්චි දුකක් අර්හිවෙනව :(:(:(. කන්න බොන්න අතේ සල්ලි නතිඋනත් අඹ ගැටයක් එක්කහරි ගල්බොත්ලයක් :rofl::rofl::rofl::P:P:P ගගහ නිදහසේ හිටපු කලේ ඈයිත්නම් එන්නෙනැ.




    හරි දැන් ඉතින් වඩෙට බහිමු. මෙකපලවෙනීක.:):):)
    ගීතය- මිනින්දොඅරු කන්තොරුවේ මුලදැනිතැන.
    ගායනය-කරුනාරත්න දිවුල්ගනෙ.
    පදරචනය-රත්නත් ශ්‍රි විඡෙසින්හ සර්.


    ඔන්න මේ ගීතයේ පද රචකය රජරට පත්තේ වැඩ කරන කලෙක ඒ ගමේ මොකක් හරි සමිතියකින් පත්සේ ගමේ අවිදින වේලවක වතුර තිබහ වෙලා එක ගේදරකට ගොඩ වෙනවා. ඉතින් එගේදර පීලේ වයසක සීයකෙනෙක් ළුණු වගයක් වේලමින් ඉන්නව. ඉතින් මෙකට්ටිය ගේදරට ගොඬවෙලා වතුර එකක් ඉල්ලගෙන බොනගමන් කතවට වැටේනව.
    ඒ අතර මේවත්තේ එක විශේශ දෙයක් දකින ව. ඒ තමයි වත්ත කොනේ තියනවා නුග ගහක් එක වටේට ලස්සනට මල්වවලා වැලි අතුරල රටවට අතුගලා පහන් පැලක පහනකුත් පත්තුකරලා තිබුන.
    ඉතින් රත්නත් ශ්‍රි ඇහැඋව සුදුබන්ඩා (SB නෙමෙයි :angry::angry::P:P:P:P) මාමේ මේ මොකක්දකියලා, ( අමතක උනනෙ :baffled::baffled: සියගෙ නම සුදුබන්ඩා ) එතකොට සීයා කියනව මහත්තයො ඒ මගෙ සුදු බන්ඩි ඊන්න තැන කියල:(:(:(. ඉතින් සුදු බන්ඩි මැරුනට පත්සෙ මෙතන වලදලා, ඒදා ඉදන් සීය උදේ හවස මල් තියලා පහන් පත්ලුකරලා ලත්සනට අතුගාලා තියාගන්නව.
    ඊටපත්සෙ සීයා හරි දුකින් කියනව මහත්තයෝ මට මේක දිගටම කරන්න වෙන්නේ නැහැ මොකද ඒහා ඉඩමෙ ඉන්න මගේ මල්ලි මෙකට පර්සල් නඩුවක් දමලා එකේ තින්දුව අනුව ඉඩම බෙදෙන්නෙ නුගගහ එහාපැත්තටයන විදියට කියලා.


    ඉතින් ඊට පත්සේ කලෙක රත්නත් ශ්‍රි ට මෙසිද්දිය මතක් වෙලා ඉඩම මනින්න එනකොට සුදු බන්ඩා සීයා මොනවගේ හැසිරේන් ඇතිද කියලා ඒ පිවිතුරු ආදරයට ගෞරවයක් විදියට මේ මිහිරි පදවැල්ටික ලියනව.

    මිනින් දෝරු කන්තොරුවෙ මුලදැනිතැන.
    සුදු බන්ඩිමගේ නිදා ඉන්න ඉඩම මනිනවද
    ඈ ඇහැ ඈරේවි යන්න හොදයි දoවැල් අරගෙන
    තරහ අවසරයි යනවද දන්වැල් අරගෙන....

    මුලින් ටිකක් ආවේගයෙන් කතාකෙරැවත් නීතිය ඉදිරියේ අසරන මේ මහලු ගැමිය ඉතා අසරනව ආයාචැනා කරනවා ( තරහ අවසරයි යනවද.... )

    දැන් මේ සියට අතීතය මත්ක් වෙනව..
    බිo කුඹුරු නේලන කාලෙට මට හීල අරන් එන.
    හීස විශාදියට තෙල් උලලා තොන්තුවාවෙන.
    රත්තරන් දැත සුදුබන්ඩිගෙ දේනියේ පස් යට//..........

    නැවත වර්තමානයේ ඇත්ත හා තනිකම සිතට නැගෙන්වා


    දේයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැතිවග.
    තේල් පහන උනත් නිවදමයි සoහීදපාමුල
    වාවන්නැ මේදුරුත්ත සන්සරේ ත්නිමට//.......


    ........ ඉතින් හරිම අමරුයි ටයිප්කරලා. මගේ සින්හල grammar නම් හරී නැහැ:baffled::baffled::baffled::baffled::baffled: එකට සමා වෙන්න්න.
    මෙකට ඔයාල දන්න ගීතවලත් කතාව දන්න........
    ඉඩතියන විදියට මමත් දමන්නම්....
    මමත් ඉතින් මෙ වෙලද අර්තික සමඡයෙ දුවන තවත් එක මිනිසෙක් විතරයි ඒත් ගුරු තරුව නාඨ්‍යයේ මේ දේබසත් මත්ක්කර න්න ඔන.
    ``සාහිත්ත්‍යයේන් යන්ත්‍ර සුත්ත්‍ර සල්ලි මවන්න බැරිඋනට ඒ මවන යන්ත්‍ර සුත්ත්‍ර, සල්ලි වලට මනුශිය්‍ය හැඩය ලාබාදේන්නේ සාහිත්ත්‍ය සහ කලාවයි....,,


    තව දේයක්..... JesonRulez යලුවට බොහොම ස්තුතියි අලුත් නුලක් පටන්ගන්න හැටි කිඋවට. මට හොයගන්න බැරුව හිටියේ:P:P:P


    මෙකේ මොකක් හරි වැරැද්දක් තියනවනම් සමවෙන්නඔන
     
  • Jul 6, 2012
    10,693
    2,918
    113
    ෆට්ටා කොල්ලෝ
    11.gif
    දිගටම ලියමු මචන්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආරම්භය හොඳයි
    11.gif
    11.gif
    දිගටම ලියන්න මිත‍්‍රයා මගෙන් + රේප්
     

    waligamaya

    Well-known member
  • ලගලග නමනව වගේ ආපු ගැම්මට මෙන්න ඉලග එකත්

    ගීතය- ලේන්චිනා මගේ නන්ගියේ
    පදරචනය- රත්නත් ශ්‍රි සර්
    ගායනය- විශාරද සුනිල් එදිරිසින්හ

    මේක රත්නත් ශ්‍රි ගාල්ල පැත්තේ මැතිවරන රඡකාරිවල ඉද්දි ඩ්වුනු සිද්දියක්.

    මානව ෂිශ්ඨාචරය විවිද යුග පසුකර සිය දහස් ගනන් මිනිත්සුන්ගේ කැපකිරීම මත වැඩවසම්යුග පසුකර පැරනි බමුනු හා රදල මත්වාද බිදදමමින් ප්‍රඡත්‍රන්ත වදය කරා පැමිනියත් පැරනි වැඩවසම් යුගවල අක්මුල් තවමත් පුර්නවශයේන් සිදිනැත.:no::no::nerd::nerd:

    චන්ද පොලේදි චන්දය ප්‍රකාශ කරන්න අවම ඒ පුද්ගලයගේ සම්පුර්ණ නම හඩගාල පවසනව. මේවෙලවේ රත්නත් ශ්‍රි දැකපු දේයක්තමයි සමහර තරුන තරුනියන් තමන්ගේ නම කියනකොට බිමබලාගේන කකුලේ ඇගිලීවලින් පොලව හාරහාර ඉන්නව. ඒ මොකද තමන්ගේ සම්පුර්න නම කියනකොට තමන් උපන් කුලය එකෙන් කියවෙනව. :frown::frown:


    සමන්ය්‍යේන් මේලොකේ මනුත්සයෙක් අසන්න කැමතිම වචනය තමයි තමන්ගෙ නම. නමුත් යලුවනේ මිනිත් ෂිශ්ඨාචරයේ දේශපාලනික වශයෙන් දිනාගත් උපරිම පලය වන සර්වඡන චන්දබලය ප්‍රෙකාශ කරිමට යනවිට මිනිසෙක් තමන්ගේ නම නිසා අපහසුතවයට පත්වෙනවනම් මිනිත්සමඡය ලබා ඇති දිඋනුවෙන් ඇති පලය කුමක්ද?:(:(:no::frown:





    ලෙන්චිනා මගේ නන්ගියේ ඇයි ඟන් තෙරටවී ගොම්මනේ...//




    දිලිදු කුලහීන ඡනතාව තමයි සමාඡයේ පවුවලට මුහුනදිල එවා සොදලා සමාඡය වසාසිටි කලු වලාකුලු ඉවත්කීරීමට දායකවුනේ. එමිනිත්සු මුලු ඡිවිතකාලයම එකට කැපකරනවා වීවෙකයක් නොමැතිව.:nerd::nerd:

    .

    සිත්තරේ ලග පැන්තොටේ ගම්මනයේ පවු සොදනා.
    රත්ත්‍රන් වී කලුවලාකුලු චන්ද්‍රයාවී පයනා..
    ලෙන්චිනා ඇති වඩකලා දැන් ගේදර යමු කලුවර උනා.





    බමුනු රදලයන් කීලිටිකල සමාඡය ඔබවිසින් සෙදුවා. නමුත් ඔවුන්ගේ කීලි කුනු තවමත් ඉවත්වෙලා නැත ( වඩ වසම් යුගයේ අක්මුල් තවම තියේනවා ) නමුත් ඔබෙ මහන්සිය නිසා ඔබ සේදිලා පරිශුදත්වයට පත්වෙලා.





    පින්වතුන් කැල ඇන්දසලු පිලී සෙදුවා නුබ සේදුව
    තාමනෑ කීලි කුනුගිහින් ඒ මන්ද නොදැනේ කාරනා
    පරිශුද්ධ වීමේන් යුගදැත් නුබෙ බබලනා.
     

    Piumal_E

    Member
    Apr 26, 2014
    7
    5
    3
    මේ මගේ පලවෙනි විචාරය ... අනේ මන්දා මේ මට මේක දැනුනු විදිහ මම වැරදි ඇති..වැරදිනම් සමාව ඉල්ලා සිටිනවා


    අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..

    කුඩාවැව රෝහණ මාස්කෝරාළ යන්ගේ රචනයෙන් ප්‍රියා සුරියසේනයන්ගේ ඔහුටම ආවේනිකවූ ලයාන්විත හඬින් අපට ආමන්ත්‍රණය කරනා
    මේ ගීතයෙන් කියවෙන්නේ පාළුව තනිකම තිබුනත් තනිකඩ නිදහස් ජීවිතයක් ගතකල තරුණයෙක් එම ජීවිතයට නැවතීමේ තිත තබා විවාහ ජීවිතයකට ඇතුල්වීමට නියමිත වීමේදී ඇතිවන මානසික අරගලය යන්නයි

    (මටනම් මේ අත්දැකීම තියෙනවා මේ thread එක කියවන සමහර සහෝදරයින්ටත් මේ අත්දැකීම ඇති )

    මුලින්ම අහලා ඉන්නකෝ
    https://www.youtube.com/watch?v=pg9yhvoQ1QA

    අඳුර අඳුර මගේ
    සොඳුර සොඳුර මගේ
    නොයනු මැනවි දා තනිකර එළියේ //


    මෙහිදී ගීරචකයා විසින් අඳුර නමින් හඳුන්වන්නේ තමන්ගේ තනිකඩ ජීවිතයයි ඔහු කෙතරම් එම ජීවිතයට ආදරය කරමින් බැඳී සිටින්නේද යන වග සොඳුර යන නමින්ම අඳුර ඇමතීම මගින්ම සිතාගත හැකිය. සිංහල භාෂාවේ සොඳුර යන්න තම බිරිඳ හෝ පෙම්වතිය හැඳින්වීමටම පමණක් යොදාගන්නා පදයකි.ගීරචකයා විසින් අඳුර නමැති තම පෙම්වතියගෙන් ඉල්ලා සිටිනවා තමා එළියේ හැර තනිකර නොයනා ලෙස මේහිදී ගීරචකයා විසින් එළිය නමැති උපමාව යොදාගන්නේ තමන් ඇරඹීමට නියමිත විවාහ ජීවිතයටයි. අලුතින් තම ජීවිතයට අත්දැකීමට නියමිත නුහුරු නුපුරුදු එළියට (විවාහ දිවියට) වඩා තමන්ට හුරු පුරුදු තමන්ගේ ප්‍රථම පෙම්වතියට ඔහු ආදරෙයි. අඳුරු සොඳුරිය නොවේ තරුණයා හැරදා යන්නේ... තරුණයා විසිනුයි අඳුරු සොඳුරිය හැරදා යන්නේ එත් ඔහු ඉල්ලා සිටිනවා ඇයට ඔහුව හැරදා නොයන ලෙස.

    ඝන රැ කළුවර තනියම කුටියේ
    ගතකල දිවියේ රස තැන් සිහිවේ
    කුටියේ කෙලවර එළියක් දිස්වේ
    එලිය සොඳුර මගේ දිවියට ලංවේ

    කළුවර (තනිකඩ ජීවිතයේ ) නමැති සොඳුරිය සමග පහුගිය කාලයේ ජීවිතයේ කොතරම් රසවත් අත්දැකීම් ලැබූ මේ තරුණයා විසින් ඒ රසවත් අත්දැකීම් අනුස්මරණය කරමින් සතුටු වෙනවා. ඔහු දන්නවා තමන් ගේ ජීවිතයට එළිය වැටුන පසු තමන් අඳුරත් සමග ලැබූ සියලුම රසවත් අත්දැකීම් මතකයක්ම පමණක් වෙන බව මොකද ඔහු දන්නවා අඳුර නමැති සොඳුරිය සමග ලැබූ ඒ රසවත් ජීවිතය එළිය සමග හීනෙන්වත් ලබන්න බැරි බව (බඳින්න කලින් කරපු හැම දෙයක්ම ඉතින් බැන්දට පස්සේ කරන්න බැහැනේ ) ඒත් එළිය දැනටමත් අඳුර නැමති සොඳුරිය තමන්ගේ ජීවිතයෙන් පලවා හරින්න පටන් අරන් අඳුරු සොඳුරිය මේ බව තවම දන්නේ නැහැ ඒ බව මේ තරුණයා විසින් තමන්ගේ අඳුර නමැති පෙම්වතියට එළිය ගැන කියනා නෝක්කාඩුවක් විලසින් කියනවා.

    පෙම් එලි විහිදා නිවා දැමු පසු
    දුන්නෙත් පීඩා දනිමි පෙරදා
    සදාකාලිකය අඳුරේ රැජිණිය
    ඔබ හැර යන්නට නොදෙවී මගෙ සිත

    කලකට ඉහතදීත් ප්‍රේමය නමැති එළිය විහිදුවා අඳුර නමැති සොඳුරිය තමන්ගෙන් ඈත් කල පසු ඔහු වින්ද වේදනාව ඔහුට තවම මතකයි. එම එළිය නිසා තමන් වින්ද පීඩාවට වේදනාවට මේ තරුණයා බයයි මේ නිසාම ඔහුට එළිය ගැන තියෙන්නේ නොපහන් හැන්ගීමක් ඒවගේම තමන් කලින් ලැබූ අත්දැකීමට අනුව එළිය යනු තාවකාලික දෙයක් ( මේ බව ඔහුට පසක් වෙන්නේ තමන්ගේ ආදර සම්බඳතාවය බිඳී ගියපසු) . ඉතින් එළිය ගැන මේ තරුණයාගේ ඇති කලකිරීම වැඩිවත්ම ඊට සාපේක්ෂව ඔහුගේ හිතේ අඳුරට (තනිකඩ දිවියට) ඇති ආදරය අඳුර නමැති සොඳුරියගෙන් තමා ලද සදා කාලික ප්‍රේමයට ඇති ආදරය ගොව්රවය වැඩිවෙනවා ඒ බව මේ ගීතයේ අවසාන කොටසේ අඳුරේ රැජිණිය ලෙස හැඳින්වීම මගින් පිළිබිඹු වෙනවා එතින් මේ සා තමන්ට ආදරය කාරණා ලද තම සොඳුරිය කෙසේනම් හිතකින් හැරයන්නද ......නමුත් එළිය කුටියේ කෙලවර බලාසිටිනවා ඉතින් අකමැත්තෙන් උනත් යායුතුමයි.......
     
    • Like
    Reactions: waligamaya