'සිඳු' හි සෝරත පොඩි හාමුදුරුවන්

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    903
    808
    93
    'සිඳු' හි සෝරත පොඩි හාමුදුරුවන්

    DSC_6771.jpg

    ළමා කාලයේ සුන්දරත්වය නැවතත් හදවතට සමීප කරවන ටෙලි නාට්‍යයක් ලෙස මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන 'සිඳූ' හැඳින්විය හැකිය. එහි එන ළමා චරිත අතුරින් සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය කැපී පෙනෙන චරිතයක් වී ඇති අතර, එය මේ දිනවල වැඩි වශයෙන් කතාබහටද ලක්ව තිබේ. මේ නිසාම 'සිඳු' හි සෝරත පොදු හාමුදුරුවන් සමග කතාබහ කිරීමට අපි දෙරණට ගියෙමු.

    Q පොඩි හාමුදුරුවනේ කෝ සිවුර?
    දැන් ෂූටිං නෑනේ. ඒ නිසා සිවුර තියලා ආවේ.
    Q පොඩි හාමුදුරුවන්ගේ නම මොකක්ද?
    කවීෂ විහඟ
    Q අපි පොඩි හාමුදුරුවො කියන්නද?කවීෂ කියන්නද?
    කවීෂ කියන්න.
    Q කවීෂ මේ දවස්වල මොනවද කරන්නේ?
    ඉස්කෝලෙ නිවාඩු. ඒ නිසා ෂූටිං යනවා, සෙල්ලම් කරනවා.
    Q රඟපානකොට ඔයාට බය හිතෙන දේවල් එහෙම වුණාද?
    ඔව්. එක දවසක් රඟපානකොට උඩින් ආපු ප්ලේන් එකකට බය වුණා. මට ඇඬුණා. ඊටපස්සෙ ඒ මාමලාට මම කිව්වා ඒක ටීවී එකට දාන්න එපා කියලා.
    Q ඉතිං තව මොනවද වුණේ?
    දවසක් ෂූටිං කරද්දි වැව ළඟදි එක පාරටම දුවගෙන එන්න කිව්වා. මම දුවගෙන ආවා. ඊටපස්සේ ජබොස් ගාලා ගිලුණා. ආයෙ උඩට ආවා. වැවේ ඉද්දි මාළුත් කෙටුවා. ලොකු හාමුදුරුවන්ට හොරෙන් යාළුවොත් එක්ක වැවේ නාන්න ගිහිල්ලා තමයි එහෙම වුණේ. ඊටපස්සේ එයාලා ආපහු යට යන්න කිව්වා. මම බයවෙලා ගියේ නැහැ.
    Q කැලේ යද්දි මොකද වුනේ?
    කැලේ යද්දි කටු ඇනිලා මම ඇඬුවා. එතකොට ඒ මාමලා කටු අයින් කළා.
    Q 'සිඳු' කණ්ඩායමේ ඉන්න නැන්දලා, මාමලා කවීෂට මොනවද කියන්නේ?
    එයාලා මට ගොඩක් ආදරෙයි. මාව හැම වෙලාවෙම වඩාගෙන ඉන්නේ.
    Q පොඩි හාමුදුරුවන්ගේ යාළුවො ටික කොහොමද?
    එයාලා හොඳයි. මම රඟපානවා ලස්සනයි කියලා කියනවා.
    Q එතකොට 'සිඳූ'?
    එයත් හොඳයි.
    Q 'සිඳූ' නාට්‍යයේ ඔයා කැමතිම කෙනා කවුද?
    හීං බබා සීයා
    Q ඒ ඇයි?
    හීං බබා සීයා ලොකු කතන්දර කියනවා. මම එයාට ආසයි. මට සරුංගලයක් හදලා දෙනවා කිව්වා. තවම හදලා දුන්නෙ නැහැ. හැබැයි ඉතිං හීං බබා සීයා ටිකක් බොරුත් කියනවා.

    DSC_6752.jpg

    Q එතකොට ලොකු හාමුදුරුවො කොහොමද?
    ලොකු හාමුදුරුවෝ හොඳයි. හැබැයි ටිකක් සැරයි.
    Q ඔයාගේ 'සරණ' ගැනත් කියමුද?
    මම පූසෙක් වඩාගත්තෙ ඉස්සරලම නාට්‍යයට. ඒ කුරුණෑගල ෂූටිං තියෙද්දි. අපි එහෙ නැවතිලා හිටියෙ. සරණ ටිකක් බරයි. මට බයත් හිතුණා. මම වඩාගත්ත ගමන් එයා පැනලා දිව්වා.
    Q ගෙදර කවුරු කවුරුද ඉන්නේ?
    අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි
    Q ගෙදර අය 'සිඳූ' බලනවද?
    ඔව්, එයාලා හොඳයි කියනවා. අපේ ගමේ නැන්දලා මාමලාත් හොඳයි කියනවා.
    Q කවීෂට ඇත්තටම පොඩි හාමුදුරු කෙනෙක් වෙන්න ආසයිද?
    (සිනහවෙමින්) ඔව්. ආසාවක් තියෙනවා.
    Q ගමේ පන්සලේ හාමුදුරුවො මොකද කියන්නේ?
    හාමුදුරුවෝ ආසයි. මහණ වෙන්න කතා කරනවා.

    DSC_6750.jpg

    Q ඉතිං පොඩි හාමුදුරුවෝ නාට්‍යයේ බණ කියනවද?
    බණ කියන්නේ නැහැ.
    Q දැන් සිවුර තනියම ඇඳගන්න පුළුවන්ද?
    තවම බැහැ. එයාලා අන්දවනවා.
    Q නාට්‍යයට අමතරව තව මොනවද කරන්නේ?
    දෙරණ එෆ්.එම්. එකේ 'පුංචි තරුත් එක්ක ආයුබෝවන්' වැඩසටහනේ ඉන්නවා. ඒකේ මම හඬකැවීම් කරනවා. නාට්‍ය රඟපානවා, කතා කියනවා, අපේ වැඩසටහනට එන අයගෙන් තේරවිලි අහනවා. සිංදු කියන්න කියල කියනවා.

    DSC_6741.jpg

    Q පොඩි හාමුදුරුවන්ගෙ චරිතෙ රඟපෑවා වගේ තව මොනවද රඟපාන්න කැමති චරිත?
    රජතුමාගේ චරිතෙ රඟපාන්න කැමතියි.
    Q එතකොට කවීෂගෙ ඉස්කෝලෙ මොකක්ද?
    පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය
    Q කී වෙනි වසරෙද ඉන්නේ?
    එක වසරේ. ටීචර්ගේ නම කුසුමාලි.

    DSC_6697.jpg

    DSC_6716.jpg

    DSC_6720.jpg

    DSC_6721.jpg

    DSC_6726.jpg

    DSC_6765.jpg

    LINK
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    මේ නාට්යයේ ගන්න තියෙන එකම දේ තමයි පොඩි හාමුදුරුවන්ගෙයි අනිත් ළමයින්ගෙයි දර්ශන ටික. ඒ ඇරුනම අනිත් කෑලි ගන්න දෙයක් නෑ. මම මලී 1 සහ 2 සම්පූර්ණයෙන් බැලුවා. 1 සහ 2 ඇදගෙන ගියේ දුලීකා මාරපන් (ඩිංගිරි) තමයි. අනිත් අය මෙලෝ රහක් නෑ.

    මම කියන්නම් සිඳූ නාට්යයේ වෙන්නෙ මොකද්ද කියලා. අර ඉර එළියට එන්න හොඳ නැති ගෑණු ළමයව සිඳූ සනීප කරනවා. ඊට පස්සෙ දෙන්නා ලොකු වෙලා ලව් කරනවා. ඒ ලව් එකට හැම පැත්තෙන්ම බාල්දි පෙරලෙනවා. උක්කුවා බූතයත් බාල්දි දානවා. අන්තිමේදී ලව් එක හරි යනවා. උක්කුවා ලොකු හාමුදුරුවොයි, පොඩි හාමුදුරුවොයි, මලීයි අතින් කම්බස් වෙනවා.

    ඔන්න ඕකයි කතාව.
     
    ඔව්... ඔව්... හරියටම හරි මටත් හිතුනෙ එහෙමයි. මොනව උනත් අර අහන්න හිරිකිත පෙම් දෙබස් වලටවඩානම් හොඳයි, අපේ ගෙවල් ලඟ පොඩි එවුන් රෑට කෑම කන්නෙ ඔය කතාව බලාගෙන.
     
    ඔව්, ඒක හරි. කතාවෙ ඒ වගේ බොළඳ ගතියක් නම් නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    සමහරු පඬි වදන් දේවි ඇත්ත ලොකෙ පොඩි හාමුදුරුවරුන්ට ඔය ගෞරවෙ දෙන්නෙ නැහැ කියලා. ඒක ඉතිං මෙ පොඩි එකාගෙ වැරැද්ද නෙමෙ නෙ. අනික පොඩි ලමයි ඉන්න ගෙවල් වල අර හින්දි බඩ කඩුත්තුයි කොරියන් ජරාවයි සිංහල ආදර මෙගා පඩංගුයි වලට වඩා මෙ නාට්‍ය හොඳයි .
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔව්, ඒක හරි. කතාවෙ ඒ වගේ බොළඳ ගතියක් නම් නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පට්ට නාට්‍යය මචං හාමුදුරුවන්ගෙ දෙබස් එහෙම නියමයි, අනික මූනෙන් එහෙම හැඟීම් පලකරන විදිය, ලොකු හාමුදුරුවො , පොඩි හාමුදුරුවන්ව තේරුම් අරන් ඉන්න විදිය, සුපිරියි, හැල්මෙ කාලය ගෙවාගන්න නියම එකක්, බැලුව ඉවරයි , අනිත් එවා වගේ හීනෙන් බයවෙන නින්දටත් කෙලවෙන කසිකබල් ඉන්දියන් පඩංගු වගේ නෙවෙයි..

    buddhism5.gif
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ නාට්යයේ ගන්න තියෙන එකම දේ තමයි පොඩි හාමුදුරුවන්ගෙයි අනිත් ළමයින්ගෙයි දර්ශන ටික. ඒ ඇරුනම අනිත් කෑලි ගන්න දෙයක් නෑ. මම මලී 1 සහ 2 සම්පූර්ණයෙන් බැලුවා. 1 සහ 2 ඇදගෙන ගියේ දුලීකා මාරපන් (ඩිංගිරි) තමයි. අනිත් අය මෙලෝ රහක් නෑ.

    මම කියන්නම් සිඳූ නාට්යයේ වෙන්නෙ මොකද්ද කියලා. අර ඉර එළියට එන්න හොඳ නැති ගෑණු ළමයව සිඳූ සනීප කරනවා. ඊට පස්සෙ දෙන්නා ලොකු වෙලා ලව් කරනවා. ඒ ලව් එකට හැම පැත්තෙන්ම බාල්දි පෙරලෙනවා. උක්කුවා බූතයත් බාල්දි දානවා. අන්තිමේදී ලව් එක හරි යනවා. උක්කුවා ලොකු හාමුදුරුවොයි, පොඩි හාමුදුරුවොයි, මලීයි අතින් කම්බස් වෙනවා.

    ඔන්න ඕකයි කතාව.
    මේ නාට්‍ය පිටපත ලියන්නේ තරුණයා පත්තරේට ලියන සමන් එදිරිමුණි.. එයාගේ කතා නම් ඇත්තටම ලස්සනයි.. මම හිතනවා මේ කතාවත් ඒ වගේ ලස්සනට ලියයි කියලා...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :lol::lol::lol::yes::yes::yes::yes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    මේ නාට්‍ය පිටපත ලියන්නේ තරුණයා පත්තරේට ලියන සමන් එදිරිමුණි.. එයාගේ කතා නම් ඇත්තටම ලස්සනයි.. මම හිතනවා මේ කතාවත් ඒ වගේ ලස්සනට ලියයි කියලා...

    එතකොට මේ කතාව ලියන්නෙ මලී 1 සහ 2 ලියපු කෙනා නෙමෙයිද?
    මටත් එහෙම හිතුනා. මොකද මලීගෙ ලොකු දුව සාරදී මේ කතාවෙන් අයින් කරල තියෙන හින්දා.
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    සමහරු පඬි වදන් දේවි ඇත්ත ලොකෙ පොඩි හාමුදුරුවරුන්ට ඔය ගෞරවෙ දෙන්නෙ නැහැ කියලා. ඒක ඉතිං මෙ පොඩි එකාගෙ වැරැද්ද නෙමෙ නෙ. අනික පොඩි ලමයි ඉන්න ගෙවල් වල අර හින්දි බඩ කඩුත්තුයි කොරියන් ජරාවයි සිංහල ආදර මෙගා පඩංගුයි වලට වඩා මෙ නාට්‍ය හොඳයි .

    :):):):):):):):):):):):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    demawpiyo dennata kiyanne oya podi ekaage dath tika madinna hamadaama. uge hakke dath okkoma narakwelaa wage. paw wade lassana podi ekaa..
     
    th-ar-in-du.-

    Active member
  • Aug 21, 2010
    500
    98
    28
    Nugegoda
    මේ නාට්යයේ ගන්න තියෙන එකම දේ තමයි පොඩි හාමුදුරුවන්ගෙයි අනිත් ළමයින්ගෙයි දර්ශන ටික. ඒ ඇරුනම අනිත් කෑලි ගන්න දෙයක් නෑ. මම මලී 1 සහ 2 සම්පූර්ණයෙන් බැලුවා. 1 සහ 2 ඇදගෙන ගියේ දුලීකා මාරපන් (ඩිංගිරි) තමයි. අනිත් අය මෙලෝ රහක් නෑ.

    මම කියන්නම් සිඳූ නාට්යයේ වෙන්නෙ මොකද්ද කියලා. අර ඉර එළියට එන්න හොඳ නැති ගෑණු ළමයව සිඳූ සනීප කරනවා. ඊට පස්සෙ දෙන්නා ලොකු වෙලා ලව් කරනවා. ඒ ලව් එකට හැම පැත්තෙන්ම බාල්දි පෙරලෙනවා. උක්කුවා බූතයත් බාල්දි දානවා. අන්තිමේදී ලව් එක හරි යනවා. උක්කුවා ලොකු හාමුදුරුවොයි, පොඩි හාමුදුරුවොයි, මලීයි අතින් කම්බස් වෙනවා.

    ඔන්න ඕකයි කතාව.

    etakota therunita mokada wenne?? :(