ඊයේ කංචන ඇමති කියපු දේ පිළිබදව ඇත්තම කාරණා සහ මගේ මත කියන්න මේක අවස්ථාවක් කරගන්නවා..
පළවෙනි දේ තමයි මේ කංචන කිව්වේ සිපෙට්කෝ එක පිටරටට විකුණනවා කියලා නෙමෙයි..
අයිඕසී එක වගේම තවත් තරඟකාරී විදේශීය ආයතන වලට ලංකාවේ ඉන්ධන බෙදාහරින්න අවස්ථාව දෙනවා කියලා..
ඇත්තටම ඒකෙන් තෙල් ප්‍රශ්නය විසදෙයිද? උත්තරය තමයි නැහැ..
එහෙම විසදෙනවා නම් අද අයිඕසී මේ රටේ තියෙන වෙලාවක ඔවුන් නොකඩවා ඉන්ධන දෙන්න ඕනනේ..
එහෙම වෙන්නේ නැහැ.. මොකද ඔවුන්ට තියෙන්නේ ශෙඩ් 200 කට වගේ ආසන්න ප්‍රමානයක්..
ඉතිං එයාලා තියාගන්නේ ඊට සරිලන ස්ටොක් එකක් විතරයි, ඒවයේ තෙල් ඉවර වෙන්නේ සිපෙට්කෝ අවශ්‍ය සැපයුම නොදෙන නිසා..
එහෙනම් මොකද්ද කරන්න ඕන ?
මම මේ ෆීල්ඩ් එකට කෙලින්ම සම්බන්ධ නිසා සහ අවුරුදු ගානක අත්දැකීම් එක්ක මගේ අදහස මේකයි..
පෙට්‍රෝලියම් එක කියලා අපි කියන්නේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවට.. ඒක කෙලින්ම රජයට සම්බන්ධයි..
ඒකෙන් තමයි හැම පරිපාලනමය තීරනයක්ම ගන්නේ.. ඒත් බෙදාහැරීම් කරන්නේ එයාලා නෙමෙයි..
බෙදාහරින්නේ සීපීඑස්ටීඑල් කියලා ඉන්දියානු අයිඕසී එක සහ පෙට්‍රෝලියම් එක එකතු වෙලා හදපු ආයතනයක්..
ඒකට අඩුමගානේ පෙට්‍රෝලියම් එකටවත් ඇඟිලි ගහන්න බැහැ.. ඒ කියන්නේ පෙට්‍රෝලියම් එකේ ඉහල නිලධාරියෙක්ට
ඒකෙ ඉන්න කෙනෙක් ප්‍රශ්න කරන්නවත් බැහැ.. ඒ හ්නිසා බෙදාහැරීම් වලදි දැඩි අක්‍රමිකතා වෙනවා, ඔයාලා දැකලා ඇති පාරෙ යද්දි සමහර
ශෙඩ් වල හැමදාම තෙල් තියෙනවා, සමහර ඒවයේ නැහැ.. හේතුව ඒකයි.. රු.20000 ඉදලා උඩ මුදලකට ලෝඩ් විකිනෙනවා..
මේක වැඩිපුරම වෙන්නේ කොලොන්නාවේ.. මුතුරාජවෙල සහ අනෙකුත් ඩිපෝ වලත් අඩු වැඩි වශයෙන් වෙනවා..
ප්‍රධාන කාරණාවෙන් පිට ගියා නෙමෙයි, ඉදිරි පැහැදිලි කිරීමට මේවා වැදගත්.. මේ දෙකේම ඉන්නවා අති විශාල සේවක අතිරික්තයක්..
ඉතිං මේක පාඩු ලැබීම මටනම් පුදුමයක් නෙවෙයි.. මම පෙට්‍රෝලියම් එකට සහ සීපීඑස්ටීඑල් එකට යන හැම මොහොතකම දකිනවා
අති බහුතරයක් කිසිම වැඩක් නොකර නිකම්ම ඉන්නවා..
ඉතිං කංචනට කරනවා නම් කරන්න ඕන මේ ආයතන දෙකම ලෝකෙ හොද ඉන්ධන ව්‍යාපාරයේ ඉන්න සමාගමකට දෙන එක..
එතකොට මේ සේවකයන්ට වන්දි දීලා හරි අයින් කරලා, තෙල් ටික කලට වෙලාවට බෙදාහරින්න පුළුවන් වෙයි..
පෞදගලීකරණය කරාට පස්සේ යම්ක්‍රමවේදයක් උඩ ගමන් කරන නිසා අන්ත දූෂිත නිලධාරීන්ට අවශ්‍ය විදියට ක්‍රියා කරන්න අමාරු වෙයි..
එහෙම නැතුව සිපෙට්කෝ ශෙඩ් 200-300 ක් පෞද්ගලික සමාගමකට දීලා වැඩක් වෙන්නේ නැහැ රටට නම්..
කංචනගේ සාක්කුව නම් පිරෙයි..
අනිත් එක අපි අනිවාර්යෙන්ම දුම් රියෙන් තෙල් බෙදන්න පටන් ගන්න ඕන 80%ක් වත්.. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකම ඒ දිස්තික්කයට අදාල
ප්‍රමාණයට ටැංකි ඉදි කරලා බෙදා හැරීමේ ඩිපෝ ඉදිකරන්න ඕන.. එතකොට කොලොන්නාවට මුතුරාජවෙලට තියෙන ඒකාධිකාරය සහ තදබදය
යම් තාක් දුරකට හරි අඩු වෙනවා..
මේ ආයතන වල ඉන්න අන්ත දූෂිත පගා මරුවො ගැන වෙනම ලිපියක් ලියන්නම්.. ඉන්දන මිල වැඩි වෙද්දි ඊට කලින් තෙල් බවුසර් දාන හැටි,
අනිත් අයව කපලා ඕඩර් හදලා දෙන හැටි, ලිස්ට් එකේ නැති අයව උඩට අරගෙන තෙල් දෙන හැති, බවුසර් ඩ්‍රයිවර්ලා එක්ක එකතුවෙලා ශෙඩ් වලින් සල්ලි ගන්න්
හැටි, ඇතුලෙ වැඩකරන අයගේ බවුසර් වලට වැඩිපුර හයර් එන විදියට ලෝඩ් සෙට් කරන හැටි,
කියනවා නම් කියන්න දේවල් අනන්තවත් තියෙනවා..
අපි කියන මුකුත් වෙන්නේ නැහැ.. වෙන්නේ කොමිස් ගහන්න පුළුවන් දේවල් විතරයි..
රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන තව දෙයක් කියන්නම්, ඒ තමයි දැන් ශෙඩ්කාරයෝ තෙල් ගන්නේ කලින් දවසෙ සල්ලි ගෙවලා..
ශෙඩ් වලට තිබ්බ චෙක්, ක්‍රෙඩිට්, බෑන්ක් ගැරන්ටි ඔක්කොම නැවැත්තුවා, මුන් කරන්නේ ලීටරේ ගාන වැඩි කරලා සාමාන්‍ය මිනිහට තෙල් ගහගන්න
බැරි ගානට උස්සනවා.. අනිත් පැත්තෙන් ශෙඩ් කාරයට ලෝඩ් එකක්වත් දාගන්න බැරි ගානට වැඩ කරනවා..
ඒ නිසා ශෙඩ් එකේ අයිතිකාරයා පොම්පකාරයා එක්ක කෙලගන්න යන්න එපා.. කෙලගන්න පෙට්‍රෝලියම් එකත් එක්ක, පාර්ලිමේතුව එක්ක,
අගමැට්ටා ජනාධිපතියා එක්ක..
කවුරුත් නොදකින දේවල් මම කිව්වෙ..අන්තිමට කියන්නේ මේ ප්‍රශ්නෙට මේ අවුරුද්ද ඉවර වෙනකම් මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න.. එහෙම නැත්නම් ඔක්කොම එකතු වෙන්න..